IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


එජාපය හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හෙට (2) පැවැත්වේ. 

එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන්  අවසන් තීන්දුවක් ගැනීම උදෙසා මෙම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වනු ඇත. 

එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය හා පක්ෂ සම්මේලනය සැප්තැම්බර් මස 10 වැනිදා  පැවැත්වීමට එජාප  කළමනාකරණ කමිටුවේදී ගත් තීරණය හෙට  පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අනුමත කිරීමට ද නියමිතව ඇතැයි පක්ෂ මහා ⁣ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

පක්ෂ සම්මේලනය පැවැත්වෙන ස්ථානය හා සම්මේලනය සංවිධානය කිරීමේ කමිටුව ද මෙම  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී  අනුමත කර ගැනීමට ද සැලසුම් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට මුළු රටම ආවරණය වන පරිදි පක්ෂ බලමණ්ඩල 135 ට වඩා පිහිටුවා ඇති අතර ඉදිරියේදී තවත් බලමණ්ඩල රැස්වීම් පැවැත්වෙනු ඇත. 

සියලු බලමණ්ඩල රැස්වීම් අවසානයේදී පක්ෂ සම්මේලනය පැවැත්වීමට නියමිතය.



අදහස් (3)

එජාපය හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවයි

Perera Tuesday, 01 August 2023 01:51 PM

පාර්ලිමේන්තුවට එකඳු මන්ත්‍රී කෙනෙක්වත් ඡන්දෙකින් දිනවාගන්න බැරිවුණ ඔය බංකොළොත් පක්ෂයට මොන කෘත්‍යාධිකාරි රැස්වීම්ද?

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 01 August 2023 02:17 PM

අවසන් පක්ෂ සමුළුව තියපල්ලා, ඊළඟ ඡන්දයෙදී අපි ඕක වළදානවා සහතිකයි...

:       0       0

chandima Tuesday, 01 August 2023 09:26 PM

දැන් මුළු රටේම ජනාධිපති නිසා පක්ෂයේ වැඩවලට යන්නේ නැහැ කිව්වා නේද? මොකද වැඩේ අල කරගෙනද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 127 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 270 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 398 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


කැඩුණු ලොරිය ගෙන්න කන්දට ගිය ඩෝසරයත් පෙරළෙයි
2024 ඔක්තෝබර් මස 15 190 0

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම බුලත්වතුකන්ද මුදුනේ කාර්මික දෝෂයට ලක්වූ කුඩා ලොරි රථයක් ගේන්න ගිය ජේ,සී,බී යන්ත්‍රයත් ලොරියත් සමග කන


මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 15 136 0

කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .


සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට
2024 ඔක්තෝබර් මස 15 169 0

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 488 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1463 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site