IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


එදා සුදු නංගී මෙදා වෙද හාමිනේ ....

 


අයෝමි දැන් දොස්තර නෝනා නේද?

 
 
 
 
 

රජයේ වෛද්‍යවරියක ලෙස කටයුතු කරන්න දැන් අවස්ථාව ලැබී තිබෙනවා. ගිය මාසයේ දී තමයි උපාධි ප‍්‍රධානෝත්සවය තිබුණේ. කොළඹ සරසවියේ දේශීය වෛද්‍ය අංශයේ උපාධිධාරිනියක්.

 


දැන් මොන රෝහලේ ද සේවය කරන්නෙ?
තවම ලියාපදිංචි වුණා විතරයි. අනාගතයේදී රෝහලක් ලැබෙයි.

 


ලංකාවේ කොහෙ වුණත් සේවය කරන්න කැමතිද?
ඒක වගකීමක්. ඒ වගකීමට අපි බැඳිලා ඉන්නෙ.

 


එතකොට රඟපෑම් වලට යන්නෙ කොහොමද?
ඒක නම් ඉතින් සීමා කරන්න වේවි.

 


වෛද්‍ය වෘත්තීය සහ රඟපෑම් වෘත්තිය අතරින් ඔබ වඩා කැමැති වෘත්තිය මොකක්ද?
මේ අංශ දෙකටම එක විදියට කැමතියි. නමුත් වෛද්‍ය වෘත්තියට මුල් තැන දේවි.

 


වෛද්‍යවරියක් වීම ගැන අද ඔබට හිතෙන්නෙ කොහොමද?
පුංචි කාලයේ ඉඳලාම තිබූ අරමුණක් සඵලවීම ගැන හරි සන්තෝෂයි.

 


ඇයි වෛද්‍යවරියක් වෙන්නම හිතුවේ.
ඒ වෘත්තියට ගොඩාක් ආසයි.

 


දේශීය වෛද්‍ය අංශයම තෝරා ගත්තෙ ඇයි ?
බටහිර අංශය සඳහා ලකුණු මදි වුණා. ඒත් දේශීය වෛද්‍ය අංශයට තේරීම ගැන අද මම ගොඩක්ම සතුටු වෙනවා. මම හිතන්නෙ එම අංශය තවම ජනතාවගේ අවධානයට හරියටම යොමු වෙලා නැහැ. එය ඇත්තටම ආශ්චර්යවත් දෙයක්. අද දේශීය අංශයේ වෛද්‍යවරියකවීම ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්.

 


  අද සමාජයේ මිනිසුන්ට වැඩිපුර තියෙන්නෙ මොන වගේ රෝගී තත්ත්වයන්ද?
අධි රුධිර පීඩනය, මේදය වැඩිකම. දියවැඩියාව සහ අම්ලපිත්ත හෙවත් ගැස්ට‍්‍රයිටීස් රෝගී තත්ත්වයන්.

 


  ඇයි එහෙම වෙන්න හේතුව?
ආයුර්වේදයට අනුව ගත්තාම ආහාර හා විහරණයේ හෙවත් ඇවතුම් පැවතුම්වල තියෙන වැරදි ක‍්‍රම නිසයි. බොහෝ වෙලාවට සමබල ආහාර වේලකට වඩා පිටි සහිත ආහාර භාවිතය මේ සියල්ලට හේතුවයි.

 


ඔබ ආහාර පාන සහ සාමාන්‍ය ජීවිතයේ දී නිවැරදි ක‍්‍රමයක් අනුගමනය කරනවාද?
හැකි සෑම අවස්ථාවකදීම එය කරනවා.

 


  ඔබගෙ පැහැපත් බවේ රහස මොකක්ද?
පොඩි කාලයේ ඉඳලම මේ පැහැය තමයි.

 


  ඔබගෙ රඟපෑම් ගැන රසිකයින් මොනවද කියන්නෙ?
බොහෝ වෙලාවට මට වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නෙ මැදි වයසේ අම්මලාගෙන්. ඒකට හේතුව නම් මම දන්නෙ නැහැ. මේ දිනවල නම් බොහෝ දෙනා ප‍්‍රතිචාර දක්වන්නෙ කෝරලේ මහත්තයා-ටිකිරි චරිතය සහ අසිනි චායා නාට්‍යයේ චාපා යන චරිතය නිසයි. හැබැයි අද රඟපෑම් ගැන අහනවාට වඩා රසිකයින් මගෙන් අහන්නෙ වෙනත් දෙයක් ගැනයි.

 


  ඒ මොකක් ගැනද?
බෙහෙත් ගන්න පුළුවන් කොහොමද කියලා අහනවා. ඒ වගේම එක් එක් රෝගවලට මොන වගේ බෙහෙත්ද ගන්න  ඕනෑ කියලත් අහනවා. මගේ සහෝදර නළු නිළියන් පවා එහෙමයි. ඒ විදියට මම උගත් දේ වෙතින් දැනුවත් කිරීමට අවස්ථාව ලැබීම ගැන ලොකු සතුටක් තියෙන්නෙ.

 


  අයෝමි කියන ඒ නම ගැන මොකද හිතෙන්නෙ ?
දරාගැනීමේ ශක්තියක් ඇති හිතක් තියෙන කෙනෙක් කියලා හිතෙනවා. හැබැයි ඉතින් ඒ මම හිතන විදියයි.

 


  ඔබ කොහොම කෙනෙක්ද?
මම මට හිතෙන විදියට සරලයි. බුදු දහමට අනුව ජීවත් වෙන්න උත්සාහ ගන්න කෙනෙක්. නිර්මාංශයි. ඒත් ඉතින් මට මා ගැන නිගමනයකට එන්න බැහැ. සමාජය තීරණය කරාවි.

 

 

 

 



අදහස් (0)

එදා සුදු නංගී මෙදා වෙද හාමිනේ ....

පහන් Tuesday, 03 September 2013 10:40 AM

මේ දවස් වල යන හොඳ ටෙලි නාට්‍යක් කවුරුහරි කියන්නකෝ .තාත්තේ අපි අවා නම් බලනවා ඒකත් හොඳයි .ඇත්තටම මට වෙලාවක් නැහැ හොඳ එකක් හොයා ගන්න. (ස)

:       0       0

ධම්ම Sunday, 01 September 2013 11:35 AM

දැන් ගැහැණු ළමයි අත් උස්සාගෙන පින්තූර ගැනිල්ල මෝස්තරයක් වෙලා. (ස)

:       0       0

ඉසුරු Saturday, 07 September 2013 02:45 AM

පහන්, හෝපලු අරණ, නිර්සත්වයෝ බලන්න. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 03 September 2013 04:27 PM

පහන්, 'පූජා' බලන්න. එකේ සුරාජ් මාපයි ඕෂධී හෙවමද්දුමයි ඉන්නේ. කොටස් 60ක් තියෙන ලස්සන ටෙලි නාට්‍යයක්. (දී)

:       0       0

අනිල් Sunday, 01 September 2013 11:45 AM

අනාගතය සුබ වේවා!(නදී)

:       0       0

ලාරා කෑගල්ල Wednesday, 04 September 2013 04:06 AM

මට ලෙඩක් නැතත් ඔයාගෙන් බෙහෙත් ගන්න එනවාමයි !(නදී)

:       0       0

සඳරුවන් Wednesday, 04 September 2013 04:09 AM

පාට ගාල වැඩිනේ ? හොම්බ්‍රන් පැස්ටල් වගේ ?(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 02 September 2013 08:02 PM

'මල් දෙවැට' ටෙලි නාට්‍යයේ රුවන්ගි සමග ඔබ ලස්සනට රඟපානවා. ඔබට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

පැතුම් Monday, 02 September 2013 01:50 AM

ඔබට සුභ අනාගතයකට ආසිරි! (නි)

:       0       0

ප්‍රදීපා Monday, 02 September 2013 01:57 AM

මම හරිම කැමතියි ඔබගේ රඟපෑම් වලට. ඔබ සුරූපී යුවතියක්. මේකප් ගොඩාක් නොකර චාම් විදිහට ඇන්දහම පුදුම අහිංසක පෙනුමක් තියෙන්නේ. මට හිතෙන්නේ ඔබගේ ඒ අහිංසක පෙනුම තමයි ඔබගේ සුරූපී බව තවත් වැඩි කරන්නේ කියලා. ඔබගේ වෛද්‍ය වෘත්තිය දියුණුවෙන් දියුණුවට පත්වේවා....! (නි)

:       0       0

නමක් නැත Sunday, 01 September 2013 02:16 PM

දක්ෂ නිලියක් (දී)

:       0       0

ටිරල් Monday, 02 September 2013 06:37 AM

ටීකක් වස පාටයි (අ).

:       0       0

රැක්සලා Monday, 02 September 2013 07:12 AM

අක්කේ ඔයා හරිම ලස්සනයි. ඔයාගේ අනාගතයත් දීප්තිමත් බව පේනවා.ඔයාට සුභ අනාගතයක් වේවා. (අ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 03 September 2013 06:33 PM

මල් දෙවැට ටෙලි නාට්‍ය ඉතාමත් ලස්සන ටෙලි නාට්‍යක්. ඔබ සහ රුවන්ගි රත්නායක එහි හොඳට රඟපානවා.(නදී)

:       0       0

ටිරල් Wednesday, 04 September 2013 09:37 AM

මටත් හිතෙනවා එයාගෙන් බෙහෙත් ගන්න (නි)

:       0       0

අජිත් මාපා Saturday, 31 August 2013 10:27 PM

එදා සුදු නංගියා අදට හෙටට සැමදාටම ලංකාවාසි සැමටම සුදුම සුදු වෙද නෝනා කෙනෙක් වේවා! මගේ සුහද ප්‍රර්ථනා! (නි)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 04:18 PM

මෙයා අර රූපවාහිනියේ ගිය මුවන්පැලැස්සේත් හිටියා නේද? (නි)

:       0       0

රෝහණ Wednesday, 04 September 2013 04:20 PM

ආයුබෝවන් සුදු නංගී! (නි)

:       0       0

රෝහණ Wednesday, 04 September 2013 04:21 PM

සුභ අනාගතයක් ඔබට! (නි)

:       0       0

දෙව්මිණි Thursday, 05 September 2013 02:17 AM

සුදු නංගිට සුබ පැතුම්! (නි)

:       0       0

ප්‍රිය Sunday, 01 September 2013 01:00 AM

අපෝ මෙයා‍ගේ තියෙන ආඩම්බරේ! (නි)

:       0       0

සෑම් Friday, 06 September 2013 08:34 PM

පාට ගාල වැඩී නේද . මොන තීන්තද පාවිච්චි කරන්නේ, (දී)

:       0       0

ඩබ්.ජයසිරි Sunday, 01 September 2013 03:35 AM

ඔබේ රුවට සමානව අත්ගුණයත් ඇත කියා මම සිතනවා. එය වෙදකමට මහත් සේ උපකාරි වේවි. (නි)

:       0       0

දුම්මලසූරිය. Monday, 02 September 2013 10:32 AM

අයෝමි. කුමන අංශයේ වෛද්‍යවරියකගෙන් උනත් රෝගියෙක් බලාපොරොත්තුවෙන්නේ හොද සේවයක්..ඒ කියන්නේ නිවැරදි බෙහෙත් වගේම කරුණාවන්ත බවක්...අපේ ගොඩක් වෛද්‍යවරු ළග කරුණාවන්ත බව නැහැ.....ඔබ ඒ දෙකෙන්ම පොහොසත් ජනප්‍රිය වෛද්‍යවරියක් වේවා !!!!!! මගේ පැතුමයි..... (දී)

:       0       0

නීල් Sunday, 01 September 2013 04:00 AM

ලස්සන කෙල්ලෙක් (නි)

:       0       0

සචින් Monday, 04 November 2013 08:46 AM

ඇස් වල මේකප් ටිකක් වැඩියි කියලයි මට හිතෙන්නේ (නි)

:       0       0

කුමාරිහාමි Friday, 06 September 2013 04:42 AM

ගැහැණු අය බොහෝ විට කොණ්ඩය පීරන්න හා බඳින්න අත් උස්සනවා.ඒ නිසා අත් එසවීම ගැහැණු බව උලුප්පා දක්වන ඉරියව්වක්. එනිසයි අත් ඔසවා ෆොටෝ ගන්නේ. ධම්ම මහත්මයාගේ හිතේ ඇති වූ පැනයට පිළිතුර ඕකයි. (නි)

:       0       0

ඉන්දු Sunday, 01 September 2013 04:58 AM

ඔබට සුබ ගමන් ! (නි)

:       0       0

කුමාරිහාමි Friday, 06 September 2013 05:12 AM

වෙද නලාව අරගෙන ඉන්න ෆොටෝ එකකටත් හිටියා නම් තමා මේ ලිපියට ගැළපෙන්නේ. ටෙලි තිරයේ අනිත් වෙද හාමිනේ ඉෂාරා සඳමිනිටත් ඉක්මනින් වෛද්‍ය වරම් ලැබේවා! (නි)

:       0       0

කුමාරිහාමි Friday, 06 September 2013 05:46 AM

අලුත් වෙද හාමිනේට සුබ පැතුම්! ඒත් මොකක්ද මේ ඇඳුම? වෙදහාමිනේ කෙනෙක් සීමාවාසික කාලය තුළ අනිවාර්යයෙන් දේශීය විදියට අඳින්න හුරු කරනවා. ලස්සනට කොණ්ඩයක් බැඳලා ඔසරිය ඇන්දානම් තමා ගැළපෙන්නේ. (නි)

:       0       0

ධනංජය Sunday, 01 September 2013 07:42 AM

ඔබේ ඉදිරි ගමනට සුබ පතනවා (නි)

:       0       0

වීර Tuesday, 10 September 2013 12:48 PM

මෙයත් ලස්සනයි. හැබැයි මහේෂි මදුශංකා ඊටත් වඩා ලස්සනයි. අහිංසකයි, පින් පාටයි.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 03 September 2013 03:00 PM

පහන්, 'අංගනා' ටෙලි නාට්‍ය බලන්න. 'සිහින විලක්' ටෙලි නාට්‍යත් හොඳ එකක්.(නදී)

:       0       0

සෙන්තිල් Tuesday, 10 September 2013 01:44 AM

මෙයා නම් හරිම ස්වීට් කෙනෙක්. (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 10 September 2013 01:40 AM

ගැහැණු ළමයි හැමවෙලාවේම අත් උස්සන්නේ කොණ්ඩය හරිගස්සන්නද? (නි)

:       0       0

අජිත් Tuesday, 10 September 2013 05:45 PM

රගපෑමට වඩා වෙද නෝනා කෙනෙක් වෙන්න එකෙන් ඔයාට වගේම හැමෝටම හොදක් වේවි. රගපෑම ලස්සන තියෙනකන් විතරයි (නි)

:       0       0

දසුන් Friday, 13 September 2013 11:41 AM

අපිටත් බෙහෙත් පොඩ්ඩක් ගන්න පුළුවන් වෙයි නේද? (ස)

:       0       0

කුමාරිහාමි Tuesday, 10 September 2013 06:03 PM

ලස්සනයි,පින් පාටයි. නමුත් අහිංසකයි කියලා කොහොමද දන්නේ? (නි)

:       0       0

ශ්‍යාමිනී Saturday, 07 September 2013 04:02 PM

පහන් නිර්සත්වයෝ , කෝරලේ මහත්තයා , අම්මාවරුනේ ,අංගනා බලන්න.(නදී)

:       0       0

රෙමා Friday, 13 September 2013 11:30 PM

මල් පෙති වල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ, කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඕවද සුදු කෙල්ලේ??... මගෙන් සුබ පැතුම් දක්ෂ වෙදතුමියක් වේවා! (නි)

:       0       0

සංජීව පෙරේරා Tuesday, 03 September 2013 03:43 PM

අංජන ඔයාට ආච්චි වැහිලද ??? ඔයාට මොකටද එයා බැඳලද ??? ලිහලද?? කියලා. ඔයාගෙ වැඩක් බලා ගන්න අංජන..... (ස)

:       0       0

දහම් Sunday, 08 September 2013 07:29 PM

මෙයා ඇයි දන්නේ නැහැ "චායා" ටෙලි නාට්‍යයේ මහේෂි මදුසංකා නොහොත් චායාගේ හොඳම මිතුරිය වන නිලන්කාගේ චරිතයෙන් අයින්වුනේ?(නදී)

:       0       0

සදුනි Sunday, 01 September 2013 08:43 PM

අංජන, .ඒ ළමයා ලස්සන වගේම දක්ෂ නිලියක්.හොද වෛද්‍යවරියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

අංජන කේ Sunday, 01 September 2013 09:57 AM

මෙය බැඳලා ද? මතක විදියට නං බැඳලා හිටිය වගේ මතකයි. (දී)

:       0       0

වෙද රාල Wednesday, 11 September 2013 07:02 PM

ඔයා රඟපෑමෙම ඉන්න. කියක් හරි හොයා ගන්න පුළුවන්. මොකද දැන් කැලෑ එළිකරන විදියට ඔයාගේ සිංහල බෙහෙත් මේ ලෝකෙන් නම් හොයා ගන්න බෑ. (අ)

:       0       0

පහන් මඩුගල්ල Tuesday, 03 September 2013 04:07 PM

ලේක්කෝ ගලබඩ, ගොඩක් ස්තුතියි. ඒවා මෙගා නාට්‍ය නෙමේ නේද ?දඞුබස්නා මානය ,අකාල සන්ධ්‍යා බෝගල සවුන්දිරිස් වගේ ඒවා දැන් නැහැ නේද ? මම අන්තිමට බැලුවේ මොනර තැන්න ඒකත් හොදයි .නාට්‍යක් උනහම කොටස් 75,80 ඉවර වෙනවා නම් තමයි හොඳ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 3836 8

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1474 2

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4297 4

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 404 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4101 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2353 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33912 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23955 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 471 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site