IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


එන්නත් තුනක ශක්තිය ගැන හෙළිදරව්වක්

(සුජිත් හේවාජුලිගේ)

මෙරට භාවිතා කෙරෙන කොවිඩ් මර්දන එන්නත් තුනකින් ලැබෙන රැකවරණය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා ඒකකයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය තොරතුරු රැසක් අද (26) අනාවරණය කළාය.

ඇය මෙම තොරතුරු අනාවරණය කළේ එම එන්නත් තුන සම්බන්ධයෙන් බහරේන් රාජ්‍යයේ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් නිකුත් කළ පරීක්ෂණ වාර්තාවක් පදනම් කරගෙනය.

මේ අනුව සයිනොපාම් එන්නත ගත් පුද්ගලයකුගේ කොවිඩ් මරණ අනුපාතය සියයට 0.46ක් වශයෙන්ද ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබා ලබා ගත් පුද්ගලයකුගේ මරණ අනුපාතය සියයට0.15ක් වශයෙන්ද ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා ලබා ගත් පුද්ගලයකුගේ මරණ අනුපාතය සියයට 0.03 ක් වශයෙන්ද සටහන් වන බව මහාචාර්යවරිය කීවාය.

එසේම සයිනොපාම් එන්නත ගත් ලක්ෂයක පමණ පිරිසකගෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත්වීමේ හැකියාව ඇත්තේ ඉන් පුද්ගලයන් තුන්සිය පනස් දෙනකු පමණක් බව ඇය අනාවරණය කරයි.

එම 350 දෙනාගෙනුත් මිය යෑමේ ප්‍රවණතාව ඇත්තේ එක් පුද්ගලයකු පමණක් බව සඳහන් වේ.

ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ගත් ලක්ෂයක පමණ පිරිසකගෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත් වන්නේ 136 දෙනෙකු පමණක් බවත් එහිදී එම 136 දෙනාගෙන් එක් පුද්ගලයෙකු මියයාමේ සම්භාවිතාව සියයට .02 ක් බවත් බහරේන් පරීක්ෂණය මඟින් තොරතුරු හෙළිවී ඇතැයි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.

 



අදහස් (4)

එන්නත් තුනක ශක්තිය ගැන හෙළිදරව්වක්

Narada Thursday, 26 August 2021 03:45 PM

ඉතා දුර්වල සංඛ්‍යානමය විශ්ලේෂණයක් ....

:       22       17

shirleyphillips Thursday, 26 August 2021 09:47 PM

රොබර්ට් කොච් ආයතනය. රෝග පාලනය සහ වැළැක්වීම. ජර්මනිය ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ වැඩි විස්තර ලබා දේ.

:       0       6

Perera Friday, 27 August 2021 05:30 AM

ඔය තුනම කවලම් කරලා ගැහුවොත්.?

:       0       3

L.G.P.Jathunarachchi. Friday, 27 August 2021 07:38 AM

කරුණාකර සයිනෝෆර්ම් එන්නත අවම වශයෙන් 4 වතාවක්වත් රටට ලබා දෙන්න .

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 614 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 926 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 2575 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 649 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 766 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 1159 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 70 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 448 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1400 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site