(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිස් නිල ලාංඡනයක් සහිත ශරීර සුවතා ටීෂර්ට් එකක් හැඳ සිටි 24 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරකු කොළඹ ආර්. ඒ. ද .මෙල් මාවතේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.
පොලිස් පරීක්ෂකවරයකු වන තම ඥාතියෙකුගෙන්පොලිස් නිල ලාංඡනය සහිත මෙම ශරීර සුවතා ටීෂර්ට් එක ඉල්ලා ගත් බවසැකකරු පවසන්නේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම පොලිස් පරීක්ෂකවරයා රාජකාරි කරන පොලිස් ස්ථානය ගැන ද තොරතුරු මෙම සැකකරු විසින් හෙළි කරන ලදැයි පොලිසිය පවසයි.
මෙම ටී ෂර්ට් එක පැළඳ සිටි තරුණයා සමග සිටි ඔහුගේ මිතුරකුද ප්‍රශ්න කිරීම සඳහා සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනාම හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි කරුවෝ වෙති.
රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.
තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ ’’එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ’’ නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
එස්.අයිගේ ටීෂර්ට්ය ඇඳ බැකෝ එලවලා
chandima Saturday, 18 November 2023 02:57 AM
ටී ෂර්ට් එකක් ඇන්දා කියලා අත්අඩංගුවට ගන්නේ මොකටද? ටී ෂර්ට් එක ගලවලා අරන් මිනිහාට නඩු විභාග කරන දවසට එන්න කියලා ගෙදර යැව්වා නම් ඉවරයිනේ. මිනී මරලද නැහැනේ... බැංකු කඩපු අය පාලනය කරන රටක ඕකත් මහ කජ්ජක්ද? කාකි කෝට් එක දාගත්තාම වැඩ්ඩෝ වෙන්න දඟලනවා. ඇමැතියෙක්, මන්ත්‍රියෙක් යද්දි නැට්ට අස්සේ ගහගන්නවා.
Perera Saturday, 18 November 2023 03:45 AM
සිරි ලංකාවේ ලොකුම අපරාධකරු අල්ලා ගන්නා ලද පොලීසියට මහජනතාවගේ ස්තූතිය...!
Bamunuarachchi Saturday, 18 November 2023 05:09 AM
හොරකමක්, වංචාවක් කරලා නොවෙයි නේද? පොලිස් නිල ඇඳුම් ඇඳලාත් නොවෙයි. ඇඳුම ඇන්ද කෙනාද වැරැදි ඇඳුම දීපු කෙනාද වැරදි...?
කොස්තාපල් පුණ්‍යකර්ම Saturday, 18 November 2023 05:42 AM
මේ ඇඳුම රජයේ එකක් නම් රජයේ දේපළ පුද්ගලික පරිහරණයක් වෙනවා... නැතත් බලහත්කාරයෙන් කරන වැඩක් නම් පොලිසියේ අයුතු මැදිහත්වීමක් වෙනවා.. මෙයට එම නිලධාරියාත් වරදක් කළා මෙන්ම වරදට අනුබල දීම මත අධිකරණයට ඉදිරිපත් කර දඬුවමක් දියයුතුයි... එසේම පොලිසියේ ගරුත්වයට හානි කිරීමේ වරදට ඔහුට විනයානුකූලව දඬුවම් කරන්න ඕනෑ... ආයතන සංග්‍රහයේ 11කාණ්ඩය බලා දෙපාර්තමේන්තු මට්ටමෙන් දඬුවමක්ද කරන්න පුළුවන්...!
lankaputha Saturday, 18 November 2023 07:04 AM
මොන නීතියද කඩ කළේ...!