ආධුනිකයනට තම ගායන හැකියාව ඔප් නංවා ගැනීමේ අවස්ථාව ලංකාදීප එසැණින් සැලැසේ. ඔබේම පදමාලා අනුව ලියන ගීත, කවි, විරිදු හා බයිලා ඉදිරිපත් කිරීමට අපි සූදානමින් සිටින්නෙමු.
ඔබේ නිර්මාණය ද ඔබේ ඡායාරූපයක් සමඟ අපට විද්‍යුත් තැපෑලෙන් එවන්න. විනිශ්චය මණ්ඩලයකින් තෝරා ගැනෙන ඕඩියෝ/වීඩියෝ නිර්මාණවලට පමණක් ඉඩ ලැබෙන බව කරුණාවෙන් සලකන්න.
(ඔබේ දුරකතන අංකය ඊ්මේල් පණිවුඩයේ සටහන් කරන්න.)
[email protected]
01) කළුතර නිහාල් විතානගේ පළමු ගීතය ගයයි. ඔහු ලුණාව ආයුර්වේද රෝහලේ සේවය කරයි. පදිංචි කළුතර දොඩංගොඩ ය. එහි පදමාලාව හා තනුවද ඔහුගේමය. සංගීතය එස් එම් ප්‍රනාන්දුගේය. (නිහාල් විතානගේ - 071 84 19 394)
02) දෙවැනි ගීතය සුදේශ් ගුණසේකරගේය. එහි පදමාලාව හා සංගීතය දර්ශන අශෝක කුමාරගේ ය.
03) මේ ගීතය ප්‍රසාද් සුබසිංහගේය. උසස් අධ්‍යාපනය නිමා කර භාෂා පරිවර්තකයකු ලෙස කටයුතු කරන ප්‍රසාද් පාසල් කාලයේ සිට සංගීතය හැදැරීය. මේ ගීතයේ තනු නිර්මාණය ද ඔහුගේමය.
04) බහරේනයේ සේවය කරන රජින් රුද්‍රිගු ද ඔහු නිර්මාණය කළ ගීතයක් එසැණ වෙත එවා තිබිණි.
05) උමේෂ් ශාමිත් නාත්තන්ඩියේය. මේ ඔහුගේ ගීතයයි.
06) ගායනය - මලින්ත දිනේෂ් රත්නායක
පද රචනය - මලින්ත දිනේෂ් රත්නායක
සංගීතය හා තනු නිර්මාණය - ක්‍රිෂාන්ත රත්නායක
මාතලේ -ලග්ගල , හත්තොට අමුණ
දුරකතන අංකය-071-2945517







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුරුරටක සිටින අපිට සිතින් මව්බිමට යන්නට සැළසූ ඔබට බොහොම පින්. සංගීතය හරිම මිහිරියි. ගීතය අර්ථවත්. බොහොම සතුටුයි. (නි)
මෙය ප්‍රසංශනීය සේවයක් ලංකාදීප වෙතින් .(දිල්)
කරමින් ඇරයුමක් හද බැඳි සොයුරු දමින්... ලියනට හිතක් ඇතිවිය කවි පද බඳිමින්... කළ යුතු දේ දුන්නොත් පහදා සතුටින්.... පින් අත්වේය ඔබ සැනසෙයි මතු නිදුකින්....!! (නි)
ගොඩක් ලස්සන සින්දුවක් (නි)
ගොඩක් ලස්සන ගායනයක් (ස)
සුබ පැතුම්. ඉතාම ලස්සන ගායනයක් (නි)
අර්ථවත්, කාලයට උචිත සින්දුවක් (නි)
ලිව්වත් කොතෙක් සුන්දර ගී පද සැමදා! ගයනට නොහැක මගේ රළු කට හඬ හන්දා! තනුවක් යොදා කිව හැකි නම් මනබන්දා! ලියලා එවන්නම් ලස්සන පද බන්දා! (නි)
කළුතර නිහාල් විතානගේ., ඔබගේ ගිතය ඉතාමත් අර්ථවත් වගේම,ගායනා කරන තාලයද සිත් සතන් පිනවයි, ගොඩක් සතුටින් ඔබට සුබ පතමි....! (ස)
ඔන්න කරන්න ඕන වැඩ.කොච්චරනම් හොද නිර්මාණ බිහිවේවිද ඉදිරියට.. (දී)
අනුන්ගේ ගීත කියලා තරු වෙලා ටික කාලෙකින් නිවිලා යන අයට මේක හොඳ පාඩමක්. තමන්ගේම පදමාලා හදාගෙන සංගීතය යොදාගෙන තමන්ගේම අනන්‍යතාවයක් හදාගෙන නම ගිය කලාකරුවෙක් වෙන්න. (නි)
චින්තක., ඔබ හරිදේ කියා තිබෙනවා.., ක්‍රියාවට නැංවීම අපේ අලුත් ගායක ගායිකාවන් ගේ යුතුකමකි.(අ)
මෙය ඉතා හොඳ කාර්යයක් (නි)
කාලීන අවශ්‍යතාවක් වගේම විද්‍යුත් නාලිකා වලට හොඳ පුර්වාදර්ශයක් (නදී)
මැණික්, මේ ගීත රස විඳින්න ඔබ භාවිතා කරන පරිගණකයේ ඇති පාලන මෘදුකාංගයට ගැළපෙන "ෆ්ලෑෂ්" මෘදුකාංගය හා සුදුසු "මීඩියා ප්ලේයරයක්" අන්තර්ජාලයෙන් සොයාගන්න. එය සාර්ථකව ඔබගේ පරිගණකයෙහි ස්ථාපිත කරගත්තාට පසු, ඔබට ශ්‍රව්‍ය හෝ දෘෂ්‍ය ඕනෑම විකාශනයක් අන්තර්ජාලය හරහා රසවිඳිය හැකියි. (නි)
ස්තුතියි සත්‍යා ! (නදී)
මෙවැනි දේවල් කිරීමෙන් දක්ෂතාවන්ගෙන් පිරුණු අයගේ සැඟවුණු දක්ෂතාවන් එළිදක්වන්න ලංකාදීප කාර්ය මණ්ඩලයෙන් වන සේවයට අප හදවතින්ම ස්තුති කරනවා. (අ)
මෙම වැඩසටහන අපි ඉතාමත් ඉහළින් අගයමු. එසැණ පුවත් පාඨකයින් අතරේ උසස් කලා හැකියාවන් තිබෙන පිරිසක් ඉන්න බව මෙම තීරයේ පළවූ නිර්මාණාත්මක අදහස් දැක්වීම් වලින් පැහැදිලි වුණා. ලංකාදීපය කවදත් පාඨකයින් ගැන හිතන පුවත්පතක්. මෙය සාර්ථක වේවා! එසැණ කලාකරුවන් රැසක්ම බිහිවේවා! (නි)
දස්කම් විස්කම් තිබුනට උඩට එන්න හයියක් නෑ..... ඒත් අපේ හිත් හයියයි අපිත් මිනිස්සු..... ලොවට හොරෙන් සැඟව ගියත් අපිත් හපන්නු.... ඒ හපනට තැනක් දෙන්න එසැණ තුළින් ගෙනෙනා ඉඩ... සත්තකින්ම ලොකු හයියක් ලැබිය යුතු පිදුම්... ඒ මිනිසත්කමට පුදමි හදේ පිපි කුසුම්... (නි)
ලස්සන අර්ථවත් කවියක්.ගොඩාක් කාලෙකින් ඇසුව අපුර්ව සිංහල සින්දුවක්. ඇත්තෙන්ම ලංකාදීපයට ගොඩාක් ස්තුතියි. පසුගිය කාලේ අපේ "දෙවියෝ සාක්කි " තුලින් අපේ බොහෝ පාඨක සොයුරු සොයුරියන් ලස්සන අදහස් ,කවි සින්දු ,විරිදු වලින් තම අදහස් පළකරලා තිබුනා. බොහෝදෙනා කතෘතුමාගෙන් ඉල්ලා සිටියා මෙවැනි අවස්ථාවක් ලබාදෙන ලෙසට.ඔන්න අපේ ලංකාදීප ඒ අවස්ථාව අද සලසා දී තිබෙනවා.ලංකාදීප කතෘතුමාට ගොඩාක් ස්තුතියි! (නි)
ඔබ සේවයෙන් කරන්නේ වටිනා සේවයක්. අපේ අයට දිරි දීමක්, උදව් දීමක්, ඔබ සේවය අගය කරමි. (නදී)
ලංකාදීපයේ නව සංකල්පයට මල් දෝතක්. සිංහල ගීත කලාව අභාවයට යමින් තිබෙන යුගයක ප්‍රබුද්ධ ගනයේ ගීත ලොව පුරා විසිරී සිටින හෙලයින්ට යලි අසන්නට මහඟු අවස්තාවක්. කතු තුමනි, අපව හැත්තෑවේ දසකයට යලි ගෙනයන්න. (නදී)
ගොඩක් හොද දෙයක් දිගටම කර ගෙන යන්න ලංකා දීපයට ශක්තිය ලැබේවා! ගොඩක් අර්ථවත් සින්දුවක් (නදී)
ගොඩක් හොඳ වැඩක්. ඒ වගේම ලස්සන සිංදුවක් (නදී)
කොහොමද ගීතයක් දාගන්නේ (නදී)
මෙන්න අවස්ථාව අපේ ළමයින්ට වැඩ පෙන්වන්න. (නි)
හැමදාම අලුත් දෙයක් ඉදිරිපත් කරමින් පාඨකන්ගේ ජනාදරයට පත් ලංකාදීපයේ කර්තෘ මණ්ඩලය කරන යුග මෙහෙවරට අපගේ උණුසුම් සුභ පැතුම් ! (නි)
වටිනා සේවයක්! ඒ වගේම මේ ගායනයත් ලස්සනයි. ලංකාදීපයට ස්තුතියි! (නි)
නීතිරීති එහෙම තිබෙනවද? මම ඇහුවේ වයස වගේ... තව ඔය තියෙන්නේ අනෙක් ගීත තරඟවල විවිධ දේවල් (නි)
ඔය ගීත එවන තැපැල් ක්‍රමයක් තිබෙනවා නම් සහභාගි වෙන අයට තවත් හොඳ වේවි (නි)
අනේ ගොඩක් හොඳයි.මට මතකයි ඉස්සර අපි කවි විරිදු ලියන විට අපිට ගොඩක් අය බැන්නා කවි කියන තැනක් නෙමෙයි කියලා. එසැණ කතෘතුමාට ගොඩක් පින් අහිංසක අපේ සිත් සතුටින් තියන්න ගන්නා උත්සාහයට! නමුත් මෙය කෙසේ කරන්නේද කියාත් මඳක් පහදාදෙන්න (නි)
ජනතාවගේ හද ගැස්ම හඳුනාගත් ප්‍රථම පුවත් පත යැයි පැකිළීමකින් තොරව කියන්න පුළුවන් ලංකාදීප වැනි පුවත්පතක් මෙවැනි කාර්යකට අත ගැසීම ගැන අප කාගේත් ප්‍රශංශාව ඒ පුවත්පතටත් කර්තෘ මණ්ඩලයටත් හිමිවිය යුතුයි. මන්ද මෙවැනි දෙයක් ආරම්භ කළ ලංකාවේ ප්‍රථම පුවත්පත මෙයයි. සහජ දක්ෂතාවය ඇති එහෙත් ඉදිරියට ඒමට අපහසුකම් ඇති හැමටම මෙය ආශිර්වාදයක්. (නි)
පාඨකයාත් එක්ක ජීවත්වෙන පුවත්පතක් ලංකාදීප. උණුසුම් සුබ පැතුම් !!! (මම උදේ අවදි වූ ගමන් කරන්නේ ලංකාදීප බලන එක.) (නි)
ලියමින් සිතැති අදහස් මේ සභාවට ... ගෙනෙමින් දැනුම හැකිපමණින් තමා හට ... සදමින් සිතුත් පෑරුණ හොඳ සීරුවට ... පුදමින් තුතිය නවතිමි මේ කාරියට ... (නි)
අනේ මට මේ ගීතය 'ඩවුන්ලෝඩ්' කරන හැටි තේරෙන්නේ නැහැනේ. දන්නා කෙනෙක් කරුණාකර මට කියලා දෙන්න කොහොමද මේ ගීතය රස විඳින්නේ කියලා. (නි)
ගොඩක් හොඳ වැඩක්. ඒ වගේම ලස්සන සිංදුවක්. සැඟවුණ දක්ෂතා ඇති අයට හොඳ අවස්ථාවක් (නි)