පසුගියදා ඇති වු සුළි කුණාටුවෙන් පිඩාවට පත් ජනතාවට සහන සපයන්නැයි එක්සත් ජාතික පක්ෂයේ තිස්ස අත්තනායක මන්ත්‍රී විවාදය ආරම්භ කළද ගණ පුර්ණය නැතැයි ඒ එච් එම් අස්වර් මහතා රීතී ප්‍රශ්නයක් මතු කළේය.
විපක්ෂයේ මන්ත්‍රීවරු 13 න් දෙනකුද ආණ්ඩුපක්ෂයේ අමාත්‍යවරු තිදෙනකුද පාර්ලිමේන්තුවේ සිටියහ.
මුලාසනයේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍ර කුමාර මුරුගේසු මහතා ලබන 23 වැනිදා දක්වා සභාව කල් තැබීය.
අද පාර්ලිමේන්තුව පැය එකහමාරක් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ, පාර්ලිමේන්තුවේ මංත්‍රීන් 225 න් 16 දෙනාද ඇවිත් හිටියේ? (නදී)
මොනවද මේ කතා, අහවල් ගණ පුර්නයක්ද ? පාර්ලිමේන්තු රැස්වීම් වලට වඩා ඒ ඇත්තන්ගේ බිස්නස් වැඩ තියෙනවා. මේවාට කාලය මිඩංගු කරනවාට වඩා.(නදී)
පාර්ලිමේන්තු මන්ත්‍රී වරු 264 ඉන්න රටේ පාර්ලිමේන්තුවකට ගිය කල නේද ? මෙයාලගේ ගණ පුරනේ කොහොම වෙතත්ත් වාතෙනම් ගන වෙලා වගෙයි.(නදී)
මෙතන තියෙන්නේ ගන පුර්ණය නැතිවීමේ ප්‍රශ්නයයි. අපේ මහජන නියෝජිතයෝ ඇත්තටම එදා දියවන්නාවට ඇවිත් තියෙනවා. නමුත් විපක්ෂයේ යෝජනාවක් නිසා ඒකට සහය දෙන්න සබා ගැබට ඇවිත් නැහැ. (නි)
සුද්දෝ දුන්නු පක්ෂ ක්‍රමයේ ලක්ෂණ තමයි පෙනෙන්න තියෙන්නේ (අ)
අනේ මන්දා පාර්ලිමේන්තුවට මොනවා වෙලාද හිතාගන්න බැහැ අනේ! (අ)
ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරිවෙනකොට ඔය විධියේ වැඩක් කරලා හරි මාරුවෙන එක තමයි මේගොල්ලන්ට දැන් කරන්න ඉතිරිවෙලා තියෙන්නේ. (අ)