පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ එංගලන්ත කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයෙන් වාර්තාගත ජයක් අත්කර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 429/4 රැස් කරමින් ශ්රී ලංකාවට ලකුණු 430ක ඉලක්කයක් ලබාදුන්නේය.එම ඉලක්කය පන්දුවාර 49.5කදී කඩුලු 8ක් වැය කර පසුකර යාමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
එංගලන්තය වෙනුවෙන් නායක හැරී බෘෘක් ලකුණු 202ක් නොදැවී රැස් කළ අතර එය ජො රූට් ලකුණු 69ක් හා විල් ජැක්ස් ලකුණු 66ක් රැස් කළේය.
ශ්රී ලංකාව වෙනුවෙන් අවිශ්ක ප්රනාන්දු 97, පවන් රත්නායක 130, දසන් ශානක 97 හා ජනිත් ලියනගේ නොදැවී ලකුණු 61ක් රැස් කිරීමට සමත්විය.
මෙම ජයග්රහණය එක්දින තරග ඉතිහාසයට එක්වූයේ වැඩිම ලකුණු සංඛ්යාවක් හඹා ගොස් වාර්තා කළ දෙවැනි ඉහළම ජයග්රහණය ලෙසයි. 2006 වසරේදි ඔස්ට්රේලියා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 434ක ඉලක්කයක් දකුණු අප්රිකාව ලකුණු 438ක් රැස්කරමින් පසුකර යාමට සමත්වීම එක්දින ඉතිහාසයේ වැඩිම ලකුණු ප්රමාණයක් හඹාගොස් ලබාගත් ජයග්රහණය ලෙස තවවමත් ඉදිරියෙන් තිබේ.
හැරී බෘෘක් රැස්කළ ද්විත්ව ශතකය වාර්තා අතරට එක්වූයේ එක්දින පිටියේ වාර්තා වූ වේගවත්ම ද්විත්ව ශතකය වශනෙි. ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 116කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd