ඇත්ත වශයෙන්ම බෞද්ධ රටකට එල්ලුම් ගස අනවශ්‍යයි. බෞද්ධයන් වශයෙන් අප කාටත් කරුණාව මෛත්‍රිය කළ යුතුයි. බුදු පියාණන්ගේ ධර්මය අනුව කිසිවකුගේ පණ නැසීමට අපට නොහැක.
එනමුත් මාගේ දැනීමේ හැටියට අද සමාජයට එල්ලුම් ගස අවශ්‍යයි. එල්ලුම් ගස ක්‍රියාත්මක වුණා කියා අපරාධ නැතිවෙන්නේ නැත. නමුත් 80% ක් අපරාධ අඩුකර ගත හැකිය. එල්ලුම් ගස ක්‍රියාත්මක වුණා කියා අපරාධකරුවන් ඒ ගැන නොසිතා නීතියට අහුනොවී ඒ අපරාධය කළ හැකි යැයි සිතා ඒ අපරාධය කිරීමට උත්සාහ කරන්නේය. ඒ නිසා එල්ලුම් ගස පිළිබඳව හොඳ ප්‍රචාරයක් අවුරුද්දක් පුරා කළ යුතුය.
වෙළඳ දැන්වීම් කරන අයුරින් පැය 24ම අපරාධයක් කිරීමට සිතා සිටින අපරාධකරුවන් කරන්න හදන අපරාධය මේ ප්‍රචාර නිසා සමහර විට නවතා දමන්න පුළුවන්. එසේත් නැතිනම් එකවරම ඒ අපරාධය නොකර කල් දැමීමට පුළුවන. පසුව ඒ අදහස එසේම අමතක වීමට පුළුවන. අහුවුනොත් මා එල්ලයි යන බියක් ඇති වනවා ඇත්ත එයයි.
එල්ලුම් ගස් ගියත් කමක් නැහැ මම උඹව මරනවා කියන අය ඉන්නවා. නමුත් මරන්න යන්නේ නැහැ. සිතේ තිබෙන වේදනාව තරහ නිසා එවැනි වචන නිකම්ම මුවින් පිටවෙනවා. ඊට පස්සේ එල්ලුම් ගස ගැන කල්පනා කරනවා. එල්ලුම් ගස් ගියත් කමක් නැහැ කියා ඒ අපරාධය කළහොත් අනිවාර්යයෙන්ම එල්ලා මරා දැමිය යුතුයි. හේතුව එවන් අපරාධකරුවන් අල්ලා හිරකර ඒ අයට කන්න දීගෙන රජයේත් මහජනයාගේත් මුදල් නාස්ති කළ යුතු නැත. යම් කිසි සමාව දීමක් යටතේ නැවතත් එළියට පැමිණ ඒ අපරාධයට වඩා දරුණු අපරාධවක් කිරීමට උත්සාහ කරන්නේය.
පොඩි දරුවන් දූෂණය කරනවා මරනවා යැයි දිනපතා පත්තරවල ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් කියනවා. එය සැවොම බලනවා අහනවා. අපරාධකරුවන් එය බල බලා ගිහින් ඒ අපරාධයම කරනවා. එය අපරාධයක් කියා දැන දැනම කළහොත් ඒ අපරාධකරුවාව මරා දැමිය යුතුය. ඒ අපරාධකාරයා සමාජයට පිළිකාවක් පිළිලයක්.
මරණ දඩුවම ක්‍රියාත්මක වන බව දැන දැනත් අපරාධ කරනවා. ආදි කාලයේ සිටම එල්ලුම්ගස මරණ දඬුවම අනවශ්‍යයි කියන අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අය වැරදියි කියා මා කියන්නේ නැත. නමුත් යම් දිනයක ඒ අයටත් යම් කිසි අපරාධයක් වුවහොත් ඒ අය කියන්නේ මූව එල්ලලා මරලා වැඩක් නැහැ ගල්වලින් ගහල මරන්න ඕන කියලා. එතකොට ඒ අය පරක්කු වැඩියි. ඒ නිසා එල්ලුම් ගස ක්‍රියාත්මක කළහොත් 80% ක් අපරාධ අඩුකර ගත හැකි බව මාගේ හැඟීමයි.
රටේ සෑම තැනකම අපරාධ වැඩිවුවහොත් ඒ කියන්නේ පිසාචයන් යක්ෂයන් සහ සාතන්ලාගේ වැඩ වැඩිවුණොත් ධර්මිෂ්ඨ ජනතාවට ජීවත්වීමට අමාරු වෙනවා. ඒ අයගේ වැඩ වැඩිවුනොත් එය බලපාන්නේ රජයට පොලිසියට හා ජනාධීපතිටයි. එය දැනටමත් වෙමින් පවතිනවා. හරියට රට පාලනය කරන්න දන්නේ නැහැ කියා උද්ඝෝෂණය කරන්න පටන් ගන්නවා. ජනතාව නීතිය අතට ගන්න උත්සාහ කරනවා.
මම මෙතැන අපරාධ කියා හැඳින්වූයේ මිනීමරුවන්ටයි. ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය රටට ගෙනත් අනාගත පරපුර නැති කරන අවජාතක අපරාධකරුවන්ටයි. මෙම අපරාධකරුවන්ට උදව් කරන සෑම දෙනාටම දැඩි දඬුවම් දිය යුතුයි. පුරවැසිභාවය නැති කර මහපාරේ සිඟාකෑමට යැවිය යුතුය. අපරාධකරුවන්ගෙන් යැපෙන හිඟන බන්ධනාගාර නිලධාරීන් සොයා ඔවුන්ට වෙනම බන්ධනාගාරයක් සාදවා දැඩි දඬුවම් දිය යුතුය. අපරාධකරුවන්ගෙන් ලබාගත් දේපළ සියල්ල රාජසන්තක කළ යුතුය. මේ කුඩු පාවිච්චි කිරීමෙන් ඔවුන්ගේ මොළය කුඩුවෙනවා. ඔවුන් කරන්නේ මොකක්ද කියා ඔවුන් දන්නේ නැහැ. අහිංසක දැරියක දූෂණය කරන්නෙත් මංකොල්ල කන්නෙත් විවිධ අපරාධකරුවන් ඔය කුඩු පාවිච්චි කරන අහිංසක තරුණයෝය. අවුරුදු 2 -4 දැරියකගේ මොනවා තියෙනවා කියලා හිතාගෙනද මේ වගේ අපරාධ කරන්නේ. ලංකාවේ තරම් පොඩි දැරියන් දූෂණය කරන වෙන රටක් ලෝකේ තියේද කියා මට හිතෙනවා.
මෙතනදී පොලිසිය අවංක විය යුතුය. බොරු නඩු දමා මිනිසුන් හිරේට හෝ එල්ලුම් ගහට නොයැවිය යුතුය. එහෙම වුණොත් දෙවියන්ගෙන් ලැබෙන දඬුවම තද වැඩියි. එය බොරු නඩුවක්, පළිගැනීම සඳහා කළ බව ඔප්පු වුවහොත් ඒ පොලිස් නිලධාරියාට දැඩි දඬුවමක් හෝ මරණ දඬුවමක් දිය යුතුය.
මෙතැනදී ගංජා භාවිතාකරන්නන් ගැනත් මා යමක් කිව යුතුය. ගංජා අපේ රටේ ඕනෑම තැනක වැවිය හැකි පැලයකි. මෙය බෙහෙතටත් පාවිච්චි කළ හැකි බව අසා ඇත්තෙමි. තොග වශයෙන් ගංජා සමග අයකු අත් අඩංගුවට ගතහොත් ඔළුව උස්සන්න බැරිවෙන්න ලොකු දඩයකුත් හිරේටත් නියම කළ යුතුය.
ලංකාවේ නීති තද කළහොත් අපරාධ අඩුකරගත හැකිය. නීතිය පොතට පමණක් තද කර ඇති ඵලක් නැත. මාසෙන් දෙකෙන් තීන්දුවුනොත් හිරේට යවන්න ඕනෑ. මරණය තීන්දු වුනොත් සුමාන දෙකක් ඇතුළත එල්ලා මරා දමා ඒ පිළිබඳ ප්‍රචාරයක් දිය යුතුය. අවුරුද්දක් මෙය කර බලන්න. ඔක්කොම හරි යාවි.
මම මේ ලිපිය ලියන්නේ ඉතාමත් වේදනාවෙන් ගිය රජය කුඩුවලට වැට නොබැඳ උදව් දුන් බව පත්තර කියවීමෙන් මම දැන ගතිමි. දැන් සිටින තරුණයන් කියන්නේ ‘වරෙන් මචං කුඩුපාරක් දාලා ආතල් එකේ ඉම්මු කියා‘ ඒ තරමට ගිය රජය කුඩුවලට අනුබල දී ඇති බවයි මගේ වැටහීම. රටේ තරුණයන් කුරිරු අතට හැරී පිස්සන් වීමට ප්‍රථමයේ ගරු ජනාධිපතිතුමනි කුඩුකාරයන් සියල්ලම එල්ලා මරා දමන්න. සහෝදර සහෝදරියනි මේ සෑම දෙයක් ගැනම සිතා අපි එකට එකතුවී එල්ලුම් ගස ක්‍රියාවට ගෙන ඒමට කටයුතු කරමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලුම්ගහ ගැන සිතීම පසෙක දමා රජය සහ විශ්ව විද්‍යාල රටේ සිදුවන සියලු අපරාධ පිළිබඳව සමාජ විද්‍යාත්මක පර්යේෂණ අඛණ්ඩව සිදු කරමින් දුර්වල තැන් සොයා ඒවාට අප්‍රමාදව කාලීන පිළියම් යෙදිය යුතුය. (ම)
මරණ දඬුවම දෙන්න කලින් සිතන්න මරණීය දණ්ඩනය ගේන්න කියලා කියන අකුරක් අකුරක් පාසාම අකුසල් වෙනවා වරද කරලා මරණෙට නියම වන කෙනා එතැනින් එය ඉවර වෙන්න පුළුවන්. නමුත් එයාට මරණ දඬුවම දුන්න ගමන් අපි සියලු දෙනාමත් එයා කරපු ක්‍රමේට හවුල් වෙලා. එයත් නිරයේ යනවා අපිත් නිරයේ යනවා. එය සත්තයි. එම නිසා එල්ලුම් ගහ එපා (බ)
ලිපියට ස්තුතියි. එල්ලුම්ගස පැරණි ක්‍රමයක්. නවීන ක්‍රමයකට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළයුතුයි කියා සිතනවා (නි)
මරණ දඬුවම් දෙන්න කලින් පොලිස් සේවයට බුද්ධිමතුන් බඳවා ගන්න ක්‍රියාපටිපාටියක් ඇතුළත් කරන්න ඕනෑ. නැත්නම් වෙන්නේ වැරදිකරුවන් සිටිද්දී අහිංසකයන් මරණයට පත්වීමයි. සේයා දැරියගේ සිද්ධිය හොඳ උදාහරණයක්. ජාන තාක්ෂණය නිසා අහිංසකයන් බේරුණත්, තව අහිංසක මිනිස්සු කීදාහක් මෙහෙම නිකරුණේ අත්අඩංගුවට ගන්න ඇද්ද? උසස් තාක්ෂණික මෘදුකාංගද පොලිසියට ලබාදිය යුතුයි. (නි)
මම වැඩකරන්නේ සෞදි අරාබියේ දැන් අවරුදු 3ක් වෙනවා ඇවිල්ල. කිසිම අපරාධයක් අද වෙනතුරු දැක්කේ නැහැ. මෙහෙ අපරාධයක් වුනොත් දෙන දඩුවම අපි දන්නවා, හැමෝම දන්නවා, ඒ බයට කවුරුත් කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ රට හොද උදාහරණයක් ලංකාවේ මරණ දඬුවම ක්‍රියාවට නගන්න. (බ)
ඕක ලබන අවුරුද්දෙත් ඔන්චිල්ලාව බදින්න තමා ගන්න වෙන්නේ. (ම)
මමත් කියන්නේ එල්ලුම්ගහ ඕනෑ (නි)
එල්ලුම්ගහ ඕනෑ (නි)
ඔබතුමා කියන දේ හරි. ජර්මනිය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවලට නීතියක් කියා දෙයක් තිබෙනවා. දඬුවම් ලැබෙන්නේ නියම වැරදිකාරයට. නමුත් ඒ රටවල මරණ දඬුවම නැහැ. (නි)
එල්ලුම්ගහ ඕනෑ කියන මතය අද සමාජයට ගැළපෙන්නේ නැති බව මගේ අදහසයි (නි)
ඔබ තුමා පවසනදේ සත්‍යයයි. (ම)
ඕනෑම අපරාධයක් කර ගැළවෙන්න පුළුවන් තත්වයකයි ලංකාවේ නීති හුඟක් දුරට තිබෙන්නේ. අපරාධ අඩුකරන්න කාට හෝ සැබෑ අවශ්‍යතාවයක් තිබෙයි නම්, අනිවාර්යයෙන්ම ලිහිල් නීති වෙනස් කරන්න ඕනෑ. ඒකේ වාදයක් නැහැ. ඕවට විරුද්ධ වෙන්නේ හොරමැරකම් කළ අයයි, ඒවා කරන්න අදහස් කරගෙන ඉන්න අයයි. අනිවාර්යයෙන්ම එල්ලුම්ගහ ඕනෑ. එතකොට අපරාධ අඩුවෙන එකේ සැකයක් නැහැ. (නි)
කවින්දගේ අදහසට මමත් එකයි. ඒවගේම එල්ලුම් ගහ නිසා අපරාද අඩු වෙනවනං ඇමෙරිකාවෙත් අපරාද අඩු වෙන්න ඕනේ. (ම)
හැමදේටම වඩා හොඳ පොලිස්සියක් ඕනේ මේ රටට , එතකොට 50% අපරාද අඩු කරගන්න පුළුවන් (ම)
එල්ලුම් ගහ ගෙනාව පලියට අපරාද අඩු වේවි කියන්න බැහැ.එල්ලුම් ගස්, වෙඩි තබා මරණ රටවල් කොච්චර තිබුණත් මිනිස්සුන්ගේ අපරාද අඩුවක් තියෙනවා කියන්න බැහැ.උදාහරණයකට සෞදි අරාබිය ගත්තොත් සතියකට කී දෙනෙක් එල්ලනවද ඒ වගේම කී දෙනෙක් ලේ වන්දි දීල බේරෙනවද? අපේ රටේ තියෙන නීති නිසියාකාරව ක්‍රියාවට නංවල සමාජයේ තියෙන නුගත් කම,දිලිදු කම නැති කරන්න පිළියම් කලහම මේ තත්වය මග හැරේවි! (ම)
ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන රටක දැක්ම වෙන්න ඕනෑ අපරාධකාරයන් එල්ලා මැරීම නොවේ. නීතිවේදීන් සහ දාර්ශනිකයන් පෙන්වාදෙන ආකාරයට ''ඇහැට ඇහැක්'' ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම බෞද්ධ දර්ශනය අගයන අපේ රටට ගැළපෙන්නේ නැත. වියයුත්තේ තිරසාර දැක්මකින් සමාජ ආකල්ප වෙනස්කිරීම සහ ගුණධර්ම ඇතිකිරීමට පුළුල් වැඩසටහනක් දියත්කිරීමයි. (නි)
ඔබේ කියමන 100%ක් සත්‍යය. මුළු ශ්‍රී ලාංකිකයින්ම කියා සිටින්නේ ලංකාවට එල්ලුම් ගහ පැය 24න් ක්‍රියාවට නන්වනවා නම් එයයි කළ යුත්තේ ...!!! (ම)
ඔබ කියන කතාවේ හොද දෙයක් තියෙනවා. නමුත් අර ඔබ කියලා තිබුණ ආකාරයට පොලිසිය බලෙන් නඩු දාලා නිවරදිකරුවෙක් එල්ලුම් ගහට යවලා දඩුවම දීමෙන් පසුව ඔහු නිවැරදිකරු බව පසුව හෙළි වුණොත් කොහොමද අර නිවැරදි කරුට සාධාරණය ඉටු කරන්නේ. පොලිසියට පසුව දඩුවම් කිරීමෙන් ඔහුට සාධාරණය ඉටු වෙන්නේ නැ නේද? ලංකාවේ පොලිසිය මීට වඩා ගොඩක් තාක්ෂණය අතින් දියුණු වෙන්න ඕන. (ම)
අදහස නම් නියමයි (බ)
ජර්මනියේ සිටින ඔබ තුමාට ලංකාවේ එල්ලුම්ගහ ගැන අදහස් පළ කළ හැකි වුවත් රටින් පිට ජීවත් වන එම නීතියෙන් ඔබ කෙලින්ම බලපෑමට යටත් නොවෙන බැවින්, මෙවැනි බරපතල කාරණාවක් සම්බන්ධව එසේ අදහස් පළ කිරීම තරමක් දුරට සුදුසු නැති බව මගේ මතය ලෙස ඔබ වෙත ගෞරවයෙන් දන්වමි. (බ)
ඔබතුමාගේ අදහස අපිත් අනුමත කරනවා. එල්ලුම්ගහ ඕනෑ. (නි)