IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


'එස්.ටී.එෆ් ගැටළුවට මුල පොලිස් මාධ්‍ය ඒකකය අත්හිටුවීමද?'

පොලිස් මාධ්‍ය ඒකකය ඉක්මණින් යළි ස්ථාපිත කර දෙන බව තමා කළ විමසීමක දී නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා පැවසූ බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා පැවසීය.

චාවචක්චේරි බෝම්බ සිද්ධිය ගැන ප්‍රකාශයක් මාධ්‍යකට ලබා දීමෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය  මාධ්‍යට තොරතුරු ලබා දීම නතර කැරුණු අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ දුරකතන අංකයද අක්‍රීය කැරිණි.

පසුගිය දා සිදුකළ කොකේන් වැටලීම පොලිස් විශේෂ කාර්ය බළකායෙන් කළත් එය ඔවුන්ට නිසි ගෞරවයක් හිමි නොවීම නිසා ඒ ගැන මාධ්‍යයට වෙනමම දැනුම් දීමට විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පතිට සිදු විය. ඉන් පසු එය මාධ්‍ය සාකච්ඡාවක් ලෙස එළියට යෑම නිසා විශාල ආන්දෝලනයක් ඇති විය.

පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයයෙන් ජනමාධ්‍ය වෙත ලිඛිතව දැනුම් දී නොතිබුණු අතර මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයයෙන් මාධ්‍යයට වාචික තොරතුරු ලබා නොදීම නිසා ඒ ගැන පොලිසියෙන් විමසීමට ද ජනමාධ්‍යයට නොහැකි විය.

ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට පොලිස් විශේෂ කාර්ය බළකායට සිදුවූයේ ඔවුන් වැටලීම කළ බව මාධ්‍යයේ පළ නොවීම නිසා බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයයෙන් මාධ්‍යයට වාචික තොරතුරු දීම නවත්වා ඇති නිසා වැටලීම ගැන විමසීමට මාධ්‍යවේදීන්ට හැකියාවක් නැති බවත්, තවමත් එය පිහිටුවීමට අපහොසත් වී ඇති බවත් කියමින්  මාධ්‍යවේදීන් විමසද්දී ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ පොලිස් මාධ්‍ය ඒකකය විධිමත්ව පුළුල්ව පිහිටුවීමට සාගල ඇමැතිවරයා කටයුතු කරමින් සිටින බවයි.

ඒ වන තෙක් පොලිස්පතිට කතා කර පොලිසියේ තොරතුරු ලබා ගත හැකි බව ද ඔහු කීවේය.

Cabinet-Press



අදහස් (0)

'එස්.ටී.එෆ් ගැටළුවට මුල පොලිස් මාධ්‍ය ඒකකය අත්හිටුවීමද?'

මහේෂ් Thursday, 23 June 2016 06:41 AM

පැය විසිහතරෙන් විසුරවන්න පුළුවන්. හැබැයි පිහිටුවන්න තවම කටයුතු කරමින් සිටිනවා. තව මාස ගානක් සමහරවිත අවුරුද්දක් විතර කටයුතු කරමින් ඉඳියි (නි)

:       0       0

මහේෂ් Thursday, 23 June 2016 06:43 AM

මේ අය කොහොමත් ඉක්මන් වෙන්නේ තිබුනු දෙයක් නැතිකරන්න මිසක් ඇතිකරන්න නෙමෙයි. ඇතිකරන්න නම් අවුරුදු ගානක් ලැහැස්ති වෙනවා. (නි)

:       0       0

ටෙනිසන් Thursday, 23 June 2016 01:57 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 23 June 2016 02:04 AM

පොලිසිය කොතරම් කාර්යක්ෂම වුවත් අපේ සුදුවතින් සැරසුන අයට ක්‍රෙඩිට් එක ගියේ නැත්නම්, මොන වැඩේ වුණත් කුණු කූඩයට තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 916 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 447 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 391 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 328 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1598 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1722 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38808 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site