ගිහි ජීවිතයේ අනිත්‍ය තේරුම් ගෙන නිවන මගට පිවිස පැවිදි දිවියට ඇතුළත්වූ එකම පුවලේ පියා,මව,දුව සහ පුතා ඇතුළු පවුලේ ඥාතීන් 8 දෙනකු නෙඵම්දෙණිය ගෝතම විහාරස්ථානයේ පැවැති උපසම්පදා උත්සවයකට පැමිණ සිටියහ.
පිළිමතලාව අස්වැද්දුම ගමේ සිටි ඔවුහු ගිහි ජීවිතයේ කම් සැප විඳිමින් සිටිම අනිත්‍ය බව තේරුම් ගෙන පැවිදි බව ලබා ඇත. එම පවුලේ පියාවූ වත්මනෙහි වලල්ගොඩ චන්දරතන හිමියෝ 2003 අගෝස්තු මස 8 වැනිදා නෙළුම්දෙණිය ගෝතම විහාරස්ථානයේ විහාරාධිපති වු ගලතර පඤ්ඤානන්ද හිමියන් හමුවේ පැවිදි දිවිට පත් වුහ. චන්දරතන හිමියෝ මේ වනවිට කළුතර උග්ගල්බඩ ඉසිපතණාරාම ආරන්‍ය සේනාසනාධිපති ලෙස වැඩ වාසය කරති.
සිය සහෝදරියන් දෙදෙනෙක්ද පැවිදි දිවියට ඇතුළත් වු බව ඒ හිමියෝ කියති. මේ අතර වැඩිමහල් සහෝදරියගේ ස්වාමියාද, වැඩිමහල් සහෝදරයාගේ දියණියද පැවිදි දිවියට එළැඹුණු බවත් එකම පවුලේ සාමාජිකයන් 8 දෙනෙකුට ද තවත් 150 ට ආසන්න හිමිවරුන්ටද මෙහෙණිවරුන් 100 ට ආසන්න ප්‍රමාණයකටද ඒ හිමියෝ උපාද්‍යානන් වහන්සේ ලෙස කටයුතු කළහ.
මේ වන විට ඉසිපතණ ආරණ්‍ය සේනාසනයේ හා නෙඵුම්දෙණිය ගෝතම විහාරස්ථානයේ විහාරාධිපති අස්වැද්දුමේ කමලශිල හිමියෝද එම පවුලේ සාමාජිකයෙකි. තම පියා සහ මලණුවන් පැවිදි ජීවිතයට ඇතුළත් වි බුදුන් දෙසු ධර්මය තුළින් ශාසනයට කළ සේවය වටහා ගත් අස්වැද්දුමේ කමලසීල හිමියන්ගේ සහෝදරියද අස්වැද්දුමේ සුදේශිකා නමින් මෙහෙණි ශාසනයට ඇතුළත් වූවාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද වැනි පුන් පොහෝ දිනෙක මෙවන් පුවතක් දකින්න ලැබීමත් ඉතා සතුටක්. (අ)
මෙවැනි කළෙක මෙවැනි බුද්ධ පුත්‍රයන් අහන්න දකින්න ලැබීම බොහොම විරළ දසුනක්! මොකද දැන් දැන් ගොඩාක් ස්වාමින් වහන්සේලා තමන්ට අයිති කලයුතු කරුණු හැරෙන්න, වගකීම් හැරෙන්න, අනෙකුත් හැම දෙයක්ම නොපිරිහෙළා කරමින් සාසනයට අවැඩක්ම සිදු කරමින් යන යුගයක! සාධු! සාධු!! සාධු!!! (හේ)
දම් සඳ දිදුලන සිරිලක් දෙරණේ... වසනට පින නැති බව මේ දෙරණේ... සදහම් ගඟ ගලනා මේ දෙරණේ... ආයෙත් ඇවිදින් වසනට ආසයි... මට හරි ආසයි සසුනට එන්නට... පින්බර ලංකා මේ අපේ දෙරණේ... නිවනින් නිවෙනට පාරමී පුරනවා දෙරණේ... (නි)
ඔබ සැමට යහපතක්ම වේවා! (නි)
පුදුමාකාර සතුටක් ඇතිවුණා හිතට. ඔබ සැමට යහපතක්ම වේවා! (නි)
නිවන් දකින්නට පින් මදි වෙන් ඇති ඒකයි තවමත් සංසාරේ (ම)
ආදර්ශමත් පවුලක් කාලෙකට පස්සේ පොහොය දවසක බොදු පුවතක් අහන්න ලැබුණා. සාදු! සාදු! සාදු! (ම)
වලල්ගොඩ චන්දරතන හිමියන්ගේ සිව්දින භාවනා වැඩසටහනකට මටත් අහම්බෙන් යන්න වාසනාව ලැබුනා. උන්වහන්සේගේ භාවනා වැඩසටහන් ඉතාම සුවිශේෂීයි. එයට යන්න ලැබීම මේ ජීවිතයේ ලැබූ වටිනාම භාග්‍යයක්. එහි විශේෂත්වය එයට සහභාගි වෙලාම දැනගන්න ඕනෑ. (නි)
ලෝකය අනිත්‍ය බව වටහාගත් අය ඔවුන්ට නිවන් ලැබීමට වාසනාව ලැබේවා! (නි)
නිර්වාණය මාර්ගය අවබෝධ වේවා (ම)
ආදර්ශමත් පවුලක් (නි)
හොඳ ආදර්ශයක් (නි)
ඇස් වලට කඳුලුත් එනවා.(හේ)
කාලෙකට පස්සේ පොහොය දවසක බොදු පුවතක් අහන්න ලැබුනා. සාදු! සාදු! සාදු! (අ)
අනේ සාදු. ගොඩකි පිං (අ)
සාදු සාදු (හේ)
මේ යන විදිහට නම් අපිටත් ගිහි ජීවිතය අත් හරින්න තමයි හිතිලා තියෙන්නේ. (බ)
සාදු සාදු සාදු!!! බුදුසසුන බැබලේවා මේ දසුන දැක්කම සතුට කියා නිමකරන්නබෑ. කදුළු අාවා ,අද පෝය දිනයක් ලංකාදීපයට බොහොම පින්සිදුවේවා. (බ)
සාදු සාදු බුදු සසුන බැබළේවා සැමට සත්‍ය අවබෝධවේවා (බ)
සාදු සාදු සාදු !!! (බ)
නෙත් පින්කර තිබෙනවා මෙවන් දසුනක් ඡායාරූපයකින් හෝ දැකගන්න (නි)
කුමන අාශ්චර්යක්ද? භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අනන්තයි (නි)
අනිත්‍යට ඇති එකම මග....සියල්ලන්ටම සසරෙන් එතෙර වෙන්නට පින් ලැබේවා........(ම)
මේක නම් හුඟක් හොඳයි මොකුත් නොතේරන පොඩි දරුවො මහණ කරලා ලිංගික හා චිත්තවේගීය අපයෝජනවලට ගොදුරු වෙන්න හරිනවාට වඩා.(ම)
සාදු...සාදු...!!! (ම)
සාදු සාදු සාදු (හේ)
යහපත් සඟ සමාජයක් පවත්වා ගැනීමට ශක්තිමත් ගිහි සමාජයක් අවශය්‍යවේ (බ)
සසර දුකින් මිදීමට වාසනාව ලැබේවා !!! (බ)
මට හරිම සතුටුයි ඔබ වහන්සේලාගෙන් සමාජයට සෙතක් මිස අවැඩක් වෙන්නේ නැත මේ බුදුසසුනේම නිර්වාණය ලබත්වා ! නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ! (බ)
නිලය බලය මුදල පසුපස හඹායන ජන සමාජයක ඇති මේ කාලයේ මෙවැනි කරන අසන්න ලැබීමත් භාගයක් ඔබලා සැමදෙනාටම තෙරුවන් සරණ වේවා. (හේ)