සිංහල හා දෙමළ ජනයා මුහුණ දෙන දැවැන්ත ප්‍රශ්න කන්දරාවකට තවමත් විසඳුම් නැතිව තිබෙද්දී උත්සවයක නර්ථනාගංයක් නිසා ඇතිවූ ගැටුමක් උලුප්පා පෙන්වමින් ඇතැම් පිරිස් ජාතිවාදය වැපිරවීමේ වැඩපිළිවෙළක නිරත වෙමින් සිටින බව යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කර සිටියි.
නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක නර්ථනාංගයක් සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ වචන හුවමාරුව ගැටුමක් දක්වා වර්ධනය වීම කනගාටුවට පත්වන බවත් උගත් බුද්ධිමත් යැයි සම්මත විශ්ව විද්‍යාල සිසුන් නර්ථනාංගයක් සම්බන්ධයෙන් දෙපිළ බෙදී ගුටි ඇන ගැනීම කිසි ලෙසකින් අනුමත නොකරන බවත් එය සිදු නොවිය යුත්තක් බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු උඩුවරගෙදර හා ලේකම් තරිඳු ජයවර්ධන යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.
"මීට සතියකට පමණ පෙර පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ විද්‍යා පීඨයේද සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ නමුත් ඊට ලැබුණු ප්‍රචාරය හා යාපනය විශ්ව විද්‍යාලයයේ සිදුවීමට ලැබුණු ප්‍රචාරය හාත්පසින්ම වෙනස්ය.
යාපනය විශ්ව විද්‍යාලයයේ විද්‍යා පීඨයේ ගැටුමේ වගකීම ඇතැම් සිංහල මාධ්‍ය විසින් දෙමළ සිසුන් පිට පටවද්දී ඇතැම් දෙමළ මාධ්‍ය එහි වගකීම සිංහල සිසුන් පිට පටවනු පෙනෙයි. සිදුවීම වාර්තා කරණයෙන් එහා ගොස් තම මත ප්‍රකාශ කිරීමට ද සිංහල සහ දෙමළ ඇතැම් මාධ්‍ය උත්සාහ කර තිබිණි. මේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ සමහර මාධ්‍ය නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ යාපනයේ සිදුවීම ඇවිලෙද්දී සත්‍ය තොරතුරු දැන ගැනීමට රජයේ මාධ්‍ය දෙසා බලා සිටි පුද්ගලයන්ට සත්‍ය තත්ත්වය දැන ගැනීමේ අවස්ථාව රාජ්‍ය මාධ්‍ය අහුරා තිබිණි. ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කර තිබුණේ නැත. ආණ්ඩුව පැත්තෙන් සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමක් සිදුවූයේ ද නැත.
යාපනය විශ්ව විද්‍යාලයීය විද්‍යා පිඨයේ ඇති වූ ගැටුම කුමන පාර්ශ්වයකින් ආරම්භ වුවද ඊට විසඳුම් සෙවීමේ මඟ සහ ඊට පිළිතුරු දීමේ ක්‍රමවේදය ජාතිවාදය නොවන වග අපි අවධාරණය කරමු.
යුද්ධයට මුවා වී රාජ්‍ය බලය භාවිත කර සිංහල මෙන්ම දෙමළ මාධ්‍යවේදීන් ද, සමාජ ක්‍රියාකාරීන් ද, විශ්ව විද්‍යාල සිසුන්ද මරා දැමුණු යුගය බොහෝ දෙනකුට අමතක වී ඇති බව පෙනෙයි. යාපනයේ උදයන් ගිනි තියද්දී නිශ්ශබ්දව බලා සිටි දෙමළ පිරිස් ද, කොළඹ ලංකා ඊනිවුස්, සිරස වැනි මාධ්‍ය ආයතන ගිනි තියද්දී නිශ්ශබ්දව බලා සිටි සිංහල පිරිස් ද යාපනය විශ්ව විද්‍යාලයයේ සිදුවීම අළලා සිදු කරන ජාතිවාදය වැපිරවීම පරාජය කිරීමට එක්වන ලෙස යාපනය මෙන්ම සියලු විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටිමු. පටු අරමුණු ඇති මහ දෙජාතික දේශපාලනඥයන්ගේ අතකොළු නොවී බුද්ධිමත්ව කටයුතු කරන ලෙස විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ඉල්ලමු.
ආණ්ඩුව ගෙන යන සංහිඳියා වැඩ පිළිවෙළේ සාර්ථකත්වය ගැන සිතා බැලීමට ද මෙය හොඳ උදාහරණයකි. මාධ්‍යවේදීන් කැටුව දුම්රියෙන් යාපනයට ගිය පළියට සංහිඳියාව ඇති නොවන වග ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතුය."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිචාර දැක්කම පේනවා ජාතිවාදී ගිනි අවුලවන්නමයි කැමති කියලා. හැබැයි ඒක නිසා යුද්ධයක් ඇති වුණොත් ගිනි අවුලවපු අය නම් හැංගිලා ඉඳීවි ෂෝක් එකට. (නි)
මේ කියන කතාව ඇත්ත.(හේ)
මේක් මහා කපටි නිවේදනයක්, කෙලින් ප්‍රතිපත්තියක් නැතිව දෙපැත්තටම කථා කරන පිරිසක් බව පේනවා මේ සංගමය. (බ)
2002-2004, අතර කාලයෙත් මේවගේ නපුංසක සංවිධාන තිබුණා. වැරදි කළේ සිංහලයෝ නම් වැරැද්ද සිංහලයගේ. වැරදි කළේ දෙමලා නම් දෙපැත්තේම වැරදි තියෙනවා. (බ)
මේ ගැන විදේශ ප්‍රතිචාරයක් නැද්ද? අර සංවිධාන , මේ සංවිධාන මොනවද කියන්නේ ? තාම උපදෙස් ලැබිල නැතිව ඇති. (බ)
ජාතිවාදය කොතනද ඇත්තේ කියල හොදට හිතල බැලුවොත් හොඳයි. කවුරුවත් ගිනිදැල් අවුලුවන්න ඕන නැහැ. හැබැයි අනවශ්‍ය ප්‍රශ්න ඇති කරලා කවුරුත් විදින්න හොඳත් නැහැ. (ම)
මෙය සත්‍යයක් නම් මොකද පිට අය මේකට සම්බන්ධ වෙන්නේ? (නි)
ජාතිවාදී හෙවණැලි තවමත් අප අතර හොල්මන් කරනවා. දෙමළ මිනිහා කළත් වැරදියි. සිංහල මිනිහා කළත් වැරදියි. මේක මානසික රෝගයක්. විශේෂයෙන් දේශපාලන නායකයන් මේවට උඩ ගෙඩි දෙන්නේ නැතුව හිටියා නම් හොඳයි (නි)
යහපාලනයේ ආශිර්වාදය ලැබේවා! (නි)
මට දැනෙන ලෙස මෙය සිසුන්ගේ ප්‍රශ්නයක් නම් නොවේ (නි)
බමුණු මහත්මයා, ගැහුවොත් ගහනවා කියන එක ශිෂ්ට ලෝකයේ ක්‍රමවේදය නෙමෙයි (නි)
ජාතිවාදය අවුලුවන්න බොහෝ දෙනා බලාගෙන ඉන්න කාලයේ මෙහෙම බුද්ධිමත් නිවේදනයක් නිකුත්කිරීම ගැන ඔබට ස්තුතියි (නි)
සිංහලයා කවදාවත් ජාතිවාදී වූයේ නැහැ. සිංහලයා කියන ජාතිය මේ දක්වා රැකුණේ ඇස්,ඉස්, මස්, ලේ ජීවිත පුජාවෙන්. මුලින්ම මේ රටේ ඉතිහාසය, අතීතය සොයා බලන්න. සිංහලයා වෙනුවෙන් අදහස් දැක්වූ අයට ස්තුතියි. (නි)
දෙවියනේ! මේකද මේ කියන සංහිඳියාව?
වැරදි කරන අයට දඬුවම් දීම ජාතිවාදය නෙමෙයි. සිංහලයාට වෙන අසාධාරණය ගැන කතාකරන්න බැරි නිවට සිංහලයොත් ඉන්නවා. (නි)
දැන් සමහරුන්ට නම් හරි සතුටුයි ඇති (නි)
නිවේදන බලන්න තිබුණා බැරිවෙලාවත් මේක දකුණේ විශ්ව විද්‍යායක සිදුවුණා නම්. සිංහල ළමයි ගුටිකාලා තියෙන්නේ. සංහිඳියා කතා කියන්න සංහිඳියාවක් නැති අයට. (නි)
අපේ වගකිවයුත්තන් මේ ගැන තාම දන්නේ නැද්ද දන්නෙ නැහැ (නි)
දැන් එතකොට කියන්නේ මේ කණට ගහනකොට අනිත් කණත් අල්ලන්න කියලද? (නි)
ගැහැව් වොත් ගහන්න වෙනවා නොගහ හිටියොත් අපි බලු වෙනවා. (බ)
උගුරට හොරා බේත් කන්න අමාරු වෙයි මහත්මයා (බ)
මේ මොන ගොන් නිවේදනයක්ද? පරස්පර කතා. ඔහෙලා මාධ්‍යවේදීන් කියන එක මාධ්‍යවේදීන්ට ලැජ්ජාවක්. (බ)
ගුටිකාලා තියෙන්නේ සිංහල ළමයි නිසා හැමෝම කියන්නේ අවුලුවන්න එපාලු. හදිසියෙවත් ඔවැනි සිදුවීමක් දකුණේ විශ්ව විද්‍යාලයක දෙමල ළමයින්ට වුනානම් බලාගන්න තිබුන සෙල්ලම! (බ)
මෙම සිද්ධිය වෙනත් සරසවියක සිදුවුයේ නම්? (නි)
ඕවා අපිට කියන්න එපා (නි)
සිංහලයා හැමදාම ගුටි කනකොට හොදයි.(ම)