IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


එදා ඉඹුල්ගොඩ පී.එස්.ඩී වාහනත් කැරකිලා?

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජික සිසුන් දෙදෙනකු 2012 සැප්තැම්බර 27 වැනි දා අලුයම ගම්පහ ඉඹුල්ගොඩදී මිය වේලාවට පැය ගණනකට පෙර ජනාධිපති ආරක්ෂක අංශයේ බව කියන සැකකටයුතු වාහනයක් ගම්පහ ප්‍රදේශයේ සැරිසැරූ බවට එදින ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් නිරීක්ෂණය කළ බවට තොරතුරු ඇතැයි විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ රාජිකා ද සිල්වා මහත්මිය ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතාට අද  (29) දැනුම් දුන්නාය.

එදින ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන්ගේ සටහන් පරීක්ෂා කරන ලෙස අධිකරණයේ දී රහස් පොලිසියෙන් ඉල්ලා සිටි නීතීඥවරිය, එය පරීක්ෂණවලට පිටිවහලක් වනු ඇතැයි පැවසුවාය.

නීතීඥවරිය එලෙස කීවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (29) යළි කැඳවූ අවස්ථාවේදීය.

මෙම මරණ සම්බන්ධයෙන් තමන් විමර්ශන බාර ගත් බවත්, මෙතැන් සිට ඉදිරියට විමර්ශන කරගෙන යන බවත් රහස් පොලිසිය මහේස්ත්‍රාත්ට දැන්වීය.

මිය ගිය සිසුවකුගේ ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් දුරකතන සේවා සමාගමක් ලබා දුන් වැරදි වාර්තාවකට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ගම්පහ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා ලබා දුන් නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නැති බවද  නීතීඥ රාජිකා මහත්මිය අතිරේක මහේස්ත්‍රාත් කන්නංගර මහතා හමුවේ ප්‍රකාශ කළාය.

මුල සිටම මෙම සිද්ධියේ පරීක්ෂණ සිදුවූයේ සැකය වැඩි වන අන්දමට බවත්, අනතුරට ලක්වූ යතුරු පැදිය යළි එම ස්ථානයටම ගෙනැවිත් ප්‍රති නිරූපනයකට (රීකන්ස්ට්‍රක්ෂන්) ගොස් රස පරීක්ෂණය සිදු කරන ලෙස හිටපු මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය දුන් නියෝගය අනුව රස පරීක්ෂක කටයුතු නොකළ බවත් නීතීඥවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

2012 සැප්තැම්බර 27 වැනි දා එලෙස මිය ගොස් සිටියේ කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති මාතලේ පදිංචි ජානක බණ්ඩාර ඒකනායක සහ රුහුණ සරසවියේ පළමු වසර ශිෂ්‍ය මෝදර පදිංචිව සිටි සිසිත ප්‍රියංකරද සිල්වා යන දෙදෙනාය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලයකට සහාය දක්වමින් මහනුවර සිට කොළඹට පාගමනින් එන අතරතුර 2012 සැප්තැම්බර 27 වැනි දා අලුයම අත්පත්‍රිකා තොගයක් ගෙන ඒමට දෙල්කඳට යද්දී මෙම සිදුවීම වූ බව නඩුවේදී කියැවිණි.

මෙය රියඅනතුරකින් සිදුවූ මරණයක් බව පොලිසිය කී අතර මරණය සැක සහිත බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කීවේය.

ගම්පහ හිටපු මහේස්ත්‍රාත් (දැන් අනුරාධපුර මහාධිකරණ විනිසුරු) ඛේමා ස්වර්ණාධිපති මහත්මිය සහ ගම්පහ හිටපු මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහත්වරුන් හමුවේ මුලින් මෙම  පැමිණිල්ල විභාග විය.

වැඩිදුර විභාගය අප්‍රේල් 26 වැනි දාට කල් තැබිණි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ද, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පිරිසක් ද, මිය ගිය සිසුන්ගේ ඥාතීහු පිරිසක් ද අධිකරණයට පැමිණ සිටියහ.



අදහස් (0)

එදා ඉඹුල්ගොඩ පී.එස්.ඩී වාහනත් කැරකිලා?

ප්‍රසාද් Monday, 29 February 2016 08:46 AM

තාජුදීන්ට උනා වගේ දෙයක් වෙලාද? (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිවයින පුරාම සවස් කාලයේ තද වැසි
2024 සැප්තැම්බර් මස 28 38 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 1332 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 429 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 5088 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1693 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 806 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37816 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24922 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 740 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site