කොස්ගම පොලිස් ස්ථානාධිපතිගේ ජංගම දුරකතනය පොළොවේ ගැසීයැයි එජාප ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු සැකපිට ප්‍රශ්න කිරීමට සඳහා සොයයි.
පාරක ප්‍රශ්නයක් පිළිබඳ උද්ඝෝෂණයකදී කොස්ගම ප්‍රාදේශීය සභාපතිගෙන් ලැබුණු දුරකතන පණිවුඩයක් ස්ථානාධිපති විසින් එතැන සිටි හිමිනමකට දෙනු ලබද්දී එජාප ප්‍රා මන්ත්‍රී එය උදුරා පොළවේ ගැසීයයි පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ දේශපාලකයන් හිතන්නේ සර්වබලධාරී බලයක් එයාලට තිබෙනවා කියලා. (නි)
ඔය මිනිසුන්ගේ එදා ඉඳලම පුරුද්දනේ ''ඉල්ලන් කෑම''. අල්ලන් ඇවිල්ලා දෙන්න තියෙන්නේ බඩ කට පිරෙන්නම.එවිට ආයේ ඉල්ලන් කන එකක් නැහැ.හරියට බලයක් නැතුව ඔහොමනම්,බලයක් තිබුනදාට..? (නි)
අපි හිතුවා, එජාප ප්‍රා. මන්ත්‍රී හින්දා (නි)
මහා ලොකු වරදක් කරලා වගේ පෙනෙන්නේ. ෆෝන් පොළොවේ ගහලා හරියන්නේ නැහැ, පුළුවන් නම් කාට හරි වෙඩිතියන්න. එතකොට තමා නම යන්නේ (නි)
ලෝකයේ තිබෙන ලොකුම වරද කරලා (නි)
අපොයි දෙවියනේ! පොලිසියට ගිය කල! තමාගේ දුරකථනය උදුරාගෙන පොළොවේ ගසනකල් බලාගෙන හිටියේ පොලිසියේ මහත්තයෙක්මද? (නි)
මෙයා ලොකු වරදක් කරලා. අත් අඩංගුවට අරගෙන මාස 3 හිරේ තියන්න ඕනෑ. (නි)
බය වෙන්න එපා මන්ත්‍රීතුමා. දෑත ශක්තිමත් කළා නම් හරි (නි)
අර පොලිස් කෙනෙකුත් උස්සලා පොළවේ ගහලා තිබුනේ ...අනේ මොවුන්ට ගහලා එළවන්න බැරිද මිනිසුනේ වටවෙලා ...? (නි)
බොහෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හිතන්නේ ඔවුන් සර්වබලධාරි කියලා. කිසිම උගත්කමක් නැති අය අද බොහෝවිට ප්‍රාදේශීය සභා වල මන්ත්‍රීවරුන් වෙති (නි)
මේ ප්‍රවෘත්ති දුටුවිට මගේ අත් දෙකේ මස් නටනවා. මේ කෙනා දුරකතනය පොළවේ ගහලා අල්ලන්න බැරි වේගෙන් දිව්වද? සැකපිට ප්‍රශ්න කරන්න යන්නේ ඒක පොළවේ ගැහුවේ පොලිස් නිලධාරියා නොදැනුවත්වද? හොරෙන්ද? උදුරා පොළවේ ගැහුවා නම් පොලිස් නිලධාරියා ස්ථානාධිපති හැටියට ඇයි බැරි එවලේම බෙල්ලෙන් අල්ලලා දෙකක් දීලා කූඩුවට දමන්න? පොලිසියට මිනිස්සු ගහන්නේ මේ දුර්වලකම් නිසයි. ගමේ ගොඩේ සිරිපාලට, ගුනවතිට නම් බලන්න ඕනෑ පොලිසියේ බලපුළුවන්කාරකම පෙන්නන හැටි.මම මේ කියන්නේ මිනිස්සුන්ට නිකම් ගහන්නේ නැතුව තමන්ට පෙනි පෙනී කළ චණ්ඩිකමට විරුද්ධව අවම බලය පාවිච්චි නොකළ එක ගැනයි. පොලිස් නිලධාරීන් ගුටිකාපුවා සහ මේ වගේ සිද්ධි පත්තරවල පේනකොට මට හිතන්නේ බැරි නම් ගෙදර යන්න කියන්න තමයි. (නි)
ඔය හැමෝටම දැන් හමුදා පුහුණුව දෙන එකේ නරකද මේ අයටත් ඒ පුහුණුව දුන්නා නම්. එතකොට විනය දියුණු වෙනවානේ. (නි)
මෙම පොලිස් නිලධාරියාට දඬුවම් කළ යුතුයි යන්නයි මගේ හැගීම. (නි)
පවු දෙයියනේ.ඉල්ලන් කන්නේ නැති බැරිකමට නේ. දැන් අවුරුදු කීයක් බලා හිටියද? කොහොම ඉවසන්නද දෙයියනේ? (නි)
ඉතින් ඔහේ බලාගෙන ඉදලද? (නි)
ඉතින් දැන් හොයන්නේ? ඒ වෙලාවේම කුදලාගෙන යන්න තිබුනනේ (නි)