ලෝක පොල් වගාකිරීමේ දින ජාතික සැමරුම් උළෙල අද (02) කථානායක නිළ නිවාස පරිශ්‍රයේදී වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක, නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.
මහකන්නයේ පොල් පැල විසිපන් ලක්ෂයක් රෝපණය කිරිමේ වැඩසටහන ආරම්භ කරමින් එහි පළමු පොල් පැළ දෙක කථානායක කරු ජයසුරිය මහතා හා වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා අතින් රෝපණය වුනේ සුබ මොහොතිනි.
රටපුරා එකම මොහොතක ස්ථාන 52 කදී නව පොල්පැළ විසිදාහක් අද දින රෝපනය කැරිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මේකවත් හරියට කරයිද කියලා (නි)
අලුත් පක්ෂය හදන්න කලින් මෙවැනි දෙයක් කළ එක හොඳයි. ඒ අය හැමදේටම පොල් ගහනවනේ (නි)
දිගටම ක්‍රියාත්මක වුණොත් හොඳයි (නි)
වී වගාකළ නොහැකි ඉඩම් වල පොල් වගාකළ නොහැකිද? රටේ බොහෝ තැන් වල පුරන්ව ගිය ඉඩම් ඇත. කිසිම වගාවකට අවසරද නැත. අපරාදේ! මේ සඳහා කිසියම් නීතියක් සකස්කළොත් මහත් සහනයක්. ඇමතිතුමනි, ඔබේ අවධානය යොමු කරන්න (නි)
ඉඩම් කුඩාවීගෙන යනවා. අර හයිබ්‍රිඩ් ආණ්ඩුව වගේ ‘හයිබ්‍රිඩ් පොල්පැළ‘ බෙදාහැරීමත් වැඩිදියුණු කරන්නයි තියෙන්නේ. (නි)
කුඹුරුවල වී වගා කරන්න. පොල් වගාකරන ඉඩම් වල පොල් වගාකරන්න. මේ පොල්පැල ලබාගන්න ක්‍රමය කියන්න පුලුවන්ද? (නි)
මෙයාලට නැමෙන්න බැරි හින්දද පඩිපෙලක් කපල තියෙන්නේ??(රේ)
මේක ලබාගන්න ක්‍රමයකුත් සඳහන් කරන්න. (රේ)
කෑමට කෙසේ වෙතත් දෙවියන්ට පුදන්න පොල් රැකගත යුතුය. (රේ)
ජනහිත ඔබ හරි එත් වර්ග කල හැකි නොකළ හැකි කියල වර්ග දෙකකට ඉඩම් වෙන් කල හැකි බව ඔබ දන්නේ නැද්ද ?(රේ)
මා විසින් පොල්, කෙසෙල්, පැපොල්, ගම්මිරිස් වැනි වගාවන් 1982 සිට කරනවා. දැනට මෙම වගාවන් අසාර්ථක බැවින් මා විසින් වගාවන් අතහැර දමා ඇත. මෙයට ප්‍රධාන හේතුව වල් ඌරන්, රිලවුන්ගෙන් වන හානියයි. පොල් සිටුවීමෙන් පළක් නැත, මෙම සතුන්ගෙන් වන හානිය වැළැක්වීමට නොහැකි නම් (නි)
පොල්පැල හිටවලා විතරක් මදි ඒවාට පසු සොයාබැලීමක් සහ අවශ්‍ය සහනාධාර ලබාදිය යුතුයි (බ)