මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගනු ලැබූවේ හමුදා බුද්ධී අංශය මඟින් බව වගීකීමෙන් ප‍්‍රකාශ කරන බවත් ඒ සඳහා සාක්ෂි තිබෙන බවත් එය සිදු කිරීමට මුල් වූයේ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ලෙස වෙස්වලා ගත් බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති සරත් ජයමාන්න මහතා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී කීය.
මෙම එල්ටීටීඊ වෙස් වලා ගත් බුද්ධී අංශ සාමාජිකයින් රාජගිරිය එක්නැලිගොඩගේ කාර්යාලයට පැමිණ ඔහු එලියට කැඳවාගෙනවිත් වාහනයකට දමා ඇස් බැඳ ගිරිතලේ යුද හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇති බවට හෙළිදරව් වී ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීය.
අදාළ පැහැරගැනීම සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, උපාලි අබේරත්න සහ සිසිර ද ආබෲ යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැවුලත් කැඳත් දෙකම රැකගෙන පරීක්ෂණ ඉදිරියට ගෙන ගියොත් හොඳයි. රටේ මාධ්‍ය නිදහස වගේම බුද්ධි අංශ වල රහස් භාවයත් වැදගත්. (ම)
සරත් මහත්තයෝ, ඔප්පු කරන්න බැරි වුණත් සත්‍ය වශයෙන් පිළිගැනෙන කරුණු නැද්ද? අත්අඩංගුවට ගත්ත මිනිහට ඉන්පස්සේ කළේ මොනවද කියලා ඒගොල්ලන්ටත් සිදුවේවි ඔප්පු කරන්න! (නි)
පිස්සු කතා කියන්න එපා රමණි. බටහිර රටවලින් අපිට කොන්දේසියක් නැහැ කොටි සංවිධානය ගැන හොයන්න කියලා. සියලු ප්‍රශ්න ඇතිකළේ හමුදාවෙන්. (බ)
එක්නැලිගොඩ විතරක් නොවේ එන්ජීඕ සල්ලි ගත්තේ .තව ගොඩක් අය ඉන්නවා .ආචාර්ය ,මහාචාර්ය ,මාධ්‍ය අය වෘත්තිකයන් , දේසපාලුවන් ... හොඳ සැපවත් ජීවිත ගත කරනවා (බ)
දැන් අපි ඔක්කොම සන්හින්දියාවෙන් ඉන්න නිසා හමුදා බුද්ධි අංශ වගේම කොටි බුද්ධි අංශවල වැඩත් හොයමුකෝ. (ර)
ඒ කියන්නේ එක්නැලිගොඩට කොටි සම්බන්ධකම් තිබුණු බවට නීතිපති දෙපාර්තමේන්තුවත් කියනවා. නැත්නම් කොටියෙක් වගේ ආපු එවුන් එක්ක යාවිද. මේ කතාව ඇහුවම හිතෙන්නේ ඔක්කොටම ඉස්සෙල්ල එක්නැලිගොඩට නඩු දාන්න ඕන කියලා කොටි එක්ක සම්බන්ධකම් තිබ්බට.(බ)
මෙයාට මාධ්‍යවේදියෙක් කීමෙන් සැබෑ මාධ්‍යවේදීන්ටත් අපහාසයක් (බ)
මේ වගේ නඩු ඒ වගේම හමුදා, පොලිස් බුද්ධි අංශ විනාශ කරන්න හැමවිටම බොරු මෙන්ම නොයෙක් තාඩන පීඩන කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ, මේ හැමදේකම යටි අදහස වෙන එකක් මහජනතාව අවදියෙන් සිටිය යුතු කාලයක් මේක. (බ)
එක්නැලිගොඩ කියන්නේ කොටියෙක් (බ)
මොවුන්ට පැමිණිලි කරන අය මැරිලා ඉපදුණු අයද?(ම)
මෙවැන්නෙක් ගැන සොයනවාට වඩා වෙනත් වැඩක් අතේම නැද්ද???මෙවැන්නෙක් කීයෙන් කීදෙනාද දන්නේ, (ම)
වගකීමෙන් කියලා හරියන්නේ නැහැ. ඔප්පු කරලා පෙන්වන්න. අතුරුදහන් වූවන්ගේ පනතත් මෙහෙමම තමයි. කවුරුහරි ඊ මේල් එකක් එවුවත් එ්ක සාක්ෂියක් කියලා පිළිගන්නවා (නි)
නාරද ඔබ හරියටම හරි. ඔවුන් එල්ටීටීඊ කියල හිතල තමයි එක්නැලිගොඩ කැමැත්තෙන් ගිහින් තියෙන්නේ. එසේ නොවුවා නම් ඔහුට යාම ප්‍රතික්ෂේප කරන්න තිබුණා. කොහොමටත් අද මැරුණු කොටි සහ ඔවුන්ට කත් ඇදපු උදවිය ගැන රජය සහ සීඅයිඩි එක බොහොම උනන්දුවෙන් වැඩ කරනවා. කෝ මේ උනන්දුව මැරුණු අනෙකුත් අහිංසකයන් පිලිබදව ? (බ)
කොටි විදිහට ආපු අයත් එක්ක එක්නැලිගොඩ ගියේ ඇයි? (නි)
අනේ මන්දා මොනවා සිද්ධවෙනවද කියලා අපිට නම් තේරෙන්නෙ නැහැ (නි)
මේ වගේ දේවල් වලට අදහස් දාලා අපේ ලේ කෝප කරගන්න ඕනෑ නැහැ කියලා හිතුන නිසා නිහඬ වුණා (නි)
බුද්ධි අංශ වලට මිනීමරන්න අයිතියක් නැහැ. (නි)
බුද්ධි අංශ සාමාජිකයින් කොහොම වෙතත් මේක කරන්න උපදෙස් දුන් පුද්ගලයා ගැන හොයලා බැලුවොත් නරකද? (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ලොකු ලොකු අයගේ අනුග්‍රහයෙන් සිදුවන මිනීමැරුම් කවුරු ආවත් නවතින්නේ නැහැනේ. හැමදෙනාගේම වගේ අත් වල ලේ (නි)
දැන් මොකද කියන්නේ අපේ මහජනතාව? (නි)
"මෙම එල්ටීටීඊ වෙස් වළාගත් බුද්ධී අංශ සාමාජිකයින් රාජගිරිය එක්නැලිගොඩගේ කාර්යාලයට පැමිණ ඔහු එලියට කැඳවාගෙනවිත්" ඉතින් මේකෙන්ම පේනවානේ මෙයා එල්ටීටීඊ එක්ක සම්බන්ධකම් තිබුනා කියලා (නි)