IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


එන්නත් අපනයනය ඔක්තෝබරයේ - ඉන්දියාව

ඔක්තෝබර් මාසය වනතුරු ඉන්දියාවට ‘කොවිඩ්-19’ එන්නත් අපනයනය ආරම්භ කිරීමට නොහැකි වනු ඇතැයි එරට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දියාවට, රට තුළ එන්නත් අවශ්‍යතාව සැපිරීමට ඇති හෙයින් අපේක්ෂා කළාට වඩා ප්‍රමාදයක් වී ඇති බව වාර්තා වන අතර මේ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් කෙරෙන ‘කොවැක්ස්’ එන්නත් වැඩසටහනට එන්නත් මාත්‍රා සැපයීම ද ප්‍රමාද වනු ඇති බවත් මේ හේතුවෙන් ගෝලීය එන්නත් වැඩසටහන ද දරුණු  එන්නත් හිඟයකට මුහුණපානු ඇති බවත් වාර්තා වේ.

ලොව විශාලතම එන්නත් නිෂ්පාදන සමාගම වන සේරම් ආයතනය පිහිටා ඇත්තේ ද ඉන්දියාවේ ය.

මේ වසර අග වනවිට ‘කොවැක්ස්’ වැඩසටහනට සහ අනෙක් රටවලට එන්නත් අපනයනය කිරීමට බලාපොරොත්තු වන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සේරම් ආයතනය සඳහන් කරයි.

“ඉන්දීය ජනතාවගේ ජීවිත අනතුරේ හොබවා අපි එන්නත් අපනයන නොකරන බව නැවත නැවතත් කියන්න අවශ්‍ය යි. ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහනට සහයෝගය දැක්වීම සඳහා අපි කරන්න පුළුවන් හැමදේම කරනවා” යැයි සේරම් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

මේ වනවිට නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඉන්දියාවයි. දෛනිකව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

ඉන්දියාව මීට මාසයකට පෙර එන්නත් අපනයනය කිරීම අත්හිටුවීමට පියවර ගත්තේ ය. ඒ වනවිට ඉන්දියාව වෙනත් රටවලට ප්‍රදානය හෝ අපනයනය කර තිබූ එන්නත් මාත්‍රා ගණන මිලියන 66ක් විය.

ඉන්දියාව එන්නත් අපනයනය අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව මෙන්ම අප්‍රිකාවේ රටවල් ගණනාවකට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවිය. එන්නත් මාත්‍රා ලබාගැනීම සඳහා මෙම රටවල් මේ වනවිට විකල්ප සෙවීමේ අර්බුදයකට මුහුණ දී ඇත.

ඉන්දියාවෙන් ලැබෙන එන්නත් මාත්‍රා ප්‍රමාණයේ හිඟයක් ඇති වී හෙයින් ඉන්දියාවෙන් පිටතට සිටින එන්නත් නිෂ්පාදකයන්ගෙන් ‘කොවැක්ස්’ වැඩසටහනට ඒන්නත් ලබාදෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් සඳුදා ඉල්ලීමක් කළේය.

ඉන්දියාව ඉදිරියේ දී සිය එන්නත්කරණ වැඩසටහන වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිලධාරියෙක් පැවැසීය.

“අපි රටවලට එන්නත් දෙන්න බැඳිලා නැහැ. ඒ නිසා නිල වශයෙන් දැනුවත් කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ” මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තවත් රජයේ නිලධාරියෙක් කීය.

“මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර සාකච්ඡා පැවැත්වුණා. එන්නත් අපනයන කරාවි යැයි බලාපොරොත්තු වෙන්න එපා කියලා ඇතැම් රටවල් දැනුවත් කරා. ඇතැම් රටවලට අපගේ එන්නත් අපනයන සීමා සම්බන්ධයෙන් දැනුම් දීමක් කර තිබෙනවා” යැයි තවත් තවත් නිලධාරියෙක් කීවේය.

අදාළ රටවල් මොනවාදැයි එම නිලධාරියා කිසිදු සඳහනක් කළේ නැත.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් සියලු නිලධාරීන් අනන්‍යතාව අනාවරණය නොකිරීමේ කොන්දේසිය මත තොරතුරු ලබාදුන් බව ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.

ඉන්දියාව කොතරම් ඉක්මනින් එන්නත් අපනයනය කිරීම ආරම්භ කරනවාද යන්න තීරණය යන්නේ ඔවුන් දෙවැනි රැල්ල පාලනය කරගන්නා ආකාරය අනුව යැයි ද එම ආරංචිමාර්ගවලින් කියැවිණි.

ඉන්දියාව අනෙක් රටවලට එන්නත් ප්‍රදානය කිරීම සහ අලෙවි කිරීම යනාදි ක්‍රියාවලියේ මූලික්තවයෙන් ගෙන කටයුතු කරන්නේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වන මේ සම්බන්ධයෙන් ඔවුන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැතැයි රොයිටර්ස් පුවත් සේවය තවදුරටත් වාර්තා කර ඇත.



අදහස් (2)

එන්නත් අපනයනය ඔක්තෝබරයේ - ඉන්දියාව

සිරිබිරිස් Thursday, 20 May 2021 12:28 PM

කොයි කාලේ කරත් ලංකාව ගන්නේ නිකං දුන්නොත් විතරයි...

:       0       0

chandima Thursday, 20 May 2021 03:14 PM

බේත දෙනකොට ලංකාව වෙන රටක්. වෙනරටවල් එක්කලා ගණුදෙණු කරද්දී ලංකාව ඉන්දියාවේ කෑල්ලක්... අනේ අම්මපා...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 200 0

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 727 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 635 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 327 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 07 809 1

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප


’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 1185 5

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 60 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 443 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1391 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site