
පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පාසල් ගොඩනැගිල්ලක වහලක් කඩා වැටීමෙන්, 18 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. එම 18 දෙනාගෙන් 17 දෙනකු අවුරුදු 13 ට අඩු පාසල් දරුවන් බවත්, ඉතිරි තැනැත්තා ගුරුවරයකු බවත් පැවැසෙයි.
සුන්බුන් අතරින් බේරාගත් තවත් සිසුන් 10 දෙනකු රෝහල්ගත කළ බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි. තුවාල ලැබූ සිසුන් ඇතුළත් කෙරුණේ, ලේඩි රීඩින් රෝහලටය.
පාසල් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව පාකිස්තාන බලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd