පානදුරේ ව්‍යාපාරිකයෙකුටත් ගම්පහ උඩුගම්පොළ පෙදරේරුවෙකුටත් එකම අංකයෙන් ජාතික හැඳනුම්පත් දෙකක් නිකුත් කර ඇතැයි කියති. මේ දෙදෙනාම මෙම හැඳනුම්පත් පාවිච්චි කරන්නට ගොස් සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දී සිටිති. තමන් නොකළ ගණුදෙණූ වලට ඔවුනට මූල්‍ය හා වෙනත් සමාගම් වලින් ලියුම්කියුම්ද ලැබී ඇත.
පානදුර, කෙසෙල්වත්ත, ගැමුණූ මාවතේ අංක 27/2 නිවසේ පදිංචි පට්ටියගේ උපාලි නිහාල් හේමසිරි ඩයස්ගේ හැඳුනුම්පත
උඩුගම්පොළ, නයිවලපාර, පැරකුම් මාවතේ අංක 321/20/ඒ නිවසේ පදිංචි දිසානායක මුදියංසේලාගේ චන්ද්‍රපාල රණතුංග





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අක්කාට හැඳුනුම්පත් තුනක් හැදුවා. තුනම වරද්දලා ආවේ (නි)
මට අපේ විමල් මහත්තයව මතක්වුණා (නි)
තාක්ෂනය දියුණු වෙලා, ඩිගිටල් ක්‍රමයට ලස්සන කාර්ඩ් එකෙක් දෙන්න පුළුවන් සියලු විස්තර එක්ක. ලංකාවේ මේ කාර්ඩ් එක පිටරටක පෙන්නනවත් බෑ. අනික ලංකාවේ වාහන බලපත්‍රය. එකත් ලෝකෙටම එකයි. මේවා හොයලා බලනවට වැඩා අපේ වගකිවයුත්තන්ට කොච්චර ප්‍රශ්නද? (ර)
මටත් මේ දෙය සිද්ද වෙලා තියෙනවා. මම එන් එස් බි එකෙන් ලෝන් එකක් ගන්න ගියහම මට කිව්වා මගේ හදුරුම්පත් අංකයෙන් වෙන කෙනෙක් එයාලගේ සිස්ටම් එකේ ඉන්නවා කියලා. (ර)
මේ සඳහාය ඩිජිටල් කාඩ් පතක් හදුන්වා දෙනවානම් වටිනවා. (ර)
හැඳුනුම්පතේ එකම අංකය තියෙන අවස්ථා අත්වැරදීමකින් තොරවත් වෙන්න ඉඩක් තියෙනවා. එකම දවසේ 999ට වඩා ඉපදුනොත් ඕක වෙනවා. එහෙම වෙලාත් තියෙනවාලු. (නි)
කියලා වැඩක් නැහැ. හරිම නොසැළකිලිමත්. එයාලට ඕනෑ විදියට අපේ නම් ප්‍රින්ට් කරන්නේ. උප්පැන්නෙත් එක්ක නැවත පරීක්ෂා කරන බවක් නම් පෙනෙන්නට නැහැ. මගේ දරුවාගේ හැඳුනුම්පත සමඟ නැවත උප්පැන්න සහතිකය ලැබුනෙත් නැහැ. වාසගමත් ඉස්පිලි වරද්දලා. නැවත වරක් අලුතින්ම ෆොටෝ අරන් හදන්න සිදුවුණා. මේ සේවකයන්ගේ නොසැළකිලිමත්කම නිසා අපි රස්තියාදු වෙන්න ඕනෑ. (නි)
මෙම හැඳුනුම්පත් දියුණු රටවල භාවිතාවෙන ආකාරයට සකසන්න ඕනෑ (නි)
දියුණු රටවල් වල වගේ කෝඩ් පිස්කල් ක්‍රමය හඳුන්වා දුන්නොත් ඔය වගේ ගැටළු වලට පත්වුණාම නිවැරදි පුද්ගලයා කව්ද කියලා හොයාගත හැකියි. ඒත් උපන්දින දෙකක් තිබෙන හිටපු ඇමතිලාට තමයි ප්‍රශ්නේ. තාම ඉන්නවා ඡායාවේ (නි)
හේතුව ඉතින් නොසැළකිල්ල තමයි (නි)
වැරැදි වෙනවා. මේ දේවල් ඉදිරියේදී නොවෙන්න වග බලා ගත යුතුයි.(හේ)
මේ වගේ දේවල් තව කොච්චර වෙනවද?(හේ)
මේ දේවල් වලට ගන්නා පියවර කුමක්ද?(හේ)
මේ වගේ දේවල් අහන්න ලැබීමත් දුකක්.(හේ)
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නොසැලකිලිමත්කම නිසයි මේ වගේ සිද්ධවෙන්නේ. (හේ)
අපේ රටේ වැඩ ගැන හිතන කොට දුක හිතෙනවා .හැබැයි වැඩ වර්ජන නම් අකුරටම කෙරෙනවා (හේ)
උතුරේ මේ වගේ දහස් ගණන් හිටියා. එක නමින් බොහෝ හාල් පොත්, පස්සේ හැඳුනුම්පත්. (නි)
ඕවත් වැඩද මල්ලි, ඕවත් වැඩද, ලංකාවේ අපිට...? (නි)