IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘එස්.ටී.එෆ් හිටපු ලොක්කා ඇල්ලීම අනුමත කරන්නේ නෑ‘

පසුගිය මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබූ පරාජයට වගකිව යුතු අය නව පක්ෂයක් හා එක්වීම පක්ෂයේ නව ගමනක් සඳහා ස්වභාව ධර්මයා විසින් මග විවර කර දීමක් යැයි ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

පක්ෂයේ පරාජයට හේතු වූ සාධකය ලෙස තමන්ම වරද භාරගත් බැසිල් රාජපක්ෂ මහතාත්, පසුගිය කාලයේ රටට ජාත්‍යන්තර මතුවූ ගැටලූ සම්බන්ධව වගකිව යුතු හිටපු විදේශ කටයුතු ඇමතිවරයා හා පක්ෂයේ ගෞරවයට හානි වන ආකාරයේ දේ කළ හිටපු පළාත් පාලන නියෝජිතයින් කිහිපදෙනෙක් නව පක්ෂයක් හා එක්වීම පාක්ෂිකයින්ට ගැටලූවක් නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

 රජයේ නිලධාරීන් පීඩාවට පත්කරමින් නීතිය ක්‍රියාත්මක කරනවාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බව කී අමාත්‍යවරයා ඒ ගැන ජනාධිපතිවරයාගේ ද අප්‍රසාදය පලවී ඇති බව කීවේය.

විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරීතුමන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ වාහන භාවිතය පිළිබඳ රුපියල් 1,40,000ක කරුණක් සම්බන්ධයෙන් බව කී අමාත්‍යවරයා වංචා දූෂණ මගින් මහා පරිමාණයෙන් දේපළ උපයාගත් අය සිටියදී රාජ්‍ය නිලධාරීන්ට මෙසේ නීතිය ක්‍රියාත්මකවීම අනුමත නොකරන බව ද සඳහන් කළේය.

අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර 8 හිදී අද (29) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.



අදහස් (0)

‘එස්.ටී.එෆ් හිටපු ලොක්කා ඇල්ලීම අනුමත කරන්නේ නෑ‘

පෙරේරා Wednesday, 30 November 2016 06:50 AM

කවුරු කළත් වැරැද්ද වැරද්දමයි .පොඩි ලොකු කියා වැරදිකරුවන් නිදැල්ලේ ඇරීමට පොලීසියට කියන්නේ රෙදි ඇඳගෙනද ? (බ)

:       0       0

ශාන Wednesday, 30 November 2016 07:18 AM

තරාතිරම නෙමෙයි හලෝ වැදගත්, වැරදි ද නැද්ද කියන එක. (ම)

:       0       0

සෙනෙවි Tuesday, 29 November 2016 04:36 PM

ඇමතිකමක් ගත්තට තමන්ට ඕනෑ හැටියට වැඩක් කරගන්න බැරුව අසරණ බවට පත්වෙලා ඉන්න බව පේනවා අපිට නම් (නි)

:       0       0

මිනිපෙ Tuesday, 29 November 2016 05:22 PM

මොන ලොක්කා වුණත් වැරැද්ද වැරැද්දමය. (නි)

:       0       0

ජනහිත Tuesday, 29 November 2016 06:52 PM

මොනවද මේ කතා? දෙපැත්තටම කතා කරනවා. ඔය වරදට දැන් කොච්චර වියදම්වෙලා තියනවද? කයිවාරු ගහන්නේ නැතුව ඡන්දය තියන්න වැඩ බලන්න. (නි)

:       0       0

සුනිල් විජේසේන Wednesday, 30 November 2016 09:58 AM

අර බදුල්ල පැත්තේ හිටපු ඇමති කෙනෙක් වහකුප්පි 3 නක් ගෙනාවා එයින් එකක් ඔබතුමාටත් වෙන්කරගන්න (බ)

:       0       0

අසෝක Tuesday, 29 November 2016 08:39 PM

ඒ කියන්නේ එස් ටී එෆ් එකට රටේ නීතිය වලංගු නැහැ කියලද? මෙහෙමත් ඡන්දදායකයෝ ඉන්න රටක්? නීතිය නවන්න සහ නීතිය වලංගු නැහැ කියන අය ලබන ඡන්දෙදි එළවන්න ඕනෑ. නීතිය සැමට එක වියයුතුයි. (නි)

:       0       0

පාන්ඩියන් Tuesday, 29 November 2016 09:45 PM

රුපියල් දහයක් හොරකම් කළත් වරද වරදමයි. මේ සැකකරු රජයේ වාහනයක් අරන් ගියේ කොහොමද? නීතියට ඇඟිලි නොගසා හිටියොත් හොඳයි. නඩු විසඳන අය දන්නවා නීති ක්‍රියාත්මක කරන හැටි. වටිනාකමේ තරම අනුව සැළකීමක් ඔවුන් ළඟ නැහැ. (නි)

:       0       0

උපාලි Wednesday, 30 November 2016 12:12 AM

ඇඟ බේරාගැනීමට කියන දෙයක්. මේක පාලනයේ වැරැද්දක්. (නි)

:       0       0

ජයන්ත Wednesday, 30 November 2016 01:02 AM

මේවා බයවෙලා කියන කතා. ලැජ්ජා නැහැ මිනිසුන්ට. බලයේ ඉන්න ඕනෑ කතාවක් කියයි. (නි)

:       0       0

කාවින්ද Wednesday, 30 November 2016 01:33 AM

ලංකාව දේශපාලනය අතින් ඉතා පාලු බිමක් බවට පත්කරගෙන ඇති බව පිටස්තර ඉඳගෙන මේවා කියවන අයට කල්පනා වෙනවා. මාසෙකට වතාවක් මහ ඡන්දයක් පැවැත්තුවත් මේ දුගී තත්වය ජාතිය වෙළාදමා පවතින පිළිලයක් සේ පවත්වාගෙන යන්න උත්සාහ දරන කට්ටියක් ඉන්න හැඩයි. කෝ නොයෙක් උරුම සහ මහා බලවත්කම් ගැන පුරසාරම් දොඩන අය? (නි)

:       0       0

කාලිංග Wednesday, 30 November 2016 01:53 AM

අල්ලන එකත් යම්කිසි හත්පොළේ ගාගන්න විදියේ එක්තරා වැඩක්. හැබැයි අල්ලාගන්න හැම කෙනාම වගේ රිමාන්ඩ් කරන එකේ තේරුම මොකක්ද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 30 November 2016 02:41 AM

ආණ්ඩු හදන්න ගිය ගමනකට වඩා බලයට ආ පසු එහි රිංගාගත් ලැජ්ජාවට අමතරව වම් අතට හොරා දකුණු අත කරන සදාචාර නොවන වැඩ නිසා අසරණ වී කතාකිරීම ඊළඟ මහා මැතිවරණයේදී නැවත තේරී පත්වීමට කිසිම සුදුසුකමක් වෙන්නේ නැහැ. ඔහොම යමු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1778 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1333 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 376 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 509 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 230 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 150 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site