IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


එක අධ්‍යවරයෙක් නිසා සිනමාව එපාවුණා

2016-12-11-ent-120

සිරස කුමරිය හරහා කලා ක්ෂේත්‍රයට ඇවිත් ජීවිතයට ඉඩදෙන්න කියන වැඩසටහන ආයුබෝවන් ශ්‍රී ලංකා, මියුසික්‌ස්, හන්ඩ්‍රඩ් ප්‍රසන්ට්‌ ලයිව් වැඩසටහන් තුළින් නිවේදිකාවක්‌ ලෙස ඔබ අතරට ආ රුවැත්තිය එහෙමත් නැතිනම් රජකඩුව, සිහින කුමරි, දෙගම්මැදියාව, ඉකිබිඳින තාරකා, රංගිර, සඳ විනිවිද ටෙලි නාට්‍යවලින් පුංචි තිරයේ තම රංගන හැකියාව පෙන්නූ රුවැත්තිය ඇය නමින් ටෙක්‌ලා කුමුදු කුමාරිය. පසුගියදා පැවති රෑපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී සහ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ දී හොඳම නිළියට නිර්දේශ වුණෙත් සඳ විනිවිද නාට්‍යයේ උපේක්ෂා ගේ චරිතය රඟපෑ ටෙක්ලා, ගොඩක්‌ දෙනා ආදරයට කියන්නේ ‘ටිකී’ කියලා.

 

කොහොමද ටෙක්ලා?

2016-12-11-ent-125මේ දවස්වල සුපුරුදු විදිහට ස්‌වර්ණවාහිනියේ නිවේදන වැඩකටයුතු කරගෙන ඉන්නවා. ඒ වගේම ජනවාරි අලුත් නාට්‍යයකට සම්බන්ධ වෙනවා. ඒකත් ප්‍රියන්ත ප්‍රනාන්දු අයියාමයි.

 

ඔබ හොඳම නිළියට නිර්දේශ වුණා?

ඔව්, ඇත්තටම මම ඒ ගැන සතුටු වෙනවා. ප්‍රියන්ත ප්‍රනාන්දු අයියාගේ සඳ විනිවිද ටෙලි නාට්‍ය වෙනුවෙන් උපේක්ෂා ගේ චරිතය තමා මම හොඳ නිළියට නිර්දේශ වුණේ.

 

මොකද හිතුණේ හොඳම නිළියට නිර්දේශවෙලා කියලා දැනගත්තම?

හ්ම්ම්... මේ අවුරුදු කාලයට මට බලාපොරොත්තුවක් තිබ්බ එකක් තමයි ඒ සඳ විනිවිඳ නාට්‍යය. නමුත් හොඳම නිළියට නිර්දේශ වීම තුළින් මට සෑහීමකට පත්වෙන්න වුණා. ඒත් මම දුක් වෙන්නේ නැහැ. මොකද හොඳම නිළියට නිර්දේශවීමත් මට සතුටක්. බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

 

ඒ චරිතය කරද්දීත් හිතුවද හොඳම නිළියට නිර්දේශ වෙයි කියලා?

නැහැ. ඒ දවස්වල බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ. ගොඩක් බැණුම් අහලා තමා මම චරිතය ඒ කළේ. නමුත් අද එහි ප්‍රතිඵල මම ලබනවා. බලාපොරොත්තු නැති කරගත්තේ නැහැ මම මට සම්මානය නොලැබුණා කියලා. ඉදිරියේදී ඒ සඳහා බලාපොරොත්තු ඇතිව ඉන්නවා.

 

ඒ කියන්නේ ඔබ රඟපාන්නේ සම්මාන බලාපොරොත්තුවෙන්ද?

නැහැ. එහෙම බලාපොරොත්තුවක් ඇතිව නෙවෙයි. නමුත් අපි කරන චරිතයකට කරන කැපකීරීම් සාධාරණය ගැන සලකලා ඒකට නිසි ඇගයිමක් ලැබෙනවා නම් කවුද අකමැති. මමත් ඉන්නේ එතැන.

 

කොහොමද ටෙක්ලා චරිත තෝරාගන්නේ?

විශේෂයෙන්ම මම පිටපත බලනවා. ඒක කියවද්දී මට දැනුණොත් මට යමක් කළ හැකි චරිතයක් කියලා මම භාර ගන්නවා. ඒ වගේම කියන්න ඕනේ අධ්‍යක්ෂවරයාගේ නිර්මාණ කාර්යය ගැනත් මම හිතනවා.

 

මෙතෙක් රඟපෑ චරිත අතරෙ කැමතිම චරිතය?

සඳ විනිවිද ටෙලි නාට්‍යයේ උපේක්ෂාගේ චරිතය

 

ඔබ වඩාත් කැමති නිවේදනයටද? රංගනයටද?

මෙහෙමයි, මම ක්ෂේත්‍ර දෙකටම කැමැතියි. මම හැබැයි රංගනය කියලා දකින්නේ ලැබෙන හැම චරිතයක්ම භාර ගැනීම නෙවෙයි. ඒ වගේම නිතර දෙවේලේ පුංචි තිරයේ දකින්න ඕනේ කියන තැන නැහැ. මම ආසයි නිවේදිකාවක් විදිහට දකින අතරේ මාව වෙනස්ම විදිහකින් ප්‍රේක්ෂකයාට දකින්න ලැබෙන නිර්මාණවලට දායක වෙන්න. ඉතින් එහෙම මට ගැළපෙනවා කියලා හිතෙන නිර්මාණ තමා භාර ගන්නේ.

 

රංගනය සහ නිවේදනය කොහොමද ඔබේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ?

ඔය ප්‍රශ්නේ ඉතින් වමයි දකුණයි වගේ. ඉතින් වැඩිපුර වැඩ කරන්නේ දකුණෙන් නිසා නිවේදන වෘත්තීය තමා මම දකුණ විදියට දකින්නේ. වමෙන් ටිකක් වැඩ කරන්න අමාරුයි. නමුත් අමාරුවෙන් හරි හොඳ දෙයක් කරන්න මම උත්සාහ කරනවා. ඒ නිසා තමා ගැළපෙන චරිත තෝරාගෙන හෙමින් මට පුළුවන් දේ කරන්නේ ඉතින්.

 

ඔය ක්ෂේත්‍ර දෙකෙන් එකක් අත්හරින්න වුණොත්?

දෙකෙන්ම අයින් වෙනවා. මොකද මම මේ ක්ෂේත්‍ර දෙකටම ආදරෙයි. මොකද මේ කිසි දෙයක් කරන්න බැහැ කලාව ගැන හැදෑරීමක් නැතිව. ඉතින් මම නිවේදිකාවක් තුළිනුත් රංගනය තුළිනුත් මේ කලාව ඉගෙන ගන්නවා

 

ජනප්‍රියත්වය කියන දේ දකින්නේ කොහොමද?

ජනප්‍රියත්වය වටිනවා. නමුත් ජනප්‍රියත්වය ලැබිලා ඒක පවත්වාගන්න එක තමා අමාරු.

 

කට කතා ගැන අදහස?

සමහර තැන්වලදී එහි සත්‍යතාවක් ඇති. නමුත් මම ස්තූතිවන්ත වෙනවා මට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාවට විශේෂයෙන් අද වෙනකම් මගේ නමට හානි වෙන කිසිම කට කතාවක් හැදිලා නැහැ. ඒ වගේම කියන්න ඕනේ අද වෙන විට ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවි අතරේ FB එක හරහා වත් එහෙම කරලා නැහැ. ඒ අපි හරි විදියට ජීවත් වෙන නිසා.

 

සිනමාවට සම්බන්ධ වෙන්නෙ නැද්ද?

සිනමාව ගැන කතා කරද්දී එක්තරා අමිහිරි අත්දැකීමක් තියෙනවා. මේ ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ එකතරා අධ්‍යක්ෂවරයෙක් යටතේ මම සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණා. නමුත් කරන්න ඕනේ දේ මට කියන්නේ නැතිව වෙන කූට විදියට මා හරහා කටයුතු කරන්න ගිය නිසා මට සිනමාව ගැන තියෙන්නේ අප්‍රසන්න හැඟීමක්. නමුත් මම ගොඩක් ගරු කරන අධ්‍යක්ෂවරුන් ඉන්නවා. ඉතින් එවැනි කෙනෙක්ගේ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මම භාර ගන්නවා.

 

පවුලේ විස්තර සහ ගෙදරින් ලැබෙන සහයෝගය?

ඔව්, මට මේ තරම් දුරක් එන්න මගේ අම්මා තාත්තා මල්ලී මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. අදටත් ඒ සහයෝගය ලැබෙනවා. දැන් මම විවාහකයි. මගේ මහත්තයා රොෂාන් ජයසිංහ. ඒ වගේම මම දැන් අම්මා කෙනෙක්. මට මාස 5ක පුංචි දුවක් ඉන්නවා. එයා නිකිණි ජයසිංහ. මම රොෂාන්ව දැන හඳුනාගෙන දැන් අවුරුදු 16ක් වෙනවා. ඉතින් එයාගෙන් මට ලැබෙන සහයෝගය මෙතකැයි කියන්න වචන නැහැ.

 

ඔහුත් කලාවට සම්බන්ධයි නේද?

ඔව් සඳ විනිවිද නාට්‍යයේ මගේ අයියාට රඟපෑවේ රොෂාන්. ඒ වගේම ව්‍යාපාරික කටයුතු කරගෙන යනවා සංගීතය පැත්තෙන්. ඉතින් එයත් කලාවටම තමා සම්බන්ධ.

 

දුවත් කලාවට සම්බන්ධ වෙනවට කැමතිද?

මෙහෙමයි දුව කැමති නම් මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඒ වෙනුවෙන් මම කටයුතු කරනවා එහෙම නැතිව වෙනයම් අංශයකට කැමැත්තක් දැක්වූවොත් ඒ වෙනුවෙන් මම මට කළ හැකි දේ කරනවා.

 

අනාගත බලාපොරොත්තු?

මම රුකියාව විදියට කරන මේ කලා ක්ෂේත්‍රය තුළ හොඳ නමක් දිනාගෙන ඉදිරියටත් කටයුතු කරන අතරේ මගේ දරුවා වෙනුවෙන් එයාගේ අනාගතය සාර්ථක කරගන්න හැම අම්මා කෙනෙක්ට වගේම මටත් බලාපොරොත්තු තියෙනවා. විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාටත්, ඇලෙක්සැන්ඩර් මීඩියා එකේ ඇලෙක්සැන්ඩර් මහතාටත් මාව හොඳ නිර්මාණයකට දායක කරගත්තට.

 

අනූෂා රණසිංහ

 

2016-12-11-ent-121



අදහස් (0)

එක අධ්‍යවරයෙක් නිසා සිනමාව එපාවුණා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 44 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 116 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 98 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 80 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 305 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 69 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1333 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site