මේ අවුරුද්දේ එංගලන්තයේ හේමන්ත ඍතුව ඉතිහාසයේ පෙර කිසිදිනක නොවූ විරූ ලෙස දැඩි සීතලකින් යුක්ත වියහැකි ලකුණු කාලගුණ නිමිති වලින් පෙනී යන බව බ්‍රිතාන්‍ය කාලගුණ කාර්යාංශය අනතුරු අඟවා ඇත.
මෙම අධික සීතල දේශගුණ විපර්යාශයේ ප්‍රතිඵලයක් ලෙස ලබන සඳුදා සිට අඩුම වශයෙන් දින සීයක් යනතුරුවත් බ්‍රිතාන්‍යය පුරා අධික ලෙස නිරන්තර හිම වර්ෂා කඩා හැලීමට හොඳටම ඉඩ ඇති බව ඔවුන් දන්වා ඇත.
මින් පෙර මෙවන් අධික සීතල දේශගුණයක් ඇතිවූයේ 1947දි බව ද ලබන අවුරුද්දේ ජනවාරි මාසය සීතල දේශගුණය අධිකවම පවතින කාලය වියහැකි බවද ඔවුහු පවසති.
උත්තරද්‍රැව ප්‍රදේශයේ සිට හමාඑන සීතල සුලඟේ ඝනත්වය අධික වීම මෙම අසාමාන්‍ය කාලගුණ විපර්යාසයට හේතුව ලෙස අනුමාන කර ඇත.
බ්‍රිතාන්‍යයට ඉහලින් ඇති වායුගෝලයේ රැඳෙන සීතල වාතය පල්වීම හේතුවෙන් එමඟින් ඇදහැලෙන වර්ෂාව නියත වශයෙන්ම හිම කුට්ටි බවට පරිවර්ථනය වන බව කියන කාලගුණ නිරීක්ෂකයන් මෙම පරිවර්ථනය අඩුම වශයෙන් ලබන අවුරුද්දේ මාර්තු මාසය තෙක් පැවතිය හැකි බව ද කියති.
මෙවන් දීර්ග කාලීන සීත කාල ගුණයක් පැවතුනහොත් ඒ හේතුවෙන් අසනීප වන ජනතාව සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීමේ ගැටළු මතුවිය හැකි බවට රෝහල් පාලකවරුද අනතුරු හඟවා ඇත.
සැම වසරකම ශීත ඍතුවේදී අවම වශයෙන් මහල්ලන් 25,000ක ප්‍රමාණයක් මියයති. මේ අනුව සීත කාලගුණය අධික වීමත් කලින් අවුරුදුවලට වඩා දීර්ඝවීමත් හේතුවෙන් මේ අවුරුද්දේ සීතලෙන් මියයාහැකි සංඛ්‍යාව අධික ලෙස ඉහල යාහැකිබව දොස්තරවරු දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යයා ,කවුරුන් හෝ අපේ රටට එරෙහි වෙනකොට අපිට දේශප්‍රේමී හැගීම් එනවා හිතට.එහෙම වෙලාවට හිතේ තරහින් යමක් කිවුවට අවංකවම ලාංකිකයෝ හැටියට අපි කවදාවත්ම එහෙම පතන්නේ නැහැ.සියලු ලෝකවාසීන්ටම සෙතක් ශාන්තියක් වේවා ! (නි)
මොනවා කරන්නද? දැන් ඉතින් එන විදියකට මුහුණ දෙනවා (නි)
ලෝකයේ කොහේ ඉන්නේත් මිනිස්සු. ලංකාවේ සිංහල අපිත් මෙහෙ ඉන්නවා. ඒ නිසා එහෙම කියන්න එපා (නි)
අපේ රට වාසනාවන්.අපිට ඔය කියන ප්‍රශ්න නැහැ.අපේ රටේ මිනිස්සු අහිංසකයි. (නි)
එතකොට මෙහෙ ජීවත් වෙන ලංකාවේ අයට මොකද වෙන්නේ? (නි)
මොහොමඩ්,නුඹ මුස්ලිම් වුණත් හොද හිතක් තිබෙන කොල්ලෙක් (නි)
කැමරන් සුද්දා කට දොඩවූ සාපකර්මයට ස්වභාව ධර්මයා දඬුවම් දෙන්න පටන් අරන් (නදී)
පළමුව තමන්ගේ අඩුපාඩු වහගත්තොත් හොඳයි නේද කියලා කැමරන්ට දැන් තේරෙන්න ඕනෑ. (නි)
මේ තීරය ට ලියන සමහර අය තමන් කොතරම් බොළඳ ද කියල වසන් කරන්න උත්සහ නොකරන එකත් ලොකු දෙයක්. කැමරන් එක්ක තරහයි නැත්නම් මහින්ද ට කැමතියි කියල "එංගලන්තය ට හෙන ගැහුවත් කමක් නැහැ" කියල කියන්න තරම් ඇතැමෙක් පහත තත්වයට අද වැටී තිබීම කනගාටුව ට කාරණයක්. ඉස්සර වගේ නොවෙයි දැන් අඩු ආදායම් ලබන පවුල් වල කොල්ලෝ එංගලන්තය ට ඇවිත් දහදුක් විඳලා ලංකාවේ ඉන්න දුප්පත් දෙමව් පියන්ට මුදල් යවනවා. මේ මුග්ධයෝ ප්‍රාර්ථනා කරන්නේ ඒ අහිංසකයින්ටත් හෙන ගහන්න කියලද? (නදී)
සමහර අයගේ ප්‍රතිචාර දැක්කාම හිතෙන්නේ මුහුණත් එක්ක තරහවෙලා හරියට නහය කැපුවා වගේ වැඩක්. කැමරන් හෝ කවුරු පාලනය කළත් ඔවුන් අප රට මැනගෙන ඉන්නේ තවමත් අපි ඔවුන්ගේ කොලනියක් කියා තමයි. නමුත් එරටේ ඉන්න මිනිස්සු ඔවුන් සුදු ජාතිකයින්වූවත් පිටරැටියන් වූවත් ඔවුන් සියල්ල මිනිසුන්ය. ඔවුන්ට ශාප කිරීමට අපට හැකියාවක් නැහැ. දේශපාලඥයින්ගේ කෙරුවා වලට සාමාන්‍ය මිනිසුන්ට ගැරහීම මෝඩකමක්. අපි ගරුකළ යුත්තේ මිනිස් ජීවිත වලටයි. (නි)
කවුරු වුණත් මේත් මිනිස්සු. දේශය, ,ආගම,ජාතිය වෙනස විතරයි. මිනිස්සු විදියට අපි ප්‍රාර්ථනා කරමු කාටවත් කරදරයක් වෙන්න එපා කියලා (නි)
ඔහොම වුන එක ලංකාවට හොදයි.(නදී)
අපේ කට්ටිය එහේ යන්නේ අපේ රට ගැන හිතලා නෙමෙයි. ඒක නිසා මොනවා වුණත් කමක් නැහැ (නි)
මෙවර යුරෝපයේ හා මැද පෙරදිගද ඍතුව කලින්ම පටන්ගෙන. මේ කාලෙට මිනිස්සු ලෙඩ වෙනවා වැඩියි. (නි)
එංගලන්තයේ බොහෝ ප්‍රදේශවලට සීත කාලයේදී වැඩි වශයෙන් හමන සුළග නිසා ඇවිදින්න නම් හරිම අමාරුයි, මොකද හුළඟ දැනෙන්නේ මුහුණට කටු වලින් අනිනවා වගේ. (නි)
කොහොමත් කළ දේවල් වලට වන්දි ගෙවන්න වෙනවා. (නි)
දේශපාලන කතා අසා ලංකාවේ මිනිස්සු එංගලන්තයට අමනාපයෙ න් අදහස් දැම්මත් ඇත්තම තත්ත්වය නම් සුදු මිනිසුන් අපේ අයට වඩා උසස් මනසක් ඇති සුන්දර මිනිසුන් බව යි . (නි)
ශ්‍රී ලංකාව පින්වත් රටක්.ලංකාවේ මිනිස්සු අනුන්ගේ කරදර වලදී සතුටු වෙලා නැහැ. අපි ප්‍රාර්ථනා කරමු කාටවත් කරදරයක් වෙන්න එපා කියලා. (නි)
ප්‍රබාකරන් කිවුවා වගේ අපේ අයට මතක තියෙන්නේ ටික කාලයයි. අපිට සුනාමි ආ වෙලේ මේ රටවලින් අපිට මොනතරම් උදවු කළාද? අනික මේ රටවල ඉන්නෙත් අපි වගේම මිනිස්සු. අපිට කෙනෙහිලිකම් කළ එකනම් ඇත්ත. එහෙත් මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ පිටුවට අදහස් දාන අයගේ ඊර්ෂ්‍යාව , වෛරය , ක්‍රෝධය නිවී සිත් පහන් වේවා! (නි)
එදා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගිවෙත්වා සුවපත්වෙත්වා දර්ශනය දේශනාකළ බුදුදහම.අද මිනිස් දහමේ සියලු සත්වයෝ දුක් වෙත්වා රෝගිවෙත්වා සුවපත් නොවෙත්ව,ඇයි පිරිහිච්ච මනසෙන්???? (ස)
පේනවද සමහරක් ලංකාවේ මිනිස්සුන්ගේ තියන කුහකකම අපි මේ රට වල ඉන්නවට තියන ඉරිසියාව ඔය නිසා තමා සමහරු මෙරෙනාකන් දුක් විදින්නේ (අ)
දොස්තර කෙනෙක් ඒන්නම් අපේ ඉන්නවා බට නලා එක්කෙනෙක්. (ස)
එංගලන්තෙට හෙන ගැහුවත් අපිට මොකොද , ? එහෙම වෙනවනම් අපිට නිදහසේ ඉන්න පුළුවන් (අ)
අම්මෝ....,ඇත්තද මේ ? (අ)
දේශගුණය නම් මොකක්ද ?රාජ කුමාරය ලංකාවට ආව නේ (අ)
වෙලාවට අපි නම් ලංකාවට එනවා (ස)
අනුන්ගේ දේවල් අපිට මොකෝ.. අපි අපේ දෙයක් බලාගමු. (අ)
මේවා අහල මගෙ රෙද්දත් තෙමිලා (ස)
හොඳ වැඩේ පර සුද්දන්ට.අනුන්ගේ මගුල් හොයන්න යනවා තමන්ගේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් ගැන හොයන්න (ස)
දයා, ඔබ අනුන්ගේ දේවල් වලට හවුල් වෙන්න එපා (නි)
පව් ඉතින් වයසක අය (ස)
ඉතිඉන් අපිට මොකෝ.අපේ දෙසගුනේ නම් හරියට රට පාලනය කරන අය වගේමයි.(අ)
දොඩන්ගොඩ මතක තියාගන්න ලංකාවේ සිංහල අපිත් මෙහෙ ඉන්නවා එහෙම කියන්න එපා (ස)
එංගලන්තෙට මෙහෙම සීතලක් එන එක ගැනනම් ටිකක් දුකයි.සේරම එහි මිනිස්සු කරදරයක් නැතුව ජීවත්වෙවි (ස)
එංගලන්තෙට විතරක් නෙමේ මුළු යුරෝපයටම සීතල ගොඩාක් තියෙනවා (ස)
අනේ එහෙම කියන්න එපා .. අපිත් ඉන්නේ මෙහෙ... අපි කව්රුත් මිනිස්සුනේ.. ලංකවේ මිනිස්සු කවදාවත් අනුන්ගේ දුකේදී අහක බැලුවේ නැහැ.. (ස)
ලෝකයේ කොහේ ඉන්නේත් මිනිස්සු (ස)
අපි සිංහල බෞද්ධයෝ නම් සියලු සත්වයාටම යහපතක් වෙන්න කියන්න. මාත් මගේ දරුවන් දෙන්නෙකුත් ඉන්නේ එංගලන්තේ (නදී)
දොඩම්ගොඩ එහෙම කියන්න එපා. ඔයා දන්නවද ලංකාවේ කී දෙනෙක් එංගලන්තේ වැඩ කරලා ලංකාවට සල්ලි එවනවද ? (නදී)
මමත් ඇවිල්ලා අවුරුදු 15 වෙනවා. මේකම තමයි ගිය අවුරුද්දෙත් වුනේ. ඒත් මොකුත් වුනේ නැහැ. (නදී)
අනේ ඇත්තට?සමහරුන්ට එංගලන්තයේ ඉන්න ලංකාවේ මිනිස්සු ගැන හිතක් පපුවක් නැද්ද? (නි)