නොවැම්බර 15 වැනි දා නෙළුම් පොකුණේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ආරම්භක උත්සවයට පමණක් සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇත.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග එජාප මන්ත්‍රීරුන් මෙම අවස්ථාවට සහභාගී වන බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයස් ,නියම කතාවක් කිව්වේ ඔයා විතරයි ,අනිත් ඔක්කොම රටට හෙන ගැහුවත් කමක් නැහැ අය (අ)
රටත්, මුළු මහත් ජාතියමත් පාවා දෙන්නද හදන්නේ? (නි)
ඇයි ආරම්භක උත්සවයට විතරක් අධිරාජ්‍යවාදී හාම්පුතාලා අමනාප වෙයිනෙ 2005 දී පරංගිත් ගෙන්නවල තවත් වහල් සංගමයක් හදන්න හැදුවේ ඔය අයමනෙ. මේකෙ මුල ගන්න ඕන රනිල්ම තමයි. (අ)
මම නෑගම් යනවා.චෝගම් යන්නේ නැහැ. (නි)
ලලිත්, නියම කතාව. ! "සමුළුව තියෙන්නේ රාජ්‍ය නායකයන්ට මිසක් විරුද්ධ පක්ෂ නායකයන්ට නෙමෙයි නේ" (නදී)
විපක්ෂයේ මන්ත්‍රීවරු බර ගානක් ඇති නේද එයා එක්ක යන්න? (නි)
චෝගම් වලින් පස්සේ බඩු ලබා වෙයිද,පඩි වැඩි වෙයිද, ගෙනාපු වාහන ටික මැති ඇමතිවරුන්ට සාධාරන විදිහට ලැබේවිද. අපිට නම් කමක් නැහැ. මැති,ඇමතිගොල්ලන්ට හරි, හරිගියොත් අපිට හරිම සන්තෝෂයි. (නි)
ලලිත්ගේ කතාව මමත් අනුමත කරනවා. ඒගොල්ලන්ට පලවෙනි දවසට විතරක් වෙන්න ඇති ආරාධනා පත්‍ර ලැබිලා තියෙන්නේ ආරම්භක උත්සවය බලන්න. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය යන්න තිරණය කලත් ඇතුලට ගන්න එකක් නැහැ ඒක රාජ්‍ය නායකයින්ගේ සමුළුවක් නිසා. රටේ මිනිස්සු ගොනාට අන්දවන්න අපි යන්නේ නැහැ කියනවා. අපේ සමහර මිනිස්සු මගුල් ගෙවල්වල මනමාලි ඇරලවන්න දෙවෙනි ගමනට සහභාගිවෙන්න ආරාධනා කරලා නැති උනාමත් මම යන්නේ නැහැ බන් ඔව්වට කියල කියනවා ලැජ්ජාව වහගන්න. (නදී)
ඒ මැදැයි. ගියත් ඉතින් නෑ වගේනේ. හිටියත් මරණේ නොහිටියත් මරණේ කාටවත් වැඩක් තියන සෙට් එකක්යැ ඒ ගොල්ලා.(නදී)
සමුළුව තියෙන්නේ රාජ්‍ය නායකයන්ට මිසක් විරුද්ධ පක්ෂ නායකයන්ට නෙමෙයි නේ. එ ජා පෙ ඉන්න අය තව පරම්පරා හතකටවත් රාජ්‍ය නායකයෝ වෙයිද? ඒක නිසා සහභාගි වෙන්න තියා මතු ප්‍රයෝජනය සඳහා අර කවුද කෙනෙක් පිටරට ගිහින් කළා වාගේ ඔය සමුළුව නරඹන්න ගිහිල්ලත් වැඩක් නැහැනේ. (නි)
ලියන්න තැනක් ලැබිල ඔහේ ලියනවා. මේ අදහස් ලියන අය තමයි රට කන මෝඩයෝ (අ)
මේකට රනිල් ගියත් ,නොගියත් සමුළුව පැවැත්වෙනවා. ඒත් ඉන් පස්සේ වෙන්නේ මොකක්ද. අපේ විදේශ ප්‍රතිපත්තිය හරිද. මානුසික අයිතිවාසිකම් ආරක්ෂා වෙනවද ? අපිට තියෙන ප්‍රස්නේ ඒවයි. අපි නම් ඔය දෙගොල්ලොටෝම කඩේ යන්නේ නැහැ. වේද මහත්තයගේ ඉඳන්, මාතර චන්දන ගමගේ දක්වා ඉන්නේ කඩේ යන කට්ටිය, චෝගම් ඉවරවෙද්ද්දී ගාපු බෙරේ කුත් නැතුව නටපු තොවිලෙකුත් නැතුව යයි. මතකනේ සිරිමාවෝ මැතිනිය නොබැඳි මගුලක් කලා. කොරප් කෙලිය. රනිල් ගේ වැරැද්ද මහත්තයෙක් වගේ දාලා නොයන එකයි. ඔය චෝගම් එකත් මෙලෝ රහක් නැති එකක්. අපිට කමක් නැහැ අපේ පඩිය 40%කින් වැඩි කළානම්.(නදී)
රනිල් මහත්තයා ගියේ නැත්නම් කව්ද ඉන්නේ එතන ලංකාව වෙනුවෙන් ඉංග්‍රීසියෙන් කතා කරන්න. (නදී)
යන්න එපා ඕකට, රටේ තියෙන දූෂණයට එරහිව ඔය සමුළුවට යන්න එපා, එතකොට ප්‍රජත්න්ට්‍රවාදය නැති නිසා සහබාගි නොවුන කියල ලෝකෙටම කියන්න පුළුවන්. කොන්දක් තියෙන විපක්ෂයක් වෙන්න ඕන හොද රටක් හැදෙන්න. සල්ලි වලට ගත්ත ඇමතිවරු කියල ඕනෙම ගොන්නෙක්ට තේරෙනවනේ. (අ)
අපි කඩේ යනවා. ඔයාල කොහෙද යන්නේ .ඔයාල ඉන්දියාවට යන්න.(නදී)
මාතෘ භූමියට තියෙන ආදරය ගෞරවය පෙන්වන හැටි වෙන්න ඇති මේ..(නදී)
දැන්මම කියලා තියෙන දේවල් මදිවාටද, රටක ගාම්භීරත්වය විදහා දක්වන මේ වගේ සමුලුවකට ඔය කටවල් වලින් රටත් ,ජාතියත් බාල්දු කරලා තියෙන්නේ? මොනවටද තවත් යන්නේ?
බණ්ඩාර , වෙද මහත්තයාගෙන් හොඳ ලය විරේකයක් ගන්න.එතකොට පපුවේ තිබෙන දහජරාව යයි. (නි)
එතකොට කරන අසාධාරනකම් විදගෙන ඉන්න ඕනෑද? (නි)
ඉතා හොඳ තීරණයක්.මෙවෙනි සමුළු වල දිය කටයුතු කල යුත්තේ ලාංකිකයන් ලෙස හිතලයි දේශපාලනය රට ඇතුලේ කරමු.විපක්ෂ නායකතුමා සමුළුව පැමිණීම හොඳයි.ජනතාව දින ගන්න පුළුවන් හොඳ තීරණයක් (අ)
කෝපි කෝප්පයක් බොන ගමන් ද කිව්වේ? (අ)
රටට සහ ජාතියට ආදරයක් නැති බවට සාක්ෂියක්. විපක්ෂය උපරිම සහයෝගයක් දී ජනතාවගේ ප්‍රසාදය දිනාගත යුතු වෙලාවක් (නි)
යන්න කවුරු හරි ඉන්නවද? (අ)
යන එක හොදයි. රට පවා දෙන වචන නොකියා ඉන්න. එතකොට විපක්ෂයටත් හොද කලක් උදාවේවි (නි)
ජාතික කණ්ඩායම නොගිහින් බැහැ නේ. ඒකේ හිටිය මොළකාරයෝ ආණ්ඩු පක්ෂයට ගිහිල්ලා දාන වැඩ බලාගෙන ඉන්නේ කොහොමද? මොන හිතකින්ද? (නි)
යම්දෝනොයම්දෝ කියලා සිතුනි මට..... කොහොමත්... ඔබව යයි කියලා සිතෙයි මට.... (නි)
ආරම්බක උත්සවයට නාවත් කමක් නැහැ . මේක කඩාකප්පල් නොකර පවා නොදී පැත්තකට වෙලා ඉන්නව නම් . බංකොලොත් නිසා කරන මොන දෙයත් වැරදියට දකින , පෙළපාලි ගොස් මහජනතාව අපහසුතාවයට පත් කරන වැඩ නොකර චෝගම් ඉවර වෙන කම් ඉන්න . (අ)
රටක බලයට එන්නට මහජනතාව දිනා ගන්නට ඕනෑ. රටට ජාතියට ආදරයක් තියෙන බව ඔප්පු කරන්න ඕනෑ. නැතුව පෙළපාලි ගියාට පිට රට ගිහින් රජයට දොස් නැගුවාට වැඩක් නැහැ. තමන්ගේ ඉදිරි පිළිවෙත වෙත රට වෙනුවෙන් කරන මොනවාද කියලා රට පාවා දෙන්නේ නැහැ කියන එක ඔප්පු කළ දවසට විපක්ෂය බලයට එනවා සිකුරුයි. එදාට මමත් ඡන්දය දෙනවා (නි)
රටක විපක්ෂය කියන්නෙ, ආණ්ඩුවට අපක්ෂපාති එහෙත් රටට ආදරය කළයුතු ජන කොට්ඨාශයක නියොජනයක්. බොහෝවිට ඕනෑම විපක්ෂයක කාර්යය වෙලා තියෙන්නෙ ආණ්ඩුව කරන දෙය හරි හෝ වැරදි වුවත් එයට එරෙහි වීමයි. එහෙත් කළයුත්තේ එයද? පහුගියදා ලෝක බලවතා ලෙස සැළකෙන අමෙරිකා එක්සත් ජනපදයේ විපක්ෂය කළ ක්‍රියාව ප්‍රශ්නාර්ථයක් වන්නෙ ඉන් ඔවුන්ටම සිදුවු පාඩුව අතිමහත් නිසා නොවේ ද? (නි)
එයාල හිතාගෙන ඇත්තේ මගුල් ගෙදර ගියාම ඇති. මනමාලයාගේ පැත්තේ වැඩට හරි මනමාලිගේ පැත්තේ වැඩට හරි යන්නේ හිතවත් නෑයෝ විතරනේ.ඒ නිසා හනිමුන්,දෙවැනි ගමන් අපට අයිති වැඩ නෙමෙයි නේ කියලා. අනික අපි ජාතික විරුද්ධ පක්ෂෙනේ! (නි)
ඔය කවුරු ගියත් කමක් නැහැ. විපක්ෂයේ අපිට විපක්ෂ නායකතුමා ඉන්නවා (නි)
විපක්ෂය,දැන් ගලේ පැහැරූ බළලා වගේ වෙලා (නි)
එජාපය ගියත් නොගියත් චෝගම් සමුළුව පැවැත්වේ. (නි)
එජාපය ගත් අනුුවණ තීරණයක් (නි)