IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඒ කාලේ කැට ගහද්දි ඇල්ලුවේ ශත 25 ඔට්ටු

20160408-ent-138

සුරෑපී රංගන ශිල්පිනී නදීශා හේමමාලී මේ දිනවල බොහෝ ජනප්‍රිය චරිතයක්. ඉතිං සිංහල අලුත් අවුරුද්ද ගැන අප හා සොඳුරු කතාබහකට ඇය අපත් සමග එකතු වුණා.

 

20160408-ent-139සිංහල අලුත් අවුරැද්ද ගැන තිබෙන ඔබේ පැරුණිම මතකය අවදි කළොත්?

මම කුඩාම කාලේ අවුරුදු ගැන මතක් වෙන හැම විටම මගේ මතකයට එන්නෙ කැවුම් සුවඳ, අනික කැට ගහන එක.

 

ඒ කාලෙ ඔබ අවුරුද්දට ගමේ යනවද?

අපි හිටියෙ ගමේනෙ. අපේ මහගෙදර තිබුණෙ හික්කඩුව මැටිවල. ඉතිං අලුත් අවුරුද්දට නෑදෑයො සේරම එකතු වෙන්නෙ එහෙ.

 

චූටිම කාලෙ අවුරුදු සැමරෑ හැටි මතකද?

අපි රතිඤ්ඤා පත්තු කළා. හැම ක්‍රීඩාවකටම සහභාගී වුණා. ඇති තරම් විනෝද වුණා.

 

ඒ කාලේ ඔබේ ප්‍රියතම ක්‍රීඩාව මොකක්ද?

කැට ගහන එක තමයි අවුරුදු කාලෙ වැඩියෙන්ම කළේ. ඒ කාලෙ ඇල්ලුවේ ශත 25 ඔට්ටු.

 

කැට ගහද්දී ඔබට අසාධාරණකම් වෙලා නැද්ද?

අපෝ නැහැ. මොකද මමනෙ හොර කරන්නෙ. මම සෙල්ලම් කරන්න ගියාම හොර දෙයියෙක්. දැනුත් ඉතිං එහෙම තමයි. මට ඕනෙ කොහොම හරි දිනන්න. ඒක තමයි මගේ Fun එක.

 

අලුත් අවුරැදු චාරිත්‍ර එහෙම ඒ විදිහටම පිළිපදිනවද?

එහෙමයි. ඒ කාලෙ ඉඳලම ඒවා අකුරටම පිළිපදිනවා.

 

පවුලේ වැඩිමලා හැටියට ඔබ මාපියන්ට අවුරැදු කාලේ සහයෝගය දැක්වූයේ කොහොමද?

අම්මෝ. අපිනෙ ඉතිං කැවිලි හදන්න පිටි කොටලා දුන්නෙ.

 

කැවිලි හදන්නෙ කවුද?

ආච්චි අම්මා, අම්මා, පුංචි ඒගොල්ලො තමයි.

 

ඔබ ආසම කැවිලි වර්ගය මොකක්ද?

අතිරහ තමයි මම වැඩියෙන්ම කැමති. කොකිස්, ආස්මි වගේම කැවුම් සුවඳටත් ආසයි.

 

ඔබට හදන්න පුළුවන් කැවිලි වර්ගය මොකක්ද?

අනේ මොකුත්ම බැහැ. අපි පුරැදු වුණේ කන්න විතරනේ.

 

ඔබ ඒ කාලෙ අවුරැදු කුමරිය තේරීමේ තරගවලට සහභාගී වෙලා තිබෙනවාද?

කොළඹ ආවට පස්සේ නම් රෑ රුජනන් තේරීමේ තරගවලට සහභාගි වුණා. ජයග්‍රහණත් අත්කර ගත්තා.

 

කොට්ට පොර ක්‍රීඩාවට ඔබ දක්වන්නෙ පුදුමාකාර දක්ෂතාවක්. ඒ ආභාෂය ලැබුණේ කොහොමද?

අපේ තාත්තගෙන්. අපේ තාත්තගේ ගම බලපිටිය. එහෙ අවුරැදු කාලෙට අපේ තාත්තා කොට්ට පොර තරග ජයග්‍රහණ කරන විදිහ මම දැකලා තියෙනවා. ඒ ආභාෂය මට අනිවාර්ෙයන්ම ලැබෙන්න ඇති. මේ අවුරැද්දෙත් දෙරණ කලා ගමේ අවුරැදු උළෙලේ මම පස් වැනි වතාවටත් කොට්ට පොර ශූරතාවය දිනා ගත්තා.

 

ඉතාම සතුටුයි අපට. ඉතිං එළඹෙන අලුත් අවුරැද්දෙ ඔබ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?

විශේෂයෙන්ම මම අවුරැදු දවසෙ හිරැ ටීවී එකත් එක්ක සජීවි වැඩසටහනකට සහභාගී වෙනවා. මුල්ම වතාවට සුවිශේෂී නර්තන අංගයකුත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්ෙයන්ම පන්සල් යනවා. ආච්චි අම්මා, සීයා බලන්න යනවා.

 

කැට ගහන්නෙ නැද්ද?

ඇයි නැත්තෙ? සුපුරැදු විදිහට යාළුවො, ඥාති සොයුරැ සොයුරියන් එක්ක කැට ගහනවා වගේ Fun එකක් වෙන කොහෙද?

 

කැට ගහලා ඔබ හැමදාම දිනනවද?

දිනන වෙලාවලුත් තියෙනවා. ඉස්සර ශත 25 ඔට්ටු ඇල්ලුවට දැන් නම් රැපියල් සීය, දහස් ගණන්වලට යන්නෙ. දැන්නම් දින්නම හැමෝටම බෙදනවා. ඉස්සර නම් දිනපු අයගෙන් මම බලෙන් ගන්නවා.

 

ඔබ හිතන විදිහට සිංහල හා හින්දු අලුත් අවුරැද්දෙ සැබෑ අර්ථය මොකක්ද?

මම හිතන්නෙ මේක මේ රටේ හැමෝටම අයිති ජාතික උත්සවයක්. අපි කා අතරත් සාමය හා සමගිය පතුරුවන්න මේ තමයි සුදුසුම කාලය. අලුත් අවුරුද්ද කියන්නෙ එකමුතුකමේ සංකේතය. අපි සියලු දෙනාම තරහ මරහ අමතක කරලා, වැරදුණු තැන් හදාගෙන, නැවුම් බලාපොරොත්තු හිතේ පුරවගෙන ඉදිරි වසරට පිය නගන්න ඕනෙ.

 

මේ සිංහල අලුත් අවුරුද්දෙවත් තනිකඩ ජීවිතයට ආයුබෝවන් කියන්න බලාපොරොත්තුවක් නැද්ද?

අනේ ඇයි නැත්තෙ. තියෙනවා, තියෙනවා. ඔබටත් හොඳ ඉවක් තියෙනවා වගේ. අනිවාර්යෙන්ම තනිකඩ ජීවිතයට ආයුබෝවන් කියන්න වේවි. මොකද අලුත් අවුරුදු කුමාරයෙක් මගේ ජීවිතයට එබිකම් කරනවා. එයා ගැන විස්තර අලුත් අවුරුද්දෙම හෙළි කරන්නම්කො.

 

රමේෂ් උවයිස් / සේයාරෑ I සුමුදු 


20160408-ent-134
20160408-ent-135



අදහස් (0)

ඒ කාලේ කැට ගහද්දි ඇල්ලුවේ ශත 25 ඔට්ටු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 881 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 412 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 895 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3248 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 593 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 230 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38102 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site