IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


එය තමයි මම ප්‍රධාන චරිතයකින් දායක වන පළමු සිනමා නිර්මාණය

2017-01-04-ent-46

"අනන්තා", "වස්සානයේ ප්‍රේමය", "සිරජ" වැනි ටෙලි නාට්‍යවලට රංගන දායකත්වය ලබාදෙන ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙකි. ඔහු ධනංජය සිරිවර්ධනය. මේ කතාබහ ඔහු සමගය.

 

ධනංජය මේ දිනවල දීර්ඝ ටෙලි නාට්‍ය කිහිපයකින් දකින්න ලැබෙනවා.

2017-01-04-ent-48ඔව්, "අනන්තා" හා "වස්සානේ ප්‍රේමය" ටෙලි නාට්‍යවලට දායක වෙනවා. "සිතැත්ති" කියලා ටෙලි නාට්‍යයක් භාර ගත්තා. දැන් දීර්ඝ ටෙලි නාට්‍යවලට දායකවීම අපහසු කටයුත්තක් කියලා හිතෙනවා. පිටපතක් සහිත දීර්ඝ ටෙලි නාට්‍යයක් නම් ගැටලුවක් නැහැ. මොකද, නාට්‍ය‘යේ සිදුවන්නේ මොකද්ද කියලා අපි දන්නවා. ඒ නිසා ටෙලි නාට්‍ය දීර්ඝ වුණත් කතා රසය තියෙන නිසා නිර්මාණවලට දායක වෙනවා.

 

ඒ කියන්නේ පිටපතක් රහිත ටෙලි නාට්‍යත් තිබෙනවද?

ඔව්, බොහෝ දෙනෙක් එහෙම කියනවා. පෙර පිටපතක් නොමැතිව ඒ රූගත කරන ස්ථානයේදී පිටපතක් ලියලා දෙනවා කියලා. මට එහෙම නාට්‍යයකට ආරාධනා කරලා නෑ. එහෙම නාට්‍ය ලැබෙන්න ඕනත් නැහැ. මම ටෙලි නාට්‍යයක් භාර ගනිද්දි පිටපත බැලීමෙන් අනතුරුව තමයි එයට දායක වෙන්නේ. සිනමාවට ඉඩක් වෙන් කරන්න හිතුවා.

 

සිනමාවට වැඩි ඉඩක් වෙන්කරන්න හිතුවේ ඇයි?

පසුගිය කාලයේ සමහර චිත්‍රපට භාරගත්ත ටෙලි නාට්‍ය නිසා ගිලිහුණා. එනිසා වැඩිපුර කාලය හොඳ සිනමාපටක් වෙනුවෙන් යොදා ගන්න හිතුවා. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ චිත්‍රපට‘යේ හඬකැවීම් අවසන් කළා. එය සුනිල් ආරියරත්නයන්ගේ තවත් දැවැන්ත නිර්මාණයක්. එය තමයි මම ප්‍රධාන චරිතයකින් දායක වන පළමු සිනමා නිර්මාණය. මේ වසර තුළ එය තිර ගතවෙයි කියන බලාපොරොත්තුව තිබෙනවා. සුනිල් ආරියරත්න මහත්මයාගේ චිත්‍රපටයකට දායක වෙන්න ලැබීම ලොකු සතුටක්. ඒ වගේම සුරංග අල්විස්ගෙ චිත්‍රපටයකට දායක වුණා.

 

ටෙලි නාට්‍යවලට බොහෝ කාලයකට පෙර පැමිණිලත් සිනමාවට දායක වෙන්න මෙතරම් කාලයකත් ගත වුණේ ඇයි?

මට සිනමා නිර්මාණවලට දායක වෙනන්න ඕන කියලා ඒ තරම් හදිස්සියක් තිබුණෙ නැහැ. ලංකාවෙ හොඳ ටෙලි නාට්‍යවලට දායක වෙලා තියනවා. සිනමා පිටපත් කළා කියලා ලිස්ට් එකට නම් එකතු කරගන්න, සිනමා නළුවෙක් වීමේ සිහිනයක මම නැහැ. මට අවශ්‍ය වුණේ හොඳ නිර්මාණයකට දායක වෙන්න. මම හිතන්නේ නිවැරදි කාලේ නිවැරදි ලෙසක නිවැරදි දේවල් සිදුවෙනවා.

 

රූපවාහිනී නාළිකාවල විදේශ ටෙලි නාට්‍යයවලට ලැබී තිබෙන ඉඩ සම්බන්ධයෙන් සහ ඒ ටෙලි නාට්‍ය අනුගමනය කරමින් ලංකාවේ ටෙලි නාට්‍ය කරන පිරිස ගැන ඔබේ අදහස?

හැම නළුවෙක්ම, නිළියක්ම ප්‍රසිද්ධියේ කතා නොකළාට නළු නිළියන් මෙන්ම හොඳ අධ්‍යක්ෂකවරයෙකුත් එයට එකඟ නැහැ. එතුළින් දේශීය වශයෙන් සාර්ථක නිර්මාණ මඟ හැරෙනවා. කිසි කෙනෙක් එයට හඬ නගන්නැත්තේ ඇයි කියලා මට තේරෙන්නෙ නැහැ. යම් යම් කාලවල විවිධ කණ්ඩායම් නිර්මාණය කර ඊට විරුද්ධව හඬ නැගුවා. නමුත් ඒ කතාබහ තුළත් කිසිදෙයක් සිදුවෙන්නෙ නැහැ. ලංකාවේ ප්‍රේක්ෂකයා විදේශ නිර්මාණවලට කැමතියි. ඒ නිර්මාණවලින් පෙන්වන ලෝකට මීට වඩා විචිත්‍ර ඇති. විදේශීය ටෙලිනාට්‍ය ලංකාවේ ප්‍රේක්ෂකයන් මෙතරම් තදින් වැලඳ ගන්නේ මම පෙර කියපු පිටපතක් නොමැති නිවැරදි නළු නිළියන් තෝරා නොගෙන හිතවත්කම්වලට රංගනයේ යෙදෙන, ලාභකම පරමාර්ථ කරගෙන නිර්මාණය කළ සමහර ටෙලි නාට්‍ය නිසා තමයි. මිනිසුන්ට ඒ දේවල් එපාවෙලා විචිත්‍රවත් දේ ප්‍රේක්ෂකයා ළඟට ගේන්න විදේශීය නාට්‍යවලට පෙළඹෙන්න ඇත්තේ කියලා මම හිතනවා. මේ විදේශීය ටෙලි නාට්‍ය නවත්වන්න කියනවට වඩා ගුණාත්මක භාවයෙන් උසස් නිර්මාණ බිහිවෙනවා නම් හිතන්නෙ නැහැ විදේශීය ටෙලි නාට්‍යවලට මිනිසුන් තව දුරටත් කැමති වෙයි කියලා.

 

ටෙලි නිර්මාණවලට ඇගයීමක් ලෙස සම්මාන උලෙළවල් සංවිධානය වෙනවා. එම උලෙළවල්වල හොඳම නළුවා ලෙස ඔබේ නමත් නිර්දේශ වෙනවා?

පසුගිය වසරේ විකාශය වූ "රතු අහස" ටෙලි නාට්‍යයට සම්මාන උලෙළවල් කිහිපයකම හොඳම නළුවා ලෙස මම නිර්දේශ වුණා. මම එයට හේතුව දන්නෙ නැහැ. ඒ සම්මානට මට ලැබෙන්නෙ නැහැ. "විරාග" කියන චරිතය කලාතුරකින් නළුවෙකුට ලැබෙන චරිතයක්. තරුණ කලාකරුවෙකු සමාජය දකින විදිහ එහි කතා කරන්නේ. ඒ චරිතය "රතු අහස" නාට්‍ය ඇතුළෙත් පරාද වුණා. සම්මාන සඳහා නිර්දේශවීම ගැන සතුටුයි.

 

ඒ පසුපස තිබෙන්නේ දේශපාලනික කාරණයක්ද?

ඒක දන්නෙ නැහැ. මම පුද්ගලිකව නිර්දේශපාලනිකයි. මම ක්‍රියාකාරී දේශපාලනය තුළ නියැළෙන කෙනෙක් නෙමෙයි. මම කරන්නේ කලාව විතරයි. මොකක් හරි හේතුවක් නිසා දේශපාලන හැමතැනටම ඇප්ලයි වෙලා තියෙනවා. ඒකට මට කරන්න දෙයක් නැහැ. මම ලංකාවෙ දේශපාලනය කරන්නේ තව වසර දහයකින්.

 

ඒ කියන්නේ දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවා?

මම හිතනවා සැලසුමක් හදාගන්න මම ප්‍රාර්ථනා කරන දේශපාලන වටපිටාව තියෙන දවසක් දස වසරකට පසු හෝ ඇති වුණොත් මම ලංකාවෙ දේශපාලනය කරයි. බලාපොරොත්තු වටපිටාව තිබුණොත් ලංකාවෙ දේශපාලනයට එයි.

 

ඔබේ අයියා (මධුමාධව අරවින්දගේ) දේශපාලන ගමන්මග ගැන පැහැදීමක් නැද්ද?

ඔහුට දේශපාලනික පක්ෂයක් වෙනුවෙන් දේශපාලනික අරමුණක් වෙනුවෙන් සටන් කරනවා. ඒක ඔහුගේ රුචිකත්වය, සහෝදරයා වූ පලියට මම ඔහුගේ දේශපාලනය කළ යුතු නැහැ. නොකළ යුතුත් නැහැ. මම කොයි පක්ෂයෙද කියලා මම කියන්නෙ නැහැ. මම මේ මොහොතේ නිර්දේශපාලනිකයි. අයියාගේ දේශපාලන කටයුතුවලටත් මම සම්බන්ධ වෙලා නෑ. අයියා තුළ දේශපාලනයක් තියෙනවා. ඒ වෙනුවෙන් ඔහු පෙනී සිටිනවා. මා වෙනුවෙන් දේශපාලනයක් තියෙනවා. ඒ වෙනුවෙන් පෙනී සිටින කාලය උදාවෙන්නේ තව වසර දහයකින්.

 

ධනංජයගේ ඉදිරි කලා කටයුතු ගැන අවසාන ලෙස සඳහන් කළොත්?

"අනන්තා" සහ "වස්සාන" ප්‍රේමයට හොඳ ප්‍රතිචාර තිබෙනවා. ඒ වගේම ජැක්සන් ඇන්තනීගේ "සී රජ" ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර විශේෂයි. ටෙලි නාට්‍ය වංශකතාවේ "සීරජ" ලංකාවේ හැරවුම් ලක්ෂයක්. විදේශීය ටෙලි නාට්‍යවලට දුන්න උත්තරයක් ලෙස මම මේ ටෙලි නාට්‍ය දකිනවා. සාහිත්‍ය පිරුණු විසිනු ඉතිහාස කතාවක්. එය වීර කාව්‍යයක් ලෙස නම් කර තිබෙන්නේ. දුෂ්කර කාර්යයක් වුණත් බලාපොරොත්තු සහිතව ඉන්නවා එවැනි ටෙලි නාට්‍යයකට දායක වෙන්න. සිනමා පිටපතක් ලියමින් ඉන්නවා. එයත් අලුත්ම අත්දැකීමක් වෙයි. ඒ වගේම රියලිටි තරගයකට දායක වෙනවා. එතුළින් කාලයක් තිස්සේ අත හැරුණු නර්තනය මම පුහුණු වෙනවා. මගේ නර්තනය හා ගීතය මගේ ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්න පුළුවන්. ප්‍රේක්ෂක ප්‍රතිචාර විඳිනවා. විශේෂයෙන් මම හාස්‍ය රංගනයත් සිදුකරනවා. ඒ ගැන සතුටුයි.

 

නිදුක් මධුෂික / ඡායාරූප - කවීත් මිලින්ද

 

2017-01-04-ent-47
2017-01-04-ent-45



අදහස් (0)

එය තමයි මම ප්‍රධාන චරිතයකින් දායක වන පළමු සිනමා නිර්මාණය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1187 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2125 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 935 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9183 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3347 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site