එකම අංකය සහිත ජීප් රථ දෙකක් අනුරාධපුර නගරයේදී අද (25) පෙරවරුවේ පොලීසිය විසින් සොයා ගනු ලැබීය.
එක් ජීප් රියක අංකය 31 ශ්‍රී 2124 වන අතර අනික් ජීප් රියේ අංකය 31-2124 වේ.
උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ නිලධාරීහු මේ සදහා පරීක්ෂණ සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ලංකාවේද පිටරටද ප්‍රශ්ණයක් නැහැ.31 ශ්‍රී 2124 හා 31-2124 සමාන වන්නේ කෙසේද? (නි)
රහස්‍යභාවය රකිනබවට පොරොන්දු වෙනවා නම් එළිපිට සිද්ධවෙන වංචා දූෂණ රැසක් පිළිබඳ තොරතුරු මගෙ ළඟ තියෙනවා (නි)
මේ වාගේ වාහන තව තිබෙනවා (නි)
පින්තූර දෙකත් තිබුනා නම් අගේ ඇති වාර්තාවක් (නි)
දේශපාලකයින්ට නම් එක නොම්මරයක්වත් නැහැ (නි)
ශ්‍රී නැති කාර් උතුරට දැනටම දීලද? මොන නිවට කමක්ද මේ? අපරාධ කරන්න ලේසියි? (අ)
ශාන් , විශ්වාස කරන්න මෙය සකල සිරින් පිරි සිරි ලංකාව. (නදී)
පින්තූර නැත්නම් විශ්වාස කරන්න බැහැ.(නදී)
කාගේ හරි ලොක්කෙකුගේ අරක්ෂකයකුගේ වෙන්න ඇති (නදී)
ජීප් දෙකකට එකම තහඩු අංකය දමාගෙන ගෙදර තියාගන්න ඇති මාරු වෙන් මාරුවට දාවනය කරන්න ,වැරදීමකින් අනෙක් ජීප්රිය ගෙදර තියෙනවා කියල හිතාගෙන අනෙක් ගෙදර ඉන්න අනෙක් පුතා අරන් යන්න ඇති අවාසනාවකට වගේ දෙකම එක මාර්ගයේ ගිහින් පොලිසියට මාට්ටු වෙන්න ඇති. ඔය 31 ශ්‍රී 2124 ඇමති ලොක්කෙගුගේ කියල හිතන්න අපහසුයි. (නදී)
කමල් ඔබගේ තර්කය හරි, නමුත් ලංකාවේ "ශ්‍රී" අකුර "-" කින් ඉවත් වුන බව මතකද? (නදී)
එක වගේ නිවුන්නු ඉන්නේ ,..ඕක මොකක්ද ,..එහෙම වෙන්න ඇති .(නදී)
මොන උනත් එකෙක් අහිංසක මනුස්සයෙක් වෙන්න ඇතිනේ.ඒ මිනිහත් නඩු හබ වලට පැටලිලා එලියට එද්දී හොඳ පණ ගිහින් ඇති. (ස)
අංක තහඩු නැති ඒවා අල්ලන්න තමයි කවුරුවත් නැත්තේ. (ස)
මේවා අයිති ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ටද ? කුඩු හෝ කසිප්පු කාරයන්ටද ? .(නදී)
කමල්, ඔයා ලංකාවේද ඉන්නේ..(නදී)
වාහන හදුනාගැනීමේ අංක දෙක සමාන නැහැ. නඩු දැම්මොත් පරාදයි. එකක් 31 ශ්‍රී 2124 වන අතර අනික අංකය 31-2124. ඉලක්කම් සමාන උනාට මැද ඇති ශ්‍රී අකුර සහ ඉරි කැබල්ල (-) මගින් වෙනත් අදහසක් ලැබෙනවානේ. අනිත් එක මේක හිටපු අගවිනිසුරුවරියගේ නොවෙයිනේ ඔච්චර කෑගන්නේ මොකද?.(නදී)
අයියෝ ඕක මොකක්ද ? නොම්මර තහඩු නැතුව දුවන රටේ එකෙන් දෙකක් දිව්වම මොකද වෙන්නේ අප්පා ? .(නදී)
ඉතින් හරිනේ,එකක් ශ්‍රී ලංකා ජනරජයේ , අනික ඇමති පුතාගේ.(නදී)
අයියෝ ඕක හොයාගන්න ඔච්චර අමාරුද?අනික අපේ පොලිසියට. මම කියන්නේ නම් උතුරු මැද දේශපාලනඥයකුගේ ඒකයි පොලිසිය තවම පරීක්ෂණ කරන්නේ..(නදී)
හදිස්සියට ගහ ගත්තු නොම්මර තහඩුව ගලවන්න අමතක වුනා වත්ද? (ස)