IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


එක්නැලිගොඩ හිටි තැන බලන්න සීඅයිඩිය යයි

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් රඳවා තබාගත් බවට හෙළි වී ඇති ගිරිතලේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ ඡායාරූප ලබා ගැනීමට හා එම කඳවුරේ පවත්වාගෙන ගිය පොත් පත් ඇතුළු ලේඛන පරීක්ෂා කිරීමට හෝමාගම මහේස්ත‍්‍රාත් ආර්. බී. නෙළුම්දෙණිය මහතා රහස් පොලිසියට අවසර දුන්නේය.   

මෙම පරිකෂණ කටයුතු වල යෙදෙන රහස් පොලිස් නිළධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසත් ඔවුගේ ආරකෂාව සඳහා යුද හමුදා පොලිසියේ නිළධාරීන්  යොදවන ලෙසත්    මහෙස්ත‍්‍රාත්වරයා යුද හමුදාපතිවරයාට නියම කළේය.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් රහස් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරු අනුව ලූතිනන් කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක් මේ වන විට රහස් පොලිසිය විසින් රඳවාගෙන ප‍්‍රශ්න කරනු ලබන බව අධිකරණයට දැනුම් දී තිබිණි .

සිද්ධියට අදාළව සිදු කළ පරිකෂණ වල ප‍්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසිය සමඟ පෙනී සිටි නීතීඥ දිලීප පිරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් පැහැර ගන්නා ලද මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා ගිරිතලේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ රඳවා තබාගත් බවට හෙළි වී ඇතැයිද එලෙස හෙළි වු ස්ථාන නීරීකෂණය කොට සෝදිසි කිරීමටත් එම ස්ථාන ඡායාරූප ගත කිරීමටත් අවශ්‍ය වී ඇතැයිද කීය.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩට අයත් සීගිරියේ ඇති ඉඩමකදී 2009 අගොස්තු මස 27 වැනිදා කළ සාකච්ඡාවක් බුද්ධි නිලධාරීන් විසින් පටිගත කොට ඇතැයිද එම හඬ පටය ඊට පසුදා බුද්ධි අධ්‍යකෂකවරයාට  යොමු කොට ඇතැයිද කී නීතීඥ දිලීප පිරිස් මහතා එම හඬ පටය හා බුද්ධි අධ්‍යක්ෂකවරයා  වෙත යොමු කළ ලේඛනද බුද්ධි නිලධාරීන්ගේ ජංගම දුරකතන අංකද හා එයට අදාළ ලේඛනද පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වී ඇති හෙයින් එම තොරතුරු ලබා දෙන ලෙස නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ගිරිතලේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ ප‍්‍රධාන ගේට්ටුවේ පවත්වාගෙන ගිය නිලධාරීන් නිවාඩු ලබා පිටව යෑමේ සහ යළි පැමිණීමේ ලේඛනද කඳවුරට වාහන පැමිණීම හා පිටව යෑම පිළිබඳව ලේඛනද එම කඳවුරේ සිට කිලෝ මීටර් 20කට වඩා දුරක් යෑමට අනුමැතිය ලබා ගැනීමේ ලේඛනද පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වී ඇතැයි දැනුම් දුන්  පීරිස් මහතා  කඳවුරේ ප‍්‍රධාන නිලධාරීන්ට සහ සෙසු නිලධාරීන්ට ආහාර වියදම් ලබා දීම සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය ලේඛනද පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වී ඇති හෙයින් එම තොරතුරුද ලබා දෙන ලෙස නියම කරන්නැයිද ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා පැමිණිල්ලෙන් කරන ලද ඉල්ලීම් වලට අවසර දුන් අතර රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන්ට  ගිරිතලේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා කඳවුරට ගොස් පරීක්ෂණ සිදු කිරීමටත් පරීක්ෂණවලට අවශ්‍ය ලේඛන ලබා ගැනීමටත් අවසර දුන්නේය.

 

                                   

                       

                       

                       

                       

                        



අදහස් (0)

එක්නැලිගොඩ හිටි තැන බලන්න සීඅයිඩිය යයි

කවින්ද Sunday, 04 October 2015 02:46 PM

එක්නැලිගොඩ යනු මම ගරුකරන චරිතයක් (නි)

:       0       0

නාමල් Sunday, 04 October 2015 02:46 PM

ඇත්ත නමින් ලියන්න කොන්දක් නැති යහපාලලා වගේ වහල් මානසිකත්වයක් ඇති මිනිස්සු ඉන්නතුරු රටට අබ සරණයි (නි)

:       0       0

පෙරුමාල් Sunday, 04 October 2015 03:55 PM

පිවිතුරු යහපාල කෙහෙලියගේ සුවච ගෝලයෙක් වගෙයි පෙනෙන්නෙ. (බ)

:       0       0

හේවාවිතාරණ Sunday, 04 October 2015 06:03 PM

පිවිතුරු යහපාල පැත්ත ගියත් ඇත්ත කතාකරන නිර්භීත මහතෙකි (නි)

:       0       0

කමල් Sunday, 04 October 2015 10:02 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ප්‍රසන්න Monday, 05 October 2015 03:02 AM

තමන්ගේ නමින් අදහස් දාන්න කොන්දක් නැති පිවිතුරු යහපාල ලැජ්ජා වෙන්න ඕනෑ (නි)

:       0       0

සත්‍යයා Monday, 05 October 2015 03:09 AM

පිවිතුරු යහපාලගේ මානසික ව්‍යාධිය තුළින් ප්‍රකට කරන පණිවිඩය නම් කිසියම් අයෙක් ලේඛකයෙක් ලෙස හෝ සාමාන්‍ය පුරවැසියෙක් ලෙස හෝ නිදහස් අදහස් ප්‍රකාශ කරන්නෙක් නම්, ඒ අදහස් පවතින ආණ්ඩුවට දිරවන්නේ නැත්නම් ඔහුව මරාදැමීමේ වරදක් නැතිබවද? බෝගම්බර හෝ වැලිකඩ බන්ධනාගාරයේ නව අළුගෝසු තනතුරට මා කෙළින්ම පිවිතුරු යහපාලගේ නම යෝජනා කරනවා. කවුරුන් හෝ කරුණාකර එය ස්ථිර කරන්න! (නි)

:       0       0

ශාන්ත Monday, 05 October 2015 04:06 AM

ඉතිහාසය නොතකන ජාතියකට වර්තමානයක් තිබිය හැක, එහෙත් අනාගතයක් නොමැත. (නි)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 04 October 2015 12:42 PM

ලංකාදීපේ වගේ වැදගත් පිළිගත් මාධ්‍ය ආයතනයකුත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙක් හැටියට පිළිගන්නවානම් මාධ්‍ය සදාචාරයට අබ සරණයි..මම හිතන්නේ මාධ්‍ය වෘත්තියට වඩා ගණිකා වෘත්තිය එහෙමනම් නම්බුකාරයි. පුද්ගලයෙක් වශයෙන් මොහුගේ අතුරුදන් වීම වාර්තා කරනවා මිසක් මාධ්‍යවේදියෙක් ලෙස මොහු නම්කර මාධ්‍යවේදියෙක් අතුරුදන් වීමක් ලෙස මේ සැලකීම ඉතාමත් ජුග්ප්සා ජනකයි..හිරිකිතයි..ලැජ්ජයි..කුණු වෙබ් වලට අනුන්ගේ පවුල් ජිවිත ලිංගික චර්යා ලියල මඩ ගහපු මොහුට මාධ්‍ය වේදියෙක් කියල කියනවනම් මාධ්‍ය වේදීන් සියල්ල බඩ කපා ගෙන මැරෙන්න ඕන..මේ වගේ විලිසන්ගේ නැති රස්සාවක් කරනවට..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 930 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 655 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 780 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1333 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 535 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 29 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14568 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 159 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site