IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


එඩ්වඩ්ගෙන් අලුත් පිම්මක්

20160311-ent-62

20160311-enT59මාර්තු 17 වැනිදා සවස 6ට කොළඹ ආනන්ද විද්‍යලයීය කුලරත්න ශාලාවේදී එඩ්වඩ් ජයකොඩි විසින් රචිත ගීත සමුච්චයක් ඇතුළත් ශ්‍රවන සංයුක්ත ගීත තැටිය හා සඳ තරැමල් ගී මුතුවැල් ළමා ගීත පොත ජනගත කිරීමට සියලු කටයුතු සූදානම්ය.

සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සමාගමේ ප්‍රකාශයක් හා නිෂ්පාදනයක් වන "සඳතරැමල් - ගී මුතු වැල්" සංයුක්ත තැටිය හා ගීත පොත පිළිබඳව අදහස් දක්වමින් විශාරද එඩ්වඩ් ජයකොඩි මුලින්ම ස්තූතිය පිරිනැමුවේ මෙවැනි කාර්යකට අර්ථපති දායකත්වය ලබාදුන් ගුණසේන සමාගමටය.

"මම ගීත රචකයෙක් නෙවෙයි. නමුත් අවුරැදු 35ක් 40ක් වැනි කාලයක ඉඳලා ගීත පරිශීලනය කර ඇති නිසා ගීතය, සංගීතය ගැන, ගීතයේ හඬතල ගැන මම හඳුනාගෙන තිබෙනවා. ගීතයක් තුළින් ලබා දිය හැකි පණිවිඩ හඳුනාගෙන තිබෙනවා. මේ ගීත රචනා ඉතාම සරල නිර්මාණ. කාලයක ඉඳලා මේ ළමා ගීත රචනා කරලා මම එකතු කරලා තිබුණු ඒවා. ඇම්.ඩී. ගුණසේන සමාගමට මේ ගැන ආරංචිවෙලා මට ආරාධනා කළා මෙවැනි නිර්මාණයක් අපේ ළමා පරපුර වෙනුවෙන් කරන්න කියලා මම ඒ අභියෝගය ඉතාම ආශාවෙන් හා කැමැත්තෙන් භාර ගත්තා."

"අපි කවුරැත් ආදරය කරන ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්ත සිංහ - සිබිල් නැන්දා - මේ ගීත පොත අපූරැ සිත්තම්වලින් හැඩ කරලා තිබීම සුවිශේෂී කරැණක්," එඩ්වඩ් කීය.

විශාරද චරිතා ප්‍රයදර්ශනී පීරිස් පැවසුවේ මෙය නොමිලේ පැවැත්වෙන උත්සවයක් බැවින් ළමුන්ට තම මාපියන් සමඟ මේ අවස්ථාවට සහභාගී වී අපූරැ අත්දැකීමක් ලබා ගත හැකි බවය.

"මේක දරැවන්ට විතරක් නෙවෙයි, වැඩිහිටියන්ටත් රස විඳින්න පුළුවන්," චරිතා කීවාය.

20160311-ent-60"අපි ඉස්සර ගමේ සෙල්ලම් කලේ අපේ ගෙවල් ළමයි, මුළු ගමේම ළමයි එකතු වෙලා - අපි ගහ ගන්නවා, රණ්ඩුවෙනවා, තරහ වෙනවා, ආයෙ යාළුවෙනවා. නමුත් ඒකෙ මොකක්දෝ සාමුහික බවක් තිබුණා. අද පවුල්වල බොහෝ විට ඉන්නෙ ළමයි දෙන්නයි නැත්නම් තුන්දෙනයි. ඒ තුන්දෙනත් කාමර තුනක තමයි සෙල්ලම් කරන්නෙ. බොහෝ වෙලාවට ඒ තුන්දෙනා එකට එකතු වෙන්නෙ කලාතුරකින්. ඒ නිසා අද සමාජයේ සාමූහික බව, සමගිය ගිලිහිලා. ඒ කාලෙ ගම්වල සල්ලි දීලා කිසිම වැඩක් කර ගත්තෙ නැහැ. ගමේ හැමෝම එකතුවෙලා සාමුහිකව තමයි වැඩ කළේ. සංගීත ඥානය වගේ එවැනි ගුණාංගත් අපි ඉගෙන ගත්තෙ අපේ ඒ ළමා පරිසරයෙන්. අද නගරයේ තත්ත්වය වෙනස්. මේ නිර්මාණ තුළින් මට ඕන වෙලා තියෙන්නෙ ඒ ගැන මේ දරැවන්ටත් මාපියන්ටත් කියලා දෙන්න. මේ නිර්මාණයට අපේ සැරිසර සංගීත ශාලිකාවේ සිසු දරැ දැරියන් දායක වෙලා තියෙනවා. මම මව්පියන්ගෙන් ඉල්ලන්නෙ ඔබේ දරැවන්ට පරිසරය ගැන කියලා දෙන්න. ගහ කොළ, පළතුරැ ගැන කියලා දෙන්න මඩත් එක්ක වැලි එක්ක සෙල්ලම් කරන්න දෙන්න, තණ කොළ පාගන්න දෙන්න, රුල්ල පාගන්න දෙන්න,

මේ ගීත පොතේ හා සංයුක්ත තැටියේ විශේෂතා කීපයක් තියෙනවා. මේ ගීත පොතේ අඩංගු සෑම ගීතයකම පෙරදිග ස්වර ප්‍රස්ථාර වගේම බටහිර සංගීත ප්‍රස්ථාරත් ඇතුළත් වෙනවා. සංයුක්ත තැටියේ හැම ගීතයකටම පස්සෙ එම ගීතයේ සංගීත පථයක් (Music Track) අඩංගු වෙනවා. සංගීතයට ඇලුම් කරන ඕනෑම කෙනකුට මේකෙන් ප්‍රයෝජන ගත හැකියි. සංගීත පථයට ගීත ගායනා කරන්න ළමුන්ට වගේම මාපියන්ටත් මෙමගින් හොඳ අවස්ථාවක් ලැබෙනවා", විශාරද එඩ්වඩ් ජයකොඩි කීය.

 

රමේෂ් උවයිස්

DESHAYA

20160311-ent-58
20160311-ent-61

 



අදහස් (0)

එඩ්වඩ්ගෙන් අලුත් පිම්මක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 71 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 251 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 134 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 3991 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 534 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2113 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site