IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘එක ගලෙන් කුරුල්ලන් දෙන්නයි‘

උසස් පෙළ ටියුෂන් ගුරුවරයකුගේ දැන්වීම් ඇතුළත් අපොස සාමාන්‍ය පෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් සිසුනට බෙදා දී,  එම ටියුෂන් ගුරුවරයාම ගෙන්වා දේශනයක් පැවැත්වීයැයි කියන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලයි.

එම විද්‍යාලයයේ මේ දින වල අපොස සාමාන්‍ය පෙළ පෙරහුරු සැසි පැවැත් වෙන අතර එහි ගණිතය සම්බන්ත්‍රණය පැවැති පසුගිය බ්‍රහස්පතින්දා ටියුෂන් ගුරුවරයකු ගෙන්වා විනාඩි හතලිහක පමණ දේශනයකට අවස්ථාව සලසා දී ඇති බවත් අධ්‍යාපන ආරංචිමාර්ග කියයි.

ඊට දින කිහිපයකට පෙර සිසුනට බෙදා දී තිබූ විද්‍යාව පෙරහුරුපෙරහුරු ප්‍රශ්න පත්‍රයේ අවසන් පිටුවේ ටියුෂන් ගුරුවරයාගේ දැන්වීමක් මුද්‍රණය කර ඇත.

පිටු හයකින් යුත් එම ප්‍රශ්න පත්‍රයේ සෑම පිටුවකම ඉහළින් විද්‍යාලයයේ නමත්, පහළින් ටියුෂන් ගුරුවරයාගේ නමත් මුද්‍රණය කර ඇතැයි සුසුහු කියති.

පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ රුව ද සහිත ෆයිල් කවරයක් සිසුන් අත බෙදා දී ඇතැයි ද දැනගන්නට ඇත.

 පාසල් තුළ ටියුෂන් සඳහා ප්‍රචාරණය ලබා දීම සිදු කරන්නේ කුමන අරමුණකින්දැයි සොයා බැලිය යුතු බවත්, එම පාසලේ අදාළ විෂය උගන්වන ගුරුවරුන් සිටියදී ටියුෂන් ගුරුවරු ගේ ප්‍රචාරණයන් සිටුකිරීමෙන් පාසලේ ගුරුවරුන් ගැන විශ්වාසය නැති වී යන බවත්, මේ ගැන වහා පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය පියවර ගත යුතු බවත් ස්ටාලින් කීවේය.



අදහස් (0)

‘එක ගලෙන් කුරුල්ලන් දෙන්නයි‘

ධම්ම Sunday, 29 September 2013 04:25 PM

ස්ටාලින් මහත්තයාටත් ඕන්නැති දෙයක් නැහැ. ආණ්ඩුවේ ගුරුන්ගෙයි ටියුෂන් ගුරුන්ගෙයි දැන් කාලේ වෙනසක් නැහැ. අපේ අධ්‍යාපන ඇමැතිතුමාත් හිටපු ටියුෂන් ගුරුවරයෙක්නේ. (නදී)

:       0       0

හේරත් Monday, 30 September 2013 01:42 AM

කුරුල්ලෝ පියඹලා යාවි. මගේ ගලට විතරක් අයිතිවාසිකම් කියන්න එන්න එපා. (නි)

:       0       0

උපාලි Sunday, 29 September 2013 12:29 PM

විදුහල්පතිගේ කොමිස් මුදල කීයද? ටියුෂන් මාස්ටර්හේ කඩයක් විදුහලේම දාල දුන්නම් තවත් පහසුයි මගේ හිතේ. (නදී)

:       0       0

නිසාර් Sunday, 29 September 2013 12:32 PM

දැන් ඉස්සර වගේ ඡන්දයක් එනකොට ගුරු වැටුප දෙගුණ වෙන්නේ නැහැනේ? (නදී)

:       0       0

ටිරල් Sunday, 29 September 2013 12:37 PM

ඕක තමයි අපේ අර්ද්‍යපනය. (පුස් වදීල්ල හරී )(නදී)

:       0       0

අසෝක Sunday, 29 September 2013 02:01 PM

ඔන්න ඕක තමයි වෙන්න ඕනේ; කොලඹ ලොකු ඉස්කෝල වලින් තමයි ඔය ටියුෂන් මාෆියාව ගමටත් ගෙනාවේ. අපි පාසල් යන කාලේ ටියුෂන් ගියානම් ගුරුවරුන්ගෙන් හොදටම බැනුම අහනවා. වැඩ බැරිම ළමයෙක් තමයි එහෙම ගියත් යන්නේ. මගේ නෑදෑ සහෝදර සහෝදරියන් ගියේ ඔය කියන ඉහල පාසල් වලට ඒ කාලේත් ඔවුන් ටියුෂන් ගියා. ටියුෂන් යනවා නම් ගුරුවරුන්ට රජයෙන් පඩි ගෙවන්න අවශ්‍ය නැහැ. මම නම් කියන්නේ ඒකයි මේ සිද්ධිය ඒ පාසලේ ඒ විෂය භාර ගුරුවරයාට හොඳ කනේ පාරක්.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 29 September 2013 07:11 PM

උපකාර පන්ති දැන් ලොකු හෙණයක් වෙලා (නි)

:       0       0

අසෝක Sunday, 29 September 2013 02:08 PM

මට මතක් වෙනවා අනුරාධ පුරය පැත්තේ දුප්පත්ම දුප්පත් ගම්මාන වල ළමයි ඉගෙන ගන්න හැටි. දවස් දෙකක පාසල් යන්න දවස් පහක් වැලි ගොඩ දන්නා , කුබුරු වැඩ කරන්න , එළවලු කොටුවේ වැඩ කරන්න යනවා. ඒ ළමයිට දාන්න සේරේප්පු කුට්ටමක්වත් නැහැ ඒ ළමයිට ලැබෙන්නෙත් . මේ කොලඹ පහසු කම් වලින් කිසි අඩුවක් නැති පාසල්වලට ලැබෙන ප්‍රශ්න පත්‍රයමයි. එහෙම පාසලෙත් ළමයෙක් දහය වසර සමත් ශිසයත්වයෙන් ළමයි තුන්දෙනෙක් පාස් . අන්න ගුරුවරු! ඔවුන්ට මගේ ප්‍රණාමය!(නදී)

:       0       0

රාමා Sunday, 29 September 2013 02:20 PM

ඔව් ඒක නම් දැන්මම නවත්තන්න ඕන වැඩක්. පාසලෙන්ම දෙනවා පුද්ගලික පන්තියට විස්තර.(නදී)

:       0       0

චමත් Sunday, 29 September 2013 02:30 PM

පාසලේ විදුහල්පතිතුමාටත් කුට්ටියක් හම්බවෙනවද දන්නෙනේ නැ ටියුෂන් ගුරුතුමාගෙන්.(නදී)

:       0       0

සෙන්තිල් Sunday, 29 September 2013 02:35 PM

පුද්ගලික පන්ති වලට යන අයගෙන් කෙල්ලෝ ටිකක් ප්‍රවෙෂම් වුනොත් නම් හොඳයි.(නදී)

:       0       0

රාජදුත Sunday, 29 September 2013 07:28 PM

මේ පාසලේ නම දාන්න තිබුනනේ. කෙලින් දාන්න බැරිනම් නම දැනගන්න පාවිච්චි කරන වෙනත් ක්‍රම සහ විධි තියනවනේ. පුවත්පතක දාපු මට මතක තිබෙන උදාහරණයක් සඳහන් කරන්නම්. මුළු පරිසරය පුරාවටම ඇහැට ප්‍රිය පාටක් තිබෙන දේශපාලන පක්ෂයක් බලයේ තිබුන අවධියක එක්තරා ඇමැතිවරයෙක් කරලා තිබුන දුෂණ ක්‍රියාවකදී ඔහුගේ නම කෙලින්ම නොකියා හඳුන්වලා තිබුනේ " විශාල ගෙදරක් " හිමි කියලයි. (නි)

:       0       0

හේරත් Sunday, 29 September 2013 07:44 PM

ගල්ද? පව් කුරුල්ලෝ දෙන්නා....

:       0       0

පෙරේරා Sunday, 29 September 2013 07:51 PM

ඔන්න බළලා මලෙන් එලියට පැන්නා, හරිනේ, ඕක තමයි කියන්නේ. දක්ෂ මිනිහට රැකියා නැහැ, වෙන විදියකට ආ මිනිස්සුන්ට රැකියාව කරගන්න හැකියාව නැහැ, ඒ නිසා ඔහොම කරන්න සිදුවෙනවා. (නි)

:       0       0

ගුණේ Monday, 30 September 2013 08:55 AM

ඔය ක්‍රියාව අද ඊයේ ආරම්භ වුන දෙයක් නෙමෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1058 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 456 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 602 1

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2060 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2050 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 878 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22574 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22522 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 355 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site