ඡන්ද නීතී කඩමින් ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ගවල ලියා ඇති ප්‍රචාරක වැකි මකා දමන ලෙස ගාල්ලේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා අපේක්ෂකයින්ට දැන්වීය.
එම අවවාදය පිළිගත් ගාලු දිස්ත්‍රික් එජාප කණ්ඩාම් නායක අශෝක ධනවංශ ගාල්ල පොලීසිය හා බස් නැවතුම් පොළ ඉදිරිපිට ලියා තිබු ඔහුගේ නම තාර ගා මැකුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිව්වේ එයා නෙමේ, හැබැයි මැකුවේ නැත්තම් හිරේ හින්ද කළු පාටින් හරි මැකුව හොඳේ? (නදී)
වැඩේ හොදියි නමුත් ලියන්න කලින් ඕවා නොකර ඉන්න තිබුණා. පාරේ ලියන එක පොඩි ළමයෙක් කරන්නේ නෑ. ඉතින් මේ අය කොහොමද ප්‍රදේශය පාලනය කරන්නේ.(අ)
මේ වගේ විකාර දේවල් සිදුවෙන්නේ ලංකාවේ පමණය.(අ)
බොරුවනේ . දැන් වැරැද්ද නිවැරදි කරන්නේ වැරැද්ද නොකර හිටියා නම් ඉවරයිනේ .(අ)
පොලිසිය ඉස්සරහ ලියන කම් පොලිසිය නිදිද.(අ)
ඒක තමයි දැන් වැඩිය හොඳට පැහැදිලිව පේනවා. ඉන්ද්‍රජිත් මහතාට ස්තුති කල යුතයි.(නදී)
ආණ්ඩුවේ කෙනෙක් කලොත් හොද ආදර්ශවත් දෙයක් නමුත් විරුද්ද පක්ෂේ කෙනෙක් කලොත් ලකුණු දමා ගැනීමට කල දෙයක් .... අනේ මන්ද ශ්‍රිලංකාවේ හැටි ...!(නදී)
මෙයාලා ලකුනු දාගන්න හිරි කරනවා අනිත් අය මොකද කරන්නේ.(නදී)
මැකුවේ නැහැ සුදු පාට කළු පාට කළා එච්චරයි. (අ)
මේ කියන්නේ ,කළු පාටින් ලියා තිබුනාට කමක් නැත කියා නේද? දැන් ඉතින් හැමෝම කළු පාටින් ලියාවි, පාර කැත කලාට දඩයක් අය කල යුතුය.(නදී)
හොද වැඩක් (අ)
මොලේ තියෙන කොට බලේ නැහැ. බලේ තියෙන කොට මොළේ නැහැ.(නදී)
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝද හෝද මඩේ දානවා.(නදී)
කළු පාටින් ලිව්වම වැඩිය හොඳට පේනවා, බොරුවට ලකුණු දාගන්නවා (අ)
ජය වේවා (අ)
ඕකත් නියම ප්‍රචාරක උපක්‍රමයක් තමා, දැන් රටම දන්නවා මෙයා ගැන. අනික දැන් ඔය නම කළු පාටින් පේනවනේ.(නදී)
ඕකත් එක්තරා ප්‍රචාරක ක්‍රමයක් තමයි.(නදී)
බොරුවට ලකුණු දාගන්න දඟලනවා .ලියන්න කලින් ඕක නතර කරන්න තිබුණානේ (අ)
අවුලක් නෑ. තද කළුපාටින් පේනවා. (අ)