ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අද්වීතීය නායකයා වන මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කළ ‘එම් එස් දෝනි - ‘දි අන්ටෝල්ඩ් ස්ටෝරි’ (නොකියූ කතාව) සඳහා රංගනයෙන් දායක වූ ප්‍රකට ඉන්දියානු රංගන ශිල්පී සන්දීප් නහාර් මහතා දිවි නසාගෙන තිබේ. මුම්බායි පොලිසිය එම දිවි නසාගැනීම තහවුරු කර ඇත.
දිවිනසාගැනීමට පෙර සමාජ මාධ්‍ය ජාලයක ඒ සම්බන්ධයෙන් සටහනක් තැබූ ඔහු, පෞද්ගලික ගැටලු මත දිවිනසාගැනීමට තීරණය කළ බව සඳහන් කර තිබිණි. ඒ සමඟ වීඩියෝවක ද පෙනී සිටිමින් එයද මුහුණුපොතට ඇතුළත් කර තිබිණි.
මුම්බායිහි ඔෂිවාරාහි පිහිටි නිවාස සංකීර්ණයක දී, සිවිලිමේ පංකාවක එල්ලී ඔහු දිවි නසාගෙන තිබිණි. මේ බව දුටු ඔහුගේ බිරිඳ, නිවාස සංකීර්ණයේ හිමිකරු සමඟ එක්ව ඔහුව පෞද්ගලික රෝහල් දෙකකට රැගෙන ගොස් ඇති නමුත්, ඒවනවිටත් ඔහු මිය ගොස් සිටි බව දැනගන්නට ලැබී තිබේ. පසුව, ඔහුගේ බිරිඳ ඒ සම්බන්ධව පොලිසිය දැනුවත් කළ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මුම්බායි පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
‘එම්. එස්. දෝනි’ සිනමාපටයේ දෝනිගේ මිතුරා ලෙස රංගනයෙන් දායකත්වය දක්වන්නේ සන්දීප් නහාර්ය. එම සිනමාපටයේම දෝනිගේ චරිතය වෙනුවෙන් පෙනී සිටි සුප්‍රකට රංගන ශිල්පී සුශාන්ත් සිං රාජ්පුත්ද ඉකුත් වසරේ දිවි නසාගත් අතර ඒ සම්බන්ධයෙන් ද දැඩි ආන්දෝලනයක් ඇතිවිය.
ආක්ෂේ කුමාර් නිෂ්පාදනය කළ ‘කේසාරි’ චිත්‍රපටයේත් සන්දීප් නහාර් රඟපෑවේය.
- ඉන්දියා ටුඩේ අනුග්‍රහයෙනි -
16844
(සන්දීප් නහාර් සුෂාන්ත් සිං සමඟ)
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එම්. එස්. දෝනි සිනමාපටයේ රගපෑ සන්දීප් නහාර් දිවි නසා ගනී
තිස්ස Tuesday, 16 February 2021 11:57 AM
ඉන්දියාවේ නළු නිළියන් ගැන මෙච්චර ඉක්මණට දැනුවත් වුණාට සිංහල සිනමාවට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට සහ ටෙලිනාට්‍ය නිර්මාණයට දැවැන්ත සේවාවක් කල ජී.ඩී.එල්. පෙරේරා මහතා ගිය ඉරිදා දහවල් අභාවප්‍රාප්ත වුණා නේද?