දිවි නැගුම මුදල් වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කැරුණු හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මෙවරද අසනීප වීයැයි කියමින් හිර ගෙදර සිට කොළඹ රෝහලට මාරු කිරීමෙන් පසුව අද පරීක්ෂණ කිහිපයක් සඳහා ඔහු රැගෙන යද්දී අවි අමෝරා ගත් ඔහුගේ බන්ධනාගාර ආරක්ෂකයෝ ද සෙසු පිරිස ද ඔහු මාධ්‍යවේදීන්ගෙන් වසාගෙන ගියහ.
මෙසේ හදිසියේ අසනීප වූ බැසිල් රාජපක්ෂ ලබන පළමු වැනි දා මහනුවර සිට කොළඹට පයින් ආණ්ඩු විරෝධී පා ගමනක යෙදීමට සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැටිය වෙනස් වුණාට, තවම පරණ සින්දුවම යන බවයි පෙනෙන්නේ.ඔය හොර ලෙඩ ඔක්කොම ඉවරයි එලියට ආවම. (අ)
උදේ හවස දෙවියන්ට කියන්නේ නිවටයෝ (අ)
මේක පුදුම ලෝකයක් නොවෙයි පුදුම රටක් , බලය ඇති සමහරු සිංගප්පූරු යනවා ඉස්පිරිතාලවලට බලයේ නැති ඒත් යම් බලයක් ඇති අය වැරදිවලට සිරගත කලවිට සිරගෙයි ඉස්පිරිතාලය හරහා ගෙවීමේ හොඳ ඉස්පිරිතාලවලට යනවා ආරක්ෂාව ඇතිව (අ)
එයි මෙය මෙච්චර අසනීප තියාගෙන දේශපාලනය කරන්නේ??මනසින් සහ ශාරිකව නිරෝගී කෙනෙක් නෙමේද දේශපලුවෙක් වෙන්නේ?මෙය මෙච්චරම ලෙඩෙක් කියල කියන දොස්තර? අහිංසක මහජන මුදල් කොල්ල කපු කෙනෙකුට ඇයි මෙච්චර ආරක්ෂාවක්?(අ)
ඉතින් මෙයාව බන්ධනාගාර ගත කරපු ගමන් ඔහොම හැමදම අසනීප වෙනවනම් , කොහොමද ඔය පාද යාත්‍රාව යන්න හිටියේ , මේවත් අර දිවි නැගුම එකේ සල්ලි සංදර්ශන වගේමයි (බ)
මොන දේ වුනත් මේ වගේ අයගේ පස්සෙන් යන මී හරක් තාමත් අපේ රටේ ඉන්න හින්ද නේද මේ වගේ හැසිරෙන්නේ (අ)
මෙතුමාගේ සියලු අසනීප එන්නේ ඇතුළට ගත්තාම විතරයි (බ)
ලංකා දේශපාලනයේ මර්අවින්ලුගෙන්ත්ම පසු විහිළුකාරයා සහ ගැලරියේ වීරයා (බ)
කොහොමද මළ කෝලම්.(බ)
අපේ රටේ තියන ජාතික ප්‍රශ්නය තමයි බල්ලට බල්ලා කියල කියන්න බැහැ. බුරුවට බුරුවා කියල කියන්න බැහැ. හැබැයි අනිත් අයට එහෙම කියන්න අපිට අයිතිය නැති උනාට ජනතාව නියෝජනය කරන මට මටම කියා ගන්න පුළුවන් අපි තමයි පකිස් බුරුවො කියලා. පකිස්ලන්තයේ දවසින් දවස අලුත් ටෙලි ඩ්‍රාමා ආවට කතා තේමාව හා නළුවෝ පරණ එවුන්මයි. ඒකයි ඉතින් අපිට කිසි ගතියක් නැත්තේ? (අ)
කකුල් දෙකේ පාද යාත්‍රාව රෝද 4 කට බැහැලා (නි)
බන්ධනාගාර රෝහල කොළඹ ජාතික රෝහල සේම සියළු පහසුකම් වලින් සමන්විත රෝහලකි. ශල්‍යාගාරයක් රසායනාගාරයක් ආදී පහසුකම් වලින් සමන්විත එහි වාට්ටු 23 කි. 3 ක් කාන්තා වාට්ටුය. එබැවින් මරණාසන්න රෝගියෙකු හැර අන් රෝගියෙකු ජාතික රෝහලට යැවීමට අවශ්‍යතාවයක් නැත. (අ)
මහජන මුදල් ගසා කාපු හැම සතයක්ම රාජසන්තක කරන්න.ඒ මුදල් වලින් ජනතාවට සහන දෙන්න. (අ)
අපිට සහ අපේ දරුවන්ට ජිවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ කාට අයිති රටක ද කියල හිතෙනවා. (අ)
මේ වගේ පට්ට හොරුන්ට රටේ ජනතාවගේ බදු මුදලින් බෙහෙත් පෙත්තක් වත් දෙන්න වටින්නේ නැහැ (අ)
එතකොට අර සිවිල් පිට ඉන්න කෙනා මාධ්‍යවේදීන්ට ඔච්චර හයියෙන් බිරුවේ? (අ)
රට යටත් කරගෙන හිටිය "වනචර දශකය" කියල කියන්නේ නිකම්ම නෙමෙයිනේ .(අ)
දැන් ඉතින් එක හොරෙක් නිසා මුළු කොළඹ රෝහලම මැරයන්ගෙන් පිරිලා ඇති.මාරාන්තික අසනීපයි නිර්දේශ දුන්නු කෙනාගේ විස්තර ජනතාවට හෙළි කරන්න. (අ)
අර අතක් උස්සන් දුවගෙන එන හාදය කව්ද?මැරයෙක්ද? එහෙම නම් මැරයන්ට මෙතනට එන්න ඉඩ දුන්නේ කව්ද?බ න්ධනාගාර දෙපාර්තමේන්තුවට විශාල කැළලක්. (අ)
උරුගුවේ හිටපු ජනාධිපති තමන්ට ලැබෙන වැටුපෙනුත් බොහොම ටිකයි ගන්නේ. වැඩි කොටස රජයටම දෙනවා. අන්න රටට ආදරය කරන නියම පාලකයෝ. අපේ රටට මේ වගේ කෙනෙක් කවදා ලැබෙයිද මන්දා? (නි)
කරුණාකර තව දුරටත් නීතිය බල්ලට නොදා ක්‍රියාත්මක කරන්න (නි)
එපා කියපුව ඇහුවේ නැති නිසා තමයි එතුමාට මේ වගේ තත්වයක් ඇති වුනේ .(හේ)
අපේ ඇගේ ලේ කුපිත නොකර යහපාලනය කියාගන්න රජය මෙවන් සංදර්ශන නවත්වා හොරා කාපු සියලු ධනය දුප්පත් රටවැසියන්ගේ යහපතට යෙදවිය යුතුයි. (ම)
රාජපක්ෂවරු රටට කල විනාසයේ ප්‍රමාණය මිනීමරු ප්‍රභාකරන් රටට කල විනාසයේ ප්‍රමාණයට වඩා සිය දහස් ගුණයක් වැඩියි. කියල කියන්නේ නිකම්ම නෙමෙයි.බලන්න අපිට ආසාවට කියල ශ්‍රීලන්කන් එකේ එන්න පුලුවන්ද කියල. (ම)
උරුගුවේ හිටපු ජනපතිට ලංකාවේ ඉස්සර තිබුණු මනුස්සකම ලැබිලා තිබේ. අපේ තිබුණු මනුස්සකම සුද්දෝ අරංගිහින් ගොඩාක් කල්. මනුස්සකමක් තිබුණ බව දන්න එකෙක් වත් දැන් ලංකාවේ නැහැනේ. ඒකයි.(ම)
මටනම් පෙන්නේ ආණ්ඩුව හා රාජපක්ෂලා එකතුවී මහජනතාව අන්දවන වගේ ......රගපානවා වගේ..... (ම)
අනේ හැබෑටම මෙහෙමත් දේශපාලන විහිළු? (නි)
මේ මුහුණු දැන් අපිට අප්‍රසන්නයි (නි)
මගේ ඇඟේ ලේ වතුර වෙනවා මේවා දකිනකොට, ඇහෙනකොට (නි)
මේ අයට පිස්සු
මෙහෙම වෙන බව බලයේ ඉන්න කාලෙ හිතුවා නම් වැලිකඩත් සුපිරි කාමර ටිකක් හදාගන්න තිබුනා (නි)
තමන්ගේම මුදල් ගසාකන අයට තමන්ම ආරක්ෂාව සපයන හා හොරුන් වීරයන් සේ පිළිගන්න බන්ධනාගාර අභියස පෝළිමේ පොරකමින් සිටින මහජනතාවක් සිටින අමුතුම රටක් මේක (නි)
මේතරම් ආරක්ෂා කරන්නේ කාවද? වෙන වැඩ නැතිනිසා නොව වෙන වැඩක් නොකරන නිසා හොඳයි (නි)
මෙහෙම මිනිසුන්ට රටේ ජනතාවගේ බදු මුදලින් ගන්න බෙහෙත් පෙත්තක්වත් දෙන්න හොඳ නැහැ (නි)
යහපාලනයට අපි කියනවා මෙවැනි රඟපෑම් වලට ඉඩදෙන්න එපා. මේක දැන් විලාසිතාවක් වෙලා. මම හිතන්නේ මේ ප්‍රභූ කියා හඳුනාගන්න පැලැන්තියට සිරගෙදරට යාම හරිම ගෞරවාන්විත දෙයක් හැටියට සළකන්නේ. මෙයාලා රටේ ජනතාවට සුහද කොකා පෙන්නනවා මදිවට අපේ ගරු අධිකරණයටත් කොකා පෙන්වන්න සූදානම් වගේ. මම හිතන්නේ රටේ මේ ගැන කතිකාවක් ගොඩනැගිය යුතු කාලය දැන් එලඹිලා වගේ (නි)
අනේ හැබෑට මෙහෙමත් නාඩගම් (නි)
පෙනෙන විදියට ඇමෙරිකාවේ සෞඛ්‍ය රක්ෂණයක් ගන්න ගොඩක් වියදම් වෙන හින්දා නොමිලේ බෙහෙත් ගන්න ඕනෑවුණාම ලංකාවට එනවා වගේ. එ්කෙනුත් වදින්නේ අහිංසක ලංකාවේ මිනිසුන්ගේ බදු සල්ලි වලට. (නි)
මේ නරිනාටක වලට කොහෙන් හිනාවෙන්නද මන්දා (නි)
රටේ සිදුවෙන එකම දේ මෙවැනි නාටක විතරයි (අ)
ඔය නිළධාරීන් සියල්ලගෙන්ම ප්‍රශ්න කළ යුතු ඔය හැසිරීම පිලිබදව (අ)
නිරේෂ්. ඔබ හරි. මමත් උදේ හවස දෙවියන්ට කියන්නේ සමාවක්නම් දෙන්න එපා කියලයි.(අ)
මේවා විශ්වාසකරන ජනතාවක් ඉන්නවනේ! (අ)
අපේ රටේ නීතිය, අධිකරණ කටයුතු, බන්ධනාගාර ගතවීම ගෙන විදේශිකයෝ මොනතරම් සතුටුවෙනවා ඇති. බලන්නකොට වර්තමාන යහපාලන රජය අපරාදකරුවන්ට තමා හොඳයි. (අ)
මේ අයව වහන් කරගෙන යන්නේ ඇයි නිලධරුවනී.(හේ)
දැන් මේ අය තවත් විරයෝ වෙනවා.(හේ)
හොඳ වෙලාවට,(හේ)
පොලිස් නිලධාරින් මොකද තියෙන ප්‍රශ්නේ බැසිල් රාජපක්ෂගේ පින්තුර ගන්න එකට? (හේ)
මල කෝලම් මේවා ,වෙනස මේකද (අ)
මේක මාර වැඩක්නේ. ඡායාරූපයක් ගත්තා කියලා වරදක් වෙන්නේ නෑනේ.(හේ)
මේ දේවල් ජනතාව දැක ගත යුතුයි.(හේ)
හොරාකන්න පුළුවන්. මුහුණ පෙන්නන්න බැහැ. මේවා කාටද කියන්නේ ඉතින්. මොනවා කළත් දෙවියන්ගෙන් නම් සමාවක් නැහැ පුතේ. ඇමෙරිකා ගියත් කළකම් පළදෙනවා. (නි)
අයියෝ පොලිසිය! ලැජ්ජයි. (නි)
හැමදාම ඔය බොරු සෙල්ලම් කරලා රටේ මිනිස්සු රවටන්න බැහැ. (නි)
මළ කෝලම්! මේ වැනි නරිනාටක සිදුවන එකම රට ශ්‍රී ලංකාව නම් රට පමණක් වෙන්නට ඇති. ලෝකයෙන් වසන්වී සිටින අඳුරුම අඳුරු දුපතක්. (නි)
මහනුවර සිට කොළඹට පයින් එන්න පටන්ගත්ත නිසා වෙන්න ඇති ලෙඩ වුණේ. මට නම් හරිම දුකයි. මෙච්චර රට වෙනුවෙන් කැපවෙලා ලෙඩ වෙන එකට (නි)
කොයිදේත් සීමාවක් තිබෙනවා (නි)
රෙද්දකිනුත් වහගෙනද අරන් ගියේ? (නි)
ඇයි මේ තුවක්කු දික් කරගෙන.(හේ)
ඔය බන්ධනාගාරෙ ඉන්න ජේලර්ල ලංකා ආණ්ඩුවෙ අය නෙවෙයිද? මේපිළිබඳ බලධාරීන් සොයා බැලිය යුතුයි.(අ)
මෙතන නිල ඇදුම් නැති කිසිවකු සිටිය නොහැකියි. සම්පුර්ණයෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු රෙගුලාසි උල්ලංඝනය කිරිමක් (අ)
ගමේ පොල්ගෙඩිය හොරකම් කරපු එවුන් වහගෙන ගියාට කමක් නෑ.. පොල් ගෙඩියක්නේ හොරකම් කරලා තියෙන්න.. හැබැයි කම්බ හොරු මෙහෙම ගෙන යන එක වැරදි.. රටේ මිනිස්සුන්ට බලාගන්න ඕන මේ මිනිස්සු ගැන.(අ)
පොඩි කොල්ලන් හිතට අරන් වගේ .(අ)
මේවා මහා පිස්සු වැඩ . රජයෙ නිලධාරීන්ට වෙනම අමතර ගෙවීම කරමින් රෝහල් කාර්ය මණ්ඩලවලට අමතර කරදර බාධක පමුණුවමින් මේ කොරන කාලය නාස්ති කිරීම සහ අනවශ්‍ය මුදල් අපතේ හැරීම තවම මේ හොරු වෙනත් ආකාරයකට රටට සහ ජන රජයට බරක් වෙලා . ජනදිපතිතුමනි අගමැති තුමනි මේ නාස්ති කොරන්නෙත් රටේ මහජන මුදල් නොවිද ? (අ)
බන්ධනාගාර නිලධාරීන්ට මොකද්ද ප්‍රශ්නේ? ජනතාව එතුමාගේ අසනීපයගෙන දැනගන්න ඉඩනොදීමට ? (අ)
පින්තුර ගතහම ලෙඩ වැඩි වෙයි කියන බයට තමා ගන්න දීල නැතේ.(අ)
අයියාලට දෙයියන්ගේ හාල් කැවිලද? (අ)
මේ තුවක්කු දික් කරන් ඉන්නේ බන්ධනාගාර නිලධාරීන් .(හේ)
අවි අමෝරාගත් පොලිස් ආරක්ෂකයෝ ලබාදෙන්නේ මොහු සිටින ඇමති කෙනෙකුවද්ද ? ආණ්ඩු පෙරළන්න හිටපු කෙනා බයවෙලා අසනීප වෙලාද කොහෙද? (නි)
රටේ මිනිස්සු මේ දේවල් දැන ගන්න ඕනේ. (හේ)
කාට බොරු කලත් තමන්ගේ හෘදසාක්කියට බොරු කරන්න බැහැනේ. කවදාහරි කළකම් පළදෙනවා. (හේ)
මේ පොලිස් නිලධාරින් නෙවෙයි, බන්ධනාගාර නිලධාරීන්.(හේ)
අපේ නව පොලිස්පති තුමනම් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන කෙනෙක් , හැබැයි මේ පොලිස් පොඩ්ඩෝ නම් ලොකු ලොක්කන්ට පන්දම අල්ලන පාටයි (අ)
අනේ අපි මෙයාව මීට කලින් දැකලා නැනේ. (අ)
ඔහු අසනීප නම් ඔහුගේ අසනීප තත්ත්වය ප්‍රසිද්ද මාධ්‍ය මගින් ප්‍රචාරය නොවිය යුතුයි (අ)
අපේ ගෙවල් පැත්තෙත් ලොකු කුණු ගොඩක් තියනවා. හැබැයි එතන බල්ලෝ රෑනක් ඉන්නවා කාටවත් කිට්ටුවෙන්න වත් දෙන්නේ නැහැ. බල්ලෝ දන්නවනේ කුනුගඳේ තියන කෑම වල රස? (අ)
කොහොමද මෙහෙම දේවල් වෙන්නේ (අ)