IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


එස්. ඕ. එස්. සභාපතිවරයා ලංකාවට එයි

එස්. ඕ. එස්. ශ්‍රී ලංකා ළමා ගම්මානයේ 35 වෙනි සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා එස්. ඕ. එස්. ළමා ගම්මාන ජාත්‍යන්තර සභාපති සිද්ධාර්ත් කෝල් මහතා සහ එහි ආසියානු නියෝජ්‍ය ලේකම් ජනරාල් ශූභා මූර්ති මහත්මිය බ්‍රහස්පතින්දා (5) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 
ශ්‍රී ලංකාවේ එස්. ඕ. එස්. ළමා ගම්මාන හයක් පිළියන්දල, ගාල්ල, නුවරඑළිය, මොණරාගල, අනුරාධපුර සහ යාපනය කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වේ. එම ගම්මානවල වෙසෙන කුඩා මෙන්ම යොවුන්  දරුදැරියන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කෙරෙන සුවිශේෂී සංස්කෘතික ප්‍රසංගයක් එස්. ඕ. එස්. 35 වන සංවත්සරයට සමගාමීව මෙම 7 වෙනිදා පස්වරු 6 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත බැව් එස්. ඕ. එස්. ළමා ගම්මාන ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂ ආනන්ද කරුණාරත්න මහතා පවසයි. 
එස්. ඕ. එස්. ළමා ගම්මාන ජාත්‍යන්තර සභාපති සිද්ධාර්ත් කෝල් මහතා සහ එහි ආසියානු නියෝජ්‍ය ලේකම් ජනරාල් ශූභා මූර්ති මහත්මිය මෙම සංවත්සර සැමරුම් ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වන අතර එස්. ඕ. එස්. ශ්‍රී ලංකා ළමා ගම්මාන සන්නාම තානාපතිවරුන් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම හා ජනප්‍රිය නිළි පූජා උමාෂංකර් විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වීමට නියමිතය. 
එස්. ඕ. එස්. ළමා ගම්මාන ව්‍යාපෘතිය 1981 වසරේදී මෙරටට හඳුන්වා දී තිබේ. ලොව රටවල් 134 ක මෙම ළමා ගම්මාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසක් එහි රැකවරණ ලබති.

 

 



අදහස් (0)

එස්. ඕ. එස්. සභාපතිවරයා ලංකාවට එයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 385 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 850 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 126 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 589 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6804 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2247 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 342 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site