IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


එංගලන්තෙට එන පොට හොඳ නෑ

මේ අවුරුද්දේ එංගලන්තයේ හේමන්ත ඍතුව ඉතිහාසයේ පෙර කිසිදිනක නොවූ විරූ ලෙස දැඩි සීතලකින් යුක්ත වියහැකි ලකුණු කාලගුණ නිමිති වලින් පෙනී යන බව  බ්‍රිතාන්‍ය කාලගුණ කාර්යාංශය අනතුරු අඟවා ඇත. 

මෙම අධික සීතල දේශගුණ විපර්යාශයේ ප්‍රතිඵලයක් ලෙස ලබන සඳුදා සිට අඩුම වශයෙන් දින සීයක් යනතුරුවත් බ්‍රිතාන්‍යය පුරා අධික ලෙස නිරන්තර හිම වර්ෂා කඩා හැලීමට හොඳටම ඉඩ ඇති බව ඔවුන් දන්වා ඇත.

මින් පෙර මෙවන් අධික සීතල දේශගුණයක් ඇතිවූයේ 1947දි බව  ද ලබන අවුරුද්දේ ජනවාරි මාසය සීතල දේශගුණය අධිකවම පවතින කාලය වියහැකි බවද ඔවුහු පවසති.

උත්තරද්‍රැව  ප්‍රදේශයේ සිට හමාඑන සීතල සුලඟේ ඝනත්වය අධික වීම මෙම අසාමාන්‍ය කාලගුණ විපර්යාසයට හේතුව ලෙස අනුමාන කර ඇත.

බ්‍රිතාන්‍යයට ඉහලින් ඇති වායුගෝලයේ රැඳෙන සීතල වාතය පල්වීම හේතුවෙන් එමඟින් ඇදහැලෙන වර්ෂාව නියත වශයෙන්ම හිම කුට්ටි බවට පරිවර්ථනය වන බව කියන කාලගුණ නිරීක්ෂකයන් මෙම පරිවර්ථනය අඩුම වශයෙන් ලබන අවුරුද්දේ මාර්තු මාසය තෙක් පැවතිය හැකි බව ද කියති.

 මෙවන් දීර්ග කාලීන සීත කාල ගුණයක් පැවතුනහොත් ඒ හේතුවෙන් අසනීප වන ජනතාව සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීමේ ගැටළු මතුවිය හැකි බවට රෝහල් පාලකවරුද අනතුරු හඟවා ඇත.

සැම වසරකම ශීත ඍතුවේදී අවම වශයෙන් මහල්ලන් 25,000ක ප්‍රමාණයක් මියයති. මේ අනුව සීත කාලගුණය අධික වීමත් කලින් අවුරුදුවලට වඩා දීර්ඝවීමත් හේතුවෙන් මේ අවුරුද්දේ සීතලෙන් මියයාහැකි සංඛ්‍යාව අධික ලෙස ඉහල යාහැකිබව දොස්තරවරු දන්වා ඇත.



අදහස් (0)

එංගලන්තෙට එන පොට හොඳ නෑ

ෂාෆික් Monday, 25 November 2013 10:05 AM

මෙවර යුරෝපයේ හා මැද පෙරදිගද ඍතුව කලින්ම පටන්ගෙන. මේ කාලෙට මිනිස්සු ලෙඩ වෙනවා වැඩියි. (නි)

:       0       0

මොහොමඩ් සිද්ධීක් Sunday, 24 November 2013 10:52 PM

එංගලන්තෙට මෙහෙම සීතලක් එන එක ගැනනම් ටිකක් දුකයි.සේරම එහි මිනිස්සු කරදරයක් නැතුව ජීවත්වෙවි (ස)

:       0       0

මාගලී ප්‍රනාන්දු Sunday, 24 November 2013 10:59 PM

එංගලන්තෙට විතරක් නෙමේ මුළු යුරෝපයටම සීතල ගොඩාක් තියෙනවා (ස)

:       0       0

සුමිත් Sunday, 24 November 2013 11:11 PM

අනේ එහෙම කියන්න එපා .. අපිත් ඉන්නේ මෙහෙ... අපි කව්රුත් මිනිස්සුනේ.. ලංකවේ මිනිස්සු කවදාවත් අනුන්ගේ දුකේදී අහක බැලුවේ නැහැ.. (ස)

:       0       0

දුරන්ග් Monday, 25 November 2013 10:36 AM

එංගලන්තයේ බොහෝ ප්‍රදේශවලට සීත කාලයේදී වැඩි වශයෙන් හමන සුළග නිසා ඇවිදින්න නම් හරිම අමාරුයි, මොකද හුළඟ දැනෙන්නේ මුහුණට කටු වලින් අනිනවා වගේ. (නි)

:       0       0

නිස්සංක ලන්ඩන් Sunday, 24 November 2013 11:26 PM

ලෝකයේ කොහේ ඉන්නේත් මිනිස්සු (ස)

:       0       0

ස්වර්ණා Sunday, 24 November 2013 11:36 PM

අපි සිංහල බෞද්ධයෝ නම් සියලු සත්වයාටම යහපතක් වෙන්න කියන්න. මාත් මගේ දරුවන් දෙන්නෙකුත් ඉන්නේ එංගලන්තේ (නදී)

:       0       0

දින්නා Tuesday, 26 November 2013 05:26 AM

පේනවද සමහරක් ලංකාවේ මිනිස්සුන්ගේ තියන කුහකකම අපි මේ රට වල ඉන්නවට තියන ඉරිසියාව ඔය නිසා තමා සමහරු මෙරෙනාකන් දුක් විදින්නේ (අ)

:       0       0

බණ්ඩා Monday, 25 November 2013 12:59 AM

දොඩම්ගොඩ එහෙම කියන්න එපා. ඔයා දන්නවද ලංකාවේ කී දෙනෙක් එංගලන්තේ වැඩ කරලා ලංකාවට සල්ලි එවනවද ? (නදී)

:       0       0

උමාර Monday, 25 November 2013 12:59 AM

මමත් ඇවිල්ලා අවුරුදු 15 වෙනවා. මේකම තමයි ගිය අවුරුද්දෙත් වුනේ. ඒත් මොකුත් වුනේ නැහැ. (නදී)

:       0       0

නුවන් Monday, 25 November 2013 01:23 AM

අනේ ඇත්තට?සමහරුන්ට එංගලන්තයේ ඉන්න ලංකාවේ මිනිස්සු ගැන හිතක් පපුවක් නැද්ද? (නි)

:       0       0

මායා Monday, 25 November 2013 02:14 AM

ඔහොම වුන එක ලංකාවට හොදයි.(නදී)

:       0       0

ඉන්දික Monday, 25 November 2013 03:09 AM

මොනවා කරන්නද? දැන් ඉතින් එන විදියකට මුහුණ දෙනවා (නි)

:       0       0

නිලූ Monday, 25 November 2013 03:50 AM

ලෝකයේ කොහේ ඉන්නේත් මිනිස්සු. ලංකාවේ සිංහල අපිත් මෙහෙ ඉන්නවා. ඒ නිසා එහෙම කියන්න එපා (නි)

:       0       0

ගුණරත්න Monday, 25 November 2013 04:33 AM

අපේ රට වාසනාවන්.අපිට ඔය කියන ප්‍රශ්න නැහැ.අපේ රටේ මිනිස්සු අහිංසකයි. (නි)

:       0       0

ලාල් Monday, 25 November 2013 01:15 PM

කොහොමත් කළ දේවල් වලට වන්දි ගෙවන්න වෙනවා. (නි)

:       0       0

සම-යූ‍.කේ. Monday, 25 November 2013 05:00 AM

එතකොට මෙහෙ ජීවත් වෙන ලංකාවේ අයට මොකද වෙන්නේ? (නි)

:       0       0

සම-යූ‍.කේ. Monday, 25 November 2013 05:01 AM

මොහොමඩ්,නුඹ මුස්ලිම් වුණත් හොද හිතක් තිබෙන කොල්ලෙක් (නි)

:       0       0

නඩරාජා Monday, 25 November 2013 05:50 AM

කැමරන් සුද්දා කට දොඩවූ සාපකර්මයට ස්වභාව ධර්මයා දඬුවම් දෙන්න පටන් අරන් (නදී)

:       0       0

මිගිද Sunday, 24 November 2013 07:34 PM

ඉතිඉන් අපිට මොකෝ.අපේ දෙසගුනේ නම් හරියට රට පාලනය කරන අය වගේමයි.(අ)

:       0       0

සුනිල් පෙරේරා Monday, 25 November 2013 02:11 PM

දේශපාලන කතා අසා ලංකාවේ මිනිස්සු එංගලන්තයට අමනාපයෙ න් අදහස් දැම්මත් ඇත්තම තත්ත්වය නම් සුදු මිනිසුන් අපේ අයට වඩා උසස් මනසක් ඇති සුන්දර මිනිසුන් බව යි . (නි)

:       0       0

අබ්දුල් මලික් Monday, 25 November 2013 02:23 PM

ශ්‍රී ලංකාව පින්වත් රටක්.ලංකාවේ මිනිස්සු අනුන්ගේ කරදර වලදී සතුටු වෙලා නැහැ. අපි ප්‍රාර්ථනා කරමු කාටවත් කරදරයක් වෙන්න එපා කියලා. (නි)

:       0       0

නඩරාජා Monday, 25 November 2013 07:37 AM

පළමුව තමන්ගේ අඩුපාඩු වහගත්තොත් හොඳයි නේද කියලා කැමරන්ට දැන් තේරෙන්න ඕනෑ. (නි)

:       0       0

දොඩන්ගොඩ Sunday, 24 November 2013 08:39 PM

එංගලන්තෙට හෙන ගැහුවත් අපිට මොකොද , ? එහෙම වෙනවනම් අපිට නිදහසේ ඉන්න පුළුවන් (අ)

:       0       0

රන්ජනී Sunday, 24 November 2013 08:41 PM

අම්මෝ....,ඇත්තද මේ ? (අ)

:       0       0

දයා Sunday, 24 November 2013 08:43 PM

දේශගුණය නම් මොකක්ද ?රාජ කුමාරය ලංකාවට ආව නේ (අ)

:       0       0

සත්‍යයා Monday, 25 November 2013 08:54 AM

මේ තීරය ට ලියන සමහර අය තමන් කොතරම් බොළඳ ද කියල වසන් කරන්න උත්සහ නොකරන එකත් ලොකු දෙයක්. කැමරන් එක්ක තරහයි නැත්නම් මහින්ද ට කැමතියි කියල "එංගලන්තය ට හෙන ගැහුවත් කමක් නැහැ" කියල කියන්න තරම් ඇතැමෙක් පහත තත්වයට අද වැටී තිබීම කනගාටුව ට කාරණයක්. ඉස්සර වගේ නොවෙයි දැන් අඩු ආදායම් ලබන පවුල් වල කොල්ලෝ එංගලන්තය ට ඇවිත් දහදුක් විඳලා ලංකාවේ ඉන්න දුප්පත් දෙමව් පියන්ට මුදල් යවනවා. මේ මුග්ධයෝ ප්‍රාර්ථනා කරන්නේ ඒ අහිංසකයින්ටත් හෙන ගහන්න කියලද? (නදී)

:       0       0

අමරසේකර Sunday, 24 November 2013 09:06 PM

වෙලාවට අපි නම් ලංකාවට එනවා (ස)

:       0       0

අසංක Sunday, 24 November 2013 09:09 PM

අනුන්ගේ දේවල් අපිට මොකෝ.. අපි අපේ දෙයක් බලාගමු. (අ)

:       0       0

දයා Sunday, 24 November 2013 09:32 PM

මේවා අහල මගෙ රෙද්දත් තෙමිලා (ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 November 2013 03:34 PM

ප්‍රබාකරන් කිවුවා වගේ අපේ අයට මතක තියෙන්නේ ටික කාලයයි. අපිට සුනාමි ආ වෙලේ මේ රටවලින් අපිට මොනතරම් උදවු කළාද? අනික මේ රටවල ඉන්නෙත් අපි වගේම මිනිස්සු. අපිට කෙනෙහිලිකම් කළ එකනම් ඇත්ත. එහෙත් මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ පිටුවට අදහස් දාන අයගේ ඊර්ෂ්‍යාව , වෛරය , ක්‍රෝධය නිවී සිත් පහන් වේවා! (නි)

:       0       0

යසන්ත Sunday, 24 November 2013 09:49 PM

හොඳ වැඩේ පර සුද්දන්ට.අනුන්ගේ මගුල් හොයන්න යනවා තමන්ගේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් ගැන හොයන්න (ස)

:       0       0

ඔසන් සලාම් - කටාර් Monday, 25 November 2013 09:32 AM

සමහර අයගේ ප්‍රතිචාර දැක්කාම හිතෙන්නේ මුහුණත් එක්ක තරහවෙලා හරියට නහය කැපුවා වගේ වැඩක්. කැමරන් හෝ කවුරු පාලනය කළත් ඔවුන් අප රට මැනගෙන ඉන්නේ තවමත් අපි ඔවුන්ගේ කොලනියක් කියා තමයි. නමුත් එරටේ ඉන්න මිනිස්සු ඔවුන් සුදු ජාතිකයින්වූවත් පිටරැටියන් වූවත් ඔවුන් සියල්ල මිනිසුන්ය. ඔවුන්ට ශාප කිරීමට අපට හැකියාවක් නැහැ. දේශපාලඥයින්ගේ කෙරුවා වලට සාමාන්‍ය මිනිසුන්ට ගැරහීම මෝඩකමක්. අපි ගරුකළ යුත්තේ මිනිස් ජීවිත වලටයි. (නි)

:       0       0

කාමිල් Tuesday, 26 November 2013 12:15 AM

එදා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගිවෙත්වා සුවපත්වෙත්වා දර්ශනය දේශනාකළ බුදුදහම.අද මිනිස් දහමේ සියලු සත්වයෝ දුක් වෙත්වා රෝගිවෙත්වා සුවපත් නොවෙත්ව,ඇයි පිරිහිච්ච මනසෙන්???? (ස)

:       0       0

සමන් Sunday, 24 November 2013 10:16 PM

දයා, ඔබ අනුන්ගේ දේවල් වලට හවුල් වෙන්න එපා (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 24 November 2013 10:18 PM

පව් ඉතින් වයසක අය (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 24 November 2013 10:20 PM

දොස්තර කෙනෙක් ඒන්නම් අපේ ඉන්නවා ‍බට නලා එක්කෙනෙක්. (ස)

:       0       0

ගම්හානි Sunday, 24 November 2013 10:21 PM

දොඩන්ගොඩ මතක තියාගන්න ලංකාවේ සිංහල අපිත් මෙහෙ ඉන්නවා එහෙම කියන්න එපා (ස)

:       0       0

බොතේජු -සෞදි අරාබිය Monday, 25 November 2013 09:49 AM

කවුරු වුණත් මේත් මිනිස්සු. දේශය, ,ආගම,ජාතිය වෙනස විතරයි. මිනිස්සු විදියට අපි ප්‍රාර්ථනා කරමු කාටවත් කරදරයක් වෙන්න එපා කියලා (නි)

:       0       0

සමන් Monday, 25 November 2013 09:52 AM

සත්‍යයා ,කවුරුන් හෝ අපේ රටට එරෙහි වෙනකොට අපිට දේශප්‍රේමී හැගීම් එනවා හිතට.එහෙම වෙලාවට හිතේ තරහින් යමක් කිවුවට අවංකවම ලාංකිකයෝ හැටියට අපි කවදාවත්ම එහෙම පතන්නේ නැහැ.සියලු ලෝකවාසීන්ටම සෙතක් ශාන්තියක් වේවා ! (නි)

:       0       0

සමන් Monday, 25 November 2013 09:54 AM

අපේ කට්ටිය එහේ යන්නේ අපේ රට ගැන හිතලා නෙමෙයි. ඒක නිසා මොනවා වුණත් කමක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 71 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 171 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 554 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1102 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 817 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1516 1

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site