IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


එජාපයේ නායකත්වයට සුදුසුම පුද්ගලයා රුවන් විජයවර්ධන

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා සුදුසුම පුද්ගලයා  වන රුවන් විජයවර්ධන මහතා හා එක්ව පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට එක්වන්නැයි  සියලුම පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව  එක්සත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කියයි.
 
ජනතා ආකර්ෂණය  දිනාගෙන ඇති තරුණ, පිරිසිදු නායකයෙකු වන රුවන් විජයවර්ධන මහතාට පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙය වීමේ ශක්තිය ඇති බවද   එක්සත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී කැඳවූ මාධ්‍ය හමුවකදී  ඔවුහු මේ බව පැවසූහ.

එහිදී  අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

පසුගිය මහ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජයන් එක්ක පක්ෂයට නව නායකත්වයක් පත්විය යුතුයි කියන මතයක් ඇති වෙලා තියනවා.
 
පක්ෂ  නායකත්වය ගැන තීරණයක් ගන්න කියලා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බොහෝ පිරිසක් ඉල්ලා සිටියා. ඒ වගේම පක්ෂය ඉදිරියට ගෙන යාම සඳහා එතුමාගේ දැනුම අත්දැකීම් ලබා දෙන ලෙසත් ඉල්ලීම් ඉදිරිපත් වුණා.

එම අදහස එතුමා කිසිම වෙලාවක ප්‍රතික්ෂේප කළේ නැහැ. පක්ෂය තරුණ නායකත්වයකට ලබාදිය යුතුයි කියලා එතුමා තීන්දුවක් ගත්තා.

පක්ෂ නායකත්වයේ එතුමාට වඩා වයසක කෙනෙකුට දීලා වැඩක් නැහැ. ඉදිරි දශක දෙක තුළ පක්ෂය ඉදිරියට ඇදගෙන යන්න පුළුවන් දක්ෂ තරුණ පිරිසිදු නායකත්වයක් පක්ෂයට ලබා දිය යුතුයි.

කඩා වැටී ඇති පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමේ අභියෝගය තරුණ නායකයෙක් විදිහට රුවන් විජයවර්ධන මහතා භාරගෙන තියෙනවා. තරුණයෙක් විදියට එතුමා මේ අභියෝගය භාරගෙන පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන අපි අගය කරනවා.
 
පක්ෂය වැටී ඇති අගාධයෙන් ගොඩ ගෙන යළි පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමේ ශක්තිය රුවන් විජයවර්ධන මහතාට තියෙනවා.

උගත්කම, තරුණකම, නායකත්වය දරා ගැනීම, ජනතා ආකර්ෂණය කියන නායකත්වය සඳහා තිබෙන සියලු සුදුසුකම් එතුමා සපුරා ඇති බව අපේ විශ්වාසයයි.

දූෂණ චෝදනා, මූල්‍ය අක්‍රමිකතා ආදී සිද්ධීන් හේතුවෙන් පාක්ෂිකයන් අපේ පක්ෂ නායකයන් එක්ක තරහෙන් හිටියා. කිසිම දවසක කිසිම කෙනෙක් රුවන් විජයවර්ධන මහතාට හොරෙක් කියලා ඇඟිල්ල දික් කරල නැහැ. එතුමාගේ තරුණ පිරිසිදු නායකත්වය ජනතාව අද ඉල්ලනවා.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (6)

එජාපයේ නායකත්වයට සුදුසුම පුද්ගලයා රුවන් විජයවර්ධන

siri Wednesday, 02 September 2020 04:45 PM

වැටිලා ඉන්න වලෙන් ගොඩඑන්න ඒ වළ තවත් හාරලා හරියන්නේ නැහැ.

:       0       0

saman Wednesday, 02 September 2020 06:36 PM

එජාපයේ කඩා වැටීමට ප්‍රධානම හේතුව නම් සිංහල බෞද්ධ ඡන්ද පදනම නැති වීමයි. බොහෝ දෙනෙකුගේ මතයට අනුව, මේ අවස්ථාවේ එය නැවත සකසා ගත හැක්කේ කරු ජයසූරියට පමණයි.

:       0       0

banda Wednesday, 02 September 2020 08:47 PM

සුදුසුම පුද්ගලයා ගාල්ලේ වජිර... අපි වජිරට...

:       138       0

chandima Wednesday, 02 September 2020 10:45 PM

ඔය තරම් දැනුමක් තියෙන කෙනෙකුත් ඉද්දී මෙහෙම වුණේ ඇයි?

:       0       0

de silva Thursday, 03 September 2020 07:51 AM

දේශපාලන පක්ෂයක නායකයා පත්කර ගන්න ඕනේ පාක්ෂිකයාගේ බහුතර ඡන්දයෙන්... එසේ නැතුව රෝයල් ගැන්සිය විසින් පත්කරන්න නායකයින්ට පාක්ෂිකයා ඡන්දය දෙනු නොලැබේ.. මෙ‍හෙම ක්‍රියා කළොත් පළාත් සභා මැතිවරණයෙන් එජාපයෙන් 1%ක් විතර ලැබේවි..

:       0       106

Bandara Thursday, 03 September 2020 01:44 PM

මෙම විද්වතුන් විසින් සමාජගත කරන මතය නිවැරදි බව වටහාගත යුතුයි.

:       111       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1067 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1884 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 643 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1772 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 927 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3932 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 396 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site