උසස් පෙළ ටියුෂන් ගුරුවරයකුගේ දැන්වීම් ඇතුළත් අපොස සාමාන්‍ය පෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් සිසුනට බෙදා දී, එම ටියුෂන් ගුරුවරයාම ගෙන්වා දේශනයක් පැවැත්වීයැයි කියන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලයි.
එම විද්‍යාලයයේ මේ දින වල අපොස සාමාන්‍ය පෙළ පෙරහුරු සැසි පැවැත් වෙන අතර එහි ගණිතය සම්බන්ත්‍රණය පැවැති පසුගිය බ්‍රහස්පතින්දා ටියුෂන් ගුරුවරයකු ගෙන්වා විනාඩි හතලිහක පමණ දේශනයකට අවස්ථාව සලසා දී ඇති බවත් අධ්‍යාපන ආරංචිමාර්ග කියයි.
ඊට දින කිහිපයකට පෙර සිසුනට බෙදා දී තිබූ විද්‍යාව පෙරහුරුපෙරහුරු ප්‍රශ්න පත්‍රයේ අවසන් පිටුවේ ටියුෂන් ගුරුවරයාගේ දැන්වීමක් මුද්‍රණය කර ඇත.
පිටු හයකින් යුත් එම ප්‍රශ්න පත්‍රයේ සෑම පිටුවකම ඉහළින් විද්‍යාලයයේ නමත්, පහළින් ටියුෂන් ගුරුවරයාගේ නමත් මුද්‍රණය කර ඇතැයි සුසුහු කියති.
පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ රුව ද සහිත ෆයිල් කවරයක් සිසුන් අත බෙදා දී ඇතැයි ද දැනගන්නට ඇත.
පාසල් තුළ ටියුෂන් සඳහා ප්‍රචාරණය ලබා දීම සිදු කරන්නේ කුමන අරමුණකින්දැයි සොයා බැලිය යුතු බවත්, එම පාසලේ අදාළ විෂය උගන්වන ගුරුවරුන් සිටියදී ටියුෂන් ගුරුවරු ගේ ප්‍රචාරණයන් සිටුකිරීමෙන් පාසලේ ගුරුවරුන් ගැන විශ්වාසය නැති වී යන බවත්, මේ ගැන වහා පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය පියවර ගත යුතු බවත් ස්ටාලින් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පතිගේ කොමිස් මුදල කීයද? ටියුෂන් මාස්ටර්හේ කඩයක් විදුහලේම දාල දුන්නම් තවත් පහසුයි මගේ හිතේ. (නදී)
දැන් ඉස්සර වගේ ඡන්දයක් එනකොට ගුරු වැටුප දෙගුණ වෙන්නේ නැහැනේ? (නදී)
ඕක තමයි අපේ අර්ද්‍යපනය. (පුස් වදීල්ල හරී )(නදී)
ඔන්න ඕක තමයි වෙන්න ඕනේ; කොලඹ ලොකු ඉස්කෝල වලින් තමයි ඔය ටියුෂන් මාෆියාව ගමටත් ගෙනාවේ. අපි පාසල් යන කාලේ ටියුෂන් ගියානම් ගුරුවරුන්ගෙන් හොදටම බැනුම අහනවා. වැඩ බැරිම ළමයෙක් තමයි එහෙම ගියත් යන්නේ. මගේ නෑදෑ සහෝදර සහෝදරියන් ගියේ ඔය කියන ඉහල පාසල් වලට ඒ කාලේත් ඔවුන් ටියුෂන් ගියා. ටියුෂන් යනවා නම් ගුරුවරුන්ට රජයෙන් පඩි ගෙවන්න අවශ්‍ය නැහැ. මම නම් කියන්නේ ඒකයි මේ සිද්ධිය ඒ පාසලේ ඒ විෂය භාර ගුරුවරයාට හොඳ කනේ පාරක්.(නදී)
මට මතක් වෙනවා අනුරාධ පුරය පැත්තේ දුප්පත්ම දුප්පත් ගම්මාන වල ළමයි ඉගෙන ගන්න හැටි. දවස් දෙකක පාසල් යන්න දවස් පහක් වැලි ගොඩ දන්නා , කුබුරු වැඩ කරන්න , එළවලු කොටුවේ වැඩ කරන්න යනවා. ඒ ළමයිට දාන්න සේරේප්පු කුට්ටමක්වත් නැහැ ඒ ළමයිට ලැබෙන්නෙත් . මේ කොලඹ පහසු කම් වලින් කිසි අඩුවක් නැති පාසල්වලට ලැබෙන ප්‍රශ්න පත්‍රයමයි. එහෙම පාසලෙත් ළමයෙක් දහය වසර සමත් ශිසයත්වයෙන් ළමයි තුන්දෙනෙක් පාස් . අන්න ගුරුවරු! ඔවුන්ට මගේ ප්‍රණාමය!(නදී)
ඔව් ඒක නම් දැන්මම නවත්තන්න ඕන වැඩක්. පාසලෙන්ම දෙනවා පුද්ගලික පන්තියට විස්තර.(නදී)
පාසලේ විදුහල්පතිතුමාටත් කුට්ටියක් හම්බවෙනවද දන්නෙනේ නැ ටියුෂන් ගුරුතුමාගෙන්.(නදී)
පුද්ගලික පන්ති වලට යන අයගෙන් කෙල්ලෝ ටිකක් ප්‍රවෙෂම් වුනොත් නම් හොඳයි.(නදී)
ස්ටාලින් මහත්තයාටත් ඕන්නැති දෙයක් නැහැ. ආණ්ඩුවේ ගුරුන්ගෙයි ටියුෂන් ගුරුන්ගෙයි දැන් කාලේ වෙනසක් නැහැ. අපේ අධ්‍යාපන ඇමැතිතුමාත් හිටපු ටියුෂන් ගුරුවරයෙක්නේ. (නදී)
උපකාර පන්ති දැන් ලොකු හෙණයක් වෙලා (නි)
මේ පාසලේ නම දාන්න තිබුනනේ. කෙලින් දාන්න බැරිනම් නම දැනගන්න පාවිච්චි කරන වෙනත් ක්‍රම සහ විධි තියනවනේ. පුවත්පතක දාපු මට මතක තිබෙන උදාහරණයක් සඳහන් කරන්නම්. මුළු පරිසරය පුරාවටම ඇහැට ප්‍රිය පාටක් තිබෙන දේශපාලන පක්ෂයක් බලයේ තිබුන අවධියක එක්තරා ඇමැතිවරයෙක් කරලා තිබුන දුෂණ ක්‍රියාවකදී ඔහුගේ නම කෙලින්ම නොකියා හඳුන්වලා තිබුනේ " විශාල ගෙදරක් " හිමි කියලයි. (නි)
ගල්ද? පව් කුරුල්ලෝ දෙන්නා....
ඔන්න බළලා මලෙන් එලියට පැන්නා, හරිනේ, ඕක තමයි කියන්නේ. දක්ෂ මිනිහට රැකියා නැහැ, වෙන විදියකට ආ මිනිස්සුන්ට රැකියාව කරගන්න හැකියාව නැහැ, ඒ නිසා ඔහොම කරන්න සිදුවෙනවා. (නි)
කුරුල්ලෝ පියඹලා යාවි. මගේ ගලට විතරක් අයිතිවාසිකම් කියන්න එන්න එපා. (නි)
ඔය ක්‍රියාව අද ඊයේ ආරම්භ වුන දෙයක් නෙමෙයි. (නි)