(මනෝප්‍රිය ගුණසේකර)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා වෙරළේ ගිනි ගැනීමෙන් පීඩාවට පත්වුවන්ට වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් තවත් ධීවරයන් 52 දෙදෙනකු පැවරූ පෙත්සම් සම්බනන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා එම පෙත්සම් දෙසැම්බර් 13 වැනිදා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද නියම කළේය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පීඩාවට පත්වු තමන්ට වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් මීට පෙර ධීවරයන් 18 දෙදෙනකු පැවරූ පෙත්සම්වලට අමතරව මෙලෙස තවත් ධීවරයන් 52 දෙදෙනකු පෙත්සම් ඉදිරිපත් කොට ඇති අතර තමන්ට වු හානි වෙනුවෙන් රුපියල් කෝටි 37 200ක් අයකර දෙන්නැයි ඔව්හු ඉල්ලා සිටිති.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සමුද්‍රිය පරිසරයට හානි වී ඇති බවත් ඒ හේතූවෙන් ඉන් රැකියාව කරගැනීමට නොහැකි වු බවත් දැනුම් දෙන පෙත්සම්කරුවෝ තමන්ට වු හානි අයකර දෙන්නැයි ඉල්ලා සිටිති.
ධීවරයින් ඉදිරිපත් කළ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගම එහි දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම” ඇතුළු පාර්ශව කිහිපයක් නම් කොට ඇත.
ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනසුරුවරයා නඩුව කැඳවන ලබන දෙසැම්බර් 13 වැනිදා පෙත්සම් සම්බනන්ධයෙන් කරුණු තහවුරු කිරීමට නියම කළේය.
ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
එක්ස්ප්‍රස් පර්ලි ගින්නට එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි