එදා මහින්ද රාජපක්ෂ මහතා ළඟ සිටි පිරිස අද මෛත්‍රීපාල සිරිසේන ජනපතිට පවන් සලන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසීය.
‘ඔබතුමා කිසිදේකට බය වෙන්න එපා. ලක්ෂ විසි පහකින් දිනනවා.‘ යැයි සංවිධායකවරුන්ගේ අවසන් රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතාට පැවසූ අයකු ද අද වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ළඟට ගොස් ඇතැයි ද වික්‍රමනායක මහතා ලංකාදීප සමඟ කළ සාකච්ඡාවක දී කීවේය.
‘ශ්‍රීලනිපය දැවැන්ත පක්ෂයක්. ඒකෙ අරමුණු එක්ක ගත්තාම එවැනි පක්ෂයක් දියාරු වෙන්න දෙන්න බෑ. මම ඉන්නෙ ඒ ස්ථාවරයෙයි. ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි ඉන්නේ රටට විරුද්ධ ප්‍රතිපත්තිවලට එරෙහිව ජනතාවට හිතසුව පිණිස දේශපාලනයේ නියැලෙන්නයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ හොඳ ඔළුවක් තිබුණු පක්ෂයක්. ඒ විතරක් නෙවෙයි. හොඳ ප්‍රතිපත්ති රාමුවක් හා හොඳ විනයක් තිබුණු පක්ෂයක්. හැබැයි බලය නිසා ගත් ඇතැම් තීන්දුවලදී ඔළුවට ඉඩක් දුන්නේ නෑ. එතැනදි අපේ ප්‍රතිපත්ති අමතක වුණා. විනය පිළිබඳ හැඟීමක් නැති වුණා. ඇමැතිවරු රජයේ නිලධාරින්ව ගස් බැන්දා. විනය පියවර ගත්තේ නෑ. දූෂිතයන් බවට සමහර ඇමැතිවරුන්ට ප්‍රසිද්ධියේම චෝදනා එල්ලවෙන්න ගත්තා. විනය පියවර ගත්තේ නෑ. ඒ කාලයේම මමත් ඒ රජයේ යම් යම් දේ විවේචනය කළා. දැන් ඔය කතා කියන ඇමැතිවරු කවුරුවත් එතකොට වචනයක්වත් කිව්වේ නෑ.
ඔබට සංවිධායකවරුන්ගේ හෝ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට සහභාගී වුණොත් මේක පෙනේවි. එකම පාටිය තමයි කතාකරන්නේ. මේ එකම පාටිය අද කොහෙද ඉන්නෙ. එක්කෝ ඡන්දෙන් පැරදිලා ගෙදර. නැත්තන් ලැයිස්තුවෙන් ඇතුලට ඇවිල්ලා. වෙනස්වෙලා තිඛෙන්නේ නම් දෙක විතරයි. මහින්ද කියන තැනට මෛත්‍රී ඇවිත්. ඒ කතා ටික එහෙමමයි. ‘ඔබතුමා අපේ පක්ෂයට මෙහෙම කොරලා තියෙනවා. ජනතාව හරි සතුටට පත්වෙලා ඉන්නේ. ඔබතුමා ගැන ජනතාව පුදුමාකාර විදියට හිතන්න පටන් අරන්‘ මට නම් හිනාත් යනවා.
දේශපාලනේදි ඇන්ඳුනොත් විනාශයි. ඒක තමයි දිගටම ඔප්පු වුණේ.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා හරියට හරි (නි)
එතකොට මහින්ද ළඟ ඉඳලා තියෙන්නෙත් බොරුකාරයෝ හොරු එහෙම නේද? ඒකට තමා දේශපාලනය කියන්නේ (බ)
ඵලදාව ඇති රුකේ වවුලෝ එල්ලිලා කති, ඵලදාව නැති රුකෙන් වවුලෝ ඉගිලිලා යති. (ර)
සමහරු අහවලාට පවන් ගහනවා කියලා හිතුවට, පස්සේ තේරෙයි ගහලා තියෙන්නේ ගුටි කියලා (නි)
පළමුවෙන් පවන් සලලා තමා සෙල්ලම පටන්ගන්නේ. ඒගොල්ලෝ දන්නවා ක්‍රමය! (නි)
වාසි පැත්ත බලලා කට්ටියක් "පවන් සලන්න" අහනකොට, "පවන් සලාගන්න" කැමති අය "පවන් සලන්න" කැමති කවුද කියල බලලා ඒ අයව වැළඳගන්න එක ලංකාවේ දේශපාලන සංස්කෘතියනේ. (නි)
ඔබතුමා අවංක දේශපාලඥයෙක් බව අපි දන්නවා. (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂගේ පක්ෂයක් වෙලා තිබුන නිසා නේද මෙහෙම වුණේ? (නි)
පිටිගල දැනට ලංකාවේද ජීවත්වෙන්නේ....? (නි)
මට ඇහුනෙත්, තේරුනෙත් පිටිගල මහත්තයා කියපු දේ විතරයි (නි)
මේ ජරාජීර්ණ දේශපාලනය, අපට නම් දැන් එපාවෙලා (නි)
පුෂ්පා, මහින්ද දිගටම හිටියා නම් අන්තර්ජාතික බලවේග හමුවේ එතුමා කිව්ව විදිහටම විදුලි පුටුවෙම තමයි. (නි)
ඔබතුමා කියන්නේ නම් සම්පුර්ණ ඇත්ත. සමහරවිට ඔබ තුමා අහලා තියෙනවද මන්ද. ඕකට කියන්නේ මන්ත්‍රීතුමා දේශපාලනය කියල නේ. වෙන වචනවලින් වාසි පිලට හෝයියා කියලත් කියනවා. (බ)
දැන් ඕවා කියලා වැඩක් නැහැ මහත්තයෝ (නි)
ඔබතුමා හරියටම හරි. ඡන්දයක් දිනාගන්න බැරි අයට තමයි අද තැන තියෙන්නේ. (නි)
වාසි වලට හෝයියා කියලා මහින්ද මහත්තයා පරද්දපු අයට තේරෙයි ළඟදීම අපේ රට මුහුණ පා ඇති භයානක තත්වය, අන්තර්ජාතික බලවේග හමුවේ. (නි)
මහත්තයෝ, ඔබ වගේ කෙළින් කතාකරන දේශපාලඥයෝ අද හරි අඩුයි (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ හොඳ ඔළුවක් තිබුණු පක්ෂයක් නිසා තමා ජනපති, අගමැති දෙන්නාගේ ඔළු දෙක එකතුවෙලා රට හදන මඟට පිවිසිලා තියෙන්නේ. ඒකට අකුල් හෙළන්න එපා (නි)
"වාසි පිලට හුරේ දමා පිලෙන් පිලට යමල්ලා- බීපු ළිඳේ දිය බොරකර මුහුදට ආ වඩල්ලා" nඔය කට්ටිය මේ ගීපදය හොඳට තේරුම් අරගෙන තිබෙනවා. ඕක තමයි අපේ රටේ දේශපාලනය. මේවා දකින්න තරම් අපිත් අවාසනාවන්තයන් වීම ගැනයි අපට දුක. (නි)
පවන් සලන අය එළෙවුවොත් පක්ෂයක් ඉතුරුවෙයිද? (නි)
ඔබ කියන පරිදි ශ්‍රී ලංකා පක්ෂයට හොඳ ඔලුවක් තියෙනවලු. ඒ ඔලුවට වටිනාම දේ තියෙනවද කියලා බැලුවද? රුධිරය ගමන් කරන මොළය. ඒ දේ නැතිවුණොත් හැමදේම විනාශයි (නි)
බලය තිබෙන දේශපාලකයා හරියට ඔළුවට මුට්ටියක් වැටිලා ඒක ගලවන්න මහදැනමුත්තා ගාවට ගෙනගිය එළුවා වගේ. එළුවට වෙච්ච දේ දන්නවනේ (නි)
මෙන්න නියම මිනිස්සු (නි)
හරියට හරි (බ)