(රංජිත් රාජපක්ෂ)
කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්රදේශවලට ගත වූ පැය 24 තුල වැඩි වර්ෂාපතනයක් පතිත වී ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය.
කාසල්රි ජලාඔයට මිලිමීටර් 76ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත්, එම ජලාශය පිටාර මට්ටමට 0.4කට ආසන්න වී ඇති බවත්, මාවුස්සාකැලේ ජලාශයට මිලිමීටර් 81ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත්, එම ජලාශයට පිටාර මට්ටමට අඩි 4.7ක් ලැබී ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.
කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක්, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති අතර, විමළ සුරේන්ද්ර ජලාශය (26) දින සිට තව දුරටත් වාන් දමයි.
පවතින වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වී ඇති බවද එම ඉංජිනේරුවරුන් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd