IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


එකවගේ දෙන්නෙක් - මෙවර ඉෂාන් සමග තීක්ෂණ

2016-10-31-ent-03

ඉෂාන් - අපි විශ්වාස කරන ප්‍රධානම දේ අපිට නිර්මාණයක් රස විඳින්න බැරි නම් මිනිසුන්ටත් එය රස විඳිය නොහැකියි කියන එක.

තීක්ෂණ - මුදල් ඉපැයීම අතින් පහත වැටුණත්, ජීවිත කාලෙම මෙය වෘත්තිය කරගෙන සතුටු විය හැකියි

 

එකිනෙකට වෙනස් ගී නිර්මාණ කිහිපයක්ම සිදුකළ ඔහු ජනප්‍රිය ගායන ශිල්පියෙකි. ඔහු තීක්ෂණ අනුරාධය. ඔහු සමග මෙවර "එකවගේ දෙන්නෙක්" හා එක්වන්නේ සෙන්ට්‍රිගේට් සංගීත කණ්ඩායමේ සිටින ජනප්‍රිය ගායකයෙකු වන ඉෂාන් ලන්ත්‍රාය.

 

සිදුකර තිබෙන නිර්මාණ ගැන තෘප්තිමත් වෙනවද?

තීක්ෂණ

2016-10-31-ent-04ඇත්තටම තෘප්තිමත් විය හැකියි. එයට හේතුව මේ දවස්වල ෆෝෆෝ ගීත රැල්ලක් යනවා. ඒ නිසා එකම විදිහේ ගීත ගුවන් විදුලි නාළිකාවල ඇහෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. ගැටලුව ප්‍රසංගවේදිකාවේ ගීත ගායනා කරද්දී ඒකාකාරී ගීත ඇහෙනකොට ප්‍රේක්ෂකයාට ඒක නීරස අත්දැකීමක් වෙනවා. එහෙම වුණාම ප්‍රේක්ෂකයන්ට කිසිම දෙයක් කළේ නැහැ කියලා හිතෙනවා. එන්ටටේනර් කෙනෙක් වුණේ නැහැ කියලා හිතෙනවා. නමුත් මම කළ නිර්මාණත් එක්ක මම තෘප්තිමත්. ඔය මම කිව්ව "ෆෝ ෆෝ" ගීතත් තිබෙනවා. ඒ වගේම "සායම් කිරිල්ලී", "බෝඩිම" වැනි වෙනස් ගීතත් ගායනා කරලා මට ප්‍රේක්ෂකයා සතුටු කළ හැකි. ඒ නිසා මම තෘප්තිමත්. ඉදිරියටත් ඒකාකාරී නොවන නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙන්නවා.

 

ඉෂාන්

අපිත් ගීත බොහෝ ප්‍රමාණයක් කර තිබෙනවා. අපි හිතනවා සංගීත ක්ෂේත්‍රයට රස විඳින්න පුළුවන් ගීත කළා කියලා. අපි ආදරය ගැන කියවෙන නිර්මාණ කිහිපයක්ම කළා. මේ වසරෙත් අපි වෙනස් නිර්මාණ කරන්න හිතනවා. තීක්ෂණ කිව්වා වගේ අපිත් වෙනස් නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිර්මාණවලින් අපිටත් තෘප්තිමත් විය හැකියි.

රියලිටි තරගයෙන් තමයි තීක්ෂණ අනුරාධව මිනිස්සු හඳුනා ගන්නේ.

 

රියලිටි තරගවලට යොමුවුණ සමහර අය අද හොයාගන්නවත් බැරි වෙලා?

ඒක ලෝකේ තියන රියලිටි එක. සාමාන්‍ය පෙළට "A" සාමාර්ථ හිමිකර ගන්න හැමදෙනාම උසස් පෙළ සමත් වෙන්නෙ නෑනේ. සමහර විට සාමාන්‍ය පෙළ යම් තරමකින් සමත් වූ අය, උසස් පෙළ විභාගයේදී ඉහළ ඉසෙඩ්කෝ අගයකට යනවා. ඕක සාමාන්‍ය රියලිටි එක. රියලිටි ෂෝ එකකට ඇවිත් අවසන් දහදෙනාට ආ පමණින් වෘත්තියක් ලෙස ගායන ක්ෂේත්‍රය තෝරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් එතන රියලිටි එකක් නැහැ. ඔය රියලිටි තරග හැම එකකින්ම ගායකයන් ආවනම්, අද බොහෝ පිරිසක් ක්ෂේත්‍රයෙ ඉන්නවා. ඒක තමන්ගෙ කැපකිරීම මත සිදුවෙන්නේ. මම සංගීතය වෘත්තියක් විදිහට තෝරගත්තා. රියලිටි තරගවලට ආව අය වෘත්තිය විදිහට සංගීතය තෝරගන්නෙ නැතුව විනෝදාංශය විදිහට සංගීතය තෝරගත්තා. හැමෝම මේක දකින්නෙ නෑ. හිතන්නෙ රියලිටි තරගවලින් ඇවිත් හැමදෙනාම උඩට එන්නැ කියලා. අවසන් දහදෙනාගෙන් සංගීතය තෝරාගත්තේ තුන්දෙනයි. වාසනාවකුත් තියෙන්න ඕන. ඒක පවත්ව ගන්න බුද්ධිමත් වෙන්නත් ඕන. වාසනාවයි, බුද්ධියයි එකතු වුණොත්, හොඳ ගමනක් යන්න පුළුවන්.

 

ඒ කියන්නේ හැකියාව සහ හැදෑරීම අවශ්‍යය නැද්ද?

2016-10-31-ent-01තීක්ෂණ

ඕන.... ඕන.... මම කිව්වෙ වාසනාවත් ඕන කියලා. වාසනාව පමණක් නෙමෙයි, මට වඩා සංගීතය හැදෑරූ බොහෝ අය ලංකාවෙ ඉන්නවා. මම බේසික් ඉගෙන ගෙන තියනවා. ඒ අය ඉදිරියට එන්නෙ නැතුව, අද මම ගායකයෙක් ලෙස ඉන්නෙ වාසනාව නිසයි. අධ්‍යාපනය අනිවාර්යයි. එය මිනිසුන් අතරට ගෙනිහින් වෘත්තියක් කර ගන්න පොඩි වාසනාවක් තියෙන්න ඕන. ඉෂාන් එන්නේ ඔය රියලටි මාවතේ නෙමෙයි. කණ්ඩායමක් එක්ක

 

ඉෂාන්

තීක්ෂණ අයියගෙ කාලෙට ඉස්සෙල්ලා තමයි අපි කණ්ඩායමක් විදිහට මේ ක්ෂේත්‍රයට එන්නේ. අපිට තිබ්බ රස වගේම තීක්ෂණ කිව්ව වාසනාවක් මෙයට බලපෑවා. අපි "ඩාක් ඒන්ජල්" කියන ගීතය එළිදැක් වුවා. එය ගොඩක් ජනප්‍රිය වුණා. කණ්ඩායමක් විදිහට අපි ගත්ත තීරණ හරි කියලා හිතනවා. තව දෙයක්, හැකියාව තියෙන්නත් ඕන. ඒ වගේම උපතින් එන හැකියාවත් තියෙන්න ඕන. අපි දැකලා තියනවා අපිට වඩා දක්ෂතා තියෙන අය. එහෙත් ඔවුන් මිනිසුන් අතර ජනප්‍රිය නැහැ. අපි විශ්වාස කරන ප්‍රධානම දේ අපිට නිර්මාණයක් රස විඳින්න බැරි නම් මිනිසුන්ටත් එය රස විඳිය නොහැකියි කියන එක. ඒක තියරියක්, එය භාවිත කරනවා. තාමත් මේ ගැන ඉගෙන ගන්නවා. අන්තර්ජාලයෙන් පවා ඉගෙන ගන්නවා. දැනුමටත් වඩා උපතින්ම එන හැකියාවත් මෙයට තියෙන්න ඕන.

 

තීක්ෂණ සඳහන් කළා මෙය වෘත්තියක් ලෙස සිදුකරන බව. ඒ වෘත්තීය පැවැත්මට, වෘත්තිය තුළින් නඩත්තු වීමට ඕනෑම නිර්මාණයක් භාර ගන්නවද?

නඩත්තුව හා වෘත්තිය මත රැඳිලා ඉන්නවා කියන්නෙ කාරණා දෙකක්. අපි රැල්ලේ ගීත කරන්න ගියොත් යැපෙන්න පුළුවන්. වෘත්තියෙ රැඳිලා ඉන්න අපහසුයි. ඒ නිසා තේරුම් ගතයුත්තේ වෘත්තිය වෙනුවෙන් ජීවිත කාලෙම කැප කරනවද? ස්ටාර් වුණ කාලේ කීයක් හරි හම්බකරන් ඉවත් වෙලා බිස්නස් එකක් කරනවද කියලා. මගේ ආසාව ජීවිත කලෙම සංගීතය කරන්න. එවිට රැලිවලට අහුවෙන්න බැහැ. අපි අපේම ගමනක් යා යුතුයි. මුදල් ඉපැයීම අතින් පහත වැටුණත්, ජීවිත කාලෙම වෘත්තිය කරගෙන සතුටු විය හැකියි.

 

ඉෂාන්

ලංකාවෙ මෙය වෘත්තියක් කර ගැනීම අවදානම්. මිනිසුසු ගොඩක් දකින්නැති පැති මෙහි තිබෙනවා. ගායකයන්ට මුදල් හම්බෙන්නේ කොහොමද? ගායකයෙක් නිර්මාණයකට වියදම් කරන මුදල බොහෝ විට නැවත ලැබෙන්නේ නැහැ. වෘත්තියක් වශයෙන් කරන එක විශාල ආයාසයක් යොදා කළ යුතු දෙයක්. හරි දේ කළොත් ප්‍රතිලාභ ලැබෙනවා. අපේ භාෂාවෙන් මෙහි කපුටන් වැඩියි. ගායකයෙක් කරන නිර්මාණවලින් ලාභ ප්‍රයෝජන ගන්නේ වෙනත් වෙනත් ආයතන. ඉදිරියෙදි ඒ දේවල් වෙනස්වෙයි කියලා මම හිතනවා.

 

තීක්ෂණ

දක්ෂයෙක් මේ ක්ෂේත්‍රයට ආවගමන් හපලා හපලා සාරය අරන් රොඩ්ඩ විසිකරනවා වගේ දෙයක් වෙන්නේ. රැල්ලට අහුවෙන්න හොඳ නෑ.

 

ඉෂාන්

2016-10-31-ent-06 කාලයක් තියනවා, ඒ කාලය පහුවුණාම නිර්මාණවල රසය නැතිවෙනවා. ලංකාවෙ මේ ක්ෂේත්‍රයට තිබෙන නීතින් අඩුයි. ඒවත් එක්ක තමයි මෙවැනි තත්ත්වයක් උදාවී තිබෙන්නේ.

රිගින් ටෝන් අරමුණු කරගෙනම ගීත නිර්මාණය වෙනවා. තීක්ෂණ අනුරාධ හා ඉෂාන් ඉන්නේ එතනද? "බෝඩිම" සින්දුව රිගින්ටෝන් යන්නේ නැහැ. රිගින් ටෝන් පැත්ත ගැන හිතනවා නම්, වසර එකහමාරට ගීත හයක්වත් කළ යුතු වෙනවා. රිගින් ටෝන් පස්සෙනම් යන්නෙ නෑ.

 

ඉෂාන්

මම කියන්නේ රිගින් ටෝන්වලට ගායකයන්ට යන්න හේතුව දෙයක් ඔවුන්ට ලැබෙන්නේ නැති නිසා. එහි වරදක් නෑ. නිර්මාණයට මුදලක් ලැබෙන්න ඕන. රිගින් ටෝන්වලට බණින අය ගායකයාට බස්වල යන්න, කන්න බොන්න සල්ලි දෙන්නෙ නෑනේ.

 

හැබැයි මෙහෙම වර්තමානයේ සිදුවන නිර්මාණවල පැවැත්ම ගැන ප්‍රශ්න කරනවා?

පැවැත්මක් නෑ කියලා කාටවත් කියන්න බෑ. පැවැත්මක් තියෙනවා. මීට පෙර දශකවල ගීත කිහිපයක් පමණයි නිර්මාණය වුණේ. ඒ ගීත කිහිපය තාම අහනවා. අද ගීත ගොඩක් නිර්මාණය වෙනවා. දක්ෂ ගායකයන්, සංගීතඥයන් ඉන්නවා. නාළිකා රැසක් තියෙනවා. එෆ්එම්වලින් වාදනය කරන ප්‍රමාණය අඩුවෙලා තියනවා. ඒක අර්ථදක්වන්නේ පැවැත්මක් නෑ කියලා. මගේ "ඔබ තරම්" ගීතය මේ දවස්වල එතරම් ඇහෙන්නෙ නැහැ. කෙනෙක්ට කියන්න පුළුවන් එහි පැවැත්මක් නෑ කියලා. නමුත් කෙනෙක්ගෙන් එහි වචන ටික අහන්න. එය දන්නවා. කිහිප දෙනෙක්ට මේ ප්‍රශ්න තිබෙනවා.

 

ඉෂාන්

තීක්ෂණගේ අදහසට මමත් එකඟයි. අපිත් පරණ ගීතවල රසිකයෝ. මම හිතන්නේ පැවැත්මක් නැහැ කියන්න බැහැ. එකල නිර්මාණ තිබ්බෙ අතලොස්සයි. ඒක ඒ කාලේ තිබ්බ රසඥතාව,මේ කාලෙට ඒක ගැළපෙන්නෙ නැහැ. ඒක සංසන්දනය කරන්නේ කුහකයන්. ඒක අතලොස්සකගේ කුහක හැඟීමක්.

තාක්ෂණය උපයෝගි කරගෙන ගීත නිර්මාණ කරන ගායකයන්ට අද ප්‍රසංගවේදිකාවේ ගීත ගායනා කරන්න අපහසු වෙනවා.

 

තීක්ෂණ

2016-10-31-ent-05තාක්ෂණය භාවිත කිරීම වැරදි නැහැ. එකල "දසමහ යෝධයන්" යැයි හඳුන්වන පිරිසක් හිටියනේ. නමුත් අද ඒ දේවල් කරන්න යන්ත්‍ර තියනවා. එය දකින කවුරු හරි කියන්න පුළුවන් ඒ දවස්වල මේ දේවල් කල දසමහ යෝදයන්ට කරන අගෞරවයක් කියලා. එහෙම කියන්න බැහැ. තාක්ෂණය තියෙන්නේ කරන්න බැරි වැඩක් කරන්න. වසසක කෙනෙක්ට වැඩිහිටි කන්දට නගින්න බැරිනම්, පාර හදලා වාහනෙම එතනට යනවා. බැරි කෙනෙකු නම් තමයි තාක්ෂණය භාවිත කරන්නේ.

 

ඒ කියන්නේ තාක්ෂණය භාවිත කරන්නේ ගීත ගායනා කරන්න බැරි අයද?

තාක්ෂණය භාවිත කරන හැමෝම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම වෘත්තියක් විදිහට මෙය භාවිත කරන අය ප්‍රසංග වේදිකාවේ අපහසුතාවයට පත්වුණ ගායකයන් දැකලා නෑනේ. හැකියාව තියනවා. හැකියාව නැති අයට එහෙම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරන්න බැහැ. ආසාවට ගීත කරන පිරිසක් ඉන්නවා. ඒ රස ඇහෙන්නැති වුණාම ලංකාවෙ ගීත ඇහෙන එක අත්හැරලා විදේශ රටවල ගීත අහන්න ගන්නවා. මෙයද කළ යුත්තේ.

 

ලෝකෙත් එක්ක අප්ඩේට්වෙලා අපේ ගීත අහන්න දෙන්න ඕන.

 

ඉෂාන්

තාක්ෂණය අවශ්‍යයි. සිනමාව ගන්න, අපිටත් දැන් ගෙදරම තියටර් එකක් හදාගන්න පුළුවන්. දැන් ත්‍රිමාණ චිත්‍රපට බලන්න පුළුවන්. නමුත් ලංකාවෙ එහෙම චිත්‍රපට කීයද තියෙන්නේ? අපේ සංගීතයට ඒක වුණේ නැහැ. ගීත ගායනා කරන්න බැරි නම්, වොයිස් එක හදනවා. යූටියුබ් චැනල් එකක් තියනවා නම් ඕන කෙනෙක්ට නිර්මාණ දාන්න පුළුවන්. පසුගිය කාලේ එහෙම නිර්මාණ හදලා බැණුම් අහලා ප්‍රසිද්ධ වෙනවා. බෑඩ් පබ්ලිසිටි කියන්නේ හොඳ දේට වඩා ප්‍රසිද්ධ වෙන දෙයක්වෙලා. අපි තාක්ෂණය භාවිත කරලයි නිර්මාණ කරන්නේ. අපිට ලයිව් බැන්ඩ් එකක් හදනවා කියන්නේ අමාරු දෙයක්. අපි එයත් කරලා ප්‍රසංග වේදිකාවට ආවා. තාක්ෂණය හරි විදිහට උපයෝගි කරගෙන නිර්මාණ කළ යුතුයි.

 

ලංකාවේ ගීත අසන ශ්‍රාවකයන් ඉල්ලන ගීතද දෙන්නේ? නැත්නම් දෙන ඕනම ගීතයක් ගන්නවද?

තීක්ෂණ

හොඳ ප්‍රේක්ෂකයන් ඉන්නවා. වර්ගීකරණයෙන් තොරව රස විඳිනවා. නමුත් අද ඇහෙන ගීත රිජෙක්ට් වෙන්නෙ නෑ. මිනිස්සු කැමති ඒ ගීතවලට.

 

ඉෂාන්

ලංකාවෙ රසිකයන් ගොඩක් බුද්ධිමත්, නැත්නම් ඔවුන් ගීත රිජෙක්ට් කරනවා. අවශ්‍ය දේ ඔවුන්ට ලබාදිය යුතුයි.

 

අද රූප රචනාවලටත් එය අදාළයි නේද?

තීක්ෂණ

මෑතකදී එක සිද්ධියක් වුණා, නෙගෙටිව් පැත්තේ. එහෙත් පොසිටිව් හොඳ තැනක තිබෙනවා. තාක්ෂණය එක්ක අප්ඩේට් වෙනවා. මියුසික් වීඩියෝ බොහෝ ඉදිරියෙන් තිබෙනවා. එය සිනමාවට එන්න ඕන.

 

ඉෂාන්

ඉන්දියාවෙ ශේණිගත කිරීම්වල තියෙන්නෙ සිනමාව. එහෙත් අපේ රටේ එහෙම නැහැ.

 

ඉදිරි සැලසුම් මොනවද?

අපි යම් රාමුවක ඉන්නේ. යම් වෙනසක් කරන්න හිතනවා. තරුණ පරපුරට හොඳ සහයෝගයක් තිබෙනවා. හැමෝම එක මතවාදයක ඉන්නවා. හැමෝගෙම බපලාපොරොත්තුව හොඳ ගීතයක් ප්‍රේක්ෂකයාට ලබාදෙන්න.

 

ඉෂාන්

ගීත මේ තරම් ඉදිරියට එන්න හේතුවත් ඒක. දැන් තරුණ නිර්මාණකරුවන් සාර්ථකයි. අන්තර්ජාතික ලෙස තරග කළ හැකි තැනක නිර්මාණ තිබෙනවා. ලංකාවෙ සංස්කෘතියත් රැකගෙන නිර්මාණ කළ යුතුයි.

 

සටහන - නිදුක් මදුෂික

ජායාරූප මිහිර බණ්ඩාර

 

2016-10-31-ent-02



අදහස් (0)

එකවගේ දෙන්නෙක් - මෙවර ඉෂාන් සමග තීක්ෂණ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 784 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1622 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 905 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 304 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1410 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 983 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39785 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site