IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


එළඹෙන වසරේ ඒකපුද්ගල ප්‍රසංගයක් පැවැත්වීම මගේ සිහිනයක්

2016-06-28-ent-36

ජුනි විසිහය වැනිදාට යෙදෙන සිය උපන් දිනය නිමිති කොටගෙන රසික රසිකාවියන්ට නැවුම් තිළිණයක් ලබාදීමට ගායන ශිල්පිනී උරේෂා රවිහාරි සූදානම්ව සිටී. අපි ඒ පිළිබඳව ඇයගෙන්ම අසා දැන ගැනීමට අප හා සම්බන්ධ කරගතිමු.

 

ගී තිළිණ

2016-06-28-ent-31මගේ උපන් දිනය වන ජුනි මස 26 වැනිදා ගීත දෙකක් එළිදැක්වීමට නියමිතයි. ඉන් එකක් නම් ශෘංගාර සන්ධ්‍යාව නම් ගීතය. එහි පද රචනාව ශෙහාන් ගලහිටියාව සහ සංගීත අධ්‍යක්ෂණය සංඛ දිනෙත් විසිනුයි සිදුකළේ. එය සති කිහිපයකට ඉහතදී ගුවනින් ඇහෙන්න පටන් ගත්තත්, එයට වීඩියෝව නිකුත් කරන්නේ මගේ උපන් දිනය දවසේයි. එදාටම මගේ හොඳම මිතුරියන් දෙදෙනාගෙන් එක් අයෙකු වන නෙලුකා ප්‍රනාන්දු විසින් රචිත දර්ශන වික්‍රමතුංගයන් සංගීතවත් කළ %මේ සිහිනේ^ අලුත් ගීතයත් එළිදකිනවා. එදිනම ශෘංගාර සන්ධ්‍යාවේ රූපරචනයත් මෙම ගීතයත් අන්තර්ජාලය ඔස්සේ රසික සියලු දෙනාටම නැරඹිය හැකියි.

 

නවක තතු

පසුගිය දිනවල චිත්‍රපට පසුබිම් ගායනාවලට තමයි වැඩිපුරම දායක වුණේ. කලකට පසුව මට ලැබුණු හරිම විශේෂ අවස්ථාවක් ඒක. එය තමයි සෝමරත්න දිසානායකයන්ගේ සරිගමපා චිත්‍රපටය. Sound of Music නම් චිත්‍රපටයේ අනුවර්තනයක් වන එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ පූජා උමාශංකර්. මෙහි ගීත දොළහක් ඇතුළත්. එහි ගීත හයක් මට ගායනා කරන්න අවස්ථාව හිමිවුණා. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සුමියුරු සංගීතයෙන් හැඩ වූ එහි ගායනයෙන් දායක වීමට හැකි වීම මා ලද භාග්‍යයක්. පුදුම ලස්සන ගීත ගොන්නක් එහි ඇතුළත්. එය මගේ ගායන දිවියේ සුවිශේෂී කඩඉමක් වන බව ඒකාන්තයි. ඊට අමතරව ප්‍රියන්ත කොළඹගේ මහතාගේ "දේදුනු ආකාසේ" සිනමාපටයේ වගේම උදයකාන්ත වර්ණසූරිය මහතාගේ අලුත්ම චිත්‍රපටයේත් ගීත ගායනයෙන් දායක වුණා. මෙම චිත්‍රපට තමයි අලුතෙන්ම දායක වූ නිර්මාණ. ඊට අමතරව සුමති ආයතනයෙන් නිෂ්පාදනය කළ "පත්තිනි" චිත්‍රපටයේත් , ප්‍රියන්ත කොළඹගේ මහතාගේ "ආදරණීය කතාවක්" සිනමාපටයේත් ගීත ගායනා කළා. මේ ගීතත් හරිම ආදරණීය සහ අනෙක් අයගේ කතාබහට ලක්වෙන සුවිශේෂී ගීතයි.

 

චිත්‍රපට සංගීතයට ඇති ඇල්ම

මගේ සංගීත දිවිය ගත්තාම වැඩිම අවස්ථා ලැබෙන්නේ චිත්‍රපට පසුබිම් ගීත ගායනයට. ඒ නිසාම මගේ වැඩිම කැමැත්ත බවට පත්වෙලා තිබෙන්නේ චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස හඳුන්වනවාටයි. ඊට අමතරව ගෘහස්ත ප්‍රසංග ටෙලිනාට්‍ය පසුබිම් ගායනා, එළිමහන් සංදර්ශන සඳහාත් සම්බන්ධ වෙනවා. පසුගිය රයිගම් ටෙලි සම්මාන උලෙළේදී ගායනා අංශයෙන් %අකඩවාරිය^ ටෙලිනාට්‍ය සඳහා හොඳම ගායිකාව ලෙසින් අවසන් නිර්දේශිත නාම අතරටද එක්වුණා.

ඉදිරියේදී විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකටත් මම ගීත ගායනයෙන් මෑතකදී සම්බන්ධ වුණා. ඒ නුවන් ගුණවර්ධනයන්ගේ පුත් ගයාන් ගුණවර්ධන සමගිනුයි. ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ අලුත් ටෙලි නාට්‍යයකත් ගීත ගායනයෙන් දායක වුණා. ඒ දේවල් එක්ක තමයි මම බොහෝදුරට කාර්යබහුල වෙලා හිටියේ.

 

ප්‍රසංගයක කළඑළි දැක්ම

ඇත්තටම කාලෙක ඉඳලා මගේ තිබුණ බලාපොරොත්තුවක් තමයි ඒකපුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වීම. සෑහෙන කල් ගියා මට ඒ සිහිනය සැබෑ කර ගන්නා. චිත්‍රපට පසුබිම් ගායනයට වැඩි දායකත්වයක් දෙන කෙනෙක් විදියට මම ගායනා කළ චිත්‍රපට ගීත ඇතුළත් කරලා මගේ ඒකපුද්ගල ගී ප්‍රසංගය පවත්වන්නයි බලාපොරොත්තුව. ඒකට මං තාම ලෑස්ති වෙනවා. ලබන අවුරුද්දෙ නම් එය කරන්න ලොකු සූදානමක් තිබෙනවා. අනිවාර්යයෙන්ම මේ අවුරුද්දෙ ඉඳල වැඩ කරනවා. එන අවුරුද්දේ ප්‍රසංගය එළිදැක්වීම තමයි මගේ ඊළඟ හීනය.

 

ඒකල ගීත සනිටුහන

ඒකල ගීත කිහිපයක් නිර්මාණය කරන්නත් අදහසක් තිබෙනවා සහ එයට සූදානමක් තිබෙනවා. ගීත කිහිපයක් මට ලැබිල තිබෙනවා. ඒ තමයි දයා ද අල්විස් මහත්මියගෙන් හා අමිල තේනුවරගෙන්. ඒවා හිතට කාවැදුණු ගීත. මම ගායනා කළ ගීතවලට වැඩිය වෙනස්. මම ගැයූ සරල ගීත ගොන්නේ වැඩිපුර තිබෙන්නේ ආදර ගීත. විරහ ගීත ප්‍රමාණය සෑහෙන අඩුයි. ආදරයේ දුක පැත්ත මගෙන් ගායනා වුණේ අඩුවෙන්. එම අඩුව සම්පූර්ණ කරන ගීත දෙකක් මට ලැබී තිබෙනවා. ඒ ගීත දෙකට සූදානම් වෙනවා. නෙලූ රචනා කළ ගීතයත් අමුතුම විදියේ ගීතයක්. ආදරය සහ වේදනාව දුක ගායනා වුණ ගීතයක් තමයි "මේ සිහිනේ" ගීතය. ඒ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබේවි.

 

රාජ්‍ය සංගීත සම්මාන උලෙළ

මම ඉන්නේ කාර්යබහුල දිවියක. ඒ නිසා මගේ ගීත රාජ්‍ය සංගීත සම්මාන උලෙළට දාන්න වෙලාවක් තිබුණෙ නෑ. ලබන අවුරුද්දෙ නම් එයට ගීත යොමු කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.

 

සැබෑ වූ සේයාරූ සිහිනය

තරිඳු දසුන් නුරංග ෆේස්බුක් හරහා සිටි මිතුරන් ගොන්නේ සිටි කෙනෙක්. ඔහුගේ ඉල්ලීමකට අනුව තමයි කලකට පසුව ඡායාරූප පෙළකට පෙනී සිටින්නේ. එයත් ඔහුගේ ආරාධනයෙන් වසර දෙකකට පමණ පසුව සංගීත භාණ්ඩ හා සොබාදහම මුසු කළ ඡායාරූප එකතුවක්. ඔහුගේ කැමරා ඇස වගේම යාල, කිරින්ද වගේ ඈත පැතිවල දවස් දෙකක් පුරා එහි රූගත කිරීම් සිදුකළා. එය මගේ ජීවිතේ තිබුණු හීනයක්. ඒත් එක්කම තමයි ශෘංගාර සන්ධ්‍යාව වීඩියෝවත් ඔහුටම කියා කරගන්න හිතුණේ ඒ නිසයි. ඒ අනුව තමයි ඔවුන්ව සම්බන්ධ කරගෙන වීඩියෝව කළේ. මට හිතුණා මේ වීඩියෝවේ ඉන්න ඕනේ මම විතරයි කියල. වෙන කතා දාල වෙන පැත්තකට අවධානය යොමු කරනවට වැඩිය ගීතය පුරාම මම ඉන්න ඕන කියල හිතුවා. ඒ නිසා ඒ වීඩියෝවේ සම්පූර්ණයෙන්ම රඟපාන්නෙ මම. එහි වීඩියෝවේ අධ්‍යක්ෂණ කටයුතුවලින් සම්බන්ධ වුණේ මගේ සැමියායි.

 

දිවිය හැඩ කළෝ

මගේ සංගීත දිවියේ මූලිකම ගෞරවය හිමිවන්නේ මගේ දෙමාපියන්ට. අද මම ගායිකාවක් ලෙසින් ඉන්නවා නම් එහි ගෞරවය හිමිවිය යුත්තේ ඔවුන්ටයි. මගේ සංගීත දිවියට උදව් උපකාර කළ හුඟ දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම ආචාර්ය රෝහණ වීරසිංහ මහතා, මහාචාර්ය සුනිල් ආරියරත්න, සෝමරත්න දිසානායක, ආචාර්ය අජන්තා රණසිංහ, සරත් ද අල්විස් මහතා, නවරත්න ගමගේ ඇතුළු අපේ ප්‍රවීණ ගායක ගායිකාවන්ගෙන් ලැබෙන ගුරුහරුකම් මතක් කළ යුතුයි. මගේ ගුරුතුමිය සුජාතා අත්තනායක මහත්මිය. ඔස්ටින් මුණසිංහ මහතා, ලයනල් අල්ගම මහතා යන හැමෝම මගේ සංගීත දිවිය පසුපස ඉඳලා සහාය දුන් පිරිස. මගේ සැමියා වන රුචිර සහ පුතු සසෙන් ප්‍රවිවේක්වත් මේ මොහොතේ මතක් කළ යුතුමයි.

 

සටහන ඉඳුනිල් සින්දු / ඡායාරූප - තරිඳු දසුන් නුරාංග

 

ada

 

2016-06-28-ent-37 2016-06-28-ent-35 2016-06-28-ent-34 2016-06-28-ent-33 2016-06-28-ent-32



අදහස් (0)

එළඹෙන වසරේ ඒකපුද්ගල ප්‍රසංගයක් පැවැත්වීම මගේ සිහිනයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 40 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 442 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 960 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 868 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 145 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 880 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site