
(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබුවේ යැයි සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඔහුගේ නිවසේ තිබී බොර 12 වර්ගයේ ගිනි අවියක්, ”කැප් තුවක්කු” වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 24ක් භාරයට ගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරු ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුනතා සංවර්ධන නිලධාරියකු බවත් එම නිලධාරියා කීය.
වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරීන් සහ වනජීවි නිලධාරින්ඒකාබද්ධව කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් එම පුද්ගලයා මීට පෙර ද ඇතෙකුට වෙඩි තැබීමක් ගැන චෝදනාවක් ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
වලාන දූෂණ මර්දන ප්රහාරක බලකායේ අධ්යක්ෂ සහකර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට ලද තොරතුරක් මත ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සිදුකළ විමර්ශන වලින්අනතුරුව සැකකරු ගල්ගමුව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd