IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘එජාපය යන්නේ චෝගම් ආරම්භක උත්සවයට පමණයි‘

නොවැම්බර 15 වැනි දා නෙළුම් පොකුණේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ආරම්භක උත්සවයට පමණක් සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇත.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග එජාප මන්ත්‍රීරුන් මෙම අවස්ථාවට සහභාගී වන බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

 



අදහස් (0)

‘එජාපය යන්නේ චෝගම් ආරම්භක උත්සවයට පමණයි‘

වර්ණ Saturday, 09 November 2013 10:52 AM

ලියන්න තැනක් ලැබිල ඔහේ ලියනවා. මේ අදහස් ලියන අය තමයි රට කන මෝඩයෝ (අ)

:       0       0

උත්තරා බණ්ඩාර Friday, 08 November 2013 11:07 PM

රටක බලයට එන්නට මහජනතාව දිනා ගන්නට ඕනෑ. රටට ජාතියට ආදරයක් තියෙන බව ඔප්පු කරන්න ඕනෑ. නැතුව පෙළපාලි ගියාට පිට රට ගිහින් රජයට දොස් නැගුවාට වැඩක් නැහැ. තමන්ගේ ඉදිරි පිළිවෙත වෙත රට වෙනුවෙන් කරන මොනවාද කියලා රට පාවා දෙන්නේ නැහැ කියන එක ඔප්පු කළ දවසට විපක්ෂය බලයට එනවා සිකුරුයි. එදාට මමත් ඡන්දය දෙනවා (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 09 November 2013 11:07 AM

මේකට රනිල් ගියත් ,නොගියත් සමුළුව පැවැත්වෙනවා. ඒත් ඉන් පස්සේ වෙන්නේ මොකක්ද. අපේ විදේශ ප්‍රතිපත්තිය හරිද. මානුසික අයිතිවාසිකම් ආරක්ෂා වෙනවද ? අපිට තියෙන ප්‍රස්නේ ඒවයි. අපි නම් ඔය දෙගොල්ලොටෝම කඩේ යන්නේ නැහැ. වේද මහත්තයගේ ඉඳන්, මාතර චන්දන ගමගේ දක්වා ඉන්නේ කඩේ යන කට්ටිය, චෝගම් ඉවරවෙද්ද්දී ගාපු බෙරේ කුත් නැතුව නටපු තොවිලෙකුත් නැතුව යයි. මතකනේ සිරිමාවෝ මැතිනිය නොබැඳි මගුලක් කලා. කොරප් කෙලිය. රනිල් ගේ වැරැද්ද මහත්තයෙක් වගේ දාලා නොයන එකයි. ඔය චෝගම් එකත් මෙලෝ රහක් නැති එකක්. අපිට කමක් නැහැ අපේ පඩිය 40%කින් වැඩි කළානම්.(නදී)

:       0       0

අමිත Friday, 08 November 2013 11:08 PM

රටක විපක්ෂය කියන්නෙ, ආණ්ඩුවට අපක්ෂපාති එහෙත් රටට ආදරය කළයුතු ජන කොට්ඨාශයක නියොජනයක්. බොහෝවිට ඕනෑම විපක්ෂයක කාර්යය වෙලා තියෙන්නෙ ආණ්ඩුව කරන දෙය හරි හෝ වැරදි වුවත් එයට එරෙහි වීමයි. එහෙත් කළයුත්තේ එයද? පහුගියදා ලෝක බලවතා ලෙස සැළකෙන අමෙරිකා එක්සත් ජනපදයේ විපක්ෂය කළ ක්‍රියාව ප්‍රශ්නාර්ථයක් වන්නෙ ඉන් ඔවුන්ටම සිදුවු පාඩුව අතිමහත් නිසා නොවේ ද? (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Sunday, 10 November 2013 08:48 AM

මාතෘ භූමියට තියෙන ආදරය ගෞරවය පෙන්වන හැටි වෙන්න ඇති මේ..(නදී)

:       0       0

පැංචි Friday, 08 November 2013 11:12 PM

එයාල හිතාගෙන ඇත්තේ මගුල් ගෙදර ගියාම ඇති. මනමාලයාගේ පැත්තේ වැඩට හරි මනමාලිගේ පැත්තේ වැඩට හරි යන්නේ හිතවත් නෑයෝ විතරනේ.ඒ නිසා හනිමුන්,දෙවැනි ගමන් අපට අයිති වැඩ නෙමෙයි නේ කියලා. අනික අපි ජාතික විරුද්ධ පක්ෂෙනේ! (නි)

:       0       0

දිල්කි Tuesday, 12 November 2013 06:57 PM

දැන්මම කියලා තියෙන දේවල් මදිවාටද, රටක ගාම්භීරත්වය විදහා දක්වන මේ වගේ සමුලුවකට ඔය කටවල් වලින් රටත් ,ජාතියත් බාල්දු කරලා තියෙන්නේ? මොනවටද තවත් යන්නේ?

:       0       0

කුමාරන Friday, 08 November 2013 11:47 PM

ඔය කවුරු ගියත් කමක් නැහැ. විපක්ෂයේ අපිට විපක්ෂ නායකතුමා ඉන්නවා (නි)

:       0       0

කල්ප Saturday, 09 November 2013 12:35 AM

විපක්ෂය,දැන් ගලේ පැහැරූ බළලා වගේ වෙලා (නි)

:       0       0

ආරියසේන Saturday, 09 November 2013 01:07 AM

එජාපය ගියත් නොගියත් චෝගම් සමුළුව පැවැත්වේ. (නි)

:       0       0

ශාන්ත ලාල් Saturday, 09 November 2013 01:28 AM

එජාපය ගත් අනුුවණ තීරණයක් (නි)

:       0       0

ලලිත් Saturday, 09 November 2013 03:31 AM

සමුළුව තියෙන්නේ රාජ්‍ය නායකයන්ට මිසක් විරුද්ධ පක්ෂ නායකයන්ට නෙමෙයි නේ. එ ජා පෙ ඉන්න අය තව පරම්පරා හතකටවත් රාජ්‍ය නායකයෝ වෙයිද? ඒක නිසා සහභාගි වෙන්න තියා මතු ප්‍රයෝජනය සඳහා අර කවුද කෙනෙක් පිටරට ගිහින් කළා වාගේ ඔය සමුළුව නරඹන්න ගිහිල්ලත් වැඩක් නැහැනේ. (නි)

:       0       0

නිරංජන් Saturday, 09 November 2013 03:49 AM

රටත්, මුළු මහත් ජාතියමත් පාවා දෙන්නද හදන්නේ? (නි)

:       0       0

වෙදමහත්තයා Friday, 08 November 2013 06:53 PM

ආරම්බක උත්සවයට නාවත් කමක් නැහැ . මේක කඩාකප්පල් නොකර පවා නොදී පැත්තකට වෙලා ඉන්නව නම් . බංකොලොත් නිසා කරන මොන දෙයත් වැරදියට දකින , පෙළපාලි ගොස් මහජනතාව අපහසුතාවයට පත් කරන වැඩ නොකර චෝගම් ඉවර වෙන කම් ඉන්න . (අ)

:       0       0

චන්දන ගමගේ - මාතර. Saturday, 09 November 2013 05:29 AM

ඇයි ආරම්භක උත්සවයට විතරක් අධිරාජ්‍යවාදී හාම්පුතාලා අමනාප වෙයිනෙ 2005 දී පරංගිත් ගෙන්නවල තවත් වහල් සංගමයක් හදන්න හැදුවේ ඔය අයමනෙ. මේකෙ මුල ගන්න ඕන රනිල්ම තමයි. (අ)

:       0       0

පෙත්තා Saturday, 09 November 2013 06:38 AM

මම නෑගම් යනවා.චෝගම් යන්නේ නැහැ. (නි)

:       0       0

රන්බණ්ඩා Friday, 08 November 2013 07:23 PM

එතකොට කරන අසාධාරනකම් විදගෙන ඉන්න ඕනෑද? (නි)

:       0       0

චින්තක Saturday, 09 November 2013 07:32 AM

ලලිත්, නියම කතාව. ! "සමුළුව තියෙන්නේ රාජ්‍ය නායකයන්ට මිසක් විරුද්ධ පක්ෂ නායකයන්ට නෙමෙයි නේ" (නදී)

:       0       0

කුමාරන් Friday, 08 November 2013 07:56 PM

ඉතා හොඳ තීරණයක්.මෙවෙනි සමුළු වල දිය කටයුතු කල යුත්තේ ලාංකිකයන් ලෙස හිතලයි දේශපාලනය රට ඇතුලේ කරමු.විපක්ෂ නායකතුමා සමුළුව පැමිණීම හොඳයි.ජනතාව දින ගන්න පුළුවන් හොඳ තීරණයක් (අ)

:       0       0

චානක Saturday, 09 November 2013 08:36 AM

විපක්ෂයේ මන්ත්‍රීවරු බර ගානක් ඇති නේද එයා එක්ක යන්න? (නි)

:       0       0

මොහොමඩ් සිද්ධීක් Saturday, 09 November 2013 04:32 PM

රනිල් මහත්තයා ගියේ නැත්නම් කව්ද ඉන්නේ එතන ලංකාව වෙනුවෙන් ඉංග්‍රීසියෙන් කතා කරන්න. (නදී)

:       0       0

ඩයස් Saturday, 09 November 2013 08:46 AM

චෝගම් වලින් පස්සේ බඩු ලබා වෙයිද,පඩි වැඩි වෙයිද, ගෙනාපු වාහන ටික මැති ඇමතිවරුන්ට සාධාරන විදිහට ලැබේවිද. අපිට නම් කමක් නැහැ. මැති,ඇමතිගොල්ලන්ට හරි, හරිගියොත් අපිට හරිම සන්තෝෂයි. (නි)

:       0       0

කලන Saturday, 09 November 2013 04:38 PM

යන්න එපා ඕකට, රටේ තියෙන දූෂණයට එරහිව ඔය සමුළුවට යන්න එපා, එතකොට ප්‍රජත්න්ට්‍රවාදය නැති නිසා සහබාගි නොවුන කියල ලෝකෙටම කියන්න පුළුවන්. කොන්දක් තියෙන විපක්ෂයක් වෙන්න ඕන හොද රටක් හැදෙන්න. සල්ලි වලට ගත්ත ඇමතිවරු කියල ඕනෙම ගොන්නෙක්ට තේරෙනවනේ. (අ)

:       0       0

ශාන් Saturday, 09 November 2013 08:58 AM

ලලිත්ගේ කතාව මමත් අනුමත කරනවා. ඒගොල්ලන්ට පලවෙනි දවසට විතරක් වෙන්න ඇති ආරාධනා පත්‍ර ලැබිලා තියෙන්නේ ආරම්භක උත්සවය බලන්න. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය යන්න තිරණය කලත් ඇතුලට ගන්න එකක් නැහැ ඒක රාජ්‍ය නායකයින්ගේ සමුළුවක් නිසා. රටේ මිනිස්සු ගොනාට අන්දවන්න අපි යන්නේ නැහැ කියනවා. අපේ සමහර මිනිස්සු මගුල් ගෙවල්වල මනමාලි ඇරලවන්න දෙවෙනි ගමනට සහභාගිවෙන්න ආරාධනා කරලා නැති උනාමත් මම යන්නේ නැහැ බන් ඔව්වට කියල කියනවා ලැජ්ජාව වහගන්න. (නදී)

:       0       0

ජගත් Friday, 08 November 2013 08:36 PM

කෝපි කෝප්පයක් බොන ගමන් ද කිව්වේ? (අ)

:       0       0

දොන් සරත් Saturday, 09 November 2013 09:24 AM

ඒ මැදැයි. ගියත් ඉතින් නෑ වගේනේ. හිටියත් මරණේ නොහිටියත් මරණේ කාටවත් වැඩක් තියන සෙට් එකක්යැ ඒ ගොල්ලා.(නදී)

:       0       0

සම්පත් Friday, 08 November 2013 08:52 PM

රටට සහ ජාතියට ආදරයක් නැති බවට සාක්ෂියක්. විපක්ෂය උපරිම සහයෝගයක් දී ජනතාවගේ ප්‍රසාදය දිනාගත යුතු වෙලාවක් (නි)

:       0       0

ධනුකේ Friday, 08 November 2013 08:52 PM

යන්න කවුරු හරි ඉන්නවද? (අ)

:       0       0

සේන Friday, 08 November 2013 10:00 PM

යන එක හොදයි. රට පවා දෙන වචන නොකියා ඉන්න. එතකොට විපක්ෂයටත් හොද කලක් උදාවේවි (නි)

:       0       0

පෙත්තා Friday, 08 November 2013 10:01 PM

ජාතික කණ්ඩායම නොගිහින් බැහැ නේ. ඒකේ හිටිය මොළකාරයෝ ආණ්ඩු පක්ෂයට ගිහිල්ලා දාන වැඩ බලාගෙන ඉන්නේ කොහොමද? මොන හිතකින්ද? (නි)

:       0       0

ගාමිණී - සිරි Friday, 08 November 2013 10:23 PM

යම්දෝනොයම්දෝ කියලා සිතුනි මට..... කොහොමත්... ඔබව යයි කියලා සිතෙයි මට.... (නි)

:       0       0

දිසා Saturday, 09 November 2013 10:35 AM

ඩයස් ,නියම කතාවක් කිව්වේ ඔයා විතරයි ,අනිත් ඔක්කොම රටට හෙන ගැහුවත් කමක් නැහැ අය (අ)

:       0       0

බංඩාර Sunday, 10 November 2013 07:16 AM

අපි කඩේ යනවා. ඔයාල කොහෙද යන්නේ .ඔයාල ඉන්දියාවට යන්න.(නදී)

:       0       0

ලක්ෂ්මන් Friday, 08 November 2013 10:49 PM

බණ්ඩාර , වෙද මහත්තයාගෙන් හොඳ ලය විරේකයක් ගන්න.එතකොට පපුවේ තිබෙන දහජරාව යයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 770 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2051 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 414 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 165 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 184 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1533 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14618 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 31 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 109 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site