”කසුන් මම මුලින්ම දැක්කෙ මාලනි ඇන්ටිගෙ ෆියුනර්ල් එක දවසෙයි. ඒ කියන්නෙ කසුන්ගෙ අම්මා මාලනි බුලත්සිංහලගේ අවසන් කටයුතු දවසෙයි. එදා අවමගුල් උත්සවයට පැමිණ සිටි සියල්ලන්ටම කසුන් ආචාර කළා. මා ළඟටත් ඇවිත් අත්දෙක එක්කාසු කරලා ආචාර කළා. වචනයක්වත් කතා කරන්න තරම්, ශක්තියක් ඔහුට තිබුණෙ නැහැ. එය ඇත්තෙන්ම අතිශය දුක්බර මොහොතක් වුණා. ඒ වන විට කසුන් සංගීත ක්ෂේත‍්‍රයට ඇවිල්ලා හිටියෙ නැහැ. පස්සෙ කාලෙක එයා දක්ෂතා ඇති කෙනෙක් කියලා ආරංචි වුණා.”
වත්මනෙහි සංගීත ක්ෂේත‍්‍රයේ අපට හමුවන රත්තරන් හඬක් වන කසුන් කල්හාර ගැන, මිහිරිතම හඬක් ඇති ගී කෝකිලාවක වන බුන්කා සම්මානයෙන් පිදුම්ලද උරේෂා පවසන්නෙ ඒ විදියටයි. අද මගේ ඇසින් විශේෂාංගයට කසුන් ගැන උරේෂා තවත් කියන්නෙ මොනවද බලමු.
උරේෂා කසුන් එක්ක මුලින්ම ගීතයක් ගැයුවෙ මොන අවස්ථාවකදී ද?
”ආදරණීය වස්සානය” චිත‍්‍රපටයෙ යුග ගීත සඳහා තමයි මුලින්ම මට කසුන් එක්ක ගීතයක් ගයන්න ලැබුණෙ.
එදා ඒ ගීතය නිර්මාණය කරද්දී මොනවද වෙච්ච සිදුවීම්?
දයානන්ද පෙරේරා මහතාගේ ශබ්දාගාරයේදී තමයි පටිගත කිරීම් සිදුවුණේ. සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ මහත්තයත් හිටියා. ගීතය වෙනුවෙන් අපි පෙර පුහුණුවක් කළා. ගීතය විකාශය වන කාලය විනාඩි දෙක තුනක් වුණාට හැඟීම්බර ගායනයක් නිසා ඒ හැඟීම් දැනවීම ගැන අපි දෙන්නම හිතුවා. ඒ නිසා අපට ඊට උපරිම සාධාරණය කරන්න පුළුවන් වුණා. ඒ ගීතයෙන් මතුවන ආදරණීය හැඟීම උපරිමයෙන් දෙන්න පුළුවන් වුණේ, සංගීතය සහ ඒ හැඟීම් ගායනය නිසයි.
ඔහු මොන වගේ කෙනෙක්ද? කා එක්කවත් හිනාවෙන්නෙ නැති ආඩම්බරකාරයෙක් කියලත් සමහරු කියනව නේද?
මට සිටින හොඳම යාළුවෙක්. ඇත්තටම කසුන් කියන්නෙ හරි නිවිච්ච තැන්පත් චරිතයක්. වැඩිය කතා නැහැ. කතාකරන්නෙ අවශ්‍ය තැනට, අවශ්‍ය දේට විතරයි.
ඔබ කියන්නෙ ඔහු ආඩම්බර නැහැ කියලද?
ඔහු හරි සරල පුද්ගලයෙක්. ආඩම්බරයි කියලා හිතෙනවා ඇත්තෙ ඔහු අර ඉස්සෙල්ලා කිව්ව විදියට හැසිරෙන නිසා වෙන්න ඇති. ක්ෂේත‍්‍රයේදී කිසිම ආඩම්බරකමක් නැතිව උදව් කරන කෙනෙක්. මොකක් හරි ප‍්‍රසංගයක් පවත්වන්නට පෙර ඒ ගැන කතා බහ කරලා ඊට හොඳට පෙර සූදානම් වන කෙනෙක්.
ආධුනිකයින්ට උදව් කරනවද?
ආධුනික ප‍්‍රවීන කියලා භේදයක් නැහැ. එයා කා එක්කත් සුහද හොඳ පුද්ගලයෙක්. එයාගෙන් ආධුනිකයින්ට වගේම සමහර පළපුරුදු අයටත් ඉගෙන ගන්න තියෙන දේ බොහොමයි.
ඒ මොනවගේ දේවල්ද?
කසුන් ප‍්‍රසංගයකට එන්නෙ ලැහැස්ති පිටයි. තමුන්ගෙ ගායනය ගැන ලොකු උනන්දුවක් දක්වන කෙනෙක්. ඒත් මතුපිටින් දැක්කාම එහෙම නෙවෙයි කියලා හිතෙන්න පුළුවනි. ගායන ක්ෂේත‍්‍රයේ සමහර අය තමා ආටිස්ට් කියලා කැපී පේන්න කරන දේවල් තියෙනවා. සමහර විට කන බොන විදිය පවා වෙනසක් කරන්න හදනවා. ඒත් කසුන්ට ඒ ”ස්ටාර්” හෙවත් තරු සංකල්පය නැහැ. ඇඳුම පවා අඳින්නෙ තමුන්ගෙ පහසුවටයි. එයා ගායනයෙන් කැපී පේන්න මිසක් බාහිර අලංකරණ ආටෝප වලින් කැපී පේන්න හදන කෙනෙක් නෙවෙයි. ගායනය ඉස්මතු කරන කෙනෙක්.
ඔහුගෙ ගායනය ඔබ දකින්නෙ කොහොමද?
අතිශයින්ම හැඟීම්බර ගායකයෙක්. හැඟීම් ගයන්න හැමෝටම බැහැ. කසුන් විශේෂිත වෙන්නෙ ඒ හින්ඳමයි.
ඔහුගෙ ඔබ කැමතිම ගීතය මොකක්ද?
ඔක්කෝම ගීත එක වගේ ලස්සනයි. ඒත් ”ආදරණීය වස්සානේ” ගීතයට ගොඩාක් කැමතියි.
බොහෝ දෙනා කියන්නෙ ඔබගෙ හඬට යුග ගී ගයන්න සුදුසුම හඬ කසුන්ගෙ කියලයි. ඔබ කොහොමද ඒ ගැන හිතන්නෙ?
ඇත්තටම ඒක හරි. අපි දෙන්නට ගීත පවා ලැබෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.
ඔබ හැර තව කා එක්ක යුග ගී ගයන්න කසුන්ගෙ හඬ ගැලපෙනවද?
ඒක එක එක්කෙනාගෙ දැක්ම අනුව වෙනස් වෙන්න පුළුවනි. කොහොම වුනත් නිරෝෂා විරාජිණී අක්කගෙ හඬත් කසුන්ගෙ හඬට වඩාත් ළඟ බව මට හැෙඟනවා.
ගැයුම සහ සංගීත අධ්‍යක්ෂණයට හැර කසුන් වෙන මොනවට දක්ෂයි කියලද ඔබ හිතන්නෙ?
එයාගෙ දෙමාපියන්ගෙන් ලද සංගීත ඥානය එක්ක කසුන්ගෙ මුළු ආත්මයම දක්ෂ සංගීතයටයි. ඒ හැර වෙන මොනවට ද දක්ෂ කියලා මම දන්නෙ නැහැ.
කසුන්ට වඩාත් ගැලපෙන්නෙ මොනවගේ ඇඳුමක් කියලද හිතන්නෙ?
මම හිතන්නෙ එයා මේ අඳින විදිය වඩාත් හොඳයි.
එක්තරා ප‍්‍රසංගයකදී ඒ ප‍්‍රසංගය මෙහෙයවපු කෙනා කිව්ව දේ කසුන් කළේ නැහැලූ නේද?
මෙහෙමයි, ඒ ප‍්‍රසංගය හැඩ කරන්න ඕනෙ නිසා අපි දෙන්නා යුග ගීතය ගයද්දී නිෂ්පාදක ඇවිත් කසුන්ට කකුලක් පඩිය උඩ තියාගෙන ගීතය ගයන්න දන්නෙ නැද්ද පොඩි හැඩයක් දෙන්න කියලා කිව්වා. ”මේ අපෝ අපෝ මට නම් ඔය රඟපෑම් බැහැ” කියලා කසුන් කිව්වා. එය තරහකට නෙවෙයි. කසුන් ඒ තරමටම සරලයි.
යුග ගී ගයද්දී තවත් සිදුවීම් වෙලා තියෙනවද?
මම අඩි උස සපත්තු දාලා ගියාම, ”මේ... මේ... ටිකක් ඈතට වෙලා සිංදු කියන්න” කියලා තමයි කියන්නෙ. මොකද එතකොට මම තවත් උසටනෙ පේන්නෙ, ඒ නිසා.
කසුන් ගැන වචන දෙක තුනකින් විග‍්‍රහයක් කරනවා නම්?
”හිත හොඳ මනුස්සයෙක්”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කසුන්ටත් කසුන්ගේ ගීත වලටත් එකසේ කැමතියි. ඔහුගේ ගතිගුණත් මම ඉතා අගය කරනවා. ඒ වගේම උරේෂා කවිහාරිත් මා අගය කරන ගායිකාවක්. ඔබ දෙපළ එකට කියනා ගීතා ඉතාම අලංකාර කණට මිහිරි විදියට කියනවා. දිනෙන් දින වැජඹේවා! (නි)
ෆීල්ඩ් එකේ විකිනෙන්නෙ නැති අය ඉන්නවා නම් කසුන්ට ප්‍රමුඛතාවය ලැබෙන්න ඕනා. ලංකාවෙන් බිහිවු අග්‍රගණයේ ගායකයෙක්.ඔබට සුභ පැතුම්!.(නදී)
ඇයි බිමල්ට සිංහල තේරෙන්නේ නැද්ද? දෙන්න අතර තියෙන සම්බන්දය මොකක්ද කියලා මේකෙ කියවෙනවනේ. ඒ දෙන්නා සහොදර ගායන ශිල්පීන් දෙදනෙක්...බිමල් ඔයාට තියෙන්නෙ මානසික ලෙඩක්. ඒක අපේ දූපතේ ගොඩකටම තියෙනවා...(නදී)
කසුන් කල්හාර කියන්නේ අපේ රටේ අංක එකේ කලාකාරයෙක්.නියම දක්ෂයෙක් (නි)
රාග තාල අරන් දුවන නාලිකා වලින් පුම්බපු ඔස්තාර්ලාට වඩා මේ අය කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ බලන්න. අනේ වාසනාවන්. (නි)
බිමල්ලා වගේ අයට තමයි ගමේ ගොඩේ ගැහැණු චරිත කියලා කියන්නේ.කෙල්ලෙක් කොල්ලෙක් කතා කරන්න බැහැ. හරිම පිළිකුල් ඔය වගේ දෙපැත්තටම නැති කතා....!!!! (නි)
කසුන් මගේ හොදම ගායකයා. ඒ වගේම මලානි බුලත්සිංහල මහත්මියත් හරිම හොද කෙනෙක්. මගේ නංගිගේ බෑන්ඩ් එකේ(රාජිනි මුසික් බෑන්ඩ්) මුහුරත් උළෙලට මාලනි බුලත්සිංහල මහත්මිය ඇවිල්ලා සින්දු හයක් කිව්වා. නමුත් එය ලංකාවේ එය සහභාගි වුණ අවසාන ප්‍රසංගය වුණා. ඒ වීඩියෝ එක මම ගාව තම සුරක්ෂිතව තිබෙනවා. (නි)
කසුන්ගේ කට හඩට මන් කැමතියි''. ආදරනිය වස්සානය'' සහ ඇරබුමම කදුලක් වෙලා 'යන ගීත දෙකට මන් ගොඩක් කැමතියි.(නදී)
නීල් කොස්ත සහ බිමල් වගේ අය දරන අදහස් වලින් පේනවා මේ අයගේ ගෙවල් වල ජීවන රටාවත්.අබුඩාබි පොඩ්ඩා නියම පිළිතුරක් දුන්නා. ස්තුතියි (නි)
කසුන්, නදීක ගුරුගේ වැනි අය තමයි මීළඟ අමරදේවයන්, කේමදාසයන් වන්නේ. උරේෂා හරි, ප්‍රවීනයන්ටත් කසුන්ගෙන් ඉගෙන ගන්න දේවල් තිබෙනවා. තමුන්ට හදාගත්ත ගීතය පවා වෙන අයට දීල ඔවුන්ව ජනප්‍රිය කරපු උතුම් හවදතක් ඇති කෙනෙක් කසුන්. (ස)
අනුව දශකයේ අම්මගේ අතේ එල්ලී මිලානෝ වලට පැමිණි කසුන්ව අපිට හොඳට මතකය. (දී)
සුන්දර මනුස්සයෙක්.. (නදී)
ඔබ දෙපලට සුබ පැතුම්! (නි)
මෙතන කිරි කළයට ගොම දාලත් තිබෙනවා (නි)
හැබැයි ඉතින් බොහොමයක් කලාකරුවෝ අකාලයේ අපට නැතිවුණා මත් වතුර නිසා. කසුන්, ප්‍රවේශමෙන්. (නි)
කසුන් කල්හාර අපේ රටට සම්පතක් (නි)
ක්ලැරන්ස් විජේවර්ධනගෙන් පසු බිහිවූ හරිම අපූරු සංගීතඥයෙක්. (නි)
ඔයාව අපිට ඕනි කසුන්. ස්වයන් වරණය දිගටම කරගෙන යන්න කසුන්. විනොදවෙන්න . පරිස්සමින් කසුන්. මිනිස්සුන්ගේ හිත වලට කාටත් ඉස්සර එබිලා බලන්න පුළුවන් කලාකාරයෝ ඉන්නේ අතේ ඇඟිලි ගානට . ඒ අතරින් ඔයා අපේ හිතේ උඩින්ම ඉන්නවා. ගොඩක් පරිස්සමින් කසුන්.(දිල්)
මම උරේෂා අක්කට වගේම කසුන්ගේ සින්දු අහන්නත් ආසයි.දෙන්නටම හොඳ හැකියාවක් තියෙනවා.මම සුබ පතනවා. (ස)
තරුණ සංගීත ශිල්පියන් අතරේ කසුන් කල්හාරගේ, සංගීතමය සලකුණ අනාගත සුබවාදී සිංහල ගීතයේ සුබ ලකුණක්. (නි)
නව පරපුරේ තාත්වික ගාම්බිර හඬක් තියෙන කොල්ලෙක්.මම සුබ පතමි.. (දී)
කවුදෝ කෙනෙක් ඇහුවා පරණ ගායකයෙක් ළඟින්වත් කසුන් කල්හාරව තියන්න පුලුවන්ද කියලා. කසුන් කල්හාර එක එක්කෙනා ළඟින් තිය තියා ඔබ රස විඳින සංගීතය මොකක්ද? කසුන් කල්හාර නමැති ගායකයා , කසුන් කල්හාර නමැති ගායකයා ලෙසම පමණක් අඳුනාගන්න උත්සාහ කරන්න. ඔහුගේ දෙමව්පියෝවත්, අනුන් ඔහු ගැන කියන දේවත්, ඔහු අඳින දේවත්, ඔහු කන බොන දේවත්, ඔය මොන එකක්වත් ඔහුගේ සංගීතය නොවෙන බව වටහාගන්න. කසුන්ගේ සංගීතය, සංගීතය ලෙස රස විඳීමට ඔබට වාසනාව ලබේවා!! (නි)
දෙන්නම හොදයි. (නදී)
ලොක්ක ඔය හරි (ස)
එක්කෙනෙක් නම් හොද චරිත සහතිකයක් දීල තියෙන්නේ... (නි)
රත්තරන් හඬක් (අ)
බිමල් නරක කතා කියන්න එපා සහෝදරයා........(අ)
නිල් කොස්තා, ඔබේ සංගීතය පිළිබද දැනුම ඉතාම අල්ප බැව් පෙනේ. කසුන් කල්හාර අසමසම ගායකයෙක්. (නි)
කසුන් කියන්නේ ලංකාවේ අපේ පරපුරේ බිහිවුණ විශිෂ්ටතම ගායකයා.. එකේ විවාදයක් නෑ. උරේෂා ඔබේ මේ පැසසීම අහල මම ගොඩක් සතුටු වුණා.. ඔබ දෙදෙනාටම ජය.. තව බොහෝ කලක් අපිව පිනවන්න ලැබේව.. දිගු ගමනකට අසිරි(දිල්)
කසුන්ගේ අම්ම අපේ සංගීත ටීචර්, මාලනී මිස් හරිම අහිංසකයි. කසුන්ට වරදින්න බැ. එයාගේ අම්ම හරිම හොද ගැහැනියක්, කසුන්ව ආනන්දෙට ගිහින් මිස් අරගෙන එනවා මට මතකයි.(නදී)
ඇත්තටම ඉතාමත් කාලින සංවාදයක් ..තව තවත් දියුණුවෙන්න කියල මම මගේ හදවතින්ම ප්‍රර්ථනා කරනවා.. කසුන් කල්හාර කියන්නේ අද කාලේ විකාර ගීත වලට ලොකු අභියෝගයක් .. ඒක අපේ රටට ආඩම්බරයක් ..උරේෂා රවිහාරි කියන්නේ අද්විතීය ගායිකාවක්. ඔය වගේ පැසසුමක් අහන්න ලැබීම ශ්‍රී ලාංකිකයන් හැටියට අපිටත් ලොකු ආඩම්බරයක් .. මම ඉන්නේ ලංකාවෙන් පිට ඒ වගේ පිට රටක තනිවෙලා ඉන්න අපිට කසුන් වගේ ගායකයන්ගේ ගීත අහන්න ලබෙන්නේ ලොකු පාළුවක් බිද දමන තරම් කියල නිමකරන්න බැහැ...ඔයාල සැමටම දිර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා .. අපි ශ්‍රී ලාංකිකයෝ ...අපිට අපේ දේ අගෙයි ලොකුවටම ...(නදී)
කසුන් උරේෂා අපට් සම්පත් (නදී)
ඉතාම දක්ෂ, තරුණ ගායකයෙක්. ඔහුගේ "අප්පච්චී" ගීතයට මන් හරිම කැමතියි. ඔබට දීර්ඝ ගමනක් යාමට සුභ පැතුම්...!!!!!!(නදී)
ඇත්තටම එයාගේ සින්දුවලට ගහන්න සින්දු නැහැ... ඇත්තටම කිව්වොත් සුපිරි පොරක්... මගේ අසම සම ගායකයා කසුන් අයියා ... එයාගේ රෝමාන්තික ඔපෙරාවේ සින්දුවනම් පට්ට .. ගුඩ් ලක් කසුන් අයියේ (නදී)
කසුන් කල්හාර තමයි මට දැනෙන විදියට හොඳම ගායකයා(නදී)
හොඳ හැකියාවක් තියෙනවා .තමන්ට ආවේනික ඌ ආරකින් ගීත ඉදිරිපත් කරන්න උත්සහ කරනවා . සුබපතනවා (නදී)
අපේ රටට ලැබුන දායාද මේ සුන්දර චරිත.. ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ !(නදී)
ඔහුගේ ආදරණීය වස්සානය ලීතය හුගක් ලස්සන හිතේ රැදුන ගීතයක්. කල්හාර ගොඩක් වටිනා ගායකයෙක්.(නදී)
කසුන් මගේ යාළුවා සුබ පතනවා (නදී)
කසුන් යය සහ උරේෂා අක්කි අපේ රටට ලැබුන සම්පතක් ඒ දෙදෙනාගේ කලා ජිවිතයේ ඉදිරි ගමන සාර්ථක වේවා!!!!!!(නදී)
කසුන් මම ඔයාට හදවතින් සුබ පතනවා මට අතීතය මතකයි. මලානි මිස් ඔයාගේ අම්ම ගමට කරපු සේවය ඒ වගේම ඔබගේ පියා සියලු දෙනාම සරල හිත හොද අය හැටියටයි මම හැදිනගෙන හිටියේ අවුරුදු දිනවල ඔබගේ පියාත් අප ටික දෙනකුත් ගී කියමින් විනෝද උන කාලය කවදාවත් මට අමතක නැහැ ..ඔබත් මමත් ඉන්ද්‍ර චාපා ලියනගේ සොහයුරාත් සමග සංගීත ප්‍රසංග වලට ගිය සුන්දර මතකය මට ආඩම්බරයක් අද ඔබ ඉන්න තැන දකිනවිට මට ඇතිවෙනවා .ඔබට තෙරුවන් සරණි මම රවී අයියා ......දුර රටක සිට .....(නදී)
මමනම් හිතන්නේ මේ දෙන්න අතර මොකක් හරි සම්බන්දයක් ඇති (දී)
අති දක්ෂ, නිහතමානී සංගීතඥයෙක්. ගායනය, වාදනය ආදී සම අංශයකම දක්ෂයෙක්. රසවිදියහැකි දේ අපට හැමවිටන ලබාදෙන ඔබට සුබ අනාගතයක්. උරේෂත් ඒ වගේම කෙනෙක්. (දී)
ඇත්තටම මම ගොඩක් ආස කරන ගායකයෙක්. ආදර මල් වල සින්දුවට ගොඩක් ආසයි.(නදී)
අපේ රට තිස් වසරක යුද්ධයකින් පීඩිත වෙච්ච රටක්. වීරයන්, නායකයන්,භික්ෂූන් මරා දමපු රටක්.මිනිස්සු මේවා අහල දැකල රෑට කේන්තියෙන් නින්දට ගිය රටක්. මේ මිනිසුන්ට අහිමි වූ සතුට, ආදරය නැවත ඔවුන්ට ලබා දෙන්න ඔබලා දෙදෙනාටම හැකිවී තිබෙනවා. ඔබලා දෙදෙනාම වෘත්තියෙන් කරන මෙම සමාජ මෙහෙවර අප ඉතා අගේ කරනවා.(නදී)
මේක හොද කතා බහක් කසුන් කියන්නෙත් උරේෂා කියන්නෙත් ගායනයදී හොද හැඩතල තියෙන දෙන්නෙක්. මම දැකල තියනවා වෙනත් අය සින්දු කියනවා කෑගහල කියනවා මට අප්පුඩි ගහන්න කියල අනේ මේ දෙන්න සිංදු කියන කොට ලග ඉන්න මිනිසු හුස්ම ගන්න සද්දෙත් ඇහෙනවා කවදාවත් ඒ මොහොත අමතක වෙන්නේ නැහැ. සමහර අය සින්දු කියල ස්ටේජ් එකෙන් බැහැලා යනවා අපි දන්නෙත් නැහැ ඒ අය දන්නෙත් නැහැ මොනවා කිව්වද කියලා. අපිත් අපරාදේ ආවේ කියල යනවා. මේ දෙන්නගේ කසුන් උරේෂ් සින්දු ඕනෙම කෙනෙක් සුවපත් කෙරනවා ඇහුවහම.(නදී)
බිමල්,ඔහොම කතා කියන්න එපා. ඔය දෙන්නම වැදගත් දෙමුපියන්ගේ දරුවෝ. ඒ වගේම දෙන්නම විවාහ වෙලා දරුවන් ඉන්නවා. මේ වගේ කටකතා පතුරනවිට ඒවා පෙරළිලා ඔයාලටම තමා එන්නේ. ඒ නිසා සංවරව අදහස් දමන්න.අනුන්ගේ කුණු ඇවිස්සීමට පෙර තමන්ගේ ගෙදර කුණු ගැන හිතන්න. ඔබට ජය (නි)
ලංකාව ඇතුළත කසුන් කල්හාරට අභියෝගයක් නැහැ. ඔහු හැබැවටම ලංකාවේ සංගීතයේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන්ම මැවූ කෙනෙක්. (නි)
ලංකාව ඇතුලේ කසුන් කල්හාරට අභියෝගයක් නැහැ. ඔහු හැබැවටම ලංකාවේ සංගීතයේ අනාගතය සුභ සිද්දිය වෙනුවෙන්ම මැවු කෙනෙක්. (නදී)
ඇත්තටම කසුන් සහ උරේෂා කියන්නෙ අපේ රටේ සිටින දක්ෂතම කලාකරුවො දෙන්නෙක්. (නි)
ගීතය වෙනුවෙන් යමක් කලහැකි පිරිමි කට හඩක් හිමි ඔබ වැනි දක්ෂයන් තවත් බිහිවේවා. ඔබට සුබ අනාගතයක්. (ස)
බිමල්,ඔහොම කතා කියන්න එපා ඔයාට පව් එයාල උනත් මේවා බලනවා එයාලත් පවුල් ජිවිතයට කැමති මිනිස්සු සංවරව අදහස් දමන්න මේවා කිව්වේ ඔයාට තරහට නොවේ ..උරේෂා රවිහාරි කියන්නේ අද්විතීය ගායිකාවක්.ලංකාව ඇතුළත කසුන් කල්හාරට අභියෝගයක් නැහැ (දී)
කසුන් කියන්නේ දක්ෂ ගායකයෙක් වගේම හොද මනුස්සයෙක් (නි)
මට හිතෙන්නෙත් මේ දෙන්නගේ මොකක් හරි සම්බන්ධයක් ඇති (නි)
කසුන් කල්හාරට අභියෝගයක් නැහැ කියා කිහිප දෙනෙක් අදහස් දමා තිබෙනවා මා දුටුවා. කසුන් කල්හාරට ඉතා ලොකු අභියෝගයක් මේ රට තුල ඇත. එනම් මාගේ පෙර අදහසේ පරිදි මේ මිනිසුන්ට ආදරය, සතුට බෙදා දෙන එක කෙසේ කළ යුතුද යන්න කළමනාකරණය කිරීමයි. හේතුව මේ පීඩිතයන්ට ආදරය සතුට, විඳින්නට යමක් ඉදිරිපත් කරන ඔහු වීරයෙකි. මෙවැනිම දක්ෂ නළුවෙක් අපට හිටියා. මහත් හැකියාවලින් යුත් ඔහුද ජනතා ආදරයට පාත්‍ර වුණා. නමුත් අකාලයේ තම ආර්ථික දේශපාලන වාසි තකා 'කඩේ යාම' නිසා ඔහු අද එම රසිකයන්ගේම වෛරයට පාත්‍ර වී ඇත. (නි)
කසුන් කල්හාර ඔබ අපට ආඩම්බරයක්. උරේෂා රවිහරි ඔබ තුමියත් අපේ රටේ ඉන්න දක්ෂතම ගායිකාවක්. ඔබ දෙදෙනා අපේ රටට සම්පත්.(නදී)
අපේ හිටපු පරණ ගායකයන් ලගින්වත් තියන්න පුලුවන්ද මෙයාව (දී)