රතුපස්වල ජල ප්‍රශ්නයේ උද්ඝෝෂණවලට සම්බන්ධ මහර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික මන්ත්‍රී ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා සිය නිවසේ සිටිය දී අද අලුයම පහරදීමට ආ පිරිසක් දෙසට වෙඩි තැබීමෙන් පසු පළාගිය බව හෙට්ටිආරච්චි මහතා මල්වතුහිරිපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත. ඔහු සියනෑ ජල සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරුය. පහර දීමට ආ බව කියන පිරිස වෙඩි තැබීමෙන් පසු ත්‍රිරෝද රියකින් පැන ගිය බවත් බලපත්‍ර සහිත තම පිස්තෝලයෙන් වෙඩි තැබූ බවත් ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියනෑ ජල සුරැකීමේ සංවිධානය. ඇහුවෙත් අදයි. (ස)
ධම්ම, ඔයා ලංකාවේද හිටියේ? (නි)
බන්දුල මහත්තයා, ඔයාගේ ප්‍රතිචාරය මොකක්ද මේකට? (නි)
ධම්ම , කොහෙද මෙච්චර කල් හිටියේ?ලංකාවේ නෙමෙයි ද? නින්දෙන් ඇහැරුනේ දැන්ද? (නි)
කොහොමත් දම්මලා වගේ අයට යමක් තේරුම් ගන්න තමන්ටම වෙන්න ඕනෑ. (නි)
වෙඩි තිබ්බේ බලපත්‍ර සහිත තම පිස්තෝලයෙන් හෝ තුවක්කුවෙන් නොවේද? (නි)
මේ දේවල් කරන්නේ මිනිස්සු බය කරලා හරි කර්මාන්ත ශාලාව විවෘත කරන්නී එත් රතුපස්වල මිනිස්සුන්ට දැන් තව ගම්මාන ගොඩක් ගම්මාන වල මිනිස්සු එකතූ වෙලාලු අ නිසා කවදාවත් ඔතන ඔය කර්මාන්ත ශාලාවේ වැඩ කරන්න මිනිස්සු ඉඩ දන එකක් නැ (අ)
රතුපස්වල අවුලක් කලේ මෙයා නේද? පින් පවු ගැන කියල දෙන්න කෙනෙක් නැද්ද රටේ මිනිස්සුන්ට? (දී)