කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඒකපාර්ශවීය තීරණයක් නොගනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨයකු උපුටා දක්වමින් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.
නැගෙනහිර වරාය පර්යන්තයේ අයිතිය ශ්‍රී ලංකා රජය සතුව තබාගෙන බටහිර පර්යන්තය ඉන්දීය රජය සහ ජපන් රජය නම් කරන පාර්ශව සමඟ එක්ව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රාජය ගත් තීරණයෙන් පසු එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඒ බව පවසා ඇත.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ප්‍රති නැව්ගත කිරීම්වලින් 70% කට සම්බන්ධ වන්නේ ඉන්දියාව යැයි ද ‘ද හින්දු’ පුවත් වාර්තාවේ දැක්වේ.
උපායමාර්ගික වැදගත්කමකින් යුත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාව ඉහළ ප්‍රමුඛතාවක් දී ඇති බව ද එම වාර්තාවේ සඳහන් ය.
ඉකුත් ජනවාරි මාසයේදී ඉන්දියාවේ විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ද මේ සම්බන්ධයෙන් ඉහළ වැදගත්කමක් ලබාදෙමින් සාකච්ඡාවට ලක් කර ඇත.
එම සංචාරයෙන් සතියක පසු නැගෙනහිර පර්යන්තයේ ආයෝජනය කිරීම සඳහා ඉන්දීය රජය අදානී සමාගම නම් කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය සේවකයන්ට ප්‍රකාශ කළ බව එම වාර්තාවේ දැක්වේ.
‘ද හින්දු’ වාර්තාවට අනුව වරාය පර්යන්තය කිසිදු විදේශීය පාර්ශවයකට විකිණීමකින් හෝ බදු දීමකින් තොරව පවත්වාගෙන යන බවත් 2019 වසරේ අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම ඉදිරියට පවත්වාගෙන යෑමට සිය ආණ්ඩුව පියවර ගන්නා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.
අදාළ අවබෝධතා ගිවිසුමට අනුව නැගෙනහිර පර්යන්තයේ සියයට 51 ක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන අතර ඉන්දියාවට සහ ජපානයට සියයට 49 ක අයිතිය හිමි වේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ පාලනය සමයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.
055
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඒකපාර්ශවීය තීරණයක් නොගනු ඇතැයි ඉන්දීයාවේ අපේක්‍ෂා
Prabha Tuesday, 02 February 2021 01:02 PM
ඒක පාර්ශිකව නෙමෙයි... රටේ සියලු පාර්ශව අකමැති නිසයි දෙන්න බැරි. ඕක හරියට පැහැදිලි කරලා ඉන්දියාව කියාගන්න බැරි එක ආණ්ඩුවේ නොහැකියාව...
kamalTuesday, 02 February 2021 03:59 PM
ප්‍රශ්නය වෙලා තියෙන්නේ අපි හදිස්සියකට නය ගන්නේ ඉන්දියාවෙන්. ලෝකෙට නය නොවී අපට හැකි පමණින් ජීවත් වුනානම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ.
BamunuarachchiWednesday, 03 February 2021 10:43 AM
එ්ක හරි නොරෝච්චෝලේ ඕනේ පාරවල් ටික කාපට් කරන්න ඕනේ... යුද්දේ නවත්තපු එක බොහොම හොඳයි. නමුත් අධිවේගී මාර්ගය බල්ලට දාලා මත්තල, හමබන්තොට, ප්‍රොජෙක්ට්ස් නොකර සිටියානම් හරිනේ.
pradeepa Wednesday, 03 February 2021 07:37 AM
අපිට බැරිද ඉන්දියාවට කියන්න..? ආයෙත් වරාය නම් ඉල්ලන්න එපා.
නන්දෙ Wednesday, 03 February 2021 08:44 PM
ඇයි..? ගත්තොත් මාව එල්ලන්නද..? අපේ ගජබා රජතුමා ඔබලාගේ 24000 ක් අල්ලාගෙන ආවා...