”ඇත්තටම මම හරි සරලයි. අහස උසට මාළිගා තනාගෙන හීන ලෝකයක මං ජීවත් වුණේ නැහැ. හොඳක් කළොත් එහි ආනිසංස ලැබෙන බව දැනගෙන හිටියා. ප‍්‍රශ්න ආවට ලොකුවට ඒ ගැන හිතන්නෙ නැහැ. ජීවිතයට සතුට අවශ්‍යයි. මට විවාහ යෝජනා ගොඩාක් ආවා. ඒත් ඒ එකකටවත් මගේ හිත ගියේ නැහැ. මට දෛවය දුන්න කෙනා තමයි අමර්. මම හොයපු, ඊටත් වඩා හොඳ ගතිගුණ තියෙන කෙනෙක් එයා. ඇත්තටම දැන් මගේ ජීවිතය හරිම සතුටින් ගෙවෙන්නෙ.”
මේ විදියට කියන මේනකා පීරිස් ගැන අමුතුවෙන් හඳුන්වාදීමක් කළ යුතු නැහැ. රූපවාහිනි තිරයේ හැඩකාර තරුවක් වන මේනකා මේ දිනවල ඒ හැඩකාර බව මවන්නෙ කළුඅරලියා, සබඳ බබානිස්, දස්කොන් යන නාට්‍ය සමගයි. මේ විදියට අද දවසේ ටෙලි තිරය හැඩකරන මේනකා ඇයගේ ජීවිතය හැඩ කරගන්න මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙනවා. ඒ කියන්නේ ඇයගේ විවාහයට සූදානම් වෙනවා. මේ මස අගදී පැවැත්වෙන මේ විවාහය ගැන සහ සහකරු අමර් ගැන ඇය විස්තර කළේ මෙලෙසිනි.
ඇයි මේ තරම් ඉක්මනටම විවාහය ගන්න තීන්දු කළේ?
මේක ඇත්තටම යෝජිත විවාහයක්. ගිය පෙබරවාරියේ දී තමයි මේ යෝජනාව ආවේ. ඒත් එයා හිටියෙ ලංකාවේ නෙවෙයි. නමුත් මේ යෝජනාව නිසාම ලංකාවට ඇවිත් එයා මාව බලලා ගියා. මුලින්ම මට ඕනෑ වුණේ බාරගත්ත වැඩ ටික ඉවර කරන්නයි. ඊට පස්සෙ විවාහයට දින යොදා ගත්තා.
අපේ අම්මා මගේ කේන්දරය බලන්නෙ ..................?? සේනානායකගෙන්. එයාගෙ අම්මත් කේන්දර බලන්න එන්නෙ එතැනටලූ. කොහොම හරි කේන්දර දෙක ලක්ස් අයියා ළඟ තිබියදී, එයා කේන්දර බලාගෙන යනකොට මේ දෙක අපූරුවට ගැලපෙන බව දැනගෙන ඊට පස්සෙ අපේ අම්මට කතා කරලා තියෙනවා. මේනකා දුව කැමති වේවිද දන්නෙ නැහැ කියලා අපේ අම්මා කියලා තියෙනවා. මේ විදියට කාලය ගතවෙද්දී අමර් අපේ අම්මාට කතා කරලා මේ ගැන විමසලා. ඔන්න ඊට පස්සෙ තමයි අපි දෙන්නා දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත්තෙ. මේනකා පීරිස් කිව්වාම මම මොනවද කරන්නෙ කියලා එයා දැනගෙන හිටියෙ නැහැ. මොකද පසුගිය වසර දහය එකොළහ කාලයේ සිට එයා රැුකියාව කරන්නෙ නෝර්වේ රාජ්‍යයේ නිසා. නෝර්වේ සමාගමක ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස කටයුතු කරන අතරේ එරට සරසවියක සහකාර මහාචාර්යවරයකු ලෙසත් කටයුතු කරනවා.
අවිස්සාවේල්ල. මූලික අධ්‍යාපනය එහිදී ලබාගෙන පසුව කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හමාර කරලා.
අම්මා මට යෝජනා ගොඩක් ගෙනැල්ලා තිබුණා. නමුත් මගේ හිතේ මම හොයපු කෙනෙක් හිටියා. එයා උගත්, සිගරට් x අරක්කු නොබොන කෙනෙක් වෙන්න ඕනෑ කියන මතයේ මම හිටියෙ. මගේ තාත්තා කවදාවත් ගෙදර අරක්කු - සිගරට් බීලා නැහැ. ගෙදර ඒ පරිසරයට මම ආසයි. මේ සියල්ලට අමතරව මගේ වෘත්තිය ගැන තේරුම් ගත්ත බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕනෑ. ඇත්තටම ඒ ගුණාංග ඉහළින්ම ඔහු ළඟ තිබුණා. හැබැයි ඒ වුණාට සංකීර්ණ චරිතයක් නෙවෙයි. බුද්ධිමත්, ඒ වගේම හරිම විනෝදයෙන් ජීවිතය ගෙවන කෙනෙක්.
ඔබගෙ රඟපෑම් ගැන ”අමර්” මොනවද කියන්නෙ?
මම හැමදාම හිතුවෙ මූලික දේ පවුල් ජීවිතය විය යුතුයි කියලයි. අපේ අම්මා අපිව හොඳට හදපු නිසා ජීවිතය අපට දැනුණෙ ඒ විදියටයි. අමර් මගේ රංගන ජීවිතය ගැන බාධා කළේ නැහැ. ඒත් විවාහයෙන් පස්සෙ ඔයාව මට එක්ක එක්කගෙන යන්න වේවි කියලා අමර් කිව්වා. මම ඒක සතුටින් බාර ගත්තෙ. මොකද මම රඟපාන චරිත පවා බාරගත්තෙ හොඳ දේවල්. ඉතින් හොඳ වැඩක් කරලා රඟපෑමෙන් විවේකයක් ගන්න එක හොඳ දෙයක්. අමර් මේ කෙටි කාලයේ දී මං කවුද? කොහොම කෙනෙක්ද කියලා ඇහුවෙ නැහැ. දෑවැද්දට මොනවද දෙන්නෙ කියලා, මං කීයක් හම්බ කරනවද කියලා ඇහුවෙ නැහැ, ඔයාට අවශ්‍ය සියල්ල දීලා, මම ඔයාව අරගෙන යන්නෙ මම හෙව්ව හොඳ බිරිඳකට තියෙන ගතිගුණ ඔයා ළඟ තියෙන නිසා කියලා අමර් මට කිව්වා. ඒ හන්දා තමයි විවාහය ඉක්මනටම සැලසුම් කළේ.
මම හිතන්නෙ මම හරි සරලයි. මගේ අම්මා - තාත්තා - මල්ලි එක්ක මගේ පවුලේ වගකීම් දරන්න මට පුළුවන් වුණා. ඒ අපේ අම්මයි - තාත්තගෙනුයි ලැබුණු යහගුණය නිසයි. කොහොම වුණත් අමර් අපේ පවුලට වඩා ලැදියි. එයා මටත් වඩා මගේ අම්මාට තාත්තාට මල්ලිට ආදරේ කරනවා. මං හිතන්නෙ මම ගොඩාක් පිං කරලා තියෙනවා. එච්චරයි දැනට දැනෙන්නෙ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කියන අය ගැන මම නම් එච්චර විශ්වාස කරන්නේ නැහැ (නි)
ඔයාව දැක්කම මට හිනා යනවා (නදී)
ටික දිනකින් දික්කසාද වෙන්න එපා. (අ)
හොදටම විශ්වාසද?(හේ)
ලස්සනයි (නි)
ඒ කෙනා ගැන නම් අපිත් අහලා තියනවා. (නි)
ආදරේ කියන්නේ ඕකට .ජය වේවා.(හේ)
හරිම ලස්සනයි.(හේ)
සුභ මංගලම් ඔබට.(හේ)
අමර කියන්නේ කොහොමත් අති විශේෂ නමක් බව අපි කලින් ඉඳලම දන්නවා. (නදී)
කොහොමත් ලංකාවෙන් නැතිව පිටරටින් සොයා ගත්තු එක හොඳයි. (නදී)
සමහරු මෙයාගේ විවාහය නිසා කලබල වෙලා දෙවියන්ට භාරවෙන්න ගිහිල්ලා කියලත් ආරංචියි. (නි)
සුබ පැතුම්! (නි)
සමහරුන්ගේ ඊර්ෂ්‍යාව අදහස් වලින්ම පෙනෙනවා (නි)
ඔබ දෙදෙනාට වාසනාවන්ත අනාගතයකට තුණුරුවන්ගේ ආශිර්වාදය පතනවා! ඊර්ෂ්‍යාකාරයෝ කියන කතා ගණන් ගන්න එපා (නි)
දැක්කම ඇග හිරි වැටෙනවා.(අ)
හරිම ලස්සනයි. (ර)
දෙදෙනාටම සුභ පතනවා.සුභ මංගලම්.(හේ)
හොද කපල් එක.සුභ පැතුම් දෙන්නට.(හේ)
සුබ පැතුම්! (නි)
කොහොමටත් මේගොල්ලන්ට ලංකාවේ මාස් පඩි කාරයෝ හරියන්නේ නැහැ. (නදී)
හිරා හරි, මගේ මුළු සර්වාංගයමත් හිරිවැටිලා ගියා මෙයාව දැක්කහම. (නි)
කොහොමත් ඔබ රඟපෑ චරිත හැමගේ මතකයේ තියේවි. වාසනාවන්ත අනාගතයකට තුනුරුවන්ගේ ආශිර්වාදය පතනවා! (බ)
දැකලා සතියෙන් බදින්නත් යනවා.(හේ)
මුලදී ඔහොම කියනවා (දිල්)
වාසනාවන්ත විවාහයකට ඔබට සුබපැතුම්.(හේ)
සුභ පැත්ම්.(හේ)
වාසනාවන්ත දිවියකට ආසිරි පතනවා.........(අ)......................
මහාචාර්ය වුණත් පිට ඔපේට රැවටෙන බව තමයි පේන්නේ.(අ)