(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික ජාතික පක්ෂයේ භූතයන් දෙදෙනකු තමාට කිසිම දේකට එන්න දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.
තමාට වැදගත් වන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ ගමනක් යාම බව කී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයට අරක් ගෙන සිටින භූතයන් දෙන්නා මොන විදියකින් හෝ තුරන් කළ යුතුව තිබෙන බව පැවසීය.
එම භූතයන් දෙන්නා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇමක් විදියට පාවිච්චි කරන බව කී කරුණානායක මහතා එජාපය යනු එක දවසින් වට්ටන්න පුළුවන් පක්ෂයක් නොවන බවද පැවසීය.
එජාපය එසේ මෙසේ පක්ෂයක් නොවේ යැයිද කරුණානායක මහතා කීය.
ඔක්කොම එකතු වී වැඩ කරන ආකාරය ගැන දැන් සෙවිය යුතුව තිබෙන නමුත් එජාපයේ සිටින භූතයන් දෙදෙනා තමාට කිසිම රැස්වීමකට එන්න කියා නැතැයිද කරුණානායක මහතා කීය.
ආර්ථිකය අස්ථාවර වූ වෙලාවේ රට ගොඩගත්තේ රනිල් වික්‍රමසිංහ බව කුහක නොවී පිළිගත යුතුව තිබෙන බව කී කරුණානායක මහතා රනිල්ගෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයට ඉන්නේ තමා බවද කීය.
මෙම ඡන්දයෙන් පසුව භූතයන් දෙදෙනා ඉවත් කොට සියලු පක්ෂ සමග එක්ව ක්‍රියා කළ යුතුව තිබෙන්නේ යැයිද කරුණානායක මහතා පැවසීය.
කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රවී කරුණානායක මහතා මේ බව කීය.
ශ්රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.
වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර උතුරු පළාත් සභාවේ සහ රජයයේ මුලිකත්වය යටතේ සැලසුමකට අනූව සංවර්ධනය කර ගුණාත්මක සෞ
ශ්රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එජාපයේ ’’භූතයන්’’ දෙන්නෙක් ගෙන් රවීට කරදර
Nandalal de Silva - France Friday, 25 April 2025 04:52 PM
දකුණේ දක්ෂ කට්ටඩියන් කිහිප දෙනෙක් ගෙන්නලා, හොඳ තොවිලයක් නටවා, පුළුටු එක්ක විශාල පිදෙනි තට්ටුවක් පුදලා, අහස උසට දුම්මල වරමක් ගැහුවම ඔය භූත ඩබල විතරක් නෙවි, තව හැංගිලා ඉන්න භූතයෝත් මකබෑවිලා යාවි... හැබැයි ඉතින් ඉක්මන් නොකරොත්, ඔය භූතයින් රවී බිලි ගන්නවා නියතයි !!!
disanayaka Friday, 25 April 2025 05:19 PM
එක්සත් ජාතික ජාතික පක්ෂයේ බුතයන් "මොන විදියකින් හෝ තුරන් කලයුතු බව" ප්‍රකශය තර්ජනාත්මක ප්‍රකාශයකි. බූතයින් කවුරුන් වුවද මෙම ප්‍රකාශය කරන්නා වූ අය සම්බන්ධවද රටේ ජනමතය විමසීමට Online survey කිරීමෙන් පාක්ෂිකයින්ගේ ජනමතය දැනගැනීමට හැකියි..!
Lalla Saturday, 26 April 2025 07:50 AM
එජාපය වට්ටන්න දෙයක් නෑ. වැටිලා ඉවරයි.. වට්ටන්න දායක වූ කට්ටිය තමා දැන් ඉන්න නායකයෝ සියලූ දෙනාම... පක්‍ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර පක්‍ෂ සම්මේලනය මගින් නායකත්වයට තනතුරුවලට පත් කර ගන්නා තෙක් පක්‍ෂය පවත්වාගෙන යාම බෑ. කොමියුනිස්ට් සමසමාජ පක්ෂ වලට වූ දේම තමයි..