අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත්තේ ජනතාවගේ අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතීන් වෙළඳ භාණ්ඩයක් වීමට එරෙහිව අරගල කිරීම බවත්, සමාජ අරගල මර්දනය කිරීමට පසුගිය රාජපක්ෂ රජය සේම වර්තමාන ආණ්ඩුව යටතේ ද සිදු කරන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ නියෝජිත සනත් බණ්ඩාර කීවේය.
ශිෂ්‍ය අරගල නිල හා නොලිල ක්‍රම මගින් රජය මර්දනය කරන බවත්, ශිෂ්‍ය අරගල මර්දනය කරන රජය මාධ්‍ය හා වෘත්තීය සමිති මර්දනය කිරීම ද අනිවාර්යය බවත් පැවසීය..
ශිෂ්‍ය, කම්කරු අයිතීන් සුරැකීමට අරගල කරනවා ඇරෙන්නට වෙන විකල්පයක් නැති බව ද රජය එම අරගල මර්ධනය කළත් ඊට එරෙහිව අඛණ්ඩව සටන් කරන බව ද ඔහු වැඩිදුරටත් කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා වගේම අදත් ශිෂ්‍ය මෝඩකම් ප්‍රදර්ශනය කරනවා. (ර)
ශිෂ්‍යයෝ අරගල කල යුත්තේ නිවැරදි දේ සහ සාධාරණ දේ වෙනුවෙන්. එය තෝරා ගැනීමට තරම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා දැනුමෙන් හා බුද්ධියෙන් සමන්විත විය යුතුයි. එසේ නොව සිවිල් නීති කඩමින් මැරයන් සේ හැසිරෙමින් මාර්ග අවහිර කරමින් කරන අසාධාරණ චන්ඩි කම් මර්ධනය කිරීම පොලිසිය සතු වග කීමයි. (ර)
ඔයාල මොකටද විශ්වා විද්‍යාලයට යන්නේ? ඉගෙනගන්න. ඉතින් දැන් මොකද්ද ඔය කරන්නේ? අරගල කරන එක. ඉතින් එ්වට මුහුණදෙන එකත් ඔයාලගේ වැඩක්. පිස්සු නැතුව ඉගෙනගෙන ජොබ් එකක් හොයාගන්න මේ අපි වගේ. (නි)
මේ ළමයිනුත් කාගේහරි අතකොලු වගෙයි අපිට නම් පෙනෙන්නේ. "බළල්ලු ලව්වා කොස් ඇට බාවනවා වගේ" කියන උපහැරණයේ තේරුම වැටහෙන්න මේ ළමයින්ට තව ටික කලක් යයි. (නි)
බලමුකෝ ඉදිරි පියවර කුමක්ද කියලා.(හේ)
අනේ අපි නොදන්නා අරගලේ. (ර)
උසස් අධ්‍යාපනය කරනවානම් මොකද නවක වද දෙන්නේ. ඔය වැරදි වැඩ කරන ඔක්කොම එළවලා දන්න ඕන. (ර)
දැන් පේනවා නේද රජයේ ඉහල පෙලේ නිලධාරීන්ගේ වැඩ? (ර)
තමන් ඉගෙනගැනීම් කටයුතු කරගෙන හැදෙන්නේ නැතුව රටේ ඉන්න ඉහ නිකට පැහිච්ච වැඩිහිටියන්ව හදන්න යනවා. ඉගෙන ගන්න ළමයෙකුට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ . මේ ළමයින් දෙමව්පියන්ටත් මොන තරම් බරක්ද? උසස් පෙළ විතරක් කරලා රැකියාවකට ගිය ළමයින් දැන් දෙමව්පියන්ටත් සලකන ගමන් රටට වැඩක් කරනවා. ඒකට මේ අය. (ර)
නිදහස් අධ්‍යාපනය ඕනිද නැතිද කියන එක රජයත් රටේ ජනතාවත් තීරණය කරපුවාවේ. සිසුන් විදිහට පාඩුවේ ඉගෙන ගෙන දෙයියනේ කියලා වෙන රටකට පැනගෙන හොඳ ජොබ් එකක් හොයා ගත්තනම් ඉවරයි. මේ රටේ ඉගන ගන්න මිනිස්සුන්ට තැනක් නෑ. අනාගත පරම්පරාවට සල්ලි තියනවා. එයාල සල්ලි දීල ඉගෙන ගනීවි. (ර)
මහජන මුදල් වලින් විශ්වවිද්‍යාල වලට යවන්නේ අරගල කරන්නද? (ර)
ශිෂ්‍යයොත් හැම ආණ්ඩුවක් එක්කම උද්ගොෂණ කරනවා. ඕක කවදාවත් ඉවරවෙන එකක් නෙමෙයි. පාස් වෙලා ඇතුලට ආවානම්, තියෙන සම්පත් වලින් වැඩේ කරගෙන, ඉගෙනගෙන , එලියට ගිහින් රස්සාවක් එහෙම හොයාගෙන උද්ගෝෂණය කරන්න. ඔය උද්ගෝෂණ වලින් බැහැ, රට හදන්න වත් පාලනේ වෙනස් කරන්න වත්. පළමුවෙන් තමන් ආව අරමුණ ඉටුකර ගන්න! (ර)
මොන අරගලය කරත් අඩුම තරමින් රටේ මෑත ඉතිහාසය වත් අධ්‍යයනය නොකර ඒ දේවල් කලොත් ඔවැනි තත්වයන්ට මුහුන දෙන්න සිදුවෙනවා. (ර)
අනේ අපි මේවට මොනවා කියන්නද? (නි)
ඉස්සර හිටපු වීරයෝ අද කොහෙද? උපාධිය අරගෙන ගියේ කොහෙද? ඔය කට්ටිය අද හිටියා හෙට ? අපරාදේ අනෙත් ළමුන්ට ඉගෙනගන්න ඉඩ දෙන්නේ නැහැ. (ර)
ඔය ළමයි කරපු සහ කරන අරගල නිසා තමයි මේ තරම්වත් නිදහස් අද්යාපනය තියෙන්නේ. (ර)
කුමාර, මෙයාව අත්අඩංගුවට ගත්තේ නවක වදකයින් රිමාන්ඩ් එකෙන් නිදහස් කරන ලෙස ඉල්ලා පෙළපාලි නොයන ලෙස අධිකරණයෙන් දුන් නියෝග නොතකා හැරීම නිසයි. පීඩිතයන් වෙනුවෙන් නොවෙයි පීඩකයින් වෙනුවෙනුයි මොහු පෙනීසිටින්නේ (නි)
ජයවේවා! අරගලය හැර වෙන විකල්පයක් නැත. පීඩිත සමාජය වෙනුවෙන් ඔබ ආත්ම පරිත්‍යාගයෙන් කරන සටනට ජයවේවා! (නි)
ලොක්කව දාපු නිසා බයවෙලා වගේ. මේගොල්ලන්වත් දාන්න තියෙන්නේ ඇතුළට. එතකොටවත් අර අහිංසක ළමයින්ට පාඩුවේ ඉගෙනගන්න පුළුවන්. (නි)
අයිතිවාසිකම් නැතිවෙන එක ගැන අහන්න දෙයක් තියෙනවද කරන වැඩවලට? සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට කරදර කරනවානම්, ගුරුවරු කියන එක අහන්නේ නැත්තම්, මිනිසුන්ගේ සල්ලි නිකරුනේ පෙළපාලි වලට කාබාසිනියා කරනවා නම් මොනවා කරන්නද? (නි)
කාගේ දර දියද ඔබලා මේ අදින්නේ? මේවා අද ඊයේ බිහිවුණ ඒවාද? (නි)
සරසවි සිසුන්ට කියා වෙනම නීතියක් රටේ නැත. සෑම පුරවැසියෙකුම රටේ නීතියට යටත් වියයුතුය. තවමත් දෙමාපියන්ගෙන් සහ මහජන බදු මුදලින් ගෙවන මහපොළ ශිෂ්‍යත්ව මුදලින් යැපෙන සිසුන් රටේ නීතියට ගරු නොකරන්නේ නම් එවන් රටක් ගමන් කරනුයේ විනාශය කරාය. රටේ නීතියට ගරු නොකරන අයෙක් උගතෙක් වූවද රටට පලක් නැත. (නි)
මොනවා කළත් බලු නගුටේ ඇදේ අරින්න නම් බැහැ තමයි ළමයිනේ (නි)
ඔබලා කරන තරමක් කරන්නේ මෝඩ වැඩනේ. ඔතන ඉඳිද්දි තමයි ඔය අමාරුව තියෙන්නේ. ඊටපස්සේ උපාධිය අරගෙන තනතුරක් ලැබුනාම පුම්බාගෙන තනතුරේ වැජඹෙන එකනේ කරන්නේ. ඒකනේ අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. මම නම් කියන්නේ ඔය ශිෂ්‍ය අරගල මර්දනය කරන්න නෙමෙයි, මුලිනුපුටා දාන්න ඕනෑ. (නි)
රජය තදින් ඉන්න ඕනෑ. විශ්ව විද්‍යාල වල සම්පුර්ණයෙන්ම දේශපාලනය නවත්වන්න ඕනෑ. නීති කඩන සිසුන්ගේ ශිෂ්යබාවය අහෝසි කරන්න ඕනෑ. ටික දවසක් ඔහොම කළාම ඔය බොරු දැඟලිලි අඩුවෙනවා. (නි)
හාමුදුරුවෝ මෙතන මොකද්ද කරන්නේ. අප්පොච්චියේ! ශාසනයට ගිය කල! (නි)