IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘ඒ දවස්වල තුවාල පුංචිලු’:අපුර නියෝජ්‍ය පොලිස්පති කියයි

හොරොව්පතානේ  පාසල්  දැරියගේ  දෙපා  රත් කළ යකඩයකින්  පිළිස්සී යැයි කියන  ගුරු උපදේශක වරයා  තම හිතවතියක්  සමඟ තමන් මුණ ගැසීමට කාර්යාලයට පැමිණි බව  උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  රවී විජේගුණවර්ධන මහතා  එසැණ කළ විමසීමකදී  පැවසීය.

 මේ  උපදේශකවරයා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ද  කරන්නෙකි.

මෙම සිද්ධිය සිදු වී මාස කිහිපයක්  ගත වී  තිබෙන බවත් එවකට එම දැරියගේ පාදයේ සුළු තුවාල තිබු බවත් දැන් එය වැඩි වී ඇත් බවත් විජේගුණවර්ධන මහතා කීවේය.

 ඒ රංජනී කුමාරී  පිළිස්සු බව කියන  ගුරු උපදේශක ධර්මසිරි ජයලත් නැමැත්තා  නියෝජ්‍ය පොලිස්පතිවරයා හමු වී කරුණු පහදා දී හොරොව්පතාන පොලිසියට භාර වු බව කියා සිටියේය.

ඒ අනුව   නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කළ විමසීමේදී  ඔහු මෙසේ පැවසීය.

‘ඔය කියන  උපදේශකවරයා  හැංගිලා හිටියේ  පස්සේ මා හමු වෙන්න  ආවා. එයා ප්‍රතිකාරවලට ප්‍රසිද්ධ අයෙක්  මම කිව්වා වහාම පොලීසිය භාර වෙන්න කියලා . අපි අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයෙන් ඇප දුන්නා .

එතකොට කකුලේ තුවාල තිබිලා නැහැ. යම් තාක් පිළිස්සුම් පාරවල්  විතරයි තිබිලා තියෙන්නේ.දැන් මාස දෙකක් වෙනවා මේ කෙනා අතුරුදන් වෙලා  හිටියා . අපි සෙව්වා එයා මට ඇවිත්  කිව්වා  මීට පෙර ඉදලා  ඒ පවුලේ අයට ප්‍රතිකාර  කළ අයෙක් කියලා.මම කිව්වා ගිහින් පොලීසියට භාර වෙන්න කියලා.

මේ ගැන අපිට වාර්තා වුණේ අනුරාධපුර රෝහල් පොලීසියෙන් මේ කතාව වෙන කවුරුත් කිව්වේ නැහැ.මගේ විශ්ව විද්‍යාල සමයේ මිතුරියක් ඉන්නවා පත්මා කියලා .එයාගේ මාර්ගයෙන්  තමයි ගුරුවරයා මා ළඟට ආවේ.මට කාර්යාලයට ආ කෙනකු එළවා දමන්න බැහැනේ ‘

(දැඩි සංවේදී අයට මේ වීඩීයෝව නැරැඹිම සුදුසු නැත)

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

‘ඒ දවස්වල තුවාල පුංචිලු’:අපුර නියෝජ්‍ය පොලිස්පති කියයි

රන්ජන් Saturday, 01 March 2014 10:26 AM

බරපතල වැරැද්දක් උසස් නිලධාරියෙක් කර තිබෙනවා. මේ ගැන තීරණයක් ගන්න වෙයි ගරු පොලිස්පති තුමාට.(නදී)

:       0       0

ජීවන් Friday, 28 February 2014 12:45 PM

ලොකු මිනිස්සු පොඩි මිනිස්සු කියලා භේදයක් නැහැ පොලිසියට කවුරුත් එකයි (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 01 March 2014 03:51 PM

පොලිසියෙන් සැකපිට හොයනකොට පොලිසියට හෝ පෙරකදෝරු මහතයකු මාර්ගයෙන් අධිකරණයට භාර වෙන්නේ නැතුව කවුද නියෝජ්‍ය පොලිස්පති හම්බවෙන්න යන්නේ ? නියෝජ්‍ය පොලිස්පතිට කරන්න තිබුණේ අදාල පොලිසියට කතාකර මේ සැකකරු අවශ්‍ය නම් වහාම අත්අඩංගුවට ගෙන අදාල පොලිස්ථානයට හෝ අධිකරණයට භාර දිමයි, මෙහිදී පොලිසිය පක්ෂග්‍රහිව කටයුතු කර ඇතිබව හොඳින් පෙනී යනවා . (දිල්)

:       0       0

ජෝන් ද බැප්ටිස්ට් Friday, 28 February 2014 01:28 PM

දැන් ඕකත් පුලුවන් නම් කතෝලික සභාව පිටින් අරින්ට බලයි.(නදී)

:       0       0

සේන Thursday, 27 February 2014 07:11 PM

ඉතා කනගාටුදායක සිදුවීමක් ඇරදිකරුවන්න්ට දැඩි දඩුවම් දිය යුතුයි (අ)

:       0       0

චින්තක Thursday, 27 February 2014 07:23 PM

මේ විත්තිකරු ඇප ලබා ගත්තේ කෙසේදැයි ලංකාවේ ම අය පුදුම උනා. (අ)

:       0       0

සුජිත් Friday, 28 February 2014 02:22 PM

දැන් වැරදි කාරයා ඒ අහිංසක ළමයාද (දී)

:       0       0

ඇන්ටන් Thursday, 27 February 2014 07:45 PM

ඔය කියන ළමයව දකින්නෙත් නැතිව කොහොමද කියන්නේ ඒ දවස්වල තිබුණේ සුළු තුවාල කියල අනේ අපේ රටේ ලොකු තනතුරු දරන අයගේ බුද්දියේ තරම (අ)

:       0       0

සුජිත් කුමාර Thursday, 27 February 2014 08:01 PM

මිනිස්සුන්ගෙ අන්ධ විශ්වාසය.(අ)

:       0       0

සමන්ති Thursday, 27 February 2014 08:27 PM

මෙහෙමත් පොලිස් නිළධාරීන් සිටින රටක් .අනේ අනිච්චං (අ)

:       0       0

චන්ද්‍රා Sunday, 02 March 2014 06:55 AM

පොලිස්පති තුමා මේ ගැන තීරණයක් ගත යුතුය. (නදී)

:       0       0

අරුණ Thursday, 27 February 2014 08:42 PM

ලංකාවේ ඉපදීම ගැන දැන් කණගාටු වෙනවා. ලෝකයේ අසරණයන්ට නීතියක් නැතිම රට මේ ලංකාව. මේ දුවට ඉක්මන් සුවය පතමි.(අ)

:       0       0

නෙවිල් Thursday, 27 February 2014 09:13 PM

මේ වාගේ ගුරුවරයෙක් පාසලක තබා ගැනීමත් අනතුරු දායකයි.ළමයින්ටත් මෝඩ විශ්වාස උගන්වාවි. වහාම පාසලෙන් පන්නා දමා නිසි දඩුවමි ලබාදිය යුතුයි.(අ)

:       0       0

පිටිගල Thursday, 27 February 2014 09:18 PM

පොලිසිය මේ පුද්ගලයාව ආරක්ෂා කරන බවක් පේනවා. මේ අසරණ දුප්පතුන්ට සාධාරණය ඉටු වෙන්නේ නැහැ. බාල වයස්කාරියක් මෙහෙකාර කමට ගැනීම වරදක්.අනුරාධපුර පොලිසිය වගකීමෙන් යුතුව මේ අහිංසකයින්ට පිහිට විය යුතයි.(අ)

:       0       0

සමන් ඩුබායි Thursday, 27 February 2014 09:23 PM

මේ දියණිය ඉක්මනින් සුවපත් වේවා (අ)

:       0       0

අමිල කටුනායක Thursday, 27 February 2014 09:51 PM

මෙතන අපක්ෂපාත බවක් පෙනෙන්නේ නැහැ. මිටි තැනින් තමයි ජලය බහින්නේ. පරීක්ෂන කරන්න වෙන පොලිස් කණ්ඩායමක් දැම්මොත් හොඳයි.(නදී)

:       0       0

චරිත් Thursday, 27 February 2014 09:52 PM

මම වෛද්‍යවරයෙක්. මේ තුවාල දැක්කම හිතා ගන්නත් බැහැ. හොඳටම ආසාදනය වෙලා. මේ ළමය තාමත් ගෙදරද ඉන්නේ? වහාම ඉස්පිරිතාලෙක හදිසිඅනතුරු ඒකකයකට ඇතුලත් කල යුතුයි. නෙත්නම් කකුල් දෙක බේරගන්න බෙරිවෙයි. මම වැඩ කරන්නේ සංවර්දිත රටක. අපේ ලංකා වේ වෙන මේ වගේ දේවල් දැක්කහම හරි දුකක් දැනෙනවා. (නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 27 February 2014 10:04 PM

මෙයාව බේරන්න ගිහින් කටුනායකදී හොඳ පොලිස් නිලධාරීන් දෙන්නෙක් බන්ධනාගාර ගතවුනා. ඒ නිසා මට මෙතුමා ගැන කිසි විශ්වාසයක් නැහැ.(නදී)

:       0       0

සෙනරත් Thursday, 27 February 2014 10:14 PM

නියෝජ්‍ය පොලිස්පති තුමා, නීතිය ඉෂ්ට කරන්න. ඔය වගේ බාල තුච්ච වැඩ කරන මිනිස්සුන්ට කිසිම සමාවක් දෙන්න එපා. අපි බලාගෙන ඉන්නේ ? (නදී)

:       0       0

ෆ්‍රෙඩ් Thursday, 27 February 2014 10:31 PM

මේ දරුවාට ඉක්මන් සුවය පතනවා.(නදී)

:       0       0

කුමාරි Thursday, 27 February 2014 10:36 PM

මේ ගුරුවරයාට මේ ආත්මයේදීම මේ පාප කර්මය පඩිසන් දෙනවා. අසරණ දුවට ඉක්මන් සුවය පතනවා. පවු මොන තරම් වේදනාවක් ඇද්ද? (නදී)

:       0       0

ටේෂාන් Thursday, 27 February 2014 10:45 PM

කරුණාකර එක්මනින් බෙහෙත් කරලා දරුවාව සුවකර ගන්න බලන්න ඒ අමම්ගේ මුහුණේ තියෙන අයදුම. (අ)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Friday, 28 February 2014 12:39 AM

කරුණාකර මෙම දරුවා කොළඹ මහා රෝහලේ පිළිස්සීම් අංශයට ඇතුලත් කරවන්න.ඇය වෙනුවෙන් අරමුදලක් වෙන් කර මේ ළමයා සුවපත් කරවමු. මෙම දරුවාට අපි අපිවත් පුළු පුළුවන් අයුරින් පිහිට වෙමු.පොලිස්පති තුමාට මේ ගැන ක්‍රියා කිරීමට බැරි මොකද ?(අ)

:       0       0

සංක Friday, 28 February 2014 01:49 AM

මෙවැනි මිත්‍යා විශ්වාසවල අවසාන ප්‍රතිපල මෙවැනි අවාසනාවන්ත සිදුවීමය.පිරිසිදු බුදුදහම විශ්වාසකරන බෞද්දයන් මෙවැනි ගෞත්‍රික ඇදහිලිවලට විරුද්ද වියයුතුය. (අ)

:       0       0

ගුණර්ධන Friday, 28 February 2014 01:51 AM

පොලිස් නිළධාරියා ගැන කණගාටු වෙමි නිතිය මින් ඉදිරියට වත් හරියට ක්‍රියාකත්මක කරන්න (අ)

:       0       0

රජින්ද Friday, 28 February 2014 03:19 AM

"ගුරු උපදේශක" වෘතීය ගරුත්වය සාහසිකව කෙලෙසා ඇත. සහෝදරිය ඔබට ඉක්මන් සුවය හදවතින්ම ප්‍රර්ථනා කරමි...!!! ලංකාදීපයට ස්තුති කරමි. (අ)

:       0       0

සරත් Friday, 28 February 2014 03:29 AM

නැගණිය ඔබට ඉක්මන් සුවය ලැබේවා.(අ)

:       0       0

අසොක් සිරිදේව Friday, 28 February 2014 05:29 AM

රවී විජේගුනවර්දන මහත්තයට අපේ තිබුණේ ලොකු ගෞරවයක්. අනේ අපොයි ලංකාවේ පොලිසියට ගිය කලක්. දණ්ඩ නීති සංග්‍රහයේ කෙනෙකුට පහරදීමේදී ඇතිවන සුළු තුවාල වලට සහ ලොකු තුවාල වලට තියෙන දඬුවම් ගැන මම නම් දන්නේ නැහැ. මේ මිනිහ පොලිසියට බරවෙන්නේ නැතිව හැංගිලා හිටපු එකට පොලිසියෙන් නඩු නැහැ. (අ)

:       0       0

දිනේෂ් Friday, 28 February 2014 06:26 AM

අපි පුලුවන් දෙයක් මේ ළමයා ගැන හිතලා කරමු නේද? (නදී)

:       0       0

ක්‍රිෂාන්ත ඉතාලිය Friday, 28 February 2014 06:32 AM

මේ වගේ දරුණු මිනිසුන්ට එකවර දඩුවම් දීය යුතුය., ඇප දීම ලැජ්ජාවක්.(නදී)

:       0       0

නිමල් ලලිතා Friday, 28 February 2014 07:46 AM

අනේ පව් දුක හිතෙනවා.(නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රරින් Friday, 28 February 2014 08:48 AM

බාල වයස්කාර දැරියන් මෙහෙකාරකමට තබා ගැනීමත් වරදක්. ඇයි පොලිසිය ඔහුට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළේ නැත්තේ (අ)

:       0       0

දිසා Friday, 28 February 2014 09:02 AM

තිරිසන් වෙලා මගේ මව් රට දුකයි..(අ)

:       0       0

සුභාසින Friday, 28 February 2014 11:06 AM

අශෝක් මහත්තයෝ ඔය හරියටම හරි. ,නඩුයි බඩුයි දෙකම හාමුඳුරුවන්ගේනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1426 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1808 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5582 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1518 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5918 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5565 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17802 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site