IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


එකොළහක් එළියට

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වයඹ පළාත් සභාව නියෝජනය කළ  මන්ත්‍රීවරු 11 දෙනෙක් ඡන්දයේදී පරාජයට පත් වුහ.

අලුතින් 11 දෙනෙක් පත් වුහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිමල් කරුණාතිලක(යාපහුව)ආනන්ද චන්ද්‍රලාල්(යාපහුව),ඒ පී කීර්තිරත්න(ගල්ගමුව),සේනාරත්නද සිල්වා, ෂෙල්ටන් පිරීස් (කුලියාපිටිය),එච් ඩී බී හේරත්(හිරියාල),එක්සත් ජාතික පක්ෂයේ  එම් නසීර් (කුලියාපිටිය)එච් එම් අලෙවි(කටුගම්පොළ),මංජුල බණ්ඩාර (වාරියපොළ) මුස්ලිම් කොංග්‍රසයේ  මොහොමඩ් තස්ලිම් (කුරුණෑගල) සහ ජනතා විමුක්ති පෙරමුණේ නිමල් හේරත්(නිකවැරටිය) පරාජයට පත් වුහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දයාසිරි ජයසේකර (පඩුවස්නුවර)ජෙහාන් ප්‍රනාන්දු (කුරුණෑගල),රෝහණ බස්නායක (දඹදෙණිය),අශෝක පේමදාස(මාවතගම),චන්ද්‍ර කමලසිරි(බිංගිරිය) එක්සත් ජාතික පක්ෂයේ ප්‍රීතී මොහාන් පෙරේරා(ගල්ගමුව),අසංක සුධිර පෙරේරා (කටුගම්පළ)එම් එස් පෙරේරා (දොඩම්ගස්ලන්ද) ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයේ රංජිත් ගුණසේකර (කුරුණෑගල), ආර් එම් රත්නායක (දඹදෙණිය) සහ ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න(යාපහුව) අලුතින් තේරි  වු මන්ත්‍රීවරු වෙති.



අදහස් (0)

එකොළහක් එළියට

නිමාලි Tuesday, 24 September 2013 09:59 AM

මිලියන ගණනින් වියදම්කර මහජන සේවයට ආපු අය මිලියන ගණනින් ගසාකන ආකාරය බලමුකෝ, අඩුම ගානේ අවුරුදු 4 යනතුරු ඡන්දදායකයෝ වෙනුවෙන් පාරකට බොරළු ටිකක් දාලා දෙයිද කියලා. (නි)

:       0       0

රජින්ද Monday, 23 September 2013 09:25 PM

මම දැකපු මිනිස්සුන්ගේ සුපිරි තීන්දුවක් මේ ඇවිල්ලා තියෙන්නේ. ජන වරම කියන්නේ මෙන්න මේකටයි. ඉන්නකල් වංචා දුෂණ ඔක්කොම කරලා ජන්දයක් ළං වුණහම විතරක් රත් වෙලා දගලන හොරුන්ට සුපිරි උත්තරයක් දීලා එලියට ඇදලා දාපු අපේ වයඹ ජනතාවට ජය වේවා..!! (නි)

:       0       0

අමිල කටුනායක Monday, 23 September 2013 10:28 PM

පැරදුනේ මං, නැතිවුණෙ මං, නුඹලට නම් මොකද ඉතින්? (නි)

:       0       0

සුදත් Tuesday, 24 September 2013 11:34 PM

අපේ ගොවි රජා දිනන්න ඕනෑ. බොරු සටකපටකම් නැති ගමේ මිනිහට විසි කරන්න සල්ලි නැති වුනාට හිත පුරා මනුස්සකම තියෙන අපේ මන්ත්‍රීතුමා ගිරිබාවට ගල්ගමුවට කීර්තියක්. ජය පරාජය කොහොම වුනත් සැබෑ මිනිසුන් ඔබ ළගයි (නි)

:       0       0

උපාලි Tuesday, 24 September 2013 05:39 AM

එකොළහක් ගියා, එකොළහක් ආවා. වෙනස = 0 යි. ගිය කට්ටිය කළ සංවර්ධනයයි ආපු කට්ටිය කරන්න යන සංවර්ධනයයි අතර වෙනසත් එසේම නොවේවා! (නි)

:       0       0

සත්කෝරලේ ගොවියෝ Tuesday, 24 September 2013 05:49 AM

නියම දේශපාලනය කරපු ගොඩක් අය හළලා අනෙක් අය ටික දිනලා මහත්මා දේශපාලනය කරපු ගල්ගමුව ආසනය නියෝජනය කළ ගොවි මහත්තයා පරාදවෙන්න ඇත්තේ ලොකු වාහන වලින් ගිය රජ කුමාරයන්ගේ සහ ඔවුන්ගේ සාමාජිකයනගේ ආශිර්වාද නොලැබුන නිසා වෙන්න ඇති (නි)

:       0       0

රජරට ගොවියෝ Monday, 07 October 2013 05:41 AM

සුදත්, ඔබට ජයවේවා! පව් අහිංසක ගොවි මහත්මයාට සැළකු හැටි. එංගලන්තේ හිටියත් මේ වගේ ගොවියන්ගේ ජිවිත වල තියන යථාර්තය දන්නා අය ඔය පළාත් සභාවේ නැති වීම නම් කණගාටුවට කරුණක් (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 24 September 2013 09:04 AM

වයඹ මැතිවරණය මුදල් සහ මැර බලය මිශ්‍ර ප්‍රතිපලයක් ලෙස හඳුන්වන්න මට නම් පුළුවන්.. (නි)

:       0       0

කිරි Tuesday, 24 September 2013 01:49 PM

පැරදුනු අයත් දිනපු අයත් වයඹ පළාත ගැන දන්නා අයද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක්. ඥාති සංග්‍රහයෙන් ඇතුලට ආපු අය ගැන විශේෂයෙන් බැලියයුතු වෙනවා. අමතක කරන්න නරකයි ඒ අය වියදම් කළේ මුළු රටේම මහජනයාගේ සල්ලි මිසක් ඔවුන්ගේ බුදල් නොවෙන බව. (නි)

:       0       0

චාමර බළන්ගොඩ Tuesday, 24 September 2013 09:15 AM

පරාර්ථය වෙනුවට අවුරුදු 4ක් ස්වාර්ථය සාධනය කරගැනීමට ලැබුණ ප්‍රතිඵලය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 486 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 589 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1981 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1517 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1474 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1679 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24639 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23335 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 381 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site