මාපාකඩ වැව පිහිටා ඇත්තේ මහියංගනයේය. මහියංගනය නම කියපු ගමන් මතක් වෙන වැව තමයි සොරබොර වැව. බුලතා යෝධයා හැදුවා කියන වර්තමාන වාරි ඉංජිනේරුවන් පවා පුදුමයට පත්කළ මේ සොරබොර වැව හැරුනාම මහියංගනයේ තවත් අපූරු ස්ථාන රැසක්ම තියෙනවා නරඹන්න. ඒ හැමදේම එක්ක ඔබව එක්කගෙන යන්නේ මේ අපූරු සංචාරක ගමනාන්තයන් මැදිකරගෙන ඉතාම සුන්දර ස්ථානයක පිහිටි, මාපාකඩ විලේජ්, සංචාරක හෝටලයට.
මාපාකඩ වැවට තියෙන්නේ ලොකු ඉතිහාසයක්. ඒක සොරබොර වැවේ කතාව තරම්ම අතීතයට යනවාලු. අන්න ඒ මාපාකඩ වැව් තාවුල්ලේ, වැවෙන් හමාගෙන එන සුළඟට මුහුණ දාලා තමයි මාපාකඩ විලේජ් පිහිටලා තියෙන්නේ. ඡායාරූප දුටුගමන් ඔබට පෙනෙන ඒ සුන්දරබවට සාමාන්‍යයෙන් ඉහළ මට්ටමේ හෝටලයක අය කරන විශාල මිලක් මෙහිදී අය කරන්නේ නැහැ. රුපියල් පන්දහසක් වගේ මුදලකට වායුසමනය කළ, උණුවතුර, විදුලි පංකා වගේම මාපාකඩ වැවේ සුන්දර දසුනක් නෙත ඉදිරියේ මැවෙන කාමරයක් ඔබට ලබාගන්න පුළුවන්. මහියංගනය අවට තිබෙන නොගිහින්ම බැරි සංචාරක ස්ථාන වෙතට යන්න එන්න මාර්ගෝපදේශකත්වයත් හෝටලයෙන්ම ලබාගන්න පුළුවන් වීම විශේෂයි. ඒ වගේම මාපාකඩ විලේජ් හෝටලයේ ඉඳලා මුලින් කිව්ව සොරබොර වැවට, දඹාන වැදි ගම්මානයට වගේම මාදුරුඔය වනෝද්‍යානයටත් ලොකු දුරක් නැහැ.
ලංකාවේ ප්‍රසිද්ධම දිය ඇලි නරඹලා විඩා වෙලා ඉන්න ඔබට මහියංගනයට ආසන්නයේ තිබෙන රත්න ඇල්ල අපූරු අත්දැකීමක් වේවි. ඒ වගේම මහියංගනය කියන්නේ රටේ එක්තරා කාලයක මහා වැඩ බිමක්. වික්ටෝරියා ව්‍යාපාරයෙන් ඇරඹිලා රන්ටැඹේ, රන්දෙණිගල වගේම ගිරාඳුරුකෝට්ටේ ගොවිජනපද ව්‍යාපාරය දක්වා මහා ගමනක් මේ මහියංගනය කේන්ද්‍රකරගෙන ඉතිහාසයේ ලියැවිලා තියෙනවා. ඒ හින්දාම මහියංගනය නගරය අවට පදිංචිවෙලා ඉන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස්. අතීතයේ නම් මහියංගනය හිමි වුණේ යක්ෂ ගෝත්‍රකයින්ට කියනවානේ. මහියංගනයට පැමිණෙන ඔබ අනිවාර්යයෙන් ගමන් ගන්නා ස්ථානයක් තමයි මහියංගනය රජමහා විහාරය. බුදුන්වහන්සේ මේ දීපයට වැඩම කළ මොහොතේ බුදු බණ අසා සෝවාන් වූ සුමන දේව රාජයා බුදුන්ගෙන් පුජනීය වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේදී ලැබු කේෂ ධාතු බුදුන් වැඩසිටි ස්ථානයේම නිධන් කරලා මහා චෛත්‍යයක් කළා. මියුගුණ සෑය හෙවත් පස්සේ කාලෙක දුටුගැමුණු රජු බුදුන් වහන්සේගේ ග්‍රවී ධාතුව නිදන් කරලා විශාලත්වයට පත්කළ මහියංගනය මහාසෑය ඔබට මුණගැහෙන්නෙත් මේ අභිමානවත් පුරවරයේදී.
මාපාකඩ විලේජ් හෝටලය පිහිටලා තියෙන්නේ මේ හැමදේම මැද කියලා වරක් කිව්වානේ. මාදුරුඔය රක්‍ෂිතයේ සංචාරය කරන්න හිතාගෙන යනවා නම් ඊට ඔබින වඩාත්ම සුදුසුම මඟ පෙන්වන්නා ඔබට සොයලා දෙන්නත් හෝටලයේ කළමනාකාරීත්වය සූදානම්. එකිනෙකට වෙනස් රසවත් ආහාර රුසක්ම හිතේහැටියට ඇණවුම් කරලා ලබාගන්නත් මෙහිදී ඔබට පුළුවන්. මහියංගනයේ ගිහිල්ලා, දවල් දවසේ වටේම ඇවිදලා, හවසට මහියංගනේ ලොකු පන්සලට ගිහිල්ලා ඇවිත් උණුවෙන් තේ එකක් බොන ගමන් මාපාකඩ වැව් ඉවුරේ වාඩිවෙලා ඉද්දි දැනෙන අපූර්වත්වය ඔබට කිසිදාක අමතක වෙන එකක් නම් නෑ. l
ප්‍රසාද් - දේශය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එන්න මේ වැව් ඉවුරට උණු තේ එකක් රස විඳින්න