IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


එන ඉරිදට 'NEXT GEN'

2017-01-04-ent-76

දේශීය ජාත්‍යන්තර කලා ශිල්පීන්ගේ ප්‍රසංග රුසක් ඉදිරිපත් කරමින් STAR EVENTS ප්‍රධානී සුධර්මා නෙත්තිකුමාර ලබාදුන් ගුණාත්මක දායකත්වය පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත. ඒ හා සමඟම ගඟ අද්දර, භාර්යාවෝ, දියමත ලියමි, නෙතු අද්දර වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය නිෂ්පාදනයන් හරහා ප්‍රේක්ෂක ආකර්ෂණයට පාත්‍ර වූ සුධර්මා, ජනවාරි මස 15 වැනි දින BMICH හිදී පැවැත්වෙන NEXT GEN (ඊළඟ පරපුර) සුවිශේෂී සංගීත ප්‍රසංගයත් සමඟ නැවතත් කරළියට පැමිණෙන්නීය.

 

2017-01-04-ent-77NEXT GEN ප්‍රසංගයට ශ්‍රී ලංකාවේ අතිදක්ෂ ගායක ගායිකාවන් තම දූ පුතුන් සමඟ එකම වේදිකාවේ පෙළහර පාන්නට එකතු වෙති. කීර්ති පැස්කුවල් සහ ඔහුගේ පුත් කසුන්, සංගීත් වික්‍රමසිංහ හා ඔහුගේ පුත් සනුක, සමිතා මුදුන්කොටුව හා ඇගේ දියණිය කාවින්ද්‍යා, නුවන් ගුණවර්ධන හා ඔහුගේ පුත් ගයාන්, රෑකාන්ත ගුණතිලක හා ඔහුගේ චන්ද්‍රලේඛා පෙරේරා හා දියණිය වින්ඩි හා රයිනි, චාන්දනී හෙට්ටිආරච්චි හා ඇගේ දියණිය ජැකලීන්, අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල්, මායා දමයන්ති හා ඇගේ දියණිය කුෂාණි සඳරේඛා, රනිල් මල්ලවාරච්චි හා ඔහුගේ පුත් පවන් මෙම ප්‍රසංගය වර්ණවත් කරනු ඇත.

තම මව්පියන් මෙන්ම ප්‍රතිභාසම්පන්න මේ දරැවන්ගේ දක්ෂතා ප්‍රකට කරන්නට සුදුසු වේදිකාවක් තනන්නටයි මම මේ ප්‍රසංගය ඉදිරිපත් කරන්න තීරණය කළේ. මේ ප්‍රසංගයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් කඩුවෙල කොතලාවල මධ්‍ය මහ විදුහලට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වෙනුවෙන් මම යොදවන්න තීරණය කළා. මේ ප්‍රසංගයෙන් ලාභයක් ලැබුණත් නැතත් ඒ පොරොන්දුව ඉටුකරන්න මම බැඳී සිටිනවා", සුධර්මා හදසරට පැවසුවාය.

 

ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංග කීපයක් ඉදිරිපත් කළ STAR EVENTS පසුගිය කාලයේ තරමක් නිශ්ශබ්ද වුණා නේද?

ඒ නිශ්ශබ්දතාවයට හේතු කාරණා තිබුණා. ඕනෑම කෙනෙකුට ජීවිතේ වරින් වර බාධා කරදර ඇතිවෙනවනෙ. මටත් එවැනි කාල පරිච්ඡේදයක් පසු කරන්නට සිද්ධ වුණා. ඒත් ඒ හරහා සැබෑ මිනිසුන් කවුදැයි හඳුනාගන්නට මට අවස්ථාව ලැබුණා. ළඟින්ම ඇසුරැ කළ ඇතැමුන්ගේ සැබෑ ස්වරෑපය හෙළිකර ගන්නත් ඒ කාලය මට උදව් කළා - මම කිසි කෙනෙකුට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නවත් ගියේ නැහැ. ඒකට හේතුව තමයි මගේ නිර්දෝෂී බව ගැන මට තිබුණු දැඩි විශ්වාසය. කාලය හොඳම විනිසුරැවරයාත් හොඳම සුවපත් කරවන්නාත් වුණා. මගේ ඇස් ඉදිරිපිටදීම මට වැරදි කළ අයට ස්වභාව ධර්මයා විසින්ම ප්‍රතිචාර දැක්වූවා.

 

ඔබ 2017ට මුහුණ දෙන්නේ කොහොමද?

නිරවුල් මනසකින් යුත් සුපුරැදු ධෛර්යවන්ත කාන්තාවක් හැටියට තමයි - ජීවිතෙන් මා ඉගෙනගත් පාඩම් බොහෝයි. ඒ අනුව 2017 දී සුවිශේෂී නිර්මාණ රුසක් ඉදිරිපත් කරන්නට මම සැලසුම් කරගෙන යනවා. මා නිෂ්පාදනය කළ %කුලම්බරී^ ටෙලිනාට්‍ය ස්වාධීන රෑපවාහිනියෙන් විකාශය කරන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රේක්ෂකයා මගෙන් බලාපොරොත්තු වන ගුණාත්මක නිර්මාණ මම අනිවාර්යයෙන්ම කරගෙන යනවා - එසේ කරන්නට හැකි නිදහස් මනසක් හා නිදහස් වාතාවරණයක් මට දැන් තියෙනවා.

 

Text - Ramesh Uvais



අදහස් (0)

එන ඉරිදට 'NEXT GEN'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1187 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2125 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 935 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9183 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3347 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site