එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මාතර නගර සභාව ඉදිරිපිට මහාපාරේ ඇතිවු ගැටුමින් අඩුගණනේ 5 දෙනකුවත් තුවාල ලබා රෝහල්ගත කළ බව දැන ගන්නට ඇතැයි ද ඉන් දෙදෙනකු වෙඩි වැදී ඇතැයි ද ඔවුන් නගර සභා සේවකයන් බව ද ස්ථිර නොවු ආරංචි කියයි. කුරුඳු පොලු හා ගඩොල් කැට වැඩි වශයෙන් ප්‍රහාරයට යොදාගෙන ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ පක්ෂ නියෝජිකත්වය හා කෘතයාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය තහනම් කරනු. නැත හොත් අපි එක්සත් ජාතික පක්ෂයට වින කටිමු.(නදී)
මංගල සමරවීර හිතාගෙන ඉන්නේ එයාට රනිල් මහත්තයා ඉස්සර කරගෙන ජනාධිපති කමට යන්න පුලුවන්වෙයි කියලා. එයා වියරු වැටිලා.චන්ද්‍රිකා එක්ක ගිහින් බැරිවුණා. මහින්ද එක්ක ගිහින් බැරිවුණා. මෙදා පාරත් ගැස්සෙන නිසා වියරු වැටිලා. (නදී)
ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජමගුල් කිවුවාලු..(නදී)
මෙන්න එජාපය වැඩ පටන්ගත්තෝ, ! දැන් ඉතින් පරස්සම්වෙයෝ. (නදී)
අපොයි අලියා (නදී)
මේ මූණු දැක්කම පේනවා සිල්ලර වාසි වලට දේශපාලනය කරන්න එන අය කියලා. මේ අයට රට දියුනු වෙන්න ඕනා නැහැ. ලෝකයම ගරු කරන සමෘද්ධිමත් රටක් කරන්න ඕනේ නෑ . කිසිම ඉවසීමක් නැති ,හොර උපාදි තියෙන අයගේ පස්සෙන් වැටිලා පින් පඩි දෙන රස්සාවක් හොයාගන්න එක , පිනට බොන්න හොයාගන්න එක වගේ බලාපරොත්තු තමයි මේ වගේ උද්ගෝෂණ වලට එන අයට තියෙන්නේ. පක්ෂ බේදයකින් තොරව බහුතරව මේ වගේ හරක් . මොන පක්ෂේ බලයට ආවත් ලංකාවනම් හැදෙන එකක් නෑ.(නදී)
මංගල යු.එන්.පි කාරයෙක් ද? (නදී)
ඌරගෙ මාළු ඌරගෙ පිටේම තියල කපනවා කියන්නේ මේකට තමා!!(නදී)
මේ සදහා පැමිණි සියලු දෙනා මොනවද මේ කළේ? (නදී)
මේවා කුමන්ත්‍රණ කාරී වැඩ (දී)
කව්රු වුනත් මේ වගේ වැඩ වලින් වෙන්නේ දේශපාලන අසමගිය වගේම පක්ෂය පිරිහෙන එක සිංහලයා නැති වෙන එක තමන්ගේ අපේක්ෂකයෝ පාලනය කරගන්න බැරි එක දුර්වල කමක්.(නදී)
මෝඩ මනුස්සයෝ මෝඩකම ලෝකෙට පෙන්නනවා අනේ ධර්මදීපයට ගිය කල. (නදී)
තව ටික කාලයක් ඉඩ තියෙන්නේ මේ වගේ කරන්න පුළුවන් දකුණත් ගියාම නටල ඉවරරි නේ !!!! (දී)
පක්ෂය විනාශ කරන්න එපා රනිල්ව එපා (දී)
මේ මොන සෙල්ලම් දැම්මත් වැඩක් නැහැ. පක්ෂයේ නියෝජ්‍ය නායක කම රුවන් ටත් ජාතික සංවිදායක කම මංගලටත් දිය යුතුයි (නදී)
ඔය එන්.ජී.ඕ කාරයෝ නැද්ද? (නදී)
එල එල ස්පිරිතාලෙත් ඉස්සරහ තියෙන නිසා බයවෙන්න දෙයක් නෑ. හොදට කුලල් කා ගන්න. ආයෙමත් රටේ විනාසේ තමයි. (නදී)
අද ලංකාවේ ලොකුවටම මානුෂික අයිති වාසිකම් ප්‍රජාතන්ත්‍රවාදය කතා කරමින් අනුන්ට ඇඟිල්ල දිගු කරන අය නේද මේ?(නදී)
මේ රටේ බුද්ධිමත් ජනතාව ඡන්දය නොදෙනු ඇත. රජයක් හැටියට මේ කලහකාරීන් වහාම අත් අඩංගුවට ගත යුතුයි. මේ තරම් පහත් මට්ටමකට පාක්‍ෂිකයෝ වැටීමට හේතුව කුමක්ද? (නදී)
අරයා ගියා නම් මේ මොකවත් නැහැනේ (නදී)
මෝඩ රැලක්.(නදී)
ඉතිහාසයේ මුල ඉදලම මෙහෙම වුනා. (නදී)
මෙහෙම වෙන්නේ මොන රටේද? ලංකාවේ නිදහස ලබපු දා ඉදලා ,මේ දේශපාළුවෝ අපේ රටේ නම කෑවා.(නදී)
කා කොටා ගන්නා මුර්ගයන් රැසක්. අවිහිංසාව පෙරටු කර ගන්න.(නදී)
මේකද මහත්තයෝ පක්ෂයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය. ඒ.ජා.පේ. නැති කරේ පක්ෂයට පිටින් ආපු අයයි. මෙයාල කාගේ හරි කොන්ත්‍රාත් එකක් කරනවද කියලත් හිතෙනවා.(නදී)
අලියා කුලප්පු වෙලාද?(නදී)
රටේ දේපල හානි කරමින් මහා මාර්ගයේ මගීන්ටත් බාදා කරමින් සිටින මේ අයව දැමිය යුත්තේ අපායට.(නදී)
අනේ අවමංගල.(නදී)
සටනට සැරසී කට්ටිය ඇවිල්ලා තියෙන්නේ නියම පොලුනේ අතේ තියෙන්නේ ටී සර්ට් කාරයට නම් හොද සොට් එකක් වැදිලා වගේ මිනිහගේ වැඩත් 11 වන පින්තුරයේ බලපුවම පේනවා (නදී)
අනේ කව්රු වුනත් සත්‍යපාල ඇත්ත කියනවා ......!(නදී)
මේ අයට හරක් කියන්නත් නරකයි. හොද වැඩියි.(නදී)
බොරුවට කෑ ගහන අයටම තැන නොදී දක්ෂයාට තැන දෙන්න ඕනේ,රුවන්ට මංගලට රවීට මීට වඩා බලතල දෙන්න (දී)
මෝඩ වැඩක්
මංගල සමරවීර හැමදාමත් කලේ කඩාකප්පල් කාරී වැඩ එයා චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලනකාලේ විපක්ෂ නායක රනිල් මහතාට මඩ ගැහුවා දැන් එ.ජ .පය ගොඩගන්න කතාකරනවා එදා එයා කරපු දේවල් සමහරක්නිසා රනිල් ට අදටත් ගොඩඑන්න බෑ මටනම් හිතෙන්නේ මංගල ඇවිල්ලා තියෙන්නේ මෙමපක්ෂය නැතිකරන්න (දී)
ඩී.එස්. (ජාතියේ පියා), ඩඩ්ලි (බත් දුන් පියා ), ආදී වූ උත්තමයන්ගෙන් ආරම්භ වුනාවූ ප්‍රජාතන්ත්‍රවාදයේ මහගෙදර යැයි විරුදාවලි ලත් එ.ජා.ප යට වර්තමානයේ අත්වී ඇති තත්ත්වය ගැන නම් මේ රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන්නවුනට බලවත් කම්පනයක් ඇති වීම නොවලකියහැක්කකි. (දී)
ලස්සනට තිබුන පක්ෂය රනිල් නැති කරා....දැන්වත් නම්බු පිට දීලා ගියානම් හොඳයි නේද. (දී)
ලොක්ක පක්ශේ කනවා
රනිල් පක්ෂෙන් ගිය දවසට විතරයි මම ඒජා ප යට චදේ දෙන්නේ (දී)
පිස්සු නැත්නම් ෂොකේ
සත්‍යපාල , 1989 දි අපි කෑ ගැහුවේ ඔන්න ඔය විදිහට තමයි. සියල්ල අමතක කර රට පැන්නේ ජීවිතේට ආදරේ නිසා. බීල සිහිය විකල් වෙච්ච නූගත් මෝඩ රැලක් ඔය පොලු අරන් එන්නේ. උන්ට උගත් මහල්ලා, කාන්තාව, දරුවා කියලා පෙන්නේ නැහැ. එදත් එහෙමයි. ?(නදී)
දිරි අලියා, රනිල්ට ජයවේවා (දී)
දෙයියන්ට ඔප්පු වේවා (දී)
මේ රනිල යු එන් පිය කැවා (දී)
සජිත් නායකයා උනොත් පමණි අපි නැවත චන්දෙ දෙන්නේ (දී)
ලංකාදීපයට බොහොම ස්තුතියි මේ පින්තුර අපිට දකින්න සලස්සුවට .මේ අයද මේ රට පාලනය කරන්න හදන්නේ .තාව අවරුදු 25 විතර ඔහොම යමු .
අපේ කරුමෙ
රට දියුණු කරන්න රනිල් ඉවත් වෙන්න (දී)
සත්ත්‍යපාලට ඔලුව හොද නැති වේගන එනවද???? ඒ ඉස්සර දැන් අපිට පව්ලක් වගේ අපේ රට රකින ජනාදිපති කෙනක්, ආරක්ෂක ලේකම් වරයෙක්, ආර්ථිකය සීග්‍ර වර්දනය කරා ගෙන යන ආර්ථික සංවර්දන ඇමතිවාරයක්, ඉන්නවා. අමතක කරන්න එපා අපි දැන් ඉන්නේ ආසියාවේ තියන අශ්ශර්යමත් රටේ (දී)
පුෂ්පා ඒ කියන්නේ ප්‍රේමදාස යුගය නැවතත් ඒවිද?මට නම් බයයි බයයි වගේ.(නදී)
අපොයි මාළු..............................(දී)
පක්ෂය නැති කරන්නේ මේ ප්‍රතිසංස්කරණ ඉල්ලන රැල තමයි,රනිල් වගේ උගත් අන්තර්ජාතිකව පිලි ගන්න නායකයෙක්ව එලවන්න හදන්නේ හීනමානෙ නිසා (දී)
උරෝ කැකුන තලනකොට හබන් කුකුල්ලුන්ට ජයමගුල්ලු.... (දී)
රනිල්ට පිස්සුද?තේරෙන් නැත්ද මිනිස්සු ඉල්ලන දේ (දී)
කව්රු කව්රුත් ලබාගත් බලය රැක ගැනීමට හොඳ වේවා නරක ච්වෙව නොයෙකුත් දේ කරනවා. නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍ර වාදය රැකෙන්න නම් ප්‍රබල විපක්ෂයක් තබිය යුතුයි . ඒ දෙය කරීමට විපක්ෂ නායකතුමාට නොහැකි බව අද සිදුවෙන දෙයින් අපක්ෂපාත කටත් වැටහෙනවා. එතුමා කලයුතු එකම දෙය විපක්ෂයේ වදයක් නොවී මන්ත්‍රී වරුන්ගේ හඩට කන්දිමයි (දී).
මේ හොදටම ඇති !!!ඊලග චන්දෙන් යු.එන්.පී. එක රටේ තුන්වන බලවේගයට වැටෙනවා අහෝ දුකකි !(දී)
මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් (දී)
මෝඩ මිනිස්සු , ඔහොම මරගත්තම ඔබලාගේ ළමයින් බලාගන්න ඔය මන්ත්රිලා එනවද ????
සක්කිලි පඩි අරන් කරන වැඩ තමයි මේ ...(දී)
කොහොමත් මේක තමයි මේ පක්ෂයේ නියම ස්වභාවය. දැන් මහ ලොකුවට කෑ ගහන කාටවත් මතක නෑ 94ට කලින් මේ රටේ හැටි. බලය නැති නිසා පොඩ්ඩක් සද්දේ අඩුයි දැන්. නැත්තං හැමදාම මෙහෙම තමයි මේගොල්ලො. 77 ඉදලම කිසිම විනයක් නැති පක්ෂයක්, අනිත් පක්ෂ එක්ක ගනිද්දි...(දී)
ලෝකෙටම ආදර්ශයක් නේද (දී)
බලයට තියෙන කෑදරකම (නදී)
94 පැරදුනත් එ.ජා.ප ය මිනිසුන් අතර තිබුණ පක්ෂයක්. හොඳ නායකයෝ හිටි පක්ෂයක්. අර පැත්තෙන් මේ පැත්තට පනින උදවිය ඉස්සරහට දමලා එ.ජා.ප යේ උපන්දා සිට ඉන්න මිනිස්සු කොන් කරලා අද පක්ෂය ඉවරයි. මංගලගේ වැඩේ ඉවර වුන ගමන් එයත් යනවනේ. අන්තිමට කව්ද ඉතුරු වෙන්නේ. (නදී)
සජිත් ප්‍රේමදාස පුතේ ඔයා තාම රටේ විපක්ෂ නායක හරි , ජනපති හරි වෙන්න පොඩි වැඩියි ... මම ඔයාට පුතා කිවුවට ඔයාට වඩා පොඩ්ඩක් වයසෙන් පහලයි.. එත් ඔයා කරන වැඩ වලින් පෙන්නේනම් පොඩි එකෙක් කරන වැඩ වගේ ..මුලින්ම තමන්ගේ ලොක්කට ගරු කරන්න ඉගෙන ගන්න .. ඔයා ඔයාට ඉහල නිලදාරියාට , ලොක්කට ගරු කරන්න දන් නැතුව ඔයා නිකන් හරි ජනපති උනොත් පොඩි මිනිස්සුන්ට මොනවා නොකරයිද ? ඔයාගේ තාත්තට දෙවෙනි වෙන එකක් නැ කියලයි මට නම් හිතෙන්නේ ..ඔයාට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම රනිල් මහතාට දණගහල වැඳලා සමාව අරන් එයාගේ නායකත්වය පිළි අරන් පක්ෂය දිනවන්න උදවු කරන්නයි ...එහෙම කරලා අඩුම තරමේ අගමැති කමේ වත් ඉඳල පස්සේ ජනපති වෙන්න උත්සහ කරන්න පුතේ .. ඔයාට ඇත්තටම ජනතා මනාපය තිබුනට රටක් පාලනය කරන්න තරම් දැනුමක් නැනේ ..ඔයා වයස 60 දී විතර ජනපති වෙන්න උත්සහ කරන්න පුතේ .. (නදී)
පැහැසර, අනේ මට කියනවද ඔය රට රකින අය ඉන්නේ කොහෙද කියලා. තමන්ගේ පවුල රකින සෙට් එකක් නම් ඉන්නවා. රටට මොනවා උනත්(දී )
රනිල් ගැන ඉවසුවා ඇති, බලන් නොසිට කොලුවෝ ගන් කඩුව අතට අවසානයේ ඉතිරි වන අයගෙන් කෙනකු නායකයා කරගනිමු, ඔහොම යන්........ජයවේවා,(දී )
මංගල සජිත්ලට මේ රටේ බුද්ධිමත් ජනතාව ඡන්දය නොදෙනු ඇත. රජයක් හැටියට මේ කලහකාරීන් වහාම අත් අඩංගුවට ගත යුතුයි. මේතරම් පහත් මට්ටමකට පාක්‍ෂිකයෝ වැටීමට හේතුව මේ රටට දේශද්‍රෝහිව කට යුතු කළ නිසයි. රනිල්ව ගොඩ ගන්න බැරි ඔය මංගල නිසයි. (දී )
මංගල , කෝ? ලගක නැද්ද හිටියේ? .......
ප්‍රසිද්දියේ පොලු අරගෙන නටන අය දාන්න ඕනේ හිරෙ ...නැතිනම් රට හදන්න බැ.රට කනවා ....ලෝකයටම පෙන්නවා නුගත් .වනචාරී ගතිය ...කවද හැදෙයිද ?(දී )
අනේ අපේ රටේ විපක්ෂෙට ගිය කලක් (දී )
රනිල් කවදා ඉවත් වේවිද?(දී )
මේ සියලු දේවල් පිටුපස අහවලා ඉන්නවා යු.එන් .පී එක දියකරන්න කරන දෙයක් මේක (දී)
බෙනට්, ලොක්කට කඩේ යනවා මගේ හිතේ.(නදී)
සමහරු ජීවිතේ පලවෙනි වතාවට වගේ මෙහෙම සිද්දියක් දැක්කේ. ඡන්දෙ දවස්වල වෙච්ච දේවල් මේ ටිකට අමතක උනාද? එන්නේ ප්‍රේමදාස යුගයක් නම් 71 උන දේවල් දැනුත් වෙන්න එපැයි. ප්‍රබල විපක්ෂයක් තිබීම රටේ අනාගතයට හොදයි කියලයි අපිනම් විස්වාස කරන්නේ. ඔය කියන තරම් ආණ්ඩුව ප්‍රබල නම් ඇයි ඊයේ පෙරේදත් මෙහෙන් කෙනෙක් ගත්තේ?(නදී)
අහෝ දුකකි!එජාපයට යන කලක්! (දී)
බන්දුල පෙරේරා එකක් මතක තියාගන්න. පක්ෂ වලට කඩේ නොයා හරි දෙයට කඩේ යන්න. අපි කවුද හරි කවුද වැරදි කියල නොව කුමක්ද හරි කුමක්ද වැරදි කියල බැලිය යුතුයි. එහෙම හිතන මිනිස්සු වැඩි වෙනතුරු රට ගොඩ එන්නේ නෑ. (නදී)
අයියෝ අහවලා දන්නේ නැද්ද මේ ගැන ?(නදී)
එංගලන්තේ එහෙම වෙන්නේ නැහැ !!
කරුණ කර සුනිල් පෙරේරා ගේ ගීතය නැවත නැවත අහන්න
ලංකාව ලෝකයේ සුන්දරම රටවල් වලින් එකක්. එන්න එන්නම නුගතුන් වැඩි වැඩියෙන් බිහිවෙන රටක සමාජය රටට සේවය කරන්න දඟලන හැටි පේනවා නේද. ඉතිරි වී ඇති උගතුනි තමන්ගේ දරුවනුත් රැගෙන නුගතුන්ට එන්න බැරි විදෙස් රටක පදිංචියට දැන්මම එන්න. මේ රට වලට අපු කිසිම කෙනෙක් අපේ සුන්දර ලංකාවට පදිංචියට ගියේ නැත්තේ රටේ අසුන්දරත්වයක් නිසා නෙමෙයි, මේ වගේ නුගත් ගොබ්බයන් නිසයි. (නදී)
බලයට ඒම පැත්තක තියමු. රටටත් විශාල පාඩුවක් වෙනවා විපක්ෂය දුර්වල වීම නිසා. ආන්ඩු පක්ෂය තනි තීරන මත රට පාලනය කිරීම වැලැක්වීමට ප්‍රබල විපක්ෂයක් අවශ්‍ය වෙලාවේ විපක්ෂය මේ විදිහට බෙදීමෙන් අවාසිය රට වැසියාටමයි. එජාපය දුර්වලවීම ගැන උඩ පනින බොහෝ දෙනෙකු එය දකින්නේ නැහැ. අනික් කාරනය මෙවැනි ගැටීම් නිසා ඡන්ද දායකයාගේ පක්ෂය ගැන ඇති විස්වාසයයි තව තවත් පලුදු වෙන්නේ.(නදී)
අචිනි කියන දේ මේ පක්ෂෙට විතරක් නෙමෙයි හැම පක්ෂයකටම කලා සැමදා බලයේ ඉන්න අදහසින්.බුද්ධිය ඇත්තෝ තේරුම් ගනිත්වා. (දී)
කෝ අප්පා මානව අයිතිවාසිකම්...මේ ගොල්ලෝ හැමදාම කට අරින්නේ ඒවා ගැන කියාගේනනේ. (දී)
මාතර අලි කුලප්පු වෙලා.(නදී)
ලෝකේ හිනස්සන විපක්ෂ නායකයා ලෝකේ හිනස්සන වැඩක් කළා (දී)
මංගල ගැන නම් කතා කරන්න එපා ඔන්න කියුවා
මංගල සමරවීර ඉන්න පැත්ත පරාදයි
මෙයා යනකන් රටත් අලියත් ඉවරයි (දී)
බෙනට්,මම නම් දන්නවා මෙයාලගේ වැඩ කිඩ. (නි)
බලය නැති විට මෙසේ හැසිරේ නම් බලය ඇති විට කෙසේ හැසිරේද? මම මේ පාාර එජාපයට ඡන්දය දෙන්න හිටියේ. ඔවුන්ගේ හැටි දැන් හොඳට මට තේරෙනවා (නි)
මේ අයට රට බාර දුන්නොත් කොහොම හිටියිද. මේ පොලු තියාගෙන ඉන්න සියලු දෙනා අත්අඩංගුවට ගන්න. පොලු අරගෙන එනනේ ආරක්ෂාවට නෙවෙයිනේ කාට හරි පහර දෙන්න. පොලීසියත් නිරායුධව එන විශ්වවිද්‍යාල ළමුන්ට විතරද පහර දෙන්නේ. මේ මැරයන්ට පහර දෙන්න තිබුණා නේද?(නදී)
සජිත්, නොපෙනන බලවේගයන්ගෙන් පරිස්සම් වෙන්න (නි)
ලෝකයෙ දියුණු රටවල ඡන්ද කරන හෑටි මාධ්‍ය වලින්වත් පෙන්වා මේ මිනිසුන්ව දෑනුවත් කරන්න.මීට ප්‍රධානම හේතුව බීමත්කම හා බලලෝභී නූගත්කමයි.දේශපාලකයෙක් ප්‍රදේශයේ බලවතෙක් අඩගැසූ පලියට තමන්ගෙ ආත්මගරුත්වය පාවාදෙන්න එපා. ඩී.එස්.ලා ජාතික මමත්වයෙන් ගොඩනගපු දේශපාලන පක්ශයේ එක්සත් කියන නමටත් කැළලක් කරන්නේ. මේවට වගකිව යුත්තේ නායකත්වය දුන් අයයි. නීතියක් ඈති, හිංසනය පිටු දකින සමාජයක මොනයම් පාටක පක්ෂයක් වේවා වැරදිකරුවන්ට දඩුවම් දිය යුතුයි.රටක මානව අයිතිවාසිකම් රැකෙන්නේ එවිටය.පොලු මුගුරු දරා සිටින මහතුනි, ඔබලා ඔබලාට විරයො වගේ පෙනුනාට රටේ බුද්ධිමත් ජනතාවට පෙනෙන්නේ කඩේයන පිරිසක් මෙනි. මුලු ශ්‍රී ලංකා ජාතියම අපේ මිතුරොයි, සහෝදරයොයි. තිරිසන් සතුන් වගේ ඇයි අපි එකිනෙකාට විරුද්ධව මරා ගන්නේ. මොනවා බෙදා ගන්නද? (නි)
ඔය සරම ඇදගෙන ඉන්න එක්කෙනා තව පොඩ්ඩක් ඕක ඉස්සුවා නම් එයාගේ වැදගත්කම කැපිලා පෙනෙනවා.(නදී)
පව් ගැමුණු මහත්තයා පුලුවන්නම් ඉන්ටර්නෙට් එකෙන් අත දාලා ඇදල ගනීවි මාව.(නදී)
ප්‍රජාතන්ත්‍ර වාදය පෙන්නීමේ පක්ෂයේ කොටසක් ගත ක්‍රියා මාර්ගයක් . මංගල සමරවීර පසු ගිය කාලය චන්ද්‍රිකා ගේ රජයේ සිටින කාලයේ කියූ කතා රනිල්ට කිසි දිනෙක ජානාධිපති වන්නටබැහැ. නමුත් අප කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ලබනවර ජනාධිපති වන්නට පුළුවන් . එහෙත් මංගල සමරවීර එජාපෙයේ සිටියොත් එය සිදුවන්නේ නැහැ. පළමුව ඔහුව එජාපෙන් නෙරපා හැර පක්ෂයේ සමගිය ගොඩ නගා එජාපය ශක්තිමත් කරන්න. මංගල පක්ෂය දෙකඩ කිරීමේ කාගේ හෝ අරමුණක් ඉටු කරනවා. (නදී
මේ රටේ තියෙන දේසපාලන ක්‍රමය අනුව ප්‍රබල විපක්ෂයක් තිබුනොත් පාලක පක්ෂය සදා සොත්ති තමයි ..හොද හෝ නරක කිසි දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ.. .කකුලෙන් අදිනවා..එම නිසා මොන ක්‍රමයකින් හරි විපක්ෂය දුර්වල විය යුතු බවයි මගේ හැගීම..මේ ක්‍රමෙත් ඉතින් නරක නැහැ.. (දී)
මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මෙතන අදහස් දන ගොඩක් දෙනෙක් පක්ෂ පාට නැති විචාර බුද්දියෙන් බලන්න පුළුවන් අය නිසා ලංකාදිපෙට සිතුති කරනවා බඩගෝස්තරවාදී දේසපාලනය කරන රංචුවේ පින්තුර දැම්මට. (දී)
රනිල් යනු බුද්ධියයි බුද්ධිය කොහෙද රනිල් ඒතන. රනිල් උදයගිරි පර්වතය හා සමානය.(නදී)
ඇයි අපේ මිනිස්සුන්ට මොලේ නැත්තේ. එකම පැත්තේ අය දෙපැත්තකට බෙදිලා ජීවිත විනාශ කරගන්නවා. උතුරු ඡන්දෙන් හොද ආදර්හයක් දුන්නා.මොන දෙයින් හරි ජාතිය විනාශ වෙන එකයි වෙන්නේ.(නදී)
මේ දගලන්නේ දේශපාලුවන්ගෙන් යැපෙන බඩ ගෝස්තර වාදීන්ය, එය නුවණැති ඡන්ද දායකයෝ දන්නවා , මොවුන් එකිනෙකා කා ගෙන හෝ නැති උන දාට රට ගොඩ,..(නදී)...
පක්ෂේ නමින් වැඩක් නැ. කෝ අර රතුපස්වල අහිංසක මිනිස්සු වෙනුවෙන් රටේ නිතිය හා සාමය ගැන කියවපු බලදරයෝ. මුන් ටික වහාම සිරගත කලයුතු නේද?පොලු ගල් අතේ තිබ්බේ නැත්නම් පොලිසිය යුධ හමුදාවේ සහය පතාවි. පොලුවලට බය උනා වත්ද?(නදී)
පොඩ්ඩක් හොදට බලන්න, සැම කෙනා ගේම අතේ ඇති පොලු, එකම දිග ප්‍රමාණයකි. ඒ කියන්නේ මේ සටනට, පෙර සිටම ලක ලෑස්තිවෙලා ඉදල තිබෙනවා.මේ ඉන්නේ පක්ෂයක හිතවත්තු නොවේ. මේ ගොල්ලෝ මල්ලක් නැතිව කාට හරි කඩේ යන අය.(නදී)
කරන්න වැඩ නැතිවට පිස්සු නටනවා,, නිකන් විහිළුවට ලක් වෙනවා විතරයි. (නදී)
ලංකාවේ මනුෂ්‍යයයෝ හිගයි තිරිසන්නු බහුලයි.(නදී)
කාටවත් නැවෙන්නේ නැති විපක්ෂ නායකයෙක් තමයි දැන් රටට අවශ්‍ය වෙලා තියෙන්නේ. (නදී)
අපි අපේ පක්ෂය ගැන දුක් වෙනවා. මම හිතනවා සජිත් හොද නායකයෙක් වෙයි කියලා. (නදී)
අහෝ තවත් මොන කතාද (නදී)
අනේ මොහමත් අය.(නදී)
අලියා කුලප්පු වී ඇත. පරිස්සමින්.(නදී)
අපේ පාට කොළ අපි නැහැ කලබල කියල නේද කියන්නේ?(නදී)
මම බොහෝ විට රනිල් ගේ හැසිරිම, බුද්දිය,හොරකම් සහ කොමිස් නොගැනීම අගය කලා. ඒත් රනිල් මහත්තයා ගරු කටුතු විදිහට නායකකමින් ඉල්ලා අස්වී පක්ෂයට දිනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්ඩ. ඔබ සැමට තුනුරුවන් සරණයි. මේ අද බාල බාල ගෝලයාව වහාම විනය පරික්ෂනයකට යොමු කරන්ඩ.(නදී)
මේවා මාතර අහවලාගේ වැඩ (නි)
අයියෝ! (නි)
මංගල සමරවීරට රනිල් ඕනෑම නම් එයාගේ සටන වෙන දවසක කරන්න තිබුනා. අද මේ විදිහට කළහම ගැටුමක් ඇතිවන බව දැන දැනම එයත් පාරට බැහැලා අහිංසක මිනිස්සුත් අමරුවේ දාලා ... (නි)
ප්‍රධාන විපක්ෂය තිබුණොත් විතරයි අපි ඡන්දෙ දෙන්නේ (නි)
ජනතාව මුලාවේ දාලා තියෙන්නේ. (නි)
ජනතාවට සැබෑ යථාර්ථය අවබෝධ කරගැනීමට තිබෙන දුර්ලබ අවස්ථාවක්. (නි)
සජිත්ගේ පියා කරපු දේවල් මතක් වෙනවා (නි)
දෙදහස් හයසීයක සංස්කෘතික අභිමානය ලොවට පෙන්වනවා වගෙයි. (නි)
මේ කවුද ? මොනවද කරන්නේ ? (නි)
මෝඩකමට බෙහෙත් නැහැ. ලංකාවේ හැටි ඔහොම තමා (නි)
සදුන්, සමාවෙන්න. මමත් ඔය විදියටම හිතලා අදහස් ගොඩක් දැම්මා. (නි)
රටේ අවාසනාවට අපේ කරුමෙට ජනාධිපති නොවුණ අපේ රටේ ඉන්න එකම බුද්ධිමත්, උගත්, නායකයා රනිල් මැතිදුනි ඔබයි (නි)
සියල්ල දේශපාලන කෝණයකින් බැලීමට හුරුවී සිටින මිනිසුනි, මොහොතකට සිතන්න. වත්මන් ජනාධිපතිතුමා ශ්‍රී ලාංකික අප වෙනුවෙන් බොහෝ ජයග්‍රහණ අත්පත් කරදුන් උදාර නායකයෙක්. ඒගැන කිසිදු තර්කයක් නැහැ.ඒ ගැන පුහු තර්ක කිරීමෙන් පළකුත් නැහැ. යමෙකුට වත්මන් රජය ගැන කිසියම් නොසතුටක් තිබෙනවා නම්, ඒ ගැන වගකිව යුත්තේ රජය නොවේ. එහි පුර්ණ වගකීම ගත යුත්තේ විපක්ෂයයි. වෙනත් අයුරකින් කියනවා නම්, "විපක්ෂ නායකතුමායි". විපක්ෂ නායකතුමා අප රට වෙනුවෙන් කර ඇති එක් මෙහෙවෙරක් පමණක් සටහන් කරන්න යැයි මම අභියෝග කරමි!! (නි)
ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රනයක් තියෙනවා වගේ. දෙහි කපලා බලියක් ඇරියොත් හොදයි වගේ... (නි)
අද එ.ජා.පයේ ඉන්න අයට අමතක වෙලා මංගල කියන්නේ ශ්‍රී ලංකාකාරයෙක් බව.මෙහෙම කෙනෙක් වෙනුවෙන් කතාකරන එ.ජා.ප අය ඇයි අහන්නේ නැත්තේ උපන්දා සිට එ.ජා.ප වෙනුවෙන් වැඩකරන නායකයන් ඉදිද්දි එහෙන් මෙහාට පනින අයට පක්ෂයේ ඉහළ තනතුරු දීලා මේ පක්ෂය විනාශ කරන්න මේ නායකයා කටයුතු කරන්නේ ඇයි කියලා. (නි)
ගරු විපක්ෂ නායකතුමනි, තම පාර්ශිකයන්ටත් ඇහුම්කම් දෙන්න.මේ මිනිසුන් වසර ගානක් තිස්සේ පුදුම මානසික පීඩනයකින් ඉන්නේ.හේතුව ඡන්ද ගණනාවක් එකදිගට පැරදිලා , හැමදාම ඡන්දෙට පස්සේ කියනවා අරම කරනවා මෙහෙම කරනවා කියලා. නමුත් ඊළඟ ඡන්දෙදිත් වෙලා තියෙන්නේ මොකද්ද? ඒ නිසා ඔබතුමා නිසි ක්‍රියාමාර්ගයක් ගන්න. ඔබතුමා මෙම පක්ෂයට පියා වෙලා ඔය දරුවෝ ටික එකතු කරලා බේද බින්න නැති කරලා අප පක්ෂයේ ඡන්දදායකයෝ ලක්ෂ හතළිහක් පනහක් දෙනාගේ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට ක්‍රියා කරන්න (නි)
මේ වෙන දේවල් සිතන්න. හොදට දුර බලන්න. (නි)
මේක එජාප පෙළපාලියක් නොවී වෙන පක්ෂයක වුනා නම් බන්දුල පෙරේරා ඔය විදිහටම හැසිරෙනවා මට මැවිලා පෙනෙනවා.මේ වගේ මිනිස්සු හැසිරෙන නොදියුණු ගෝත්‍රික ගැටුම් නිසා මහා දවල් අමු අමුවේ මිනිසුන්ට පහරදී මරා දමන රටවල් තව ඇත්තේ අතලොස්සක් පමණයි."ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ....." (නි)
ඉතාම කණගාටුදායකයි. මෙහෙමද අපි ප්‍රජාතත්‍රවාදය රකින්නේ? ඇයි බැරි කතා කරලා ප්‍රශ්න විසඳා ගන්න. (නි)
දැන් මේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබදව ජිනීවා යන්නේ කව්ද මොන එන්.ජී.ඕ. එකද? (නි)
අපේ නායකතුමා පළපුරුදු නායකයෙක්. අපි එයාව නැගෙනහිර අගමැති හැටියට පත් කර යවමු. අලියට කළ දේ කොටියාටත් කරාවි. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි (නි)
කුසුම්, මේ රටේ ඉන්න කිසිම දුෂණයකට ලක් නොවුනු, දෑත් පිරිසිදු එකම නායකයා රනිල් මැතිදුන් විතරයි. වෙන මොනවා කළත් අහිංසක ජනතාවගේ මුදල් හොරකම් කරනවා නම්, දුෂණය ලේ වල දුවනවා නම් වැඩක් තියනවද? (නි)
එජාපය දිනන්න නායකත්වය වෙනස් කිරීම හැර කරන්න පුළුවන් අනිත් හැමදේම කරා එත් හැමදාම පරදිනවා විතරක් නෙමෙයි පරාජය දරුණු වෙනවා. (නදී)
ආණ්ඩුවක් නැතුව ආණ්ඩු බලය ලබාගන්න පක්ෂය තුලම මේ විදියට දාන සෙල්ලම් කොහොමද? බැරි වෙලාවකවත් ආණ්ඩුවක් පිහිටවන්න අවස්ථාවක් ලැබුනොත්, ඡන්දයට පෙර මනාප ගන්න කොහොම මරාගනිවිද? ඒ වගේම අනිත් පක්ෂ වල ඡන්දදායකයන්ට දෙවියන්ගේම පිහිටයි! (නි)
අකලංක මහත්තයා තාම මොන්ටිසෝරි යන ළමයෙක් වගේ පෙනෙන්නේ. (නි)
මේක සම්පුර්ණයෙන්ම කගේ වැඩක්ද කියලා හිතාගන්න පුලුවන්. ඇයි පොලිසියේ කව්රුවත් මේ පොලු අරගෙන එන විට නවත්වන්න හැදුවේ නැත්තේ. ඒකෙන්ම හිතාගන්න පුලුවන් (නදී)
ගරු රනිල් මැති තුමනි ශ්‍රේෂ්ට මහත්මයකු හැටියට නායකත්වයන් අයින් වී පක්ෂය දිනවන්ඩ කටුතු කරන්ඩ. ඔබ එජාපයේ විදේශ කටුයුතු මෙහෙයවන්ඩ. සජිත්,කරු, සුජීව, බුද්දික,රෝසි,තලතා ඇතුළු කණ්ඩායමට බලය දෙන්ඩ. අපිට අවශ්‍ය ගම හඳුනන මිනිස්සු. ඔබ දයාසිරිට, ඉමිතියාස්ට, ල.සෙනෙවිරත්නට, විජය මු ලොකු බන්ඩාරට කල දේවල් වැරදියි. ගරු ඩඩ්ලි සේනානායක මැතිදුන් අනුගමනය කරන්ඩ. අපි ඔබට ආදරෙයි ඒත් දැන් යා යුතුයි.(නදී)
අනේ අපේ ධර්මද්වීපයට යන කල,ලෝක විනාසයේ පෙරනිමිති පහල වෙලාද? එකම පක්ෂය අතර ,එකම ආගම අතර,එකම විශ්ව විද්යාල අතර ,එකම පාසල් අතර,එකම පවුල අතර,මේ ගැටුම් වල අවසනනය කොහිද ,ලෝක පාලන දෙවියනි,දෙවියනි ඔබ කොහිද? . (නදී)
අකලංක මහත්තයෝ ඔයාලට තේරුණා ඇත්ත මොකක්ද කියල ශ්‍රී ලංකා දේශපාලනේ පිරිසිදු කෙනෙක් ඉන්නේ රනිල් විතරයි. (නදී)
දරුවන් කුඩා කාලේම රටින් පිටවුනු එක ගැන ඒ අය දොස් කිව්වා. අපේ මුල් ගලවල අම්මයි,තාත්තයි අපිව වෙන රටක හිටවන්ට හැදුආ කියලා. අද මම සතුටු වෙනවා ඔය වනමුර්ගයෝ අතර ඉන්ට නොලැබීම ගැන. පේනවා නේද රටක හැටි. පුළුවන් හැම කෙනෙක්ම දරුවෝ ටිකත් කර පින්නාගෙන නිදහස් රටකට පැනගන්න. . (නදී)
මේ වයසක මිනිහා තුවක්කු අතට අරන් දාපු සෙල්ලම්. මුන්ව යුද්දේ කාලේ යවන්න තිබුනේ යුද්දෙට.(නදී)
රනිල් නායකතුමා යටතේ ආණ්ඩුවක් පිහිට වූ දවසට මේ කුමන්ත්‍රණ කාරයන්ට දැඩි දඩුවම් දිය යුතුයි,පක්ෂයේ බර අදින්නේ රනිල්,රුවන් ,රවී විතරයි,වෙන අය බොරුවට කෑ ගහනවා විතරයි . (නදී)
ප්‍රේමදාස මහත්තයගේ නමත් කනවා . (නදී)
මෙයාල ගහගන්නකොට ආණ්ඩුවේ කට්ටිය ට රජ මගුල්. මෙහෙම ගහගෙන කොහොමද ආණ්ඩු හදන්නේ?. (නදී)
අජිත් අයියේ ඔයා ගමපහ කොයි මහත්තයාගේ ගෝලයෙක්ද? මමත් ටිකක් හඳුනනවා ඔය මහත්තුරු. එතුමන්ලා හොඳයි ඒත් මාමාගෙන් බෑණට ප්‍රතිපත්තියට අපි විරුද්දයි. මේක නෑදෑයින්ගේ පක්ෂේ වෙන්ට ඉඩ දෙන්ඩ බැහැ. දැන් ඒ කාලේ පහු වෙලා ඉක්මනින් අපේ ලොක්ක දෙවැනි තැනට යන්ඩ ඕනා.(නදී)
මේ තත්වය යටතේ එජාප ඡන්ද දෙකට කැඩී එස්. එෆ්. 2 වන තැනට එනවා . එතකොට ඉදිරි ජනාධිපතිවරණයෙන් අතිවිශාල පරතරයකින් මහින්ද ජනාධිපති වෙන එක්ක කිසි ජගතෙකුටවත් වලක්වන්න බැරි වෙනවා .එජාපය බිංදුවටම වැටෙනවා. මේ අනාවැකිය හරි ගියාම මම රාජකීය දෛවඥයා වීමටත් ඉඩ තියෙනවා. . (නදී)
මම නම් මනස විකෘති වෙච්ච අය ඉන්නකම් එ ජා පෙ ට ඡන්දෙ දෙන්නේ නැහැ. මට මගේ රට ලොකුයි (නි)
ඇතුවත් බැරි නැතුවත් බැරි මේක අපේ පොලිසිය (අ)
රනිල් නෙමෙයි කවුරු ආවත් එකයි දැන් නම් (නි)
කිසිම බුද්ධි ප්‍රබෝදයක් නැති මැටි මොල්ලු ටිකාක් ..(නදී)
මම කිව්ව එක වැරදියි කියන්න බැරිකමට මම මොන්ටිසෝරි යන ළමයෙක් වගේ පේනවා නේද බන්දුල පෙරේරා? (නි)
එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජය වේවා !!!! (නි)
මුං බලය නැතිව මෙහෙම ගහනවා නම්, බලය තිබ්බා නම් මරලා දායි ... (ස)
කරන්න ගිය දේ හොඳයි. වෙන්න ඕන දේත් ඒකම තමයි. රනිල්ට ගෙදර යන්න වෙලාවත් හරි. (ස)
බංකොලොත් දේශපාලක පරපුර කෙරෙහි අපගේ කෝපය හා ශෝකය මෙසේ සටහන් කරමු. (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
1977 දී සන්ධාන ආණ්ඩුව පරාජය වූ වෙලාවේදී රට අරාජික තත්ත්වයට නොගියේ යුඑන්පී එක ශක්තිමත්ව තිබුණු නිසා. දැන් එහෙම සන්ධානය පරාජයක් ලැබුවොත් බලය යුඑන්පී එකට දෙන්නේ කොහොමද බය නැතුව? තමන්ගේ පක්ෂය ඇතුලේ අවුල් වියවුල් තිබෙන කට්ටියකට කොහොමද රටේ පාලනය බාර දෙන්නේ? (නි)
මෙච්චර දෙයක් කරනතුරු නීතිය හා සාමය ආරක්ෂා කරන පොලීසිය මොකද කළේ? රටකට ගිය කලක්! (නි)
දේශපාලනය මගේ අකමැතිම මාතෘකාවයි.එහෙත් අදහසක් නොදැම්මොත් අඩුපාඩුවක්. මොකද මමත් 70 දශකයේ අලියා පසුපස රස්සාවක් හොයාගන්න ගිය කෙනෙක්. මේක තනිකරම නුගත් පිරිසක් කරගෙන යන දෙයක් .ඒ නිසානේ මෙහෙම ඇන-කොටා ගන්නේ.අපේ රට කවදා හැදේවිද? (නි)
මය තුවාල වූ අයට කියන්න හොඳ උපහැරණයක් මා ළග තිබෙනවා (නි)